Breaking News

මගේ හුස්ම පොද මේ ලොකෙට ගේන්න ඇගේ හුස්ම පොද සඟවාගත් ඒ ආදරණීය අම්මා ඇයයි ——–“මගෙ උපන් දිනෙ වෙනුවෙන් අපේ ගෙදර කවදාවත් උපන් දින පාර්ටි තිබුන් නෑ අම්මව මතක් කරලා සාංඝික දානයක් දෙනවා හැම වසරකම ඒ දවසට”

මගේ හුස්ම පොද මේ ලොකෙට ගේන්න ඇගේ හුස්ම පොද සඟවාගත් ඒ ආදරණීය අම්මා ඇයයි ——–“මගෙ උපන් දිනෙ වෙනුවෙන් අපේ ගෙදර කවදාවත් උපන් දින පාර්ටි තිබුන් නෑ අම්මව මතක් කරලා සාංඝික දානයක් දෙනවා හැම වසරකම ඒ දවසට”

බොහො දෙනෙක් එක එක අදහස් දක්වපු ෆොටෝ දෙකක් මන් දැක්කා.උදාරි වර්ණකුල සුරීයගෙ දුවගෙ බර්ත් ඩේ එක දවසෙ පොඩි ලමයි ඉන්න නිවාසෙකට ගිහින් ඒ දරුවගෙ උපන් දිනෙ සමරන ජායාරූප දෙකක්.

සමහරු කියලා තිබ්බා ඒක වැරදි ඒ ලමයින්ට දුක හිතෙනවා කියලා.තව අය කියලා තිබ්බා ලමා නිවාස වල උපන්දින සමරන ගොඩක් අය එහෙම තමයි ඒකෙ වරදක් නෑ කියලා… මට නම් හිතෙන්නෙ ඒ කතා දෙකම හරි කියලයි.

උදාරි කියන්නෙ ජනප්‍රිය නිලියක් නිසා යි මේ ජයාරූප කතාබහට ලක් වෙන්නෙ..බොහො දෙනෙක් මේ වැඩේ කරනවා ඉතින්.උපන් දිනෙ කොහෙ කා එක්ක සැමරුවත් මුලින්ම කේක් එක කපන්න ඕනෙ උපන් දිනෙ තියෙන කෙනයි.මන් නම් හිතන්නෙ එහෙම.

මේ වගෙ දේවල් අනවශ්‍ය අවධානයකට ලක් කරන එකෙන් අර ඒ වගෙ තැනක අර අහින්සක ලමයි එක්ක උපන් දිනෙ දවස ගත කරන එකත් නවත්තලා දාවී.ඉතින් එහෙම තැනක උපන් දිනයක් සමරලා තමුන්ගෙ කේක් එක කපලා නිකා උන්නෙ නෑනෙ අර දරුවො එක්කත් ඒ සතුට බෙදා ගත්තා…
තමුන්ගෙ උපන් දිනයක් සමරන්න අම්මා තාත්තා ලග නැති එක ගැන පුංචි හිත් වලට දුකයි තමයි. ඒත් හැමදාම කාගෙ හරි උපන් දිනයක් ඒ ලමයි එක්ක සැමරෙනකොට ඒක සාමාන්‍ය අත් දැකීමක් වෙනවා.ඔය උදාරි සමරපු උපන් දිනෙ ඒ දරුවො දැකපු එකම උපන් දින සැමරුම නෙමෙයිනෙ.පුංචි ලමයි ට අමුත්තක් වෙන්නෙ පලමු අත්දැකීම විතරයි.. දිගින් දිගටම සැමරෙන ඔය වගෙ උපන් දින පාටි ඒ දරුවන්ට නුහුරු නෑ. ඇත්තම කතාව ජායාරූපයෙ කෝණය හැඟිම්බර උනත් ඒ දරුවොන්ගෙ හිතෙ ඒ වෙලාවෙ තියෙන්නෙ අනේ තමන්ටත් මේ වගෙ රස කෑම බීම හම්බෙනවා නේද කියන එකයි.දරුවො හිතනවා නම් හිතන්නෙ ඔන්න ඔය වගෙ පුංචි පුංචි දේවල්.. වැඩිහිටි අපි වගෙ මහා බැරෑරුම් දේවල් හිතන් නෑ

. මන් අනාථ දරුවෙක් නෙමෙයි. ඒත් මන් ඉපදුන දවසෙ මගෙ අම්මා මැරුන නිසා උපන් දිනෙ කියන වචනෙ ඉස්සරහින් සුභ කියන විශේශණය දාන හැම වෙලේම මගෙ හිත ගැස්සෙනවා. මුල්ම දවස් වල මොන්ටිසෝරියෙ අනික් ලමයින්ගෙ උපන් දින වලට කේක් දෙනකොට මොකක්ද උපන් දිනෙ කියලා අවංකවම මගෙ හිතේ හැඟීමක් තිබ්බෙ නෑ.මන් බලන් ඉන්නෙ හැෆ්ෆි බර්ත් ඩේ සෝන්ග් එකෙන් පස්සෙ මට හම්බෙන රසම රස අයිසින් කේක් කෑල්ල කන්නයි.

මගෙ උපන් දිනෙ වෙනුවෙන් අපේ ගෙදර කවදාවත් උපන් දින පාර්ටි තිබුන් නෑ අම්මව මතක් කරලා සාංඝික දානයක් දෙනවා හැම වසරකම ඒ දවසට.එදාට මන් මොන්ටිසෝරිවත් ඉස්කෝලෙවත් ගිහින් නෑ..ඉතින් කවුරුත් අත්පුඩු ගහලා මන් වෙනුවෙන් කේක් කපලත් නෑ.ඉතින් මන් බලන් ඉන්නෙ ඒ දානෙ දවස වෙනකම්.චුටු කාලෙ දානෙ දවසට ගෙදර ආපු හැමෝම මාව ලගට අරන් මගෙ මුණ අත ගගා මහ අනුකම්පාවෙන් එව්වා මෙව්වා කියවනකොට මට තේරුන් නෑ. මන් ඒ අන්කල්ලගෙ ආන්ටිලගෙ මුණු දිහා බලන් මොනාද මේ හැටි කියවන්නෙ කියලා තේරුම් ගන්න උත්සහ කරා විතරයි.හැම දානයක් දවසෙම තාත්තා මගෙ අතින් ලොකුම ලොකු පාර්සලයක් පුජා කරා හාමුදුරුවන්ට.. හාමුදුරුවන්ට වැදලා මන් ඒක උන්නාන්සෙගෙ අතට දෙනවා.මන් මුලින් මෙන්න මේ චාරිත්‍රෙ ගැන ප්‍රශ්න ඇහුවෙ නෑ.. පස්සෙ එක වසරෙදි විතර ඕන් මන් තාත්තගෙන් ඇහුවා හාමුදුරුවන්ට තෑගි දෙන්නෙ ඇයි තාත්තෙ කියලා??
තාත්තා කීවෙ උපන් දිනෙ නිසා කියලයි.මන් ඉතින් කල්පනා කලේ හාමුදුරුවන්ගෙ උපන් දිනයක් නිසා තමයි මන් එහෙම තෑග්ගක් දෙන්නෙ කියලා හාමුදුරුවන්ට.පස්සෙ පස්සෙ කාලයක් යද්දි මමම තේරුම් ගත්තා උපන් දිනෙ හාමුදුරුවන්ගෙ නෙමෙයි මගෙයි කියලා.

ටික ටික ඉහල පන්ති වලට යද්දි උපන් දින සුභ පැතුම් මටත් ලැබුනා. උපන් දිනෙ දවසට ඉස්කෝලෙ නොගිහින් මඟ ඇරියත් පහුවදා ගියාම පන්තියෙ ලමයි හැෆි බර්ත් ඩේ කියන එක මටත් අලුත් අත් දැකීමක් උනා.නමුත් කාලයක් යද්දි මන් හිනා වෙලා තැන්කිව් කියන්න පුරුදු උනා.

ඉස්කෝලෙදි විශ් කරන අයට තැන්කිව් කීවත් අම්මගෙ දානෙ දවසට ගෙදර ට ඇවිත් ආපහු යන්න හදන වෙලාවට ලොකු අම්මලා පුන්චිලා එහෙම මගෙ ඔලුව ඉබලා සුභ උපන් දිනයක් වේවා කියනවා… ඒ වෙලාවට මන් වට පිට බලනවා ලග පාතක තාත්තා ඉන්නවද කියලා … තාත්තා පේන්න නැත්තම් මන් ඒ අයට තැන්කිව් කියලා හිනා වෙනවා.. තාත්තා හරි ලොකු අයියා හරි බලා හිටියොත් එයාලගෙ මුණ දිහා බලලා බිම බලන් නිකා ඉන්නවා තැන්කිව් කියන්න යන් නෑ…
මන් ඇත්තටම හිතන් හිටියෙ උපන් දිනෙ සමරන එක කාට කොයි හැටි වෙතත් මට තහනම් කියලා… අම්මාගෙ ෆියුනරල් එක දවසෙ චුටී අයියව එක අතකින් වඩන් තාත්තා මිනි පෙට්ටියක ඉන්න අම්මගෙ කකුල් ඉබින ෆොටෝ එකක් අපේ දිහා ෆැමිලි ඇල්බම් එකක තියෙනවා.. ඒක දකින හැම වෙලාවකම උපන් දිනෙ සමරන්න මට තියෙන අයිතිය මොකක්ද කියලා මට හරියට ලැජ්ජ හිතෙනවා…
නමුත් කාලෙකට පස්සෙ මන් වැඩිවියට පත් උනාටත් පස්සෙ එක දවසක් උපන් දිනෙකට තාත්තා මහ රෑ කේක් එකක් අරන් ඇවිත් ඒක මට කපන්නයි කීවා. මන් හිටියෙ අම්මගෙ දානෙ වැඩ නිසා හොදටම හෙම්බත් වෙලා නිදාගෙන.මේ මොකද කේක් කපන්නෙ කියලා ඇහුවම අද ඔයාගෙ උපන් දිනෙනෙ දරුවො කියලා කේක් එක කපන්න පිහිය අතට දුන්නා.. එතකොට මන් උන්නෙ 8 වසරෙ විතර. මගෙ උපන්දිනෙ සමරන්න බැරි එකක් නිසාමද මන්දා ගෙදර කගෙවත් උපන් දින මන් ඉපදුනාට පස්සෙ කේක් කපලා සැමරුනෙ නෑ.. නමුත් ඒ වෙනුවට එයාලා කැමති වෙන දෙයක් එදා දවසෙ ලැබුනා…කේක් එක කපන්න පිහිය අතට දුන්නම මන් ඒක අපේ ලොකු අයියට දුන්නා ඔයා කපන්න කියලා… උපන් දින කේක් කපන අයිතිය ඒ තුන් දෙනාගෙනුත් උදුර ගත්තෙ මමයි කියන වරදකාරි හැඟීම ඒ කාලෙ වෙද්දි දැනුන නිසා මට තනියෙන් කේක් කපන්න හිත හදාගන්න බැරි උනා.
අන්තිමට අපි හතරදෙනාම එකතු වෙලා පිහිය අල්ලන් කේක් එක කැපුවා…නමුත් එදායින් පස්සෙ ආයිම එහෙම සිද්දියක් සිද්ධ උනෙ ත් නෑ.අපි ටික ටික ලොකු වෙනකොට උපන් දිනෙ සමරන් නැති එක ලොකු ගානක් උනෙ නෑ. අපි අම්මගෙ දානෙ හැම අවුරුද්දෙම මැයි මාසෙ 18 වෙනිදා දුන්නා… හැබැයි පහු උන අවුරුදු පහලොවක් තිස්සෙ මන් අලුතින් චාරිත්‍රයක් පටන් ගත්තා… උපන් දිනෙ දවසේ රෑට තනියෙන් කේක් එකක් කපලා උපන් දිනෙ සමරන්න මන් පුරුදු උනා.. මෙදා පාරත් මන් ඒක කලා… මන් ඒක කරන්නෙ ඇත්තටම මන් මූසල කෙල්ලෙක් අවාසනාවන්ත කෙල්ලෙක් ය කියන පශ්චත්තාප හැඟිම මටම ඇති නොවෙන්න ඕනෙ නිසා.අනික් එක මන් එහෙම කරලා ඇත්තටම ලොකු ආත්ම ත්ෘප්තියක් ලබනවා.. කේක් එකක් කපන එක මහ දෙයක් නෙමෙයි ඒත් උපන් දිනෙට කේක් එකක් කපනකොට ඇතිවෙන ෆිලින්ග් එක මාරයි… අමාරු අසයිමන්ට් එකක් කම්ප්ලීට් කරලා සබ්මිට් කරා වගෙ මාරම සැහැල්ලුයි.. ජිවිතෙ එහෙම දේවල් තියෙන් ඕනා… හිතාගෙන ඉන්නවා හැම අවුරුද්දකම උපන් දිනේට කේක් කපන්න තනියමම.අවුරුදු 15 ක් කරන් ආවා වගෙ.

ඉතින් වෙන අයගෙ උපන් දින අම්මලා තාත්තලා නැති ලමයි ඉස්සරහා සමරන එක ට ඒ අයට වෛර කරන්නෙ ඇයි?? මන් නම් මගෙ යාලුවන්ගෙ උපන් දින වලට යන්න මාර ආසයි. මට ඒවට දුක හිතුන් නෑ. මන් ඒ අයට ඉරිසියා කලේ නෑ.. මන් හැමදාම පතන්නෙ ඒ අයගෙ සතුටෙදි මන් සතුටු වෙන එකෙන් මගෙ අම්මත් කොහෙ හෝ ඉදන් සතුටු වෙයි කියලා මන් ගැන…
බොරුවෙන් හිත සනසනවට වඩා ඇත්තට මුණ දෙන්න පුරුදු උනාම ජිවිතේ හරි ම පහසුයි..
එච්චරයි!!…..
Chanya Herath

Related posts

Leave a Reply