Breaking News

කිලිනොච්චියේදී යතුරුපැදි කරුවෙකු බස් රථයේ ගැටී එතැනම මරුට…[Photo]

කිලිනොච්චියේදී යතුරුපැදි කරුවෙකු බස් රථයේ ගැටී එතැනම මරුට…[Photo]

කිලිනොච්චියේදී යතුරුපැදි කරුවෙකු බස් රථයේ ගැටී එතැනම මරුට…[Photo]

කිලිනොච්චිය ඒ-9 ප්‍රධාන මාර්ගයේ අලිමංකඩ අමයාල්පුරම් ප්‍රදේශයේදී බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් අද (12) යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගිය බවට කිලිනොච්චි පොලීසිය කියා සිටියේය.

කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් සුඛෝපභෝගී බස්රථයක් ඊයේ දින අලිමංකඩ ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබූ අතර එම බස් රථය අද දින දක්වා ඉවත් නොකිරීම හේතුවෙන් යතුරුපැදි කරු එම බස් රථයේ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්ථා වෙයි.

අදාල බස් රථය විපතට පත් වූ අවස්ථාවේදී බස් රථය අනතුරකට ලක්ව ඇති බවට කිසිදු සංඥාවක් නොමැති වීම හේතුවෙන් මෙම අනතුරු සිදුව ඇති බවට ප්‍රදේශවාසීන් විසින් කියා සිටිති.මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ යපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි අයෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

Leave a Reply