Breaking News

ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණ හැරයයි

ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණ හැරයයි

පසුගියදා අප හෙළිකළේ ජනතා විමුක්ති පෙරමුණ තුල විශාල දෙදරීමක් ඇති බවත්, කුමන මොහොතක හෝ මේ පිපිරීම එළිපිටම සිදුවිය හැකි බවත්ය. අප හෙලිකල දෑ සත්‍ය වෙමින් ලාල්කාන්ත සහෝදරයා ජනතා විමුක්ක්ති පෙරමුණ හැරයාමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාරගේ අමනෝඥ ක්‍රියා කලාපයන් පක්ෂය තුල විවේචනය කිරීමේදී ලාල්කාන්ත සහෝදරයා හැමවිටකම මූලිකත්වය ගේන කටයුතු කිරීමත් සමගම මේ විරසකය හටගෙන ඇතැයි, අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි. කිහිපවරක්ම ලාල්කාන්ත සහෝදරයා මධ්‍යම කාරකසභාව අවස්ථාවේදී ඔහුගේ බලවත් අප්‍රසාදය අනුර කුමාර වෙත මුදාහැර ඇති අතර ඒ සෑම අවස්ථාවකම බහුතර කැමැත්ත කියා, අනුර කුමාර විසින් සිය ඒකාධිපති මතය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

සිය ජීවිතයටත් වඩා ආදරය කල පක්ෂය මෙසේ දියවී යාම, පක්ෂය තුල හිඳිමින් බලා සිටිය නොහැකි බව ලාල්කාන්ත සහෝදරයා පසුගිය දිනක සිය සමීපතමයන් සමග පවසා ඇතිබවත් වාර්තාවේ. තමන් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන ප්‍රදේශයෙන් ඉවත් කර, කොළඹ ප්‍රදේශයට දැම්මේ, තමා පාර්ලිමේන්තුවට පිවිසීම අවහිර කිරීමට බව දැනසිටියත්, සිය පක්ෂයේ එකමුතුකම සහ පැවැත්ම වෙනුවෙන් තමන් එවැනි ක්‍රියා ඉවසා සිටි බවත්, ඉදිරියට එසේ කලත් ඉවසා සිටිය හැකිබවත් පවසා ඇති ඔහු, නමුත් අමු අමුවේ පක්ෂය දියකර හැරීමට නායකත්වය ගන්නා පියවරවල් බලාසිටිය නොහැකි බව ප්‍රකාශ කර ඇත.

Related posts

Leave a Reply