Breaking News

කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මරා දැමීමට පාතාලයට කොන්ත්‍රාත්තුවක්

කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මරා දැමීමට පාතාලයට කොන්ත්‍රාත්තුවක්

පැණි වරකා යයි හිතාගෙන සිටිනා පුහු පොල් ගහටත් හෙන වදිනවාලු.

ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තරයේ පැවති ගැටළුවක් විශාල දෙදරීමක් සමග දැන් කරලියට පැමිණ තිබේ. කොන්දේසි විරහිතව ඩොලර් වෙනුවෙන්ම සිය පක්ෂය කඩේ යවන අනුර කුමාර නමැති රනිල්ගේ බලු කුක්කා වෙත පක්ෂය අභ්‍යන්තරය තුල නැගී ඇති විරෝධතාවය දිනෙන් දින තීව්‍ර වෙමින් පවතී. රජයේ අත්තනෝමතික ක්‍රියාවන් සහ වංචාවන් පිලිබඳ හඬක් නැගීමට නොදී සිය වරප්‍රසාදයන් වෙනුවෙන් පක්ෂය වලපල්ලට යැවීමට වෙරදරන, සිය පක්ෂ නායකයා වන රෝහණ විජේවීරයන්ගේ මිනීමරුවන් සමග දීගකන අනුර කුමාර දිසානායක දිනෙන් දින පක්ෂ සාමාජිකයන්ගේ, කාරක සභාවන්හී උදහසට ලක්වෙමින් පවතී.

මෙවන් පසුබිමක් තුල නැගුන එකතරා විරෝධයක් පුද්ගලික මට්ටමටම පැමිණ ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග ප්‍රකාශ කරයි. බැඳුම්කර වංචාව පිලිබඳ සෙවීමට පත්කළ කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගිය දිනක පක්ෂ කමිටු රැස්වීමකදී ප්‍රශ්න කර ඇත්තේ බැඳුම්කර වංචාව පිලිබඳ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය උදාසීන මට්ටමක පවතින්නේ ඇයිදැයි යන්නයි. පක්ෂය විසින් පහුගිය කාලයේ මහින්ද රාජපක්ෂ සිදුකල ක්‍රියාකාරකම් වෙත දැක්වූ ප්‍රතිචාරයන් හා සසඳද්දී, මුළු රටටම හෙනයක් වූ බැඳුම්කර වංචාව පිලිබඳ දක්වන ක්‍රියාකාරීත්වය ඉතාමත් උදාසීන බව මෙහිදී ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

සුනිල් හඳුන්නෙත්තිගේ මේ ප්‍රකාශයත් සමගම නැගී සිටි අනුර කුමාර පවසා ඇත්තේ, බැඳුම්කර වංචාවන් පිලිබඳ පක්ෂය විසින් ගන්නා පියවරවන් ඉතාමත් ප්‍රමාණවත් බවත්, අනික සුනිල් සහෝදරයා කොමිසමේ සභාපති වෙලා ඉද්දි, වංචාවක් වෙලා කියල පැත්තක් අරන් කතා කරන එක වැරදියි කියාය.

මේ ප්‍රකාශයත් සමගම එතැන වාදයක් ඇතිවී ඇති අතර, සුනිල් හඳුන්නෙත්ති පවසා ඇත්තේ බල්ලොත් එක්ක ලැග්ගොත්, මැක්කොත් එක්ක නැගිටින්න වෙන බව කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳ බවත්, බැඳුම්කර වංචාවේ මහා මොලකරු වන රනිල් වික්‍රමසිංහ නීතිය හමුවට පැමිණවීමට හැකි සියලුම උත්සාහයන් තමන් ගන්නා බවත්ය.

කෙසේ වෙතත්, මතභේදාත්මක කරුණු රැසක් සමග රැස්වීම අතරමග ඇනහිට ඇති අතර, යන්න ගියපු එයාව තියාගත්ත එකේ වරද්දද කොහෙද යනුවෙන් අනුර කුමාර සිය හිතවතුන් සමග පවසා ඇත.

තත්වය එසේ තිබියදී, අද දිනයේ අපට ලැබුණු විශේෂ තොරතුරකට අනුව, සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ජීවිතයට අනතුරක් කිරීම සඳහා පාතාල කල්ලියකට කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බව දැනගන්නට තිබේ. කෙසේ නමුත් මෙම කොන්ත්‍රාත්තුව ලබාදුන්නේ කුමන පාර්ශවයක් විසින්දැයි වාර්තා වන්නේ නැත.

ජනතා විමුක්ති පෙරමුණේ ඇතුළු තරුණ තරුණියන් 60,000 ක් මරාදැමීමට අණදුන් රනිල් වික්‍රමසිංහට පුද්ගලයෙක් මැරීමට අණදීම ඉතාමත් සුළු කටයුත්තක් බවත්, ගෝනියක බැස රෑ තිස්සේ හමුදාවත් සමග සිය පක්ෂ සාමාජිකයන්ගේ නිවෙස් වලට ගොස් ඔවුන්ව පාවාදී සිය ගණනකගේ මරණයට වගකිවයුතු ගෝනිබිල්ලාගේ චරිතය රඟපෑ අනුර කුමරට නැවත සිය සගයෙක් මරා දැමීමට කොන්ත්‍රාත්තුවක් දීමත් සුළු දෙයක් බවත් සටහන් කරමින් අපගේ සටහන අප නිමකරමු.

Related posts

Leave a Reply