Breaking News

කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි උතුර පුරා හර්තාල්.. ජන ජිවිතය මුළුමනින්ම අඩාලයි..

කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි උතුර පුරා හර්තාල්.. ජන ජිවිතය මුළුමනින්ම අඩාලයි..

දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (13) උතුරු පලාත තුල පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් දෛනික කටයුතු සියල්ලක්ම අඩාල වී තිබුණි.

උතුරු පලාතේ පිහිටි සියලුම වෙළඳසැල් අද උදෑසන සිට වසා තිබුණු අතර බස් ප්‍රවාහනය ඇතුලු සියලු ගමනාගමන කටයුතු සම්පූරණයෙන්ම නැවතී තිබූ අතර උතුරු පලාතෙන් පිට පලාතවල පමණක් බස් ධාවනය සිදු විය.

ඊට අමතරව උතුරේ පිහිටි සියලුම දමිළ පාසල්හි අධ්‍යාපන කටයුතු අඩාල වී තිබූ අතර යාපනයේ පිහිටි සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන තිබුණි.

හර්තාලය ක්‍රියාත්මක වීම තුලින් උතුරු පලාතේ ගමනාගමන කටයුතු වල නිරත වූ මගීන් දැඩි සේ අසීරුතාවට පත්ව සිටියහ.

උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සභාපතීත්වය දරන දෙමළ ජනතා සභාව හා දේශපාලන සිරකරුවන් මුදවා ගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම් කරුවන එම්.ශක්තිවේල් පියතුමන් විසින් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය සංවිධානය කළ අතර ඒ සඳහා උතුරේ පිහිටි සියලු ස්වේච්ඡා සංවිධානද සහය දෙනු ලැබීය.

උතුරේ පැවත්වෙන හර්තාලයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ

‘වසර ගණනාවක් සැක පිට පමණක් සිගතරව සිටින දේශපාලන සිරකුරුවන් නිදහස් කිරීමට රජයේ අවධානය ඉතා ඉක්මනින් යොමු විය යුතු බවටත්, දැනට දේශපාලන සිරකරුවන් බන්ධනාගාර වල රඳවා ඇත්තේ මරණ දඩුවම නියම වූ සිරකරුවන් සමග වන හෙයින් එය ඉතා අසාධාරණ ක්‍රියාවක් බැවින් එවුන් වහාම වෙනත් මැදිරි වෙතට මාරු කළ යුතු බවටත්,

වවුනියාව මහාධිකරණයේ එල්.ටී.ටී.ඊ.සැකකරුවන් තුන් දෙනෙකුට එරෙහිව විභාග වෙමින් පැවති නඩු තුනක් අනුරාධපුර මහාධිකරණය වෙත මාරු කිරීම වහාම නතර කරණ ලෙසත්ය.

නමුත් එම නඩු විභාගයන් තුන අනුරාධපුර මහාධිකරණය වෙත මාරු කොට ඇත්තේ එම නඩුවල සාක්කි කරුවන් වන ආරක්ෂක අංශ සාමාජිකයින්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් වවුනියාව මහාධිකරණ පරිශ්‍රය තුළ නොමැති බවට අධිකරණයට කළ දැණුම් දීමකට අනුවය.

වවුනියාව මහාධිකරණයේ විභාග වූ එම නඩු විභාගයන් තුන අනුරාධපුර මහාධිකරණය වෙත මාරු කිරීමෙන් පසුව එක් අවස්ථාවක් එම නඩු විභාග කොට ඇති අතර ඊට පසුදින සිට චූදිතයින් වී සිටින එල්.ටී.ටී.ඊ.සැකකරුවන් තුන්දෙනා අනුරාධපුර බන්ධනාගාරය තුළ ආහාර වර්ජනයක නිරතව සිටිති.

ඔවුන් පවසා සිටින්නේ අනුරාධපුර මහාධිකරණයේදී නඩු විභාග වන විට නිසි ලෙස භාෂා පරිවර්තනයක් සිදු නොවන නිසා තමන්ට සාධාරණයක් ඉටු නොවන බවයි.

එහෙයින් එම නඩු නැවත වව්නියාව අධිකරණයේදීම විභාගය විය යුතු බවටද හර්තාලයේ එක් අරමුණක් වී ඇත.

මෙම දෙමළ දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරණ මෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂනායක ආර්.සම්පන්දන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන්,අග්‍රාමාත්‍යවරයාගෙන්,හා අධිකරණ අමාත්‍යවරියගෙන් 12 දා ලිපියක් මගින් ඉල්ලීමක්ද කොට තිබුණි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන්ද එම ඉල්ලීමම ඇතුළත් ලිපියක් 12 දා සවස රජයේ සියළුම වගකිව යුත්තන් වෙත යවා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

Leave a Reply

Your email address will not be published.