අයිසේ එහෙම කරන්නේ කොහොමද – රනිල් මෛත්‍රීගෙන් අහයි.

පසුගිය ජනවාරියේ සිටම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට රජයේ නොයෙකුත් පාර්ශවයන් ගෙන් මෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද අවස්ථාවන් ගනනාවදිකම සඳහන් කිරීම සම්බන්ධයෙන් පසුගිය අප්‍රියෙල් මස 20 වෙනිදා මාධ්‍ය ප්‍රධානින් වෙනුවෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දි පැවති හමුවේදී මාධ්‍ය ප්‍රධානින් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කලහ.

එයට පිලිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසුවේ එන වෙසක් පෝයට පෙර එය සිදු වන බව බලා ගත හැකි බවයි. මේ අනුව තව දින දෙකක් යාමට මත්තෙන් බොහෝදුරට ජනාධිපතිවරයා පැවසු පරිදි පසුගිය කාලයේ දිගින් දිගටම කතා බහ වුන අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු විය හැකිය යන්නය.

එහෙත් අප වෙත වාර්තා වනුයේ මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මේ වනවිටත් ජනාධිපතිවරයා වෙත අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සම්බන්ධව තම අප්‍රසාදය පල කොට ඇති බවත් මොනම විදියේ හෝ අමාත්‍ය මණ්ඩල සංශෝධනයකට අගමැති ප්‍රමුඛව එක්සත් ජාතික පක්ෂය සුදානම් නැති බවක් ය. පසුගියදා ජනාධිපතිවරයා සහ අගමැති මුණගැසුණු අවස්ථාවක මේ පිලිබඳ උණුසුම් කතාබහක් ඇතිවී ඇති අතර ජනාධිපතිවරයා පවසා ඇත්තේ “සර්, මේ තියන තත්වේ හැටියට එක්කෙනෙක් දෙන්නෙක් හරි මාරුකරන්න වෙනවා හිටං, අඩුම තරමේ මහා බැංකු වංචාව ගැන මිනිස්සුන්ට හොඳ මුනුනක් පෙන්වීමට රවී කරුණානායකගේ මුදල් ඇමතිකම වෙනත් කෙනෙකුට ටික කලකට හරි දිය යුතු බවයි. මෙයට කේන්තියෙන් පිළිතුරු දුන් අගමැතිවරයා පවසා ඇත්තේ, “අයිසේ එහෙම කරන්නේ කෙහොමද, එහෙම වෙනස්කම් කරන්න කාටවත් බැහැ. මේ තියන විදිය හොඳයි” කියාය.

කෙසේ වෙතත් එජාපයේ අල්ලේ නටන කොන්ද  පණ ඇතිව  තනි තීරණයක් ගත නොහැකි විධායක ජනාධිපති මෛත්‍රී  විසින් වෙසක් පෝයට පෙර කරනවා යයි කියූ අමාත්‍ය මණ්ඩල වෙනස තවත් දවස් දෙකක් තුල  අපට දැකගත හැකිවනු ඇත.

 

Leave a Reply