Breaking News

මෛත්‍රීගේ චූ කොල්ලා, දුමින්ද අනුරාධපුරේ රාජ්‍ය සේවකයන්ට තග දමයි – පොහොට්ටු රැලියට ගියොත් ගෙදර.

මෛත්‍රීගේ චූ කොල්ලා, දුමින්ද අනුරාධපුරේ රාජ්‍ය සේවකයන්ට තග දමයි – පොහොට්ටු රැලියට ගියොත් ගෙදර.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් තනතුර දරන, මෛත්‍රිපාලගේ චූ කොල්ලා විසින් අනුරාධපුර ක්ෂේශ්ත්‍ර නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් සියලුදෙනාටම ආයතන ප්‍රධානීන් හරහා විශේෂ නිවේදනයක් කරමින්, පොදු ජන පෙරමුණු රැලියට සහභාගී වීම තහනම් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් පරිදි, එලෙස නියෝගය නොතකමින් රැලියට සහභාගී වන රාජ්‍ය සේවකයන්ට දැඩි පියවර ගන්නා බවත් සඳහන් කර තිබේ. මේ පිලිබඳ අදහස් දැක්වූ එක් ආයතන ප්‍රධානියෙක් අප වාර්තාකරුට පවසා තිබුනේ, දුමින්ද දිසානායකගේ මැරයින් වරක් සිය ආයතනයේ සේවය කරන ඒකාබද්ද විපක්ෂ ක්‍රියාකරියෙකුට මරණ තර්ජනද කර ඇති බවකි.

මෙලෙස දුමින්ද විසින් මැරයන් යොදාගනිමින් රාජ්‍ය සේවකයන් බියගන්වා, මැර පාලනය ගෙනයාම පිළිබඳවත්, මෙලෙස මැර බලයෙන්, මිනිසුන්ගේ මූලික අයිතිවාසිකමක් වන කැමති මතයක් දැරීමේ සහ කැමති දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටිමී අයිතිය අහිමි කිරීමට කටයුතු කිරීම පිළිබඳවත් අනුරාධපුර වැසියන් පිළිකුලෙන් හෙලා දැක තිබේ.

Related posts

Leave a Reply