සංගාගෙන් සුපිරි ඉනිමක්

මෙවර කැරිබියානු ප්‍රිමියර්ලීග් විස්සයි විස්ස තරගාවලියේ ජැමෙයිකා – ටෝල්වාස් කණ්ඩායමේ සමාරම්භක තරගය ජයග්‍රහණය කිරීම සඳහා කුමාර් සංගක්කාර විශිෂ්ඨ පිති හරඹයක නිරතවී තිබෙනවා.
ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවරදී ඊයේ (25) මෙම තරගය පැවැත්වුණේ ශාන්ත ලූසියා ස්ටාර්ස් කණ්ඩායම සමගයි.
ඔවුන් සිය පන්දු වාර විස්ස තුළදී කඩුලූ 8 ක් දැවී ලකුණු 172 ක් රැස් කළ අතර, ජැමෙයිකා ටෝල්වාස් පිල පන්දු වාර 19 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 176 ක් ලබමින් තරගයේ ජය හිමිකරගත්තා.
එහිදී කුමාර් සංගක්කාර පන්දු 45 කදී නොදැවී ලකුණු 74ක් රැස් කළේ හතරේ පහර 9 ක් සහ හයේ පහර 3 ක්ද සමගයි.
ඒ අනුව සංගක්කාර තරගයේ වීරයා ලෙසද නම් කෙරුණා.

Leave a Reply