Breaking News

ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දෝෂ දර්ශනයට!

ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දෝෂ දර්ශනයට!
Like
Like Love Haha Wow Sad Angry
Spread the love

පසුගියදා ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රසේන නිමල්සිරි විසින් Daily FT පුවත්පතට “ICAO Secretary General meets Civil Aviation DG” යන ශීර්ෂය යටතේ ලබාදී තිබූ බොරු පුවත ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා.

ඔවුන් එම පුවත වහාම නිවැරදි කරන ලෙස දන්වා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊමේල් පණිවුඩ කිහිපයක් යොමුකොට ඇති බවද වාර්තා වේ.

මුලින් ඒපිළිබඳ කිසිදු තැකීමක් සිදුකර නොමැති චන්ද්‍රසේන අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුව ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය නිල වශයෙන් දැනුම්දුන් පසු අදාළ පුවත් නිවැරදි කොට ඇත.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංගමයේ කළමනාකාරවරයකු (Manager) හමුවීම, එහි මහා ලේකම්වරයා (Secretary General) හමුවීම ලෙස හුවා දක්වමින් අනවශ්‍ය ප්‍රචාරයක් ලබාගැනීමට උත්සාහ ගත්තද එයින් සිදුව ඇත්තේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපකීර්තියට ලක්වීමකි.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රසේන නිමල්සිරිට ඊමේල් පණිවුඩයක් යොමු කරමින් පවසා ඇත්තේ තමාගේ ප්‍රසිද්ධිය පිණිස මෙවැනි බොරු පුවත් පළකිරීම වහාම නතර කරන ලෙසයි. තවද මෙවැනි සිදුවීම් වලින් සිදුවන්නේ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර පවතින විශ්වාසය පළුදුවීම බවද වැඩිදුරටත් පවසා ඇත.

ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තමා විසින් සිදුකරන ලද දූෂණ හා අක්‍රමිකතා යටපත් කරගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර නිලධාරීන් පවා යොදා ගනිමින් සිටින අතර එමගින් සිදුවන්නේ ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර ඉදිරියේ අපකීර්තියට පත්වීමයි.

Previous News

Corrected News

Like
Like Love Haha Wow Sad Angry

Related posts

Leave a Reply

Your email address will not be published.

Facebook Auto Publish Powered By : XYZScripts.com