Breaking News

ජාතික තරුණ සේවා සභාවේ මීලග සභාපති දිනූෂ් උඩගේ ද?

ජාතික තරුණ සේවා සභාවේ මීලග සභාපති දිනූෂ් උඩගේ ද?

ජාතික තරුණ සේවා සභාවේ මුල් පුටුව වෙනස් වීමට ඉඩ ඇති බව පසුගිය කාලයේ දේශපාලන කරලියේ බොහෝ දෙනා කතා බහට ලක් වුන මාතෘකාවක් වුනා.ඒ වත්මන් සභාපතිවරයාට එජාපයේ ආසන සන්විධායක ධූරයක් හිමි වීමට නියමිත බවට පැතිර ගිය කතාවත් සමගයි.

එසේ සභාපති ධූරය පුරප්පාඩු වුවහොත්, එම තනතුරට පත් වන්නේ කවුරුන්දැයි විවිධ නම් පිලිබදව කතා බහට ලක් වූවද, ඒ සදහා දැනට විදේශගතව රැකියාව කරන, එජාප ජාතික යොවුන් පෙරමුණේ විධායක සභාවේ සිටි දිනූෂ් උඩගේ පත් කිරීම සදහා සැලසුමක් ඇති බවට ජාතික යොවුන් පෙරමුණේ සාමාජිකයන් අතර කසු කුසුවක් ඇති වී තිබෙනවා.

වර්තමාන රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය, එවකට යොවුන් පෙරමුණු සභාපති රුවන් විජේවර්ධන මහතා විසින් ජාතික යොවුන් පෙරමුණ වෙත කැදවාගෙන ආ දිනූෂ් උඩගේ, නීතිය හා සාමය පිලිබද ඇමතිවරයාගේද සමීපතමයෙක් බවයි වාර්තා වන්නේ.මෙවැනි පෞද්ගලික හිතවත් කම් මත මොහුට ජාතික තරුණ සේවා සභාවේ සභාපති ධූරය පිරිනැමීමට සාකච්චා වීම පිලිබද, එක්සත් ජාතික පක්ෂයේ තරුණ සාමාජිකයන් දැඩි කල කිරීමට ලක් වී ඇති බව වාර්තා වේ.රුවන් විජේවර්ධන හා සාගල රත්නායක අමාත්‍යවරුන් දැනටමත් දිනූෂ් උඩගේට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවත්, එහි අවසාන තීරනය කුමක්දැයි කිසිවකු නොදන්නා බවත් එක් යොවුන් පෙරමුණු සාමාජිකයකු ඔහුගේ මිතුරෙකුට දැඩි කලකිරීමකින් ප්‍රකාශ කල බව වාර්තා වුනා. එමෙන්ම දිනූෂ් උඩගේ මෙම තනතුර ලබා ගැනීමට පසුගිය කාලය පුරාවට කිහිප වරක්ම ඔහුගේ හිතවත් මෙම අමාත්‍යවරුන් දෙදෙනා සමග සාකච්චා කොට ඇති බවත් යොවුන් පෙරමුනේ ඇතැම් සාමාජිකයන් ප්‍රකාශ කර සිටියා.

ඒ කෙසේ වෙතත් මේ කතාව පැතිර යාමත් සමග, දිනූෂ් උඩගේ සමග ෆේස්බුක් ඔස්සේ සම්බන්ධ වූ ඔහුගේ පැරණි යොවුන් පෙරමුණු මිතුරන් මේ පිලිබදව විමසූ විට ඒ සියල්ලන්ටම ඔහු ප්‍රකාශ කර ඇත්තේ, එවැනි කිසිදු යෝජනාවක් හෝ සාකච්චාවක් මෙකී ඇමතිවරුන් සමග සිදු නොවූ බවයි.කෙසේ වුවත් මේ පිලිබද සත්‍ය ඉදිරියේදී දැක ගත හැකි වනු ඇති බව යොවුන් පෙරමුණු සාමාජිකයින් ප්‍රකාශ කල අතර, එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසින්හ මහතා, පුද්ගලයන් ආනයනයට අති දක්ෂයෙකු බවත්, ඔහුගේ එම පිටරටින් පුද්ලයන් ආනයනය කිරීමේ න්‍යාය දැඩි දෝශාරෝපනයට ද ලක් වනු ඇති බවයි වාර්තා වන්නේ. සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන් අවධියෙන්.

Related posts

Leave a Reply