Breaking News

දහස් ගනන් අහිංසක මිනිසුන් අනාත වී බඩගින්නෙ ඉද්දි ගංවතුර ආධාර ගසා කන තිරිසන්නු.

දහස් ගනන් අහිංසක මිනිසුන් අනාත වී බඩගින්නෙ ඉද්දි ගංවතුර ආධාර ගසා කන තිරිසන්නු.

රටටම බලපා ඇති ගංවතුර ඛේදවාඡකය නිසා අපේම අහිංසක මිනිසුන් දහස් ගනනක් අනාත වී කුසගින්නෙ සිටි..
අසරණ වූ මිනිසුන්ට පිහිට වීමට ත්‍රීවිධ හමුදාව , මාධ්‍ය ආයතන සහ රටේම මිනිසුන් ඉදිරිපත් වී සිටිද්දි අහිංසක මිනිසුන්ට යැයි කියමින් මුදල් ආධාර එකතු කොට ගසා කන තිරිසන්නු කිහිප දෙනෙක්ද සිටින බව කණගාටුවෙන් වුව කීමට සිදුව ඇත..

අප කල විමසීමකදී අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා  සිටියේ  සමාජ ජාලා තුල මෙසේ මුදල් එකතුකිරීමේ වංචනික ක්‍රියාකාරකම් සිදුවන බවත් රජයේ ලියාපදිංචි නොමැති  සංගමයකට හෝ ආයතනයකට මුදල් ලබා නොදෙන ලෙසත් අවධාරණය කරන බවයි. විශේෂයෙන් පුද්ගලික ගිණුම් වෙත මුදල් බැර නොකරන ලෙසත් ඔවුන් අවධාරණය කළේය.

අපට මෙවැනි මුදල් එකතුකිරීම් පිලිබඳ අවස්ථා කිහිපයක් වාර්තා වූ අතර ෆේස්බුක් සමාජ ජලා අඩවියතුල මෙසේ කිහිපදෙනෙක් සිය පුද්ගලික බැංකු ගිණුමේ අංකයට මිනිසුන්ගෙන් පරිත්‍යාග ඉල්ලා සිටිනා ආකාරය අපට දැකගන්නට ලැබුණි.

පහතින් සඳහන් වන්නේ එවැනි එක අවස්ථාවකි.

 

Related posts

Leave a Reply

Your email address will not be published.