පුංචි ඡන්දයේ එජාප පොදු ලයිස්තුවේ ව්‍යාජ නමකින් අයෙක් පෙනී සිටී..

පුංචි ඡන්දයේ එජාප පොදු ලයිස්තුවේ ව්‍යාජ නමකින් අයෙක් පෙනී සිටී..

නාඋල ප‍්‍රාදේශිය සභාවට එක්සත් ජාතික පක්ෂය යටතේ තරග වදින කණ්ඩායමට ඇතුළත් පොදු ලේඛනයේ අපේක්ෂකයෙකු වෙනත් අයෙකුගේ හැදුනුම්පත් අංකයක් භාවිත කරමින් ඡුන්දය ඉල්ලන බව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය කියයි.

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත‍්‍රික් සංවිධායක සුසිල් පේ‍්‍රමරත්න මහතාගේ අත්සනින් යුක්තව මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් වරයාවෙත ලිපියක් යොමුකරමින් මේ බව සදහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නාඋල ප‍්‍රාදේශිය සභා අතිරේක අපේ්ක්ෂක නාමලේඛනයේ නාඋල, අධ්‍යාපන කාර්යාල පාර යන ලිපිනයේ කඩුකාර මුදියන්සේලාගේ පුංචි බණ්ඩා නමින් ජාතික හැදුනුම්පත් අංක 621753762 v යටතේ අපේකෂකයෙකු ඉදිරිපත් වී ඇති බව සුසිල් පේ‍්‍රමරත්න මහතා කියයි.

කෙසේ වෙතත් ඉහතින් සදහන් කළ හැදුනුම්පත් අංකය යටතේ කඩුකාර මුදියන්සේලාගේ පුංචි බණ්ඩා නමින් පුද්ගලයෙකු නොමැති බවත් ඉහත ලිපිනයට අදාලව පදිංචිව ඇත්තේ කඩුකාර මුදියන්සේලාගේ පියල් බණ්ඩාර දසනායක නැමති අයෙක් බවත් ආසන සංවිධායකවරයා මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් වරයාට යොමු කළ ලිපියේ දක්වා තිබේ.

ඉහතින් සදහන් කළ පියල් බණ්ඩාර යන අය තමා මැතිවරණයට ඉදිරිපත් වී ඇති බව පවසමින් මේ වන විට මැතිවරණ ප‍්‍රචාරන කටයුතු වල නිතරවන බව ද ලිපියේ සදහන්ය.

ව්‍යාජ නමක් හා වෙනත් අයෙකුගේ හැදුනුම්පත් අංකයක් යටතේ පළාත් පාලන ආයතන ඡුන්ද විමසිම් ආඥාපනතේ (262 වන වගන්තිය) ප‍්‍රකාරව මැතිවරණයට ඉදිරිපත් විය හැකිද සහ එහි පවතින නීතිමය තත්ත්වය පැහැදිළි කරන ලෙස ඉල්ලා අදාල ලිපිය සහකාර මැතිවරණ කොමසාරිස් වරයා වෙත යොමුකර තිබේ.

ඡුන්ද විමසීමක දී අන් අයෙකුගේ නාමයෙන් පෙනි සීටීම මැතිවරණ නීතිය අනුව වරදක් බව දණ්ඩ නීති සංග‍්‍රහයේ 169 (ඈ) වගන්තියේ පැහැදිළිව සටහන්ව ඇති බව ද සුසිල් පේ‍්‍රමරත්න මහතා නිකුත්කල නිවේදයෙන් දක්වා තිබේ.

මෙම ලිපියෙහි පිටපත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා, කොළඹ පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලය,ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම්වරයා,ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත‍්‍රික් නායක ලක්ෂ්මන් වසන්ත පෙරේරා සහ සියළුම ජනමාධ්‍ය ආයතන වෙත යොමුකර තිබේ.

මෙම ලිපිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වල මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් නාඋල ප‍්‍රාදේශිය සභාවට පොදු ලේඛනය යටතේ ඉදිරිපත් වී සිටින කඩුකාර මුදියන්සේලාගේ පුංචි බණ්ඩා මහතාගෙන් ද අපි විමසීමක් කළෙමු.

එහිදි ඔහු කියා සිටියේ තමන්ගේ ජාතික හැදුනුම්පතේ ඉහත ස`දහන් නමට අමතරව වෙනත් නම් තීරූවේ කඩුකාර මුදියන්සේලාගේ පියල් බණ්ඩාර දසනායක ලෙස සටහන්ව ඇති බවයි.

මැතිවරණය සදහා ව්‍යාජ නමකින් ඉදිරිපත් වී නොමැති බවත් තමන්ගේ ජයග‍්‍රහණය දෙස ද්වේෂ සහගතව බලන පිරිස් මෙවැනි ප‍්‍රකාශ නිකුත් කරන බව ද ස`දහන් කළේය.

යහපාලන රජය බලයට පත්කිරිම සදහා තමන් ලග්ගල ආසනයේ ඉමහත් සේවාවක් ඉටුකළ බවත් ඒ පිළිබද ජනතාව හොදින් දන්නා බවත් තමන්ගේ ජයග‍්‍රහණය පිළිබ`දව බියවී මෙවැනි ප‍්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව ද ඒ මහතා වැඩිදුටත් ස`දහන් කළේය.

– ඉන්දික අරුණ කුමාර

Leave a Reply