Breaking News

යාපනය සරසවියේ කොටි මහවිරු සැමරුම මහ ඉහලින්.. සිසුන් හා ආචාර්ය වරුන් එක්ව සමරති..

යාපනය සරසවියේ කොටි මහවිරු සැමරුම මහ ඉහලින්.. සිසුන් හා ආචාර්ය වරුන් එක්ව සමරති..

යාපනය සරසවියේ කොටි මහවිරු සැමරුම මහ ඉහලින්.. සිසුන් හා ආචාර්ය වරුන් එක්ව සමරති..

අදට (27) යෙදුනු මහවිරු දිනය නිමිත්තෙන් යාපනය සරසවියේ සිසු සිසුවියන් විශාල පිරිසකගේ හා ආචාර්යවරුන් පිරිසකගේදී සහභාගීත්වයෙන් යාපනය සරසවියේ ඇති මහවිරු ස්මාර්කය අසලදී සමරනු ලැබූහ.

යාපනය සරසවිය ඉදිරිපිට මහවිරු සැමරුම වෙනුවෙන් ඉදිකොට ඇති සමාර්කය අසල කොඩි වැල් යොදාගනිමින් සරසා තිබුණු අතර යාපනය සරසවියේ සියලු පීටයන්හි සිසු සිසුවියන් විශාල පිරිසක් මහවිරු සැමරුම සඳහා එක් වූ අතර ඒ සඳහා අනද්‍යන කාර්ය මණ්ඩලයේද සහය ලැබී තිබුණි.

සෑම වසරකට යාපනය සරසවියේ මහවිරු සැමරුම් සිදු කරන අතර ඊයේ (26) දිනට යෙදී තිබුනු කොටි නායකයාගේ උපන්දිනයද යාපනය සරසවියේ ස්ථාන කිහිපයක හොර රහසේම සමරා තිබූ අතර සරසවියේ ස්ථාන කිහිපයකද ප්‍රභාකරණ්ගේ 63 වන උපන්දිනය නිමිත්තෙන් මහවිරු සැමරුම සඳහා සියලු දෙනා එක්වන්නැයි ඉල්ලමින් පෝස්ටර් අලවා තිබූ අයුරු දකින්නට ලැබුණි.

උතුරේ දිස්ත්‍රීක්ක කිහිපයක අද සවස මහවිරු සැමරුම් රැසක් සංවිධානය කොට ඇති අතර ඒ සඳහා දෙමළ ජාතක සන්ධානයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගී වීමට නියමිතව ඇත

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

Leave a Reply