කොස්ගම හමුදා කදවුර ගිනි තැබුවේ රාජපක්‍ෂලායි..- එජාපය කියයි..

කොස්ගම හමුදා කදවුර ගිනි තැබුවේ රාජපක්‍ෂලායි..- එජාපය කියයි..

2016 ජූනි මාසයේ කොස්ගම යුද හමුදා කදවුර ගිනි ගැනීම සිදුවූ ආකාරය ගැන තොරතුරු හෙලිව ඇති බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වාහන 90ක් මෙම කදවුරේ හංගා තිබූ බවත් එය වසා දැමීම සදහා මෙම ගිනි තැබීම සිදු කර ඇති බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

මෙම විශේෂ තොරතුර තමනට ලබා දුන්නේ හමුදාවේ නිලධාරියෙක් විසින්ම බවද ඔහු සදහන් කරයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේ කුරුණෑගල ප‍්‍රදේහයේදී පැවති ජනහමුවක් අමතමිනි.

Leave a Reply