මට එරෙහිව අදෘෂ්‍යමාන බලවේගයක්.. යහපාලනය යනු බොරුව ඇත්ත කිරීම නොවෙයි..- රනිල්ගේ කමිටුව රවි පට්ටා ගහයි..

මට එරෙහිව අදෘෂ්‍යමාන බලවේගයක්.. යහපාලනය යනු බොරුව ඇත්ත කිරීම නොවෙයි..- රනිල්ගේ කමිටුව රවි පට්ටා ගහයි..

එක්සත් ජාතික පක්‍ෂය විසින් පත් කරන ලද මාරපන කමිටුව විසින් තමන් සම්බන්දයෙන් ලබා දී ඇත්තේ කැකිල්ලේ තීන්දුවක් යයි හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිසමේ වාර්තාවේද කිසිදු එජාප මන්ත‍්‍රීවරයෙකුට චෝදනා එල්ල කර නැති අවස්ථාවකදී මාරපන කමිටුව විසින් තමන් පක්‍ෂයේ තනතුරුවලින් ඉවත් කරන්නැයි නිර්දේශ කර තිබීම පුදුම සහගත යයිද ඔහු කියා සිටී.

පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති විවාදය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

යහපාලනය යනු බොරුව ඇත්ත කිරීම නොවන බවද නායකයන් දේශපාලන වශයෙන් ඝාතනය කිරීම නොවන බවත් ඔහු කීවේය.

තමනට විරුද්දව කටයුතු කිරීමේ දේශපාලන උවමනාවක් ඇති බව හොදින් පෙනී යන බවත් තමන් විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙ සූදානම් වු විශේෂ ප‍්‍රකාශය කිසියම් අදෘෂ්‍යමාන බලවේගයකින් නැවතුනු බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

Leave a Reply