පාච රණවක-රාජිත ජීවීතේට නෑසූ අතාර්කික අමෝනඥ දේශපාලන ප්‍රකාශයක…

පාච රණවක-රාජිත ජීවීතේට නෑසූ අතාර්කික අමෝනඥ දේශපාලන ප්‍රකාශයක…

පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පා ච රණවක රාජිත සේනාරත්න ඇමතිතුමන්ලා වගේම එන්ජිඕ නඩය මේ මැතිවරණ ප්‍රතිඵලය විග්‍රහ කරමින් පවසන්නේ ජනවාරි 8 දුන් පොරොන්දු ඉටු නොකළ නිසා ජනතාව පොහොට්ටුව වටා එකතු වුණා කියලා. මේ තරම් අතාර්කික අමෝනඥ දේශපාලන ප්‍රකාශයක් මම ජීවිතයට දැකලා නෑ.

ජනතාව 2015 ජනවාරි 08 ජන වරම ක්‍රියාත්මක නොකළ නිසා ජනතාව කලකිරුණා නම් ජනතාව රොක් වෙන්න ඕනෑ ඒ ජන වරමට එරෙහිව කටයුතු කරන අප වටා නොව ඒ ජන වරම වෙනුවෙන් පෙනී සිටින ජවිපෙ වටේ. ජවිපෙ ප්‍රකෝටි ගණනින් වියදම් කරලාත් ජනතාව එජාපය සහ ශ්‍රිලනිපය වගේම ජවිපෙත් ප්‍රතික්ෂේප කර තිබෙනවා. අපේ පොහොට්ටුව වටා ඒකාරාශි වෙනවා.

ජනතාව ඇත්තටම කිව්වේ මොකද්ද? ජනපතිවරණයේ දී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන කියන විට අපි හිතුවේ ජාතික රාජ්‍යය සවිමත් කරන ව්‍යවස්ථාවක් ගේනවා කියලා. නමුත් රට කැබැලි නවයකට කඩන පෙඩරල් ව්‍යවස්ථාව නම් අපට එපා.

රැකියා දශ ලක්ෂයක් බිහි කරනවා කිව්වාම අපි හිතුවේ ලංකාවේ අපට රැකියා දෙන්න හදනවා කියලා. ඉන්දියාවේ රැකියා ප්‍රශ්නය විසඳන එක්ටා ගිවිසුම අපට එපා. විදේශ ආයෝජන ගේනවා කිව්වාම අපි හිතුවේ විදේශිකයින් ඇවිත් නව සම්පත් බිහි කරනවා කියලා. ඒත් ජාතිය සතු වටිනාම සම්පත් නොරටුන්ට විකුණන්න එපා.

මේ පණිවිඩය ආණ්ඩුවේ නායකයින් තේරුම් නොගත්තොත් කන පැලෙන ප්‍රහාරයක් ජනතාවගෙන් එල්ල වීමට ආණ්ඩුවේ නායකයන්ට ඉඩ තියෙනවා.

– අරවින්ද අතුකෝරල

Leave a Reply