එජාප අපේක්‍ෂකයා දැරියකට අතවර කර ගමෙන් පනී.. දැරිය රෝහලේ..

එජාප අපේක්‍ෂකයා දැරියකට අතවර කර ගමෙන් පනී.. දැරිය රෝහලේ..

එක්සත් ජාතික පක්‍ෂයෙන් මහියංගන ප්‍රාදේශීය සභාවට තරග වදින අපේක්‍ෂකයෙකු සිය කොට්ඨාශයේම දැරියකට අතවර කර ප‍්‍රදේශයෙන් පැන ගොස් ඇත.

මෙම අපේක්‍ෂකයා වෘත්තියෙන් ගුරුවරයෙකු වන අතර අතවර කර ඇත්තේ ඔහු සේවය කරන පාසලේම 10 වසරේ දැරියකටයි.

දැරියගේ නිවසේදීම මෙසේ අතවරය සිදු කර ඇති අතර දැරිය ගිරාඳුරුකෝට්ටේ රෝහලට අතුළු කර නේවාසික ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.

සිදුවීඹ ගැන ඇයේ දෙමව්පියන් පොලිසියට පැමිණිලි කර ඇතත් අපේක්‍ෂකයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

ප‍්‍රදේශවාසීන් සදහන් කරන්නේ ප‍්‍රදේශයේම ඇති ප්‍රබල දේශපාලනඥයෙකුගේ නිවසේ ඔහු සැගව සිටින බවයි.

Leave a Reply