Breaking News

බැදුම්කර කොමිසම එජාපය වසනන දඩබිමක්.. ආණ්ඩුවේ නායකයන්ගේ දූලා පුතාලා, අයියලා මල්ලිලා කරන හෙලි කරන්න අපි ලෑස්තියි..- එජාපය ශ‍්‍රීලනිපයට එරෙහිව බලගතුම තුරුම්පු අදී..

මහබැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට පත් කර ඇති විශේෂ ජනාධිපති විමර්ශණ කොමිසම උපයෝගී කර ගනිමින් දැන් සිදුවන්නේ එක්සත් ජාතික පක්‍ෂය දියාරු කිරීමේ කුමන්ත‍්‍රණයක් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බණ්ඩාරවෙල අඅල්ල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

‘බැඳුම්කර කොමිසම සත්‍ය වශයෙන්ම අද අපේ පක්‍ෂය නැති කරන දඩබිමක් බවට පත් කරගෙන තියෙන්නේ. අද එයින් කරන්නේ වංචාවක් සිද්ධ වෙලා නම් එය හොයන එක නොවෙයි.

බැඳුම්කර කොමිසමෙන් අපට කපනවා නම්, පහර දෙනවා නම් අපිත් පෙරලා පහර දෙන්න ඔ්නෑ කියන මතයේ අපි ඉන්නවා.

ආණ්ඩුවේ ප්‍රබලම නායකයන්ගේ හොරකම් නම්ගම් එක්කම හෙලි කරන්න අපි සූදානම්. තමන්ගේ පවුල, අයියලා මල්ලිලා කරන දේවල්.. තමන් හා දරුවෝ කරන දේවල් හෙලි කරන්නත් අපි ලෑස්තියි’

ඉදිරියේදී එජාප පසුපෙල මන්ත‍්‍රී පිරිසක් ස්වාධීන වී ආණ්ඩුව නිවැරදි කිරීමට කටයුතු කරන බවද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

Related posts

Leave a Reply

Your email address will not be published.