මහින්දට පක්‍ෂ 45%ක් විතරද.. 55%ක් විරුද්දද.. ටොයි තර්කයෙන් ටොයියන්ම පරාදයි.. මෙන්න පිලිතුරු..

මහින්දට පක්‍ෂ 45%ක් විතරද.. 55%ක් විරුද්දද.. ටොයි තර්කයෙන් ටොයියන්ම පරාදයි.. මෙන්න පිලිතුරු..

හංස සංධානයේ සියලු පක්ෂවල චන්ද එකතුකල විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වඩා චන්ද ප්‍රතිශතය වැඩි බවට අමන තර්කයක් මාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනයක දැක්වේ. එම තර්කයම පසුගියදා අමාත්‍ය රාජිත සේනාරත්නද ඉදිරිපත් කලේය.

මේ තර්කය ඉදිරිපත් කිරීමෙන්ම යහපාලන ආන්ඩුවේ නිරුවත හෙලිවේ. එනම් යහපාලනය මුවාවෙන් බලයට විත් මොනතරම් ප්‍රජාතන්ත්‍ර විරෝදී ජනතා මුලාවක් ඔවුන් මෙතෙක් කල් කර ඇත්ද යන්නයි. අද ඔවුන් ඇඟට පතට නොදැනී පිලිගෙන ඇත්තේ වර්ථමාන ආන්ඩුවේ විපක්ෂයත් නායකයාත් , විපක්ෂයේ සංවිධායකත් අනුපිලිවෙලින් නියෝජනය කරන දෙමල සංධානය හා ජනතා විමුක්තී පෙරමුණ ආන්ඩුවේම කොටස් කරුවන් බවයි. ‘දවල් මිගෙල් රෑ දනියෙල්’ බලලා මල්ලෙන් එලියට පැන ඇත.

ඒ කෙසේ වෙතත් මෙවර මැතිවරණයේදී මේ කියන පක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාව ඉදිරියට ගියේ ආන්ඩුව ලෙස පෙනී සිටිමින් නොවේ. ඔවුන් සියලු දෙනාම දේශපාලන වේදිකාවල නිර්ධය ලෙස මංගල සමරවීර හා රාජිත සේනාරත්න නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය පතුරු ගැසූහ. ඒ ආන්ඩුව නම් එක්සත් ජාතික පක්ෂයයි නමුත් අපි නම් හොඳ බබාලා යනුවෙන් අමුතු තියරියක් රටට ඉදිරිපත් කරමිනි.

ඔක්කොම කුණු බේරුවල් බොක්කට යැයි කීවා සේ ‘හොරකමින්’, ‘මැරකමින්’ , ‘ගැතිකමින්’ හා ‘ බැරි කමින්’ රටට කෙලවූ ‘යහපාලනයේ’ වගකීම ගන්නට ඉතුරුවූයේ රනිල් සහ සමාගම පමනි. ජනතාව අනෙක් සියලු පක්ෂ වලට චන්දය දුන්නේ එම පදනම මතය. ඒ නිසා මංගලගේ හා රාජිත මහත්වරුන්ගේම තර්කයට අනුව මෙවර පලාත් පාලන චන්දයෙන් යහපාලනය අනුමත කොට තිබෙන්නේ එක්සත් ජාතික පක්ශයට චන්දය දුන් 32.63% පමනි. රටේ ජනතාවගෙන් 67.37% ක්ම ඊනියා යහපාලනය ප්‍රතික්ෂේප කොට ඇත.

– නාලක ගොඩහේවා

Leave a Reply