පරාජිත දයාසිරි ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..- ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි..

පරාජිත දයාසිරි ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..- ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි..

ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරු ඇති බව ‘ක‍්‍රිකට් ඒජ්’ ඉන්දීය වෙබ් අඩවිය සදහන් කරයි.

පවත්වන ලද පළාත් පාලන මැතිවණයේදී ලද දරුණු පරාජය හේතුවෙන් ඇමතිවරයා මෙම තීරණය ගෙන ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

ඇමති දයාසිරි පඩුවස්නුවර ආසනයේ ශ්‍රිලනිප සංවිධායක ධුරය දරන අතර පළාත් පාලන මැතිවණයේදී අම ආසනයේ කොට්ඨාස 22 න් 18ක් හිටපු ජනපතිගේ නායකත්වයෙන් තරග කල පොහොට්ටුය විසින් දිනාගත් අතර ඉතිරි කොට්ඨාශ 3 ක් එජාපයටත් එකක් ශ්‍රිලනිපටත් හිමි විය.

එමෙන්ම පොහොට්ටුව ඡන්ද 27794 ක් ලබා ගන්නා විට දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ගේ කණ්ඩායමට හිමි වූයේ ඡන්ද 11,794 ක් පමණි. ශ්‍රිලනිපය පඬුවස්නුවරදී ලබා ගත්තේ තුන්වෙනි ස්ථානයයි.

Leave a Reply