Breaking News

පක්ෂයට දරදිය ඇද්ද අය එළවන්න හදනවා.. මේව කරන්නේ පක්‍ෂ ඉතිහාසය නොදන්න පිරිසක්..

පක්ෂයට දරදිය ඇද්ද අය එළවන්න හදනවා.. මේව කරන්නේ පක්‍ෂ ඉතිහාසය නොදන්න පිරිසක්..

පක්ෂයට දරදිය ඇද්ද අය එළවන්න හදනවා.. මේව කරන්නේ පක්‍ෂ ඉතිහාසය නොදන්න පිරිසක්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට දරදිය ඇදි ආසන සංවිධායකයින් ඉවත් කිරීමට අවශ්‍ය වී ඇත්තේ ඉතා මෑතකදී පක්ෂයට බැඳුණු, පක්ෂයේ ඉතිහාසය නොදන්නා පිරිසකට බව ශ්‍රීලනිප ජාතික සංවිධායක තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂයට ආදරය කරන පක්ෂයේ බහුතරයකට අවශ්‍ය වී ඇත්තේ බෙදීමක් නොව පක්ෂය සමගි කිරීමක් බව පැවැසූ ඇමැතිවරයා, යටි අරමුණු මත පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ දරන අතළොස්සකට අවශ්‍ය දෙය ඉටුකර ගැනීමට කිසිවිටෙකත් ඉඩනොදෙන බව ඇමැතිවරයා පැවැසීය.

චමල් රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනකු ආසන සංවිධායක ධුරවලින් ඉවත් කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයාගෙන් සහ පක්ෂයේ මහ‍ලේකම්වරයාගෙන් විමසන බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

ඔවුන් සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට සූදානම් වන්නේ නම්, තමා ඒ සඳහා දැඩි ලෙස විරෝධය පළකරන බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් කීය.

– Lakbima

Related posts

Leave a Reply

Your email address will not be published.