ගම්පොළ ගම් දෙකක ගැටුමක් – ආරක්ෂාවට පොලිසියත් යොදවයි

ගම්පොල – වැලිගඟ ප්‍රදේශයේ පිරිසක් විසින් තම ගම්මානයට පැමිණ දේපළවලට පහර දී විනාශ කළ බව එම ප්‍රදේශයේම පිහිටා ඇති මාවතුර ගම්වාසීන් චෝදනා කරනවා.
පොලිසිය සඳහන් කළේ සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙම සිද්ධිය වාර්තා වූ බවයි.
ගම්පොල – මාවතුර ප්‍රදේශයේ පසුගිය කාලයේ වාර්තා වූ සොරකම්වලට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු ඊයේ පස්වරුවේ පොලිසිය අත්අඩංගුවට ගත්තේ ගම්මානයෙන් කිලෝමීටර් 3 ක් එපිට ඇති වැලිගග ප්‍රදේශයෙන්.
ඉන් පසු ඊයේ රාත්‍රියේ පිරිසක් පැමිණ මාවතුර ප්‍ර දේශයේ නිවාස හා දේපළවලට අලාභ හානි කර තිබෙනවා.

Leave a Reply