කරන්න දෙයක් නෑ.. මහ මැතිවරණයක් කැදවන්න වෙනවා..- ජනාධිපති අගමැතිට දන්වයි..

කරන්න දෙයක් නෑ.. මහ මැතිවරණයක් කැදවන්න වෙනවා..- ජනාධිපති අගමැතිට දන්වයි..

පළාත් පාලන මැතිවරණයේ ජනතාව ලබා දී ඇති ප‍්‍රතිඵලය මත තීරණයක් ගන්නා ලෙසත් නොඑසේනම් තමන තීරණයක් ගැනීමට සිදුවන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.

ආණ්ඩුව තව දුරටත් පවත්වාගෙන යාම සදහා එජාපයෙන් නව අගමැතිවරයෙක් පත් කර ගන්නා ලෙසත් වත්මන් කතානායක කරු ජයසුරිය මහතා ඊට සුදුසු බව තමන් යෝජනා කරන බවත් ජනාධිපතිවරයා සදහන් කර ඇත.

මෙහිදී අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ ශ‍්‍රීලනිපයට උවමනා පරිදි තම පක්‍ෂය තීරණ නොගන්නා බවත් එවන්නැකි සිදු විය යුත්තේ තම පක්‍ෂය තුලින් බවත්ය.

අගමැති ධුරයෙන් ඉවත් වීමට අදහස් නොකරන්නේ නම් පාර්ලිමේන්තු මැතිවරණයකට යාමද සුදුසු පියවරක් යයි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඊයේ (12) පවත්වා ඇති සාකච්චාව අවසන්ව ඇත්තේ එකගතාවයකින් තොරවයි.

Leave a Reply