Breaking News

ගංවතුර 2017 නවතම තත්වය සහ අනතුරු ඇඟවීම් – Flooding in Sri Lanka 2017 #FloodSL #FloodSL2017

ගංවතුර 2017 නවතම තත්වය සහ අනතුරු ඇඟවීම් – Flooding in Sri Lanka 2017 #FloodSL #FloodSL2017
Leaks LK May 29, 201712:40 am

බලන්ගොඩට යලිත් වැසි. ඉදිරි දින යලිත් තීරනාත්මක තත්වයක.

Leaks LK May 28, 20176:31 pm
රත්නපුර
කරුණාකර මේ පණිවිඩය බෙදාහරින්න.
කලවාන ප්‍රදේශයට හෙට ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් මඟින් ආධාර ලබාදෙනු ඇත. වැද්දගල, පහලවත්ත පාසැල් භුමිය වෙත හෙට 10 ට ආදාර පැමිණෙනු ඇත.
Leaks LK May 28, 20176:30 pm

#රත්නපුර

මාරපන ප්‍රදේශයේ සහනාධාර බෙදා හරින්නන් වෙතයි. .. මාරපන අවට ප්‍රදෙශ වල විවිධ හන්දි වල රංචු ගැසී සිටින ව්‍යාජ අවතැන් වූවන් ට ආධාර දීමෙන් වලකින්න. 90% ආපදාවට ලක්වූවන් දෑල -හකමුව මර්ගය .( මඩ හංදියේ සිට දකුණට දෑල- වමට හකමුව-)
මාරපණ සිකරදෙනිය මාර්ගය(සිකරදෙනිය පීල්ල දක්වා). මාරපණ පොත්තකන්ද මාර්ගය ( තලංගම කඩේ දක්වා) මාර්ග දෙපස නිවාස වේ. හැකිනම් ඒවාටම ගොස් බෙදාහරින්න. මේදක්වා ලැබී ඇති වියලි සහනාධාර බහුතරයක් ව්‍යාජ අවතැන්වූවන් අතට පත් වී ඇත.

Leaks LK May 28, 20176:28 pm

හෙට දිනයට 29/05 /2017 කෑම පාර්සල් 1500 ක් අවශ්‍යයි නාගොඩ ප්‍රදේශයට බෙදාහැරීම සදහා….
උදෑසන ආහාර කීපයක් හෝ සැපයීමට හැකි නම්
0716596252 උපමාලිකා අමතන්න

Leaks LK May 28, 20176:27 pm

#රත්නපුර

කසුන්-0766423829,0716601710
රත්නපුර අවට පානීය ජලය අවශ්‍ය අය ඉන්නවනම් කියන්න.

Leaks LK May 28, 20174:08 pm

Image may contain: text

Leaks LK May 28, 20174:06 pm

රත්නපුර දිස්ත්‍රික්කයේ
මිල්ලවැටිය
පොහොරභාව
මුදුන්කොටුව
පානිය ජල බෝතල් අවශ්‍යයි.
ඉක්මනින් ලබාදීමට කාරුණික වන්න.
ස්තුතියි 071-3877563 හර්ෂණ කසුන් මිල්ලතේ අමතන්න.

#FloodSL #Flood2017

Leaks LK May 28, 20173:51 pm

#ගම්පහ

දොම්පෙ, පූගොඩ ප්‍රදේශ වලට රාත්‍රී පිසූ ආහාර 100 ක් හා වතුර ඇත.
අමතන්න 0777190773

Leaks LK May 28, 20173:49 pm

#කළුතර

බුලත්සිංහල සෙන්ට්‍රල් එකට කෑම බීම අවශ්‍යයි. 0718336306
0777351394
කපිතාන් ශාන්ත

Leaks LK May 28, 20173:41 pm

#ගම්පහ

බන්ඩාරනායක විද්‍යාලයීය ආදි සිසු එකමුතුව විසින් සංවිදානය කරන ලද ගංවතුර ආදාර එකතු කිරීමේ කර්තව්‍යය ඉතා සාර්තක අන්දමින් අවසන් වෙමින් පවතියි..මේ වන විට අප හට ප්‍රවාහන පහසුකම් සඳහා වාහනයක අඩුපාඩුවක් පැන නැගී ඇත..හෙට දින ආධර බෙදාදීමට යාම සඳාහා ලොරි රථයක් හෝ ටිපර් රථ ලබාදීමට හැකි අයෙකු සිටී නම් දුරකථන ඇමතුමක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.අප සහෝදර මිනිසුන් බොහෝ පිරිසක් ආපදාවට ලක් වී සිටින මේ අවස්තාවේ ඔබ ලබා දෙන සහයෝගය ඉතා අගය කොට සලකන අතර බොහෝ පිං වඩන කටයුත්ත්ක් බවද මතක් කිරීමට කැමැත්තෙමු.
0711261624 අංජුල
0774422330 දිනුක

Leaks LK May 28, 20172:49 pm

මේවන විට ජාත්‍යන්තර කාළගුණ වාර්තා අනුව බෙංගාල බොක්ක අසල කැළඹිලි ස්වභාවය දැඩි පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත. මේ නිසා ඉදිරි දින ඇතුලත අඛණ්ඩව දැඩි වර්ශාපතනයක් මධ්‍යම කඳුකරයට ලැබෙනවා.
Time – 20:10
Date – 28/05/2017

#FloodSL #Flood2017

Leaks LK May 28, 20172:46 pm

දක්ෂිණ අධිවේගයේ මාතර කොටස වසා දැමේ.

28/05/2017 – 19:00
#FloodSL #Flood2017

Leaks LK May 28, 20172:35 pm

ගොඩගම සිට ගාල්ලට ජල බෝතල් ප්‍රවාහනය කිරීම සඳහා විශාල ප්‍රමාණයේ ටිපර් රථයක් #දැන්ම අවශ්‍යයි..!

චමල් – 0712569875
සුජිත් – 0773760579

19:31
2017-05-28

Leaks LK May 28, 20172:22 pm

#ගම්පහ

අත්තනගලු ඔය ආරම්භවන රුවන්වැල්ල දූනමලේ ජල මට්ටම මීටර 5.5 කි.එය ඉහල ජලමට්‍ටමක් වන අතර අත්තනගලු ඔය දෙපස සිටින ජනයා අද මධ්‍යම රාත්‍රියේ දැඩි අවධානයෙන් සිටින්න.

Leaks LK May 28, 20172:05 pm

1956ට පසු ගල්පාත සොරෝවුව විවෘත කිරිමට තිරණය කර ඇත…පුපුරා යාමට අසන්නය.

කළුගඟේ අත්තක් වෙන බොල්ගොඩ ගඟ හා සම්භන්ධ ගල්පාත සොරෝවුව 1956ට පසු විවුර්ත කිරීමට මේ වන විට සියලු කටයුතු සුදානම් වෙමින් පවතින බව ආරංචිමාර්ග වාර්තාකරයි.

සොරෝවුව තවත් අගල් නවයක් පම තිබෙන නිසා සොරෝවුව පුපුරා යාමේ අවධානමක් පවතින බව වාර්තාවේ.
වෙල්ල අවට ජනතාව අවධානයෙන් සිටින්න..

#URGENT #lka #FloodSL17

4.53pm
MAY 28, 2017

#FloodSL #Flood2017

Leaks LK May 28, 20172:04 pm

ආපදා මරණ 151 දක්වා ඉහළට, අතුරුදන්වූ ගණන 111 යි.

Leaks LK May 28, 20171:36 pm

No automatic alt text available.

Leaks LK May 28, 20171:21 pm

No automatic alt text available.

Leaks LK May 28, 20171:03 pm

ගාල්ලෙ අය පුළුවන් තරම් වතුර එකතු කරලා තියා ගන්න…
රජයෙන් නිවේදනයක්…

ගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති හදිසි ගං වතුර තත්වය යටතේ වක්වැල්ල ජල පවිත්‍රාගාරයෙන් ජලය බෙදා හරින පොම්ප පද්ධතිය ගලවා ඉවත් කිරීමට සිදු විය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනතුරු අගවයි..

මේ නිසා අහංගම, හබරාදූව, අක්මීමණ, බෝපෙ පෝද්දල, රත්ගම යන ප්‍රදේශයන්හී ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුල අත්හිටුවීමට සිදු විය හැකි බැවින් හැකි උපරිමයෙන් ජලය රැස්කර තබා ගන්නා ලෙස පාරිභෝගික මහජනතාවගෙන් ඉල්ලා සිටිමි…

එස්.ටී.කොඩිකාර,
දිස්ත්‍රික් ලේකම්/දිසාපති
ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයට

#FloodSL #Flood2017

Leaks LK May 28, 201712:54 pm

ඩුබායි වල මේ වෙලාවේ ලංකාරාමයේ ආධාර එකතු කරනවා වැඩිදුර තොරතුරු සදහා 055 165 0330

#FloodSL #Flood2017

Leaks LK May 28, 201712:53 pm

Kelaniya කැලණියට තද වැසි !

සීතාවක, කොලොන්නාව, හෝමාගම සහ කඩුවෙල පහත්බිම්වල වෙසෙන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වන්නැයි කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා කියාසිටියි !

#FloodSL #Flood2017

Leaks LK May 28, 201712:49 pm

#කළුතර

බොල්ගොඩ වේල්ලට ඉහළින් ජලය පිටාර ගැලීම නිසා හොරණ කළුතර මාර්ගය වසා දමා ඇත.කරුණාකර විකල්ප මාර්ග භාවිතා කරන්න.

#FloodSL #Flood2017

Leaks LK May 28, 201712:47 pm

#මාතර

ලොකු දේවල් එපා බොන්න වතුර ටිකක් දීලා යන්න!

වතුර ලයින් කපලා තියෙන්නේ ඊයේ ඉඳන් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කතා කරන්න

මාතර උයන්වත්ත
San – 0702000490

Leaks LK May 28, 201711:58 am

නැවත අද රාත්‍රී සහ හෙට දිනයේ දැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු වන්න… කොළඹ අහස කළු කර ගෙන එමින් ඇත…

සඳුදා සවස් කාලයේ ඉතා දැඩි වර්ෂාවක් දැනට ආපදාවට ලක් වූ ප්‍රදේශයටම ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර අනතුරු ඇගවීම් නිකුත් වී ඇත..

එසේම තව දින 3කින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ ක්‍රියාත්මක අඩු පීඩන කලාපය සුලි සුළගක් බවට පරිවර්තනය වී බංගලාදේශයට හෝ මියන්මාරය දෙසට කඩා වැදීමට ඉඩ ඇතැයි නිවේදන නිකුත් වී ඇත..

#FloodSL #Flood2017

Image may contain: text

Leaks LK May 28, 201711:56 am

තොරතුරු සහ මැසේජ ලැබෙන ආකාරයෙන්ම සංස්කරණය නොකර පල කරන නිසා භාෂාවේ යම් අඩු ලුහුඬුකම් වේ නම් සමාව අයැද සිටිමු.
Team Leaks LK

#FloodSL #Flood2017

Leaks LK May 28, 201711:55 am

udugama nagoda ඉක්මනට උඩුගම, නාගොඩට බත් පැකට් පාර්සල් ඕන…

පුලුවන් උන් ඉක්මනට මේ no වලට කෝල් ගනින්…

පුලුවන් එකෙක්ට පේනකම් ශෙයාර් කරහන්..

මනෝජ් 0770458590

සචින්ත 0767705805

කෑම, වතුර

#FloodSL #Flood2017

Leaks LK May 28, 201711:47 am

Image may contain: text

Leaks LK May 28, 201710:59 am

No automatic alt text available.

Leaks LK May 28, 201710:51 am

mathara මාතර,උනැල්ල,කිරලගස්විල
පවුල් අටක් පමන අවතැන් වෙලා යාළුවොනේ.ඒ හරියට මේ වෙනකොට කිසිම බොට්ටුවක් ගිහින් නැහැ.ආදාර කිසිවක් ලැබිලා නැහැ.ඒ ගොල්ලෝ වැඩිපුරම ඉල්ලන්නේ වතුර .
කවුරුහරි මේ ගොල්ලොන්ගේ උදවුවට යන්න.

0716792000 පැතුම්.

#FloodSL

Leaks LK May 28, 201710:50 am

galle ගාල්ලට වැඩි අවදානමක්.

වක්වැල්ල ජල පවිත්‍රාගාරයේත් ජලය අවසන්. පානීය ජලය පිලිබඳ ගැටළුවක් ඇතිවිය හැකියි.

#FloodSL

Leaks LK May 28, 201710:36 am

#ගාල්ල

හිනිදුම්පත්තුවේ පවුල් දහස් ගනනකට ඇදිවත පමණයි ඉතුරු උනේ..
නරඹන්න එන්න එපා..උදවු කරන්න එන්න

පිසූ ආහාර
වියලි ආහාර
පිරිසිදු කිරීමේ උපකරන
අලුත් ඇදුම්
පොත් ,පෑන්,දත් බුරුසු
ලන්තෑරුම් හෝ ඉටිපහන්
සබන් හා සේදුම් දියර
අත් මේස් හ සවල්
කිරි පිටි
බෙහෙත්
පරිත්‍යාග කල හැකි කෙනෙක් මා අමතන්න
සම්පත් අතුකෝරල
0716808330

Leaks LK May 28, 201710:34 am

හදිසි දැනුම්දීමයි..!!!
බද්දේගම නගරවාසි ජනතාවනි ඉතා ඉක්මනින් ඉවත් වෙන්න.
#FloodSL

Leaks LK May 28, 201710:33 am
පාහියන්ගල කන්දේ නායයාම
කරුණාකර වෛද්‍ය ආධාර මේ පෙදෙසට යොමුකරන්න

Image may contain: outdoor

No automatic alt text available.
Image may contain: tree, plant, outdoor and nature
Image may contain: outdoor
Leaks LK May 28, 201710:26 am

නිල්වලා ගඟේ ගංවතුර හේතුවෙන් දෙනියාය සිට මාතර දක්වා නිල්වලා ගඟ අවට සිදුව ඇත්තේ මහා විනාශයකි. මේ වනවිට නිල්වලා ගඟේ ජලය බැසයමින් පැවතිය ද තවමත් නගරය ආසන්නයේ ගංවතුර වැළැක්වීමේ බැමි මතින් ජලය ගමන් කරමින් ඉතා අවදානම් තත්ත්වයක් හටගෙන ඇත. මේ නිසා ගඟ අවට සියලු පදිංචිකරුවන්ට ඉවත්වන ලෙස පවසා ඇතත් එය නිසි ලෙස සිදුවන්නේ නැත. අපේ ජනතාව අනතුරු ඇඟවීම් පිළිගන්නට සූදානම් නැත. නිල්වලා ගඟෙන් මුහුදට එකතුකරන බොර පැහැති මහ ජල කඳ මුහුදේ නිල් පැහැයත් සමග පැහැදිලිව වෙන්කර දැකගන්නට හැකිවිනි. මේ ඡායාරූප දැනට පැයකට පමණ පෙර ගන්නා ලද දර්ශනය.
ජායාරුප – සජීව විජේවීර

#FloodSL

Image may contain: sky, ocean, outdoor, nature and water

Image may contain: ocean, beach, sky, outdoor, nature and water

Image may contain: ocean, sky, outdoor, nature and water

Leaks LK May 28, 201710:22 am

Image may contain: 2 people

Leaks LK May 28, 201710:05 am

මොරටුව ානදුර බොල්ගොඩ ගඟ ආශ්‍රිත පිරිස් අවදානයෙන් සිටින්න. බොල්ගොඩ සොරොව්ව අවදානම් තත්වයේ පවතී.

28/05/2017 – 15:29

Leaks LK May 28, 20179:37 am

Image may contain: outdoor, water and nature

Leaks LK May 28, 20179:36 am

Image may contain: 1 person, text

Leaks LK May 28, 20179:35 am

බත් පාර්සල් 1500 සූදානම්ව ඇත.ගාල්ල අවටින් අමතන්න.

0774335594-සචින්

Leaks LK May 28, 20179:35 am

ආපදා සහනාධාර

Free Transport
contact Mr.Danushka silva
0777969170- දැන්ම අමතන්න
Leaks LK May 28, 20179:32 am

Image may contain: text

Leaks LK May 28, 20179:32 am

No automatic alt text available.

Leaks LK May 28, 20179:30 am

බොතල් කල වතුර 1000L ක් තියනව මාතර අවටට ඕන තැන් දැනුම් දෙන්න.


0712909955
Leaks LK May 28, 20179:25 am

Image may contain: text

Leaks LK May 28, 20179:22 am

#රත්නපුර

කලවාන ප්‍රදේශයේ තවමත් තුවාල කරුවන් හා අසාද්‍ය රෝගීන් විශාල පිරිසක් සිටින අතර ඒ සදහා පැමිණි ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයද අපසු ගොස් තිබෙන්නේ එය නවතා තිබූ ක්‍රීඩාංගණයට රෝගීන් ගෙනඒමට අපහසු නිසාත්,කලවාන රෝහලේ සිටින වෛද්‍යවරයකු හෝ වෙනත් අයෙකු සම්බන්ධකරගැනීමට නොහැකි නිසාය..ඔවුනට උපකාර කිරීමට හැක්කේ ගුවන් සහයෙන් පමනි. පිවිසෙන මාර්ග සියල්ලම අවහිර වී ඇත..

Leaks LK May 28, 20179:17 am

වටිනා පණිවිඩයක් !
============
ගංවතුර ආධාර ලෙස වතුර බෝතල් දෙනවනෙ.ඒ දෙනකොට ලීටර 5 හෝ
ඊට වැඩි බෝතල් පමණක් දෙනවනම් ගොඩක් වටිනවා.හේතුව තමයි ලීටර භාගෙ,ලීටරේ සහ එකහමාරේ හිස් බෝතල් විශාල ප්‍රමාණයක් ඒ ප්‍රදේශවල ගොඩගැහෙනවා.ඒ වගේ ම හැම බෝතලයක්ම ඉවර වෙනකම් බොන්නෙත් නෑ. ටිකක් අපතෙ යනවා හැම බෝතලේකින්ම. මේ තත්වයන් අවම කරගන්න පුළුවන් ලීටර 5 සහ ඊට වැඩි අසුරණ ලබාදීමෙන්. ලීටරේ බෝතල් 5ක් ගන්න යන මුදලින් ලීටර් පහේ බෝතල් දෙකක් ම ගන්නත් පුළුවන්.ප්‍රවාහනයත් පහසුයි. ලොකු බෝතල් ඉවත දමන්නෙත් අඩුවෙන්. නැවත පරිහරණය සඳහා බොහෝ වෙලාවට තියාගන්නවා

Leaks LK May 28, 20179:14 am

#කළුතර

පානදුර අවදානම්.
මොරවින්න අතුලු පහත් බිම් වලින් ඉවත් වන්න..

Leaks LK May 28, 20179:13 am

රාජගිරිය ඔබේසේකරපුර

මේ අවස්ථාවේ මේ ප්‍රදේශවලින් ආධාර එකතුකරමින් පවතී. ආධාර ලබාදෙන්න 0772223746 සම්බන්ධ කරගන්න.

Leaks LK May 28, 20179:11 am

#කළුතර

අඟුරුවාතොට ප්‍රදේශයේ පිරිසක් ආහාර පාන නොමැතිව දැඩි දුෂ්කරතාවකට මුහුණ පා ඇත…..

උදව් කළ හැකි අයෙක් අමතන්න.
දු.අ – 077 430 7639

Leaks LK May 28, 20179:01 am

#කළුතර

පානදුර ජලමට්ටම ඉහළයයි.ඒ අවට ජනයා අවධානයෙන් පසුවන්න..

Leaks LK May 28, 20179:00 am

#කළුතර

පනාපිටිය බන්ට් එක අරින්න හදන්නේ කියලා මේ දැන් ප්‍රාදේශීය ලේකම් මගින් දැනුම් දුන්නා. හැකි පමන පිරිස් දැනුවත් කරන්න අවදානයෙන් ඉන්න කියලා.ඇල මාර්ග අයිනේ ඉන්න අය විමසිල්ලෙන් සිටින්න!!!!!!!!!!!!

Leaks LK May 28, 20178:57 am

#ගාල්ල

අම්බලන්ගොඩ බද්දෙගම හික්කඩුව අවට කෑම සැපයිය හැකි අය අවශ්‍යයි. පැමිණ වුව බාරගනු ලැබේ


අමිල 0773909327

Leaks LK May 28, 20178:57 am

#කළුතර

බුලත්සිංහල යම් ප්‍රදේශයක කිසිම කෙනෙකුට ලඟා වෙන්න අපහසු විදිහට වටේම යටවෙලා නායවල් ගිහිං මැරිච්ච මිනිස්සු ගානවත් හොයාගන්න බැරි තරමට දිවා ආහාරයට කෙනෙක් ඉදිරිපත් උනා ඒත් ඊට පස්සෙ?? දවස් ගානකට වතුර බහින එකක් නැතිලු,බෝට්ටුවක ගිහින්හරි ඒ මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය දෙයක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් සම්බන්ධ වන්න..

0778661043-ප්‍රසන්න(ඒ ප්‍රදේශයේ කෙනෙක්)
0714159119-සජීව(අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරන්න පුලුවන්)


17.05.28 – 11.10

Leaks LK May 28, 20178:56 am

තරට විශේෂ අවධානයක් අවශ්‍යව ඇත.. ⚠️⚠️⚠️⚠️⚠️⚠️

කරුණාකර මෙය Share කරන්න…!!!

මාතර අකුරැස්ස මාර්ගයේ රාහුල මහා විද්‍යාලය අසලින් ඇති මාර්ගයේ කිලෝමීටරයකට නුදුරු ප්‍රදේශයන් රැසක් දැඩි ලෙස ජලයෙන් යටවී ඇති බව ඊයේ රාත්‍රියේ සිටම පෞද්ගලිකව දැනගන්නට ලැබුන.. දෙමහල් නිවාස වල දෙවෙනි මහල දක්වා ජලය පැමින තිබූ අතර එම නිවාස වල නිවැසියන් කිසිවක් කරගත නොහැකිව දැනටද කොටුවී සිටිනව.. ඊයේ රාත්‍රියේ සිට එක් නිවසක නිවැසියන් සමග සම්බන්දවෙමින් තොරතුරු ලබාගත් අතරම රාත්‍රියේ සිට උදෑසන දක්වා එම සියලුම තොරතුරු වරින් වර ගුවන් හමුදාව, නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ මද්‍යස්ථාන වෙත දැනුම් දුන්නෙමි..

නමුත් රාත්‍රියේදී ගුවන් හමුදා ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්කම නොවන බව ඔවුන් දන්වා සිටියේය.. එමෙන්ම පවතින දුෂ්කරතා හමුවේ නාවික හමුදා මෙහෙයුම්ද ඉතාම සීමිත මට්ටමින් සිදුවුනි.. විශේෂයෙන්ම අඳුරේ මෙහෙයුම් සිදුකිරීමේ අපහසුතාවය නිසා ඒවා සීමා කිරීමට සිදුවූ බව ඔවුන් දැනුම් දුන්නේය..

උදෑසන යලිත් ජල මට්ටමේ සිදුවූ වැඩිවීමත් සමගම යලිත් නාවික හමුදාවට දැනුම්දීම සිදුකළෙමි.. නමුත් එම අවස්ථාවේ කාර්යභාර නිළධාරී මහතා දන්වා සිටියේ එම ප්‍රදේශයට බෝට්ටු තවම අනුයුක්ත කොට නොමැති බවයි..

ඒ අනුව වහාම ගුවන් හමුදාව ඇමතූ විට ඔවුන්ගෙන් ක්ෂණික ප්‍රතිචාර ලැබිනි.. ඔවුන් පවසා සිටියේ එම ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කරන බවත් ඉහල මහල් වල සිරවී සිටින පුද්ගලයන්ට ගුවනට ඔවුන්ව හඳුනාගැනීමේ සලකුණු ලෙසින් “රතු පාට රෙදි” වැනිදෑ වැනීම හෝ යම් “සංඥා” නිකුත්කරන ලෙසත්ය.. 🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

මොවුන්ට කිසියම් අයුරකින් සහනසේවා සැපයිය හැකි අයෙක් වෙත්නම් සිතියමේ ඇති ප්‍රදේශයන් වල එම ජනතාව සිටිනා බව ඔවුන් වෙත දැනුවත් කරනමෙන් ඔබෙන් ඉල්ලා සිටිමි.. 🔺🔺🔺🔺🔺🔺

සිතියම් ලබාදුන්නේ Seewalee Wijayarathna සොයුරා.. වැඩිදුර තොරතුරු ඔහුගෙන්ද ලබාගත හැක..

No automatic alt text available.

No automatic alt text available.

No automatic alt text available.

Leaks LK May 28, 20178:48 am

Image may contain: 1 person, text

Leaks LK May 28, 20171:06 am

මාතර නිල්වලා පිවිසුම මෙ මොහොතවන විට.
photos ,ඩි සොයිසා..

Image may contain: outdoor, nature and water
Image may contain: sky, outdoor and water
Leaks LK May 28, 20171:03 am

No automatic alt text available.

Leaks LK May 28, 20171:01 am

හදිසියි. මෙය දුටු වහාම කරුණාකර ශෙයා කරන්න.

ගාල්ලට උග්‍ර පානීය ජල හිඟයක් උද්ගතව ඇති නිසා අවම වශයෙන් පානීය ජලය ලීටර 10 000ක් වත් අත්‍යාවශ්‍ය වී ඇත. මේවා ලීටරයේ ජල බෝතල් ලෙස 28වන දා තුළ ලබාදීමට හැකි නම් මහඟු උපකාරයකි.

චමීර – 0772341585
සුජිත් – 0773760579

Leaks LK May 28, 201712:23 am

අධික වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර හා නායයාම්වලින් දිවයිනේ දිස්ත්‍රික්ක 14ක මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 128 දක්වා ඉහළට

5 AM

Leaks LK May 28, 201712:20 am
ගංවතුර තත්වයෙන් ආපදාවට පත්වූ ප්‍රදේශ වල වෙසෙන අප සහෝදර ජනතාවට විනාඩි 75ක නොමිලේ කතා කාලයක් දැන් එටිසලාට් වෙතින්.
මෙම සේවාව පහත දැක්වෙන ප්‍රදේශ වලට වලංගුවේ.
– පැල්මඩුල්ල
– යකල්ලමුල්ල
– ඇලපාත
– රත්නපුර
– නෙළුව
– බුලත්කොහුපිටිය
– බද්දේගම
– දෙහිඕවිට
– කහවත්ත
– කුරුවිට
– ඉඹුල්පේ
– අයගම
– කහවත්ත
– කිරිඇල්ල
No automatic alt text available.
Leaks LK May 28, 201712:08 am

Image may contain: 4 people, text

Leaks LK May 28, 201712:07 am

ගංවතුරෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට රජරට අපි පිහිට වෙමු.ඔබගේ දෘව්‍යආධාර 2017.05.30 පෙර මුදිතාරාම විහාරස්ථානය, ජයන්ති මාවත, අනුරාධපුර ස්ථානයට ලබා දෙන්න.
සිසෙත් පදනම
0719112146 අමතන්න

No automatic alt text available.
Leaks LK May 28, 201712:06 am

ගාල්ල මොරවක ප්‍රදේශයට ආධාර අවශ්‍ය කර ඇත
0778551166
2017-05-27
22:11

Leaks LK May 28, 201712:02 am

Image may contain: 6 people, people sitting

Leaks LK May 27, 201711:39 pm

ගංවතුර නිසා ලගා විය නොහැකි ප්‍රදේශ වල කොටුවී සිටින පුද්ගලයින් නිරීක්ෂණය කිරීමට ඩ්‍රෝන් කැමරා නොමිලේ ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා .0774844639 මේ අංකය චම්පිකගෙ..ඔහු කියනවා කුඩා බෙහෙත් වගේ දේවල් ගෙනියන්නත් පුලුවන්ලු….මේ වෙලාවේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් චම්පිකව අමතන්න.ඔහු උදව් කරාවි..

Leaks LK May 27, 201711:38 pm

Image may contain: text and outdoor

Leaks LK May 27, 201711:31 pm

Image may contain: text

Leaks LK May 27, 201711:30 pm
නිල්වලා ගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමට පැමිණ තිබේ.
මේ අනුව අකුරැස්ස සිට මාතර නගරය දක්වා නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවාසීන්ට ඉවත්ව සිටින ලෙස තවදුරටත් දැනුම්දෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාපවාහන හා ගංවතුර පද්ධති පිළිබඳ වාරිමාර්ග අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න පැවසුවාය. ඇය සඳහන් කළේ මාතර මහ රෝහලේ රෝගීන් ඉවත් කරගන්නා ලෙස එම රෝහලට දැනුම් දී ඇති බවය.
ගංගා දෙපසින් ඉවත්වන්න !
Leaks LK May 27, 201711:25 pm

පහත ප්‍රදේශ වල ජනතාවට ඉදිරි පැය 24 තුළ අඛණ්ඩව වර්ෂාව පතිත වුවහොත් එම ප්‍රදේශ වලින් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා

රත්නපුර – රත්නපුර, ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැළියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, කහවත්ත, කලවාන, කොලොන්න හා නිවිතිගල
කෑගල්ල – බුලත්කොහිපිටිය, දැරණියගල, යටියන්තොට හා දෙහිඹ්විට
ගාල්ල – බැද්දෙගම, යක්කලමුල්ල, නෙළුව, තවලම, නියගම, නාගොඩ
කලුතර – බුලත්සිංහල, අඟලවත්ත, වලල්ලාවිට, බඳුරලිය
මාතර – කොටපොල, පස්ගොඩ, පිටබැද්දර, මුලටියන
හම්බන්තොට – වලස්මුල්ල, කටුවාන
නුවර – ගඟ ඉහළ කෝරළේ
Leaks LK May 27, 201710:50 pm

People living close to the Nilwala Ganga area are requested to evacuate immediately. Water level is rising dangerously. – DMC

Leaks LK May 27, 201710:48 pm

Airtel – We are extending free calls and SMS facilities for the people in the 5 flood affected districts who have insufficient balance to reach out for help.
floodsl srilanka lka

Leaks LK May 27, 201710:41 pm

හෙට (මැයි 28 ඉරිදා ) උදේ හතේ ඉදන් දෙක වෙනකන් . කොලඹ කොටුව දුම්රිය ස්ථානය ට හරි නුවර දුම්රිය ස්ථානයට ..

එකතු කරන ද්‍රව්‍ය
වතුර බෝතල්, බිස්කට්, සැන්විච් පාන්, කිරිපිටි, තේ කොළ, සීනි, ජෑම් බෝතල්, දත් බෙහෙත් හා බුරුසු, පැනඩෝල්, පළතුරු, සනීපාරක්ෂක, ඉටිපන්දම්, ගිණි පෙට්ටි, පෙරවන රෙදි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය

වැඩිවිස්තර සදහා පහත අංක අමතන්න…

*නුවර

ගිහාන් 0774020809
රන්දිල් 0774978027
යශෝද 0767323089

*කොළඹ

තරිඳු 0777400088
නිශාන්ත 0778797759
තිළිණ 0774121910
Leaks LK May 27, 201710:38 pm

No automatic alt text available.

Leaks LK May 27, 201710:38 pm

FLOOD ALERT – People living in Matara closer to the Nilvala river requested immediately to evacuvate by the Disaster Management Centre.

Most of the river bunts are overflowing. People living in Godagama, Hiththatiya, Thudawa, Malimbada, Siripanagoda, Maduruduwa, Paragahathota, Kadduwa and all village to the lower basin of the Nilwala river request to evacuate.

#LKA #Alert #SriLanka #Floods #SLFloods #Weather

No automatic alt text available.

Leaks LK May 27, 201710:36 pm

Image may contain: text

Leaks LK May 27, 201710:35 pm

No automatic alt text available.

Leaks LK May 27, 201710:33 pm

Mathara

රන්මලේ කන්ද නාය යෑමේ අවදානමක්..

Leaks LK May 27, 201710:32 pm

No automatic alt text available.

Leaks LK May 27, 201710:29 pm

1.තවමත් වැස්ස බලාපොරොත්තු විය හැකී එම නිසා සියලූම දෙනා අවධියෙන් සිටින්න.
2.ගංගා පිටාර ගැලීම් සහ නායයෑම් අවධානම එලෙසමයි
3.නිල්වලා හා අනෙකුත් ගංගාවල සිටි කිඹුලන් ගොඩබිමට පැමිනිය හැකි නිසා ඒ පිළිබදවද අවධානයෙන් සිටින්න
4.පාණීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න
5.අවතැන් වී සිටින අනතුරට පත්ව ඇති අපේ මිනිසුන් වෙනුවෙන් ඔබට කල හැකි උපකාරය දෙවරක් නොසිතා ඉටු කරන්න.

No automatic alt text available.
Leaks LK May 27, 201710:09 pm

Image may contain: text

Leaks LK May 27, 201710:08 pm
මාතර අවට උදව් අවශ්‍ය නම් දැනුම් දෙන්න… බෝට්ටු සූදානම් කර ඇත.(පොල්හේන තරුණයින්)
දුරකථන අංක
0715278587 / 0773204903
Leaks LK May 27, 201710:04 pm

Image may contain: text

Leaks LK May 27, 201710:01 pm
නෙලුව , දෙල්ලව ප්‍රදේශ වලට වතුර, කෑම සහ වියලි ආහාර ද්‍රවය උවමනා වී ඇත.
අම්බලන්ගොඩ සිට ප්‍රවාහන පහසුකම් සැපයිහැක.
අමතන්න ඩිලාන් 0775478361 හෝ නෙලුව, කඩිහින්ගල විදුහලේ ආචාර්‍ය අසංක +94 (77) 962 7824 Dilan De Silva‎ to SL Disaster Relief
3 hrs · Hikkaduwa ·
Leaks LK May 27, 20179:59 pm

No automatic alt text available.

Leaks LK May 27, 20179:58 pm

No automatic alt text available.

admin May 27, 20179:45 pm
කලවානට ඉක්මනින් ගුවන් අධාර අවශ්‍යයි.

කලවානේ තත්වය ගැන කිසිම මාධ්‍යයකවත් තොරතුරු ප්‍රචාරය වෙන්නෙ නෑ . කිසිම telephone, mobile phone ලයින් එකක් වැඩ නෑ…සියලු දුරකතන අක්‍රීයයි. පොලීසියෙ පවා සියලු සන්නිවේදන මාර්ග අක්‍රීය වෙලා.විදුලිය නොමැති නිසා.කලවානට ලන්ගාවෙන මාර්ග 4ම වැසී ගිහින් තියෙන්නෙ.රෝහලේ තුවාලකරුවන් පිරිලා. ඔවුන් පිටතට ගෙනයන්න කිසිම ක්‍රමයක් නෑ .පාරවල් වැහිලා නිසා.මියගිය අයගෙ සිරුරු පවා ඒ තැන්වලම වලදාන්නයි සූදානම. නාය යමකින් එක් ස්ථානයක පමණක් 14ක් දැනට මියගිහින්. ත්‍රිවිද හමුදා සහායක්වත් තවම ලැබී නැතිලු.ඔවුන්ටත් ලගාවෙන්න බෑ.නගරය වගේම කඩමන්ඩිත් යට වෙලා නිසා මිනිස්සු ආහර අර්බුදයකටත් මුහුන දෙමින් ඉන්නෙ. අයගම තත්වයත් මේකයි. කරුණාකර ගුවනින් සහය වෙන්න. කිසිම මාධ්‍යකට මේ තොරතුරැ ලැබී නෑ. තවමත් අධික වැසි. තවත් වැස්සොත් මරණ ගනන වැඩිවෙයි. ගොඩක් තැන්වල නාය ගිහින්..
disaster_relief_2017
27/05/2017
8.48 p.m.

Related posts

Leave a Reply

Your email address will not be published.