ඡන්දෙ ඉවර වන තුරු හිරේ ගිහින් එන්නැයි රවි කරුණානායකගෙන් ඉල්ලයි…

ඡන්දෙ ඉවර වන තුරු හිරේ ගිහින් එන්නැයි රවි කරුණානායකගෙන් ඉල්ලයි…

මැතිවරණය පසුවන තෙක් බන්ධනාගාරගත වෙන්නැයි හිටපු මුදල් ඇමති රවි කරුනානායක මහතාගෙන් කර ඇති ඉල්ලීමක් ප‍්‍රතික්‍ෂෙප කර ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සදහන් කරයි.

ඇමතිකමත අතහැරිය පසු ඊට වඩා තවත් කැපවෙන්නට බැරි බව කරුණානායක මහතා විසින් පවසා ඇතැයිද ඔහු කීවේය.

රවි කරුණානායක මහතා ඉදිරියේදීම වීරවංශ මහතා විසින් මෙම ප‍්‍රකාශය කනරන ලද අතර කරුනානායක මහතා සිය කතාවේදී එම ප‍්‍රකාශය බැහැර කලේ නැත.

බැදුම්කර කොමිසමේ වාර්තාව හා බරපතල දුෂණ කොමිසමේ වාර්තාව ගැන පාර්ලිමේන්තුවේදී පැවති විවාදය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

Leave a Reply