හැම ගමකටම නොමිලේ Wi-Fi දෙනවා.. ගිය අවුරුද්දේ බැරිවුණෙ ගංවතුර නිසා..- අගමැති

හැම ගමකටම නොමිලේ Wi-Fi දෙනවා.. ගිය අවුරුද්දේ බැරිවුණෙ ගංවතුර නිසා..- අගමැති

ටැබ් පරිඝණක ලබා දෙන සියළු පාසැල් සදහා අපේ‍්‍රල් මාසය අවසන් වන්නට පෙර පළමුවෙන්ම නොමිලේ වයිෆයි ලබා දෙන බවත් මෙම 2018 වසර වසන් වන්නට පෙර රට පුරා සෑම ගමකටම නොමිලේ වයිෆයි ලබා දෙන පොරොන්දුව ඉටු කරන බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

‘ඒකයි ලොකුම පශ්නෙ. ජංගම දුරකතනෙ තියනවා වයිෆයි එක නෑ. වියිෆයි එක දුන්නහම පස්සේ ඔ්නනම් බලන්න පුළුවන්. ඔ්නනම් යාළුවන්ට ගෑණුලමයින්ට ඔක්කොටම වයිෆයි පණිවිඩ එවන්න පුළුවන්. වැඩිහිටි අයගෙ මූණවල් බැලුවම එච්ච කැමති නෑ වගේ නොමිලෙ වයිෆයි දෙන එක. මොනව කරයිද කියද දන්නෙ නෑ. ගෑණු ලමයි මොනව කරයිද දන්නෙ නෑ’ යයිද ඒ මහතා පැවසීය.

2017 දී ඇති වූ ගංවතුර නිසා වෙනත් ප‍්‍රශ්ණ නිසා වයිෆයි දීම කල් දැමීමට සිදු වූ බවද අගමැතිවරයා කීය.

අගමැතිවරයා මෙම අදහස් පල කලේ පුත්තලමේදී පැවති එක්සත් ජාතික ඵක්‍ෂ ජනරැුළියක් අමතමිනි.

Leave a Reply