Breaking News

අමරවීර හෙලිකොප්ටරයෙන් ත‍්‍රිකුණාමලයට.. වැස්ස නිසා ආපසු එන්න බැරිව හිරවෙයි..

අමරවීර හෙලිකොප්ටරයෙන් ත‍්‍රිකුණාමලයට.. වැස්ස නිසා ආපසු එන්න බැරිව හිරවෙයි..

ත්‍රිකුණාමලයට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව නිසා ධීවර ඇමැති මහින්ද අමරවීර, රාජ්‍ය ඇමැති දිලීප් වෙදආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ කොළඹට ඒමට නොහැකිව දින දෙකක්‌ තිස්‌සේ ත්‍රිකුණාමලේ රැඳී සිටි බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ ඊයේ (11 දා) පැවසීය.

ත්‍රිකුණාමලයේ පැවැත්වෙන ජාතික ආහාර සංග්‍රාමයට සහභාගීවීමට පෙරේදා (10 දා) මෙම පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් එහි ගොස්‌ තිබේ.

එහි පැවැති වැඩසටහන් කිහිපයකට සහභාගි වී නැවත කොළඹ ඒමට ඔවුන් උත්සාහ ගත්තද අධික වර්ෂාව හේතුවෙන් ගුවන් යානය පියාසර කිරීමට නොහැකි බව ගුවන් හමුදා නිලධාරීන් විසින් ප්‍රකාශ කර ඇත.

වාහන නොමැති වීම හේතුවෙන් ගොඩබිමින්ද ඒමට නොහැකිව මෙම පිරිස ඊයේ හවස්‌ වනතුරුත් ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ රැඳී සිටින බව ඉහත ප්‍රකාශකයා පැවසීය.

– දිවයින

Related posts

Leave a Reply

Your email address will not be published.