Breaking News

එකතු වෙන්න අකමැතිනම්, බැඳුම්කර වංචනිකයෝ හයකට නඩු – මෛත්‍රී රනිල්ව බ්ලැක් මේල් කරන ලකුණු

එකතු වෙන්න අකමැතිනම්, බැඳුම්කර වංචනිකයෝ හයකට නඩු – මෛත්‍රී රනිල්ව බ්ලැක් මේල් කරන ලකුණු

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී එජාපය සමඟ ගිවිසුම් ගතවීම සඳහා මෛත්‍රී පාර්ශ්වය, එජාප ඉහල පෙල බෙල්ලටම තද කර තිබේ. ඒ පළාත් පාලන මැතිවරණයේ කොට්ඨාශ නීර්ණයට එරෙහිව අභියාචනාධිකරණ පැමිණිල්ල විභාගයට ගන්නා දිනයට කලින් හවුල් ගිවිසුමක් යටතේ මැතිවරණයට ඉදිරිපත් වීමට එජාපය අකමැතිවන්නේ නම්, බැඳුම්කර කොමිසම යළි කාලය දීර්ඝ කර එජාප මුල් පෙලට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව මෛත්‍රී පාර්ශ්වය එජාපයට දැනුම් දී ඇත.

එයින් නොනැවතී, අද දවසේ අගමැති රනිල් වික්‍රමසිංහට දන්වා ඇත්තේ එළැඹෙන අඟහරුවාදා දින බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි. මීට අමතරව, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, හර්ශණ රාජකරුණා වැනි යටි පෙල මන්ත්‍රීවරුන්ද මෙම බැඳුම්කරයට සම්භන්ධ බව අද දිනයේ හෙලි කර තිබේ.

බැඳුම්කරයට අමතරව මේ වනවිටත් එජාප ඇමතිවරුන්ට අල්ලස් කොමිසමේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇති පැමිණිලි ලබන සතිය තුල විභාග කරන්නට ශ්‍රී ල නි ප ය තීරණය කර තිබේ.. ඒ තුල තලතා අතුකෝරල, රවී කරුණානායක, පී හැරිසන්, මලික් සමරවික්‍රම යන අයට විරුද්ධවද පරීක්ෂණ අරඹනවා ඇත.

ඒකාබද්ධ විපක්ෂය මෛත්‍රී පාර්ශ්වය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන්ට විරුද්ධව මෙම ක්‍රියා මාර්ගය ගන්නට යෝජනා වුනත්, එයින් සිදු වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ජනප්‍රියත්වය තව දුරටත් වර්ධනය වන බව හැඟී ගොස් ඇති නිසා, මෙම ක්‍රියාමාර්ගය එජාපයට එරෙහිව ගැනීම යෝග්‍ය බව ජනපතිට සමීප කළුතර දිස්ත්‍රික් අමාත්‍යවරයෙක් ප්‍රකාශ කර තිබේ

Related posts

Leave a Reply