උදයංග නිදහස් කල බවත් දන්නේ නෑ.. අත්අඩංගුවට ගන්න කණ්ඩායම් දෙකක් යැවුවා..- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක..

උදයංග නිදහස් කල බවත් දන්නේ නෑ.. අත්අඩංගුවට ගන්න කණ්ඩායම් දෙකක් යැවුවා..- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක..

ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලද රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා එක්සත් ආරබි එමී රාජ්‍යයෙන් නිදහස් කර ඇති බවට තමනට තොරතුරු වාර්තා වී නැතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් අදාල විමර්ෂණ කටයුතු සදහා විශේෂ කණ්ඩායම් දෙකක් පිටත්ව ගිය බවත් ඔහු කියා සිටී.

මෙම පිරිස එහි ගිටත් යන්නේ උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන මෙරටට රැුෙරැුන ඒමට යයිද ආණ්ඩුව පාර්ශවයෙන් අදහස් පල විය.

කෙසේ වෙතත් උදයංග වීරතුංග මහතා සදහන් කරන්නේ තමනට එරෙහිව ජාත්‍යන්තරයේ කිසිදු චෝදනාවක් නැති බවත් රතු වරෙන්තු නිකුත් කර නැති බවත්ය.

එනිසා මේ වන විට තමන් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් නිදහස් කල බවත් ඔහු සදහන් කරයි.

Leave a Reply