පක්ෂ පාට අත් හැර සිංහලයින් මව්බිම තෝරා ගනී..- පොහොට්ටු ජයේ විශ්ලේෂණය මෙන්න..

පක්ෂ පාට අත් හැර සිංහලයින් මව්බිම තෝරා ගනී..- පොහොට්ටු ජයේ විශ්ලේෂණය මෙන්න..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

මේ රටේ උරුමය මෙන්ම නිහඬ බහුතරය වන සිංහල ජනතාව මේ මැතිවරණයේ දී ලොවටම ඇහෙන්න තමන්ගේ මතය ප්‍රකාශ කර තිබෙනවා. ඔබ දන්නවා මේ රටේ ආණ්ඩු වගේම පසුගිය ආණ්ඩු පවා දෙමළ ජනතාවට සංවේදී මුස්ලිම් ජනතාව ගැන සංවේදී . ඇයි ? දෙමල ජනතාවගේ සාතිශය බහුතරය දෙමළ ජනතාව වටා ගොනු වී සිටිනවා. මුස්ලිම් සාතිශය බහුතරය මුස්ලිම් කොන්ග්‍රසය වටා ගොනු වී සිටිනවා.

නමුත් සිංහල බහුතරය කැපුවත් නිල් කැපුවත් කොළ කියන පක්ෂ දේශපාලනය ජාතික දේශපාලනයට උඩින් තියාගෙනයි සිටින්නේ. තමන්ව රිදවු ආණ්ඩුව රිදවීමට සිංහලයා විසින් කටයුතු කර තිබෙනවා. අතිශයින්ම සුවිශේෂි හේතු මත සිංහල බහුතර ස්ථාන හතරක් පමණක් ආණ්ඩුව විසින් ජයග්‍රහණය කර තිබෙනවා. අනික් සිංහල බහුතරය සිටින සෑම තැනකම ආණ්ඩුව ප්‍රතික්ෂේප වී තිබෙනවා.

සිංහලයා ප්‍රථම වතාවට පක්ෂ පාටවලට උඩින් තම ජාතිය තම මව්බිම තබා තිබෙනවා. සිංහල දේශපාලන ගමන් මගේ අතිශයින්ම සුභ ලකුණක් ලෙසයි මෙය අප දකින්නේ.

මේ ආණ්ඩුව වගේම අනාගත ආණ්ඩුත් සිංහලයා රිදවන්න කටයුතු කලොත් සිංහලයා නොසලකා හරින්නට කටයුතු කලොත් ඒ ආණ්ඩුවලට වරදින බව සිංහලයා මෙවර රටට නෙවෙයි ලෝකෙටම හඩ නගා කියා තිබෙනවා.

– අරවින්ද අතුකෝරල

Leave a Reply