මහින්දගේ 360 YouTube හොල්ලයි.. අගමැතිගේ සතිය මහින්ද පැය 24න් කඩයි..

මහින්දගේ 360 YouTube හොල්ලයි.. අගමැතිගේ සතිය මහින්ද පැය 24න් කඩයි..

දෙරණ රූපවාහිනියේ පැවති 360 වැඩසටහන සදහා සතියක කාලයක් ඇතුලත මෙරට ප‍්‍රධාන දේශපාලන දහරාවන් තුනේම නායකයන් සහභාගී වූහ.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ජනවාරි 29 වැනිදාත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙබරවාරි 05 වැනිදාත්, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පෙබරවාරි 06 වැනිදාත් මේ වැඩසටහන සදහා සහභාගී වූහ.

අගමැතිවරයාගේ වීඩියෝව යූ ටියුබයට එක් කර සතියක කාලයක් ගතවෙද්දී එය 23,000 පමණ පිරිසක් නරඹද්දී හිටපු ජනාධිපතිවරයාගේ වීඩියෝව යූ ටියුබයට එක්කර පැය 24කදී 40,000ක ප‍්‍රමාණයක් නරඹා ඇත.

එම සතියක කලේදී අගමැතිවරයාට 95 දෙනෙකු කැමැත්ත පල කර 450 දෙනෙකු අකමැත්ත පල කරද්දී හිටපු ජනාපපතිවරයාට පැය 24ක් තුල 898 දෙකෙකු කැමැත්ත පල කර 65 දෙනෙකු ඇකමැත්ත පල කර තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතකාගේ වීඩියෝව යූ ටියුබයට එක්ක කර ගතව ඇත්තේ පැය කිහිපයක් පමණක් නිසා එය සැසදිය නොහැකි වුවත් මේ වන විට දහසක ප‍්‍රමාණයක්වත් නරඹා නැත.

ජනාධිපතිවරයා සහභාගී වූ 360 මෙතනින්
අගමැතිවරයා සහභාගී වූ 360 මෙතනින්
හිටපු ජනාධිපතිවරයා සහභාගී වූ 360 මෙතනින්

Leave a Reply