Breaking News

රෝස් දැව ටෙන්ඩරයෙන් රේගුවට රුපියල් කෝටි 100කට අධික පාඩුවක් – රවීගේ සම්බන්ධයක්

රෝස් දැව ටෙන්ඩරයෙන් රේගුවට රුපියල් කෝටි 100කට අධික පාඩුවක් – රවීගේ සම්බන්ධයක්
Like
Like Love Haha Wow Sad Angry
Spread the love

මෙම ටෙන්ඩර් කැඳවීම හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතාගේ බලපෑම මත ඔහු මුදල් ඇමතිව අවසාන මොහොතේ සිදු කර ඇති අතර එම දැව තොගය සඳහා ටෙන්ඩර් යොදා ලබාගෙන ඇත්තේද ඔහුගේ සමීපතමයෙකු යැයි රේගු ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙය මෙම දැව තොගය තමන් වෙතම ලබාගැනීමට රවී කරුණානායක හිටපු මුදල් ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් ඉතා සූක්ෂමව සිදු කර ඇති වංචාවක් යැයි රේගු ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයන කර තිබියදී ශ්‍රී ලංකා වරාය රේගුව භරයේ පැවති රෝස් දැව තොගයක් වෙන්දේසි කිරීම සඳහා සිදු කළ ටෙන්ඩර් කැඳවීමේදී සිදුව ඇති අක්‍රමිකතාවයක් නිසා ශ්‍රී ලංකා රේගුවට රුපිය්ල කෝටි 100කට අධික පාඩුවක් සිදුව ඇති බව වාර්තාවේ.

මෙවැනි රෝස් දැව මෙට්‍රික් ටොන් එකක ලෝක වෙළඳපොලේ අවම වටිනාකම ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 25000ක් පමණ වේ.

රේගුය භාරයේ මෙට්‍රික් ටොන් 420ක රෝස් දැව තොගයක් තිබී ඇති අතර එහි සම්පූර්ණ වටිනාකම ලෝක වෙළඳපොලට සාපේක්ෂව ඇමරිකා එක්සත් ජනපද ඩොලර් එක්කොටි පන් ලක්ෂයක් ($ 10,500,000) පමණ වේ. එහි මෙරට වටිනාකම රුපියල් එකසිය පනස් නවකෝටි හැටලක්ෂයක් (රු. 1596,000,000) පමණ වේ.

එවැනි වටිනාකමක් ඇති මෙම දැව තොගය වෙන්දේසි කිරීම සඳහා සිදු කර ඇති ටෙන්ඩර් කැඳවීමේදී නියමිත පරිදි සිදු කළ යුතු දේශීය සහ විදේශීය පුවත්පත් දැන්වීම් පළ කිරීම් සිදු කර නැත. කුඩා පිරිසක් අතරේ පමණක් ප්‍රචාරය යවා මේරට රේගුව විසින් අනුගමනය කරනු ලබන සාමාන්‍ය ටෙන්ඩර් කැඳවීමක් සිදු කර ඇති අතර එහිදී මෙට්‍රික් ටොන් එකක් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 7,500ක් වැනි ඉතා සොච්චම් මුදලකට ඉදිරිපත් වූ ටෙන්ඩරයට අදාළ දැව තොගය බැර කිරීමට තීරණය වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා රේගුවට ලැබෙනුයේ රුපියල් හතලිස් හත්කෝටි අසූ අටලක්ෂයක් (රු. 478,800,000)ක් පමණි.

මෙම ටෙන්ඩර් කැඳවීම නියමිත ටෙන්ඩර් කැඳවීමේ ක්‍රමවේදය අනුව ජාත්‍යන්තර කැඳවීම්ද සමග සිදු නොවීමෙන් අඩුම තරමේ රුපියල් කෝටි 100ක පාඩුවක් සිදුව ඇත. එහි සැබෑ පාඩුව රුපියල් එකසිය එකොලොස් කෝටි හැත්තෑ දෙලක්ෂයක් බව මේ වනවිට ගණන් බලා තිබේ (රු. 1,117,200,000).

මෙම දැව තොගය දැනට වස ගණනාවක සිට රේගුව භාරයේ තබා ඇති අතර මේ සඳහා ටෙන්ඩර් ලබාදෙන ඕනෑම අයෙකුට ආපසු නොගෙවන රුපියල් ලක්ෂ 10ක මුදල් රේගුවේ තැන්පත් කළ යුතු බවටද නීතියක් පනවා තිබී ඇත. ඒ නිසා ඊට ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවී ඇති අතර අවසාන මොහොතේ ඉතාමත් නිශ්ෂබ්දව මෙම ටෙන්ඩර් කැඳවීම සිදු කර ඇත. එහිදී එක් පුද්ගලයෙකු පමණක් ටෙන්ඩර් ඉදිරිපත් කර ඔහුට අදාළ දැව තොගය ලබාගෙන තිබේ.

Like
Like Love Haha Wow Sad Angry

Related posts

Leave a Reply

Your email address will not be published.

Facebook Auto Publish Powered By : XYZScripts.com