විවේචන හදුනා ගත යුතු ආකාරය ඇමති ෆොන්සේකා කියයි

ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් හොද චේතනාවෙන් සිදුකරන විවේචන පිළිගත යුතු අතර, දුෂ්ඨ චේතනාවෙන් සිදුකරන විවේචනය හදුනා ගත යුතු බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
කැළණිය වේවැල්දුව ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් බදවා ගැනීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එහිදී ඔහුගෙන් ධුරයෙන් ඉවත් කරන ලද විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා.
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු සදහන් කළේ ‘‘ සාමාන්‍යයෙන් පිස්සෙක් හිතන්නේ නැහැනෙ. තමුන් පිස්සෙක් කියලා. පිස්ස හිතන්නේ අනිත් මිනිස්සුන්ට පිස්සු කියලා. විජේදාස රාජපක්ෂ කරපු කිසිම දෙයක් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය, පාර්ලිමේන්තු කණ්ඩායම එක්කෙනෙක්වත් අනුමත කලේ නැහැ. විජේදාස රාජපක්ෂ කරන්නේ එයා හිටපු පක්ෂයටත් හතුරු කමක්. එයා කියනවා එයා අස්වුණේ නැහැ අස්කළා කියලා. එයා හිතනවා ඇති අස්කරා කියන එකේ වැඩියෙන් ගෞරවයක් තියෙනවා කියලා. අස්කරා කියන්නෙ එලෙව්වා කියන එකනෙ. එකේ වෙනසවත් එයාට තේරෙන්නේ නැහැ. ප්‍රාඥායා වුණාට. ’’ යනුවෙන් සදහන් කළා.

Leave a Reply