ක්‍රිකට් වල සූදුව සුමති ටෙලි සම්මානය හරහා කලාවට බෝ කල අමන තිලංග සුමතිපාල

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතා දුර්වල අඩියකට පත් කල සභාපතිවරයා ලෙස අවිවාදයෙන් නම් කල හැකි සභාපතිවරයා තිලංග සුමතිපාල බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ බව අර්ජුන රණතුංග, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වැනි ප්‍රබල අතීත ක්‍රීඩකයින්ද, ඉන්දියානුවන්ට තරඟ ජයග්‍රහණය සඳහා තණතිලි මාරු කරපු ආකාරය ලසිත් මාලිංග විසින්ද හෙළි කරනු ලැබිණ. අද වනවිට තිලංග සුමතිපාල මේ සූදු මාෆියාව කලා ක්ශේෂ්ත්‍රයටද ගෙනවිත් තිබේ. කලාවට මහාර්ඝ සේවයක් කල යූ ඩබ්ලිව් සුමතිපාල හා මිලිනා සුමතිපාල දෙදෙනාගේ නමටද නිගාවක් වෙමින්, ඔවුන් මහත් සමාජ මෙහෙවරකින් ඇරඹි සුමති ටෙලි සම්මානයේ ජනප්‍රියම නලුවා තේරිමේදී කරන අකටයුතුකම් අප වෙත වාර්තා වී තිබේ.

විගණනය කරනවා යැයි කියූවත් කිසිවෙකුට නොපෙන්වන ඡන්ද ගණන වගේම, හිටි හැටියේ එක්වරම ඉහල යන විශ්වාස කල නොහැකි ඡන්ද සංඛ්‍යාව තුල මනාප කැළඹීමක් ඇතිකර එස් එම් එස් තුලින් තම මඩිය තර කට ගැනීමේ ඉතා තිරිසන් වෑයමක තිලංග සුමතිපාල ප්‍රමුඛ සුමති ටෙලි සම්මානකාරයෝ කරන කාර්‍යය අතිශය පිලිකුල් බව කිව යුතුය.

මේ දිනවල ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ සිටින රවීන් කණිශ්කගේ මනාප ප්‍රතිපල හිටි අඩියේම පහල යවා, මේ දිනවල කිසිදු ටෙලි නාට්‍යයයක රඟ නොපාන කාවින්ග පෙරේරා සහ අමිල අබේසේකර ඉහලට එසවීම තුල රවීන් ගේ රසිකයින්ගෙන් වැඩි පුර එස් එම් එස් ගෙන්වා අති විශාල ලාභයක් ලබා ගැනීමේ කූඨ උපක්‍රමය මේ වනවිත් ක්‍රියාත්මක වී ඇති බව සුමති ටෙලි සම්මානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත සනාත කර සිටී. සුමති ටෙලි සම්මානය වෙනුවෙන් වූ ෆේස් බුක් පිටුවේ අදහස් දැක්වීම්වලින් 90% කම මේ පිළිබඳව ඉතා තදබල විවේචන එල්ල වී ඇති අතර, එයින් කිහිපයක් පහත දැක්වේ.

Leave a Reply