දෙකෝටියකට වැඩි රන් බිස්කට් බෝට්ටුවකින් ඉන්දියාවට ගෙන යමින් සිටියදී අත්අඩංගුවට…

දෙකෝටියකට වැඩි රන් බිස්කට් බෝට්ටුවකින් ඉන්දියාවට ගෙන යමින් සිටියදී අත්අඩංගුවට…

යාපනය කන්කසන්තුරෙයි මුහුදු තීරයේදී ඉතා රහසිගතව රුපියල් කොටි දෙකකට අධික වටිනාකමකින් යුතු රත්තරන් කිලෝ 3.7 ක ප්‍රමාණයක් ඩිංගි බොට්ටුවකින් රැගෙන යමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ අදාල රත්‍රං කිලෝග්‍රෑම් 3.7 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මාදගල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එම පුද්ගලයින් ධිවර බොට්ටුවකින් රැගෙන ගිය ග්‍රෑම් 100 කැබලි 37 ක් වශයෙන් ඉතා සූක්ෂම ලෙස සඟවා යමින් සිටියදී එම රත්‍රං තොගය හමුවී ඇත.

කන්කසන්තුරය ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු සීමාවේදී ඔවුන් නාවික හමුදා භාරයට පත් වූ අතර, එම රත්‍රං තොගයේ වටිනාකම රුපියල් කෝටි 2 කට අධික බවට නාවික හමුදාව සැක කෙරේ.

මේ අනුව අත්අඩංගුවට පුද්ගලයින්, රත්‍රං තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනයේ පිහිටි ශ්‍රී ලංකා රේගුව වෙත භාර දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Leave a Reply