එදා අගමැති බණ්ඩාරනායක සිංහල රාජ්‍ය භාෂාව කිරිමට හේතුව බ්‍රිතාන්‍ය රූපවාහිනියට පැවසු ඓතිහාසික සම්මුඛ සාකච්ඡාව මෙන්න…

එදා අගමැති බණ්ඩාරනායක සිංහල රාජ්‍ය භාෂාව කිරිමට හේතුව බ්‍රිතාන්‍ය රූපවාහිනියට පැවසු ඓතිහාසික සම්මුඛ සාකච්ඡාව මෙන්න…

එදා 1956 දි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායක එවකට අගමැති එස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුව ලංකාවේ රාජ්‍ය භාෂාව ලෙස සිංහල භාෂාව ප්‍රකාශයට පත්කල අතර එම තීරණය සම්බන්ධව එදා බ්‍රිතාන්‍යයේ ජාතික රූපවාහිනි සේවයේ බ්‍රිතාන්‍යය ජාතික වාර්තාකරුවකු විසින් අගමැතිවරයා සමඟ පැවත් වූ සම්මුඛ සාකච්ඡාවේදි ඔහු විමසුවේ ලංකාවේ (සිලෝන්) අගමැතිවරයා ලෙස එසේ කිරීමට හේතුව කුමක්ද යන්නය. බණ්ඩාරනායක අගමැතිවරයා ඉතා නිර්භීතව සහ පැහැදිලිව එම ප්‍රශ්නයට පිලිතුරු දුන් අයුරු දැක්වෙන මෙම දුර්ලභ විඩීයෝව youtube මගින් දැකගත හැකිය.

බ්‍රිතාන්‍යය ජාතික වාර්තාකරු: “ඔබගේ ආණ්ඩුව ලංකාවේ රාජ්‍ය භාෂාව ලෙස සිංහල භාෂාව හදුන්වා දීම නිසා මෙතෙක් පැවති සිංහල සහ දෙමළ ජනතාවගේ සම්බන්ධතාවය අතර විරසකයක් ඇති වනවා නේද? කොහොමද ඔබ අගමැතිවරයා ලෙස මේක සාධාරණ කරන්නේ?”

අගමැති බණ්ඩාරනායක මහතා: “හොදයි, අපේ රට නිදහස ලැබුනාට පස්සේ ස්වභාවිකවම නැගෙන ප්‍රශ්නයක් තමයි මෙරටේ රාජ්‍ය භාෂාව කුමක්ද යන්න, සිංහලයින් හැටියට අපි තීරණය කලා මෙරටේ ජනගහනයෙන් සීයට 70% සිංහල ජනතාව වන නිසා ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව වෙනුවට සිංහල භාෂාව අපේ රටේ රාජ්‍ය භාෂාව කරන්න, එමෙන්ම එම අවස්ථාවේදිම අපි නිරන්තරයෙන් වටහා ගත්තා රටේ සුලු ජාතිය වන දෙමළ ජනතාවගේ භාෂාව ද ඉතා වැදගත් මෙන්ම එහි සාහිත්‍ය වටිනාකම ගැන මනා අවබෝධයක් අපිට ඇති බැවින්, අපි තීරණය කලා දෙමළ භාෂාව ද සාධාරණ ලෙස භාවිතයට ගැනිමට අවශ්‍ය වන ආකාරයෙන් ජාතියේ සුලු ජාතිකයන්ගේ පාවිච්චිය සඳහා දෙමළ භාෂාව යොදාගැනීමට, ඒ නිසා අධ්‍යාපනික කටයුතුවල විභාග ඇතුළු රාජ්‍ය සේවයේ සමබන්ධිකරනය කටයුතුවලට සඳහා දෙමළ භාෂාව යොදාගැනීමට කටයුතු කර තියෙනවා, ඒ අනුව අපි විශ්වාස කරනවා කාටත් සාධාරණ ආකාරයෙන් එම ප්‍රශ්නය විසදා තිබෙන බව”

Leave a Reply