ජවිපේ බොරුව මාට්ටු – අපි සයිටම් බ්ලැක් ලිස්ට් කරලා නෑ – එංගලන්ත GMC කියයි

කතෘ සටහන :
පහත ඇත්තේ සයිටම් පිලිබඳ අපගේ මතය හුවාදැක්වීමක් නොවන බව කරුණාවෙන් සලකන්න. සයිටම් පිලිබඳ අනෙකුත් පක්ෂ ගෙනයන අසත්‍ය ප්‍රචාරයක් ඔබට ගේන ආවා පමණි.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සයිටම් විරෝධී කණ්ඩායම් වැරදි මතයක් ජනතාව වෙත ගෙනයමින් සයිටම් එංගලන්තයේ බ්ලැක් ලිස්ට් කරා යයි අසත්‍ය ප්‍රචාරයක් ගෙනයමින් පවතී.

මෙම ප්‍රචාරය ජාතික පුවත්පත්, මාධ්‍ය ආයතන වෙත යොමුකරමින් ජනතා විමුක්ති පෙරමුණ කියා සිටිනුයේ එංගලන්තයේ GMC විසින් සයිටම් බ්ලැක් ලිස්ට් කර ඇති බවකි. පසුගියදා මහජන රැස්වීමකදී පවා ජනතා විමුක්ති පෙරමුණ මෙය ප්‍රකාශ කරන ලදී.  සුනිල්  හඳුනෙත්තිගේ මෙම ප්‍රචාරය සාවද්‍ය ප්‍රකාශයකි. මොවුන් ජනතාවට බොරු කීමේත් සීමාවක් තිබිය යුතුය.කොට්ටෝරුවා ගහෙන් ගහට ඇන ඇන ගියත් කෙසෙල් ගහට කෙටු දවසට හොට පටලවා ගන්නවා සේ හඳුන්නෙත්ති ප්‍රමුඛ ජවිපේ නඩය මෙවර හොට පටලවාගෙන තිබේ.

හඳුන්නෙත්ති විසින් සයිටම් එංගලන්තයේ බ්ලැක් ලිස්ට් කල බවට ගෙනයන අසත්‍ය ප්‍රචාරය

අප මේ පිලිබඳ GMC ආයතනය වෙතින් විමසීමේදී ඔවුන් පවසා සිටියේ, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තවමත් සයිටම් පිලි නොගන්නා නිසා ඔවුන්ද තවමත් එය පිළිගන්නා ලැයිස්තුවට ඇතුලත් කර නොමැති බවයි. කිසිදු අවස්ථාවක GMC ආයතනය විසින් සයිටම් හී පරීක්ෂාවක් සිදු නොකළ බවත්, එය හුදෙක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව පිලි නොගන්නා නිසා ඔවුන්ද තවම පිලි නොගන්නා බවත් පවසා සිටියේය.

GMC ආයතනය විසින් මේ පිලිබඳ අපට දැනුම් දෙමින් නිකුත් කල ඊමේල් පණිවිඩය.

Leave a Reply