Breaking News

ජනාධිපති මාධ්‍ය ඒකකයේ රෙදි ගැලවූ ඔශල හේරත්ගෙන් තවත් ප්‍රභල ප්‍රකාශයක්

ජනාධිපති මාධ්‍ය ඒකකයේ රෙදි ගැලවූ ඔශල හේරත්ගෙන් තවත් ප්‍රභල ප්‍රකාශයක්

පසුගියදා මාධ්‍ය සාකච්චාවක් කැඳවමින් ජක්නධිපථි මාධ්‍ය ඒකකය කරන ජඩ වැඩ සියල්ල හෙළිදරව් කල ඔශල හේරත් මහතා විසින් තවත් ප්‍රභල හෙළිදරව් කිරීම් රාශියක් කරමින් UPFA Srilanka වෙබ් අඩවියට තවත් තොරතුරු රැසක් බෙදා හැර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශයට සම්බන්දව පත්වාගෙන යන මහජනතාව, අඩහැරය, voice of lanka, බ්‍රෝ, දේශය වැනි සමාජජාල පිටු වලින් සහ ඒවාට අදාල වෙබ්අඩවි වලින් විපක්ෂයේ පමණක් නොව ආණ්ඩුව තුල සිටින දේශපාලඥයින් සහ ඉහල නිලධාරීන් හට නින්දාසහගත ලෙස මඩ ගසන, චරිත ඝාතනය කරන පසුබිමක ඔබ තුමන් හට කුමන සධාචාරාත්මක අයිතියක්ද රජයේ නොවන වෙබ්අඩවි මගින් මඩ ගැසීම් කරන බවට චෝදනා සිදු කිරීමට හෝ ප්‍රශ්න කිරිමට ඇත්තේ? යනුවෙන් ඔහු ප්‍රශ්න කර තිබේ.

එම ලිපිය පහතින් දැක්වේ.

ජනාධිපති තුමණි, හෘදසාක්ෂියට එකඟව කතා කරන්න- UPFA – ABF

අපි මේ කියන්නේ ඔබ විසින් පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමි දෙවැනි ගුණ සමරු උත්සවය අවස්ථාවේ සිදුකල කතාව සම්බන්දවයි. එහිදී  ඔබ තුමා විසින් යහපාලන ආණ්ඩුවේ හොරු ගැන සහ මුදලට මඩ ගහන වෙබ්අඩවි සහ සති අන්ත පුවත් පත් ගැන විවේචනාත්මක කතාවක් දැඩි ආවේගශීලී ලෙස සිදු කලා.

ඔබ තුමා කියපු ඒ කතා දෙකම ඇත්ත. අපේ ආණ්ඩුව පත් වුනාට පස්සේ ලංකා ඉතිහාසයේ ලොකුම වංචාව ලෙස සැලකෙන බැදුම් කර මගඩිය සිදු වුණා. ඉතිහාසයේ නොවූ පරිදි අද වන විට වෙබ් මාධ්‍ය පමණක් නොව විද්යුත් සහ මුද්‍රිත මාධ්‍යත් සධාචාරාත්මකව පිරිහිලා.

අපි මේ කියන කතාව ඉතා වගකීමෙන් කියන්නේ අපි  පෞද්ගලිකවම දන්නා  කරුණු කාර්ණා පදනම් කර ගෙනයි. ඔබ   කියපු කතාව ඇත්ත වුනත් ඔහුට ඒ පිළිබදව මෙසිවිලි නගන්න ඔබට  කිසිම සධාචාරාත්මක අයිතියක් නෑ.

ඔබ තුමා විසින් කල එම කතාවේ ඔබ තුමා විසිනමා නැවත සවන්දිය යුතු කොටස පහතින්:

යහපාලනය යන පිවිතුරු සංකල්පය අනුවර්ථ නාමයක් ලෙස භාවිතා කරන අප රජය එහි අර්ථයට සධාරණක් කල යුතු වෙනවා.ඒ අනුව ඔබ ජනාධිපතිවරයා ලෙස යහපාලනයේ ප්‍රතිමූර්තියත්, ජනාධිපති ලේකම් කාර්යාලය එහි මර්මස්ථානයත් විය යුතු වෙනවා. කපුවත් දේවාලයත් අපවිත්‍රව ඇති අවස්ථාවක ජනතාව දෙචියන් ගැන විශ්වාසය බිඳ වැටෙනවා. ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාල තුලම යහපාලනය ක්‍රියාත්මක නොවන පරිසරයක ජනතාව තුල යහපාලනය ගැන විශ්වාසය බිඳ වැටීම පුදුමයට කරුණක් නොවේ. ඔබ තුමන් සහ ඔබතුමාගේ කර්යාලය දෙන ආදර්ශය අනුකුලව තමයි අද වන විට  මුළු රාජ්‍ය යාන්ත්‍රණයම ක්‍රියාත්මක වෙන්නේ.

ජනාධිපති මාධ්‍ය අංශයට සම්බන්දව පත්වාගෙන යන මහජනතාව, අඩහැරය, voice of lanka, බ්‍රෝ, දේශය වැනි සමාජජාල පිටු වලින් සහ ඒවාට අදාල වෙබ්අඩවි වලින් විපක්ෂයේ පමණක් නොව ආණ්ඩුව තුල සිටින දේශපාලඥයින් සහ ඉහල නිලධාරීන් හට නින්දාසහගත ලෙස මඩ ගසන, චරිත ඝාතනය කරන පසුබිමක ඔබ තුමන් හට කුමන සධාචාරාත්මක අයිතියක්ද රජයේ නොවන වෙබ්අඩවි මගින් මඩ ගැසීම් කරන බවට චෝදනා සිදු කිරීමට හෝ ප්‍රශ්න කිරිමට ඇත්තේ? අපට ගැටලුවකි.

අප විසින්  එළිදරව් කල ට්‍රැවිස් සින්නයා වෙත ඉහත සාදහන් ජනාධිපති මාධ්‍ය අංශයට අයත් වෙබ්අඩවි  මඩ ගැසීම එහි ආසන්නතම සිදුවීම පමණි. නුමුත් මිට වඩා බරපතල ලෙස අවිදිමත් මාධ්‍ය කටයුතු සිදු වන බව ඉතා වගකීමෙන් අපි කියන්නෙමු. ඒවා  යහපාලනයටත් පෞද්ගලිකවම ඔබේ ප්‍රතිරුපයටත් දැඩි හානිකරය.

යහපාලනක් රට තුල ඇති කිරීමට නම් ඊට ප්‍රථමයෙන් අප යහපාලන සංකල්පයට අනුගත විය යුතු බවට අප  විශ්වාස කරනවා. ජනාධිපති ලේකම් කර්යාලය තුල අඩුවැඩි වශයෙන් දුෂණය සිදුවෙනවා.ඔබ තුමන් සිදු කරන  දේශනා තුල වෙනස සහ යහපාලනය පිළිබද මනා අවබෝධයක් ඇති බවට වැටහී ගියත් ඒවා ඔබ තුමන්  ආදර්ශයක් ලෙස ලොවට පෙන්නුම් නොකිරීම තුල ඒවා හිස් වචන බවට පත්වී ඇති බවට අප තුල මතයක් ගොඩ නැගී තියෙනවා. ඔබ තුමන්ට  ජන්දය දීපු අපි ඇම්නිසියා රෝගයන් පෙලෙනන් වත් මොඩයෝවත් නොවේ. එකම බොරු වලට සහ ඔබේ ව්‍යාජ  දාර්ශනික කතාවට ඒ ජන්දේ දීපු 62 ලක්ෂය දිගින් දිගටම රැවටෙන්නේද නැත.

ඔබ කෙසේ සිතා සිටියත් ඔබ රටේ ජනාධිපතිවරයා හැටියට රජයට අදාල පාර්ශවයන් මගින් සිදු කරන දුෂණ සහ වංචා, රජයේ අකාර්යක්ෂමතාවයන් නිසා උත්ගත වන ප්‍රශ්න වල   වගකීමෙන් මිදීමට හැකියාවක් නැත. ඔබ මහින්ද මෙන් ඇමතිවරුන්ගේ රාජකාරිය වලට අත පෙවීමක් සිදු නොකළත් ඒවා අධික්ෂණය කර කාර්යක්ෂමව සහ විනිවිදව සිදුවන බවට ඔබට ජන්දය දුන් 62 දෙලක්ෂයක් ජනතාවට වගකිව යුතුය. එමෙන්ම ජනවාරි 8 වෙනසට ජන්දය දුන  සැම  ඔබෙන් බලාපොරොත්තු වූ ප්‍රමුඛ වගකීමවන විධායක ජනාධිපති ක්‍රමය අහෝසික කිරීමයි. ඔබට ඒ වගකිමෙන්ද මිදී යා නොහැකිය.පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමි දෙවැනි ගුණ සමරු උත්සවය අවස්ථාවේදි  මහාචාර්ය සරත් විජේසූරිය මහතා ඔහුගේ දේශනය මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වගකීම මැනවින් සදහන් කලා.

මහාචාර්ය සරත් විජේසුරිය මහතා විධායක ජනධිපති වරණය අහෝසිකිරීම ගැන දැක්වූ අදහස්:

2014 මහින්දට මෙන් මෛත්‍රිටද තව ඇත්තේ වසර දෙකයි. මහින්දට අඩුපාඩු දැනෙන්නට පටන් ගත්හේ වැරදි  හදාගන්නවා වෙනුවට ජන්දෙකට ගිහින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමයි. ඔබටද එවැනි අවස්ථාවක් ඇත. එහිදී  ඔබට ඉතිරි අවුරුදු 2ක ආදර්ශමත් නායකයෙක් ලෙස ජනතාවට සේවය කල හැක. එවිට ඔබට  2020දි විශ්‍රාම යාමට සිදු වුවත්  යහපත් සහ අවංක  නායකයකු ලෙස ඉතිහාසයට එක්විය හැක.  සෝභිත හාමුදුරුවන් හට අපහාසයක් නොවන ඉතිරි වසර දෙක තුලදීවත් වචන වලට සිමා නොකර රටේ සියලු පුරවැසියන්ට යහපාලනය යන ආදර්ශය ලබා දෙන්නමෙන් අප ඔබතුමන් ගෙන් ඉල්ලා සිටිනවා.

යහපාලනයක් රට තුල ඇති කිරීම ගැන ජනවාරි 8 අපි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වෙත බලාපොරොත්තු තැබුවේ නැත. අප සම්පුර්ණ විශ්වාසය පල කලේ ඔබ කෙරෙහියි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මහා බැංකු වංචාවේ සම්පුර්ණ වගකීම ගත යුතුය. ඔහු විසින් තනි කැමැත්තට පත් කල මහා බැංකු අධිපතිවරයෙක් මේ වංචාවට මුල් විය. ඊට අමතරව මහා බැංකුව අග්‍රාමාත්‍යවරයාගේ විෂයපතයට අදාල එකකි. ඒ ගැන අපට විවාධයක් නැත. නුමුත් ඔබ තුමන් නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් හැටියට ජනවාරි 8 අපට පොරොන්දුවූ පරිදි ක්‍රියා කලේ නම් මෙම වරද නොවීමට වග බලා ගැනීමට ඔබට හැකියාව තිබු බව අපේ හැගීමයි. අදටත් ඔබ තුමාගේ ලොකුම දුර්වල කම සහ අකාර්යක්ෂම කමට හේතුව ඔබ ජනවරමට පිටුප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය ලබා ගැනීම බව අපේ මතයයි.

අදටත් සිටින දේශපාලඥයින් අතරින් වැරදි හදාගෙන යහපාලනයක් රට තුල ස්ථාපනය කල හැකි ඔබ හැර වෙනත් විකල්ප නායකත්වයක් අපට පෙනෙන්නේ නැත.  එහෙත් ඔබ අද සිටින තැන වෙනස් කරගෙන ජනවාරි 8 ජනතාව සිහින දැකපු නායකයා නොවුනහොත් මේ රටේ සියලු ජනතාවට අනාගතයේ දවසක  දෙවියන් පැමිණ ජන්දය ඉල්ලුවත් දෙවියන්ද විශ්වාසය නොකරනු ඇත. මෛත්‍රී ඔබට තවත් වසර දෙකක කාලයක් ඇත එයින් ප්‍රයෝජනය ගෙන රට හරි අතට ගෙන යන්න.

ඕෂල හේරත්
UPFA – A Brighter Future

Related posts

Leave a Reply