ජනාධිපතිගේ ඇහේ තිබෙන පොල් පරාලය මෙන්න..

ජනාධිපතිගේ ඇහේ තිබෙන පොල් පරාලය මෙන්න..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.

උදයංග වීරතුංග මහතාට එරෙහි චෝදනාව වෙලා තියෙන්නේ මිග් යානා ගනුදෙනුව. මේක දීර්ග කාලයක් තිස්සේ මඩ ගසමින් තියෙන ගනුදෙනුවක්. උදයංග වීරතුංග වේවා වෙන කෙනෙක් වේවා වැරදි කරල තියෙනවනම් නොපමාව නීතිය ක්‍රියාත්මක කරන්න. අපි කවුරුවත් හොරු රකින්න එන්නේ නෑ. නීතිය හරියට ක්‍රියාත්මක නොකිරීම ගැනයි අපි හැමදාමත් මේ ආණ්ඩුවට චෝදනා එල්ල කරන්නේ. ඒ වගේම තෝරා බේරා තමන්ට ඕනෑ කට්ටියට විතරක් දඩුවම් කිරීමේ ක්‍රියාවලියේ දී ක්‍රියාත්මක වෙන්නේ රටේ නීතිය නොවෙයි කැලෑ නීතියයි.

ඌවේ චන්ඩියා මේ සියල්ලන්ටම වඩා අත්අඩංගුවට ගත යුතු කෙනෙක්. විදුහල්පතිවරියක් දන ගැස්සුවා පමනක් නොවේ. භික්ෂූන්වහන්සේ නමක් තල්ලුකර එලවා දමනවා. පලාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ට පලාත් සභා පරිශ්‍රය තුලම පහරදීමක් සිදු වෙනවා. නමුත් ඌවේ මහ ඇමතිට මොකක්ද ක්‍රියාත්මක වන නීතිය. ඔහු උසාවි යනවා එවෙලෙම ඇප අරගෙන ගෙදර එනවා. කවුරු හරි කිව්වොත් කරු ජයසූරිය කතානායක තුමන් භික්ෂුන්වහන්සේ කෙනෙක්ට යම් තල්ලු කිරීමක් සිදු කලා කියලා මම ඒක කීයටවත් විශ්වාස කරන් නෑ. මොකද කරු ජයසූරිය මැතිතුමන් එහෙම නෙවෙයි කියලා අපට අදහසක් තියෙනවා. නමුත් චාමර සම්පත් ඌවේ මහ ඇමතිතුමන්ගේ පෙර වැරදි බොහොමයි. පසු වැරදිත් බොහොමයි. මෙහෙම ඉන්න දුන්නෝතින් අනාගත වැරදිත් බෝමයි කියල තමයි වාර්තා කරන්න වෙන්නේ.

අපි දන්නවා බොහෝ දෙනෙක්ට අනුන්ගේ ඇහේ තියෙන කුණු රොඩු කැබැල්ල පේනවා. නමුත් තමන්ගේ ඇහේ ඇති පොල් පරාලය නම් පේන් නෑ. ජනාධිපතිතුමනි ඔබේ ඇසේ තිබෙනා පොල් පරාලයේ නම චාමර සම්පත්ය කියන එක අපි සිහිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල

Leave a Reply