Breaking News

පැරිසියේ බකංබුරුස්ලා සහ හිස්වචනවල බොල්හඬ !!!

පැරිසියේ බකංබුරුස්ලා සහ හිස්වචනවල බොල්හඬ !!!

බෙදුම්වාදී ව්‍යවස්ථාවට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී පසුගියදා උද්ගෝෂණයක් මෙහෙයවූ අතර එහිදී ශ්‍රී ලංකා තානාපතිවරයාට පෙත්සමක්ද භාරදෙන ලදී. මෙහිදී තානාපතිවරයා පෙත්සම්කරුවන් සමග කෙටි සාකච්චාවක් සිදුකරනලදී. ඒ සාකච්චාවේ විස්තරයක් අපට ලැබේ තිබේ.

හිස්වචනවල බොල්හඬ!

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නමින් පවතින ෆේස්බුක් පිටුවේ වීඩියෝවේ තානාපති දක්වන අදහස් සම්බන්ධවයි.

අදාළ වීඩියෝවේ තානාපතිවරයා ප්‍රකාශකරන  විවාදාත්මක මෙන්ම  වැරදිසහගත කරුණු රාශියකි.

“නව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවක් නැත.ඒවා වෙබ් අඩවි සහ මාධ්‍ය මගින් සිදුකරන පදනම්විරහිත ප්‍රකාශපමණි. කිසිසේත්ම නව ව්‍යවස්ථාවක් දොරටවඩින්නේ නැත.තානාපතිවශයෙන් නිලවගකීමකින් ප්‍රකාශකරනවය. යෝජණාවලියක් පමණක් ඇත.   එබැවින් ජනතාව   කලබල නොවියයුතුය.”  යන  තානාපතිවරයා ගේ  ප්‍රකාශ පළමුව සලකාබලමු.
  තානාපතිවරයා විසින් අරුම-පුදුම ප්‍රකාශයක්ද කරයි.ඔහු පවසාසිටින්නේ වගකිවයුතු බලධාරීන්ගෙන් විමසා තහවුරුකොට ප්‍රකාශකරන ඉහතකී ඔහුගේ  ස්ථාවරය අවශ්‍යනම් ලිඛිතව වුවද ලබාදියහැකි බවය.(“in writing” ලෙස තානාපතිගේ හඬින්ම පවසනබව වගකීමෙන් යුතුව සඳහන්කරමි.)
මේ මොහොතේ ශ්‍රී ලංකා රාජ්‍යය(රජය-State) පාලනයකරනු ලබන ආණ්ඩුව(Government)  මගින්  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයකිරීමේ අරමුණ පෙරදැරිකරගෙන   ආණ්ඩුවේ ව්‍යවස්ථාදයකය (හෙවත් පාර්ලිමේන්තුව) ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක්ලෙස නිලවශයෙන්  ප්‍රකාශයට පත්කරතිබේ.(ව්‍යවස්ථාදායකය,විධායකය සහ අධිකරණය ලෙස ආණ්ඩුවේ කොටස් තුනකි.)
කරුණාකර  පහත ඡේදය කියවන්න.
එය උපුටාගත්තේ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් සහතිකකර රජයේ මුද්‍රණාලයේ භාෂා තුනෙන්ම මුද්‍රණයකරනලද ලේඛනයකින්ය.(අදාළ මූලාශ්‍ර link පහත අමුණා ඇත)
“2016 මාර්තු මස 9 වන දින සම්මත කළ යෝජනා රාමුව තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නම් වූ නියෝජිත ආයතනයක් ඇති කරන ලද අතර, ඒ අනුව, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225 දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවක් කෙටුම්පත් කිරීමේ කාර්යය සඳහා කාරකසභාවක් වශයෙන් ක්‍රියාත්මක වෙති.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේ පාර්ලිමේන්තුවේ ගරු කථානායකවරයා විසින් වන අතර එතුමා නොමැති අවස්ථාවන්හි රැස්වීම්වල මුලසුන හෙබවීම පිණිස සභාව විසින් තෝරා පත්කරගෙන ඇති නියෝජ්‍ය කාරකසභා සභාපතිවරුන් සත් දෙනා ඒ සඳහා එතුමාට සහය ලබාදෙති.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ පළමු රැස්වීම 2016 අප්‍රේල් මස 5 වන දින පවත්වන ලද අතර එහි මුලසුන හොබවන ලද්දේ ගරු කරු ජයසූරිය මැතිතුමා විසිනි.”
මෙවැනි ඇස්පනාපිට පෙනෙන සත්‍යයයක් ඔප්පුකර සනාථකර පෙන්වාදීම සඳහා “මාතෘත්වය” හටගැනීමේ විද්‍යාත්මක මූලධර්ම පදනම්කරගත් උපමා කතාවක් යොදාගැනීමට සිදුවිය.
මෙවැනි උපමාවන් ඇසුරෙන්  කරුණු  පහදා  දෙනුලැබූ උතුමෙකි බුදුන්වහන්සේ.එහෙත්  එහිඅවුල තිබෙන්නේ බුදුන්වහන්සේ එම ශිල්පක්‍රමය යොදාගත්තේ “බුද්ධි”අඩු පුද්ගලයන්ට කරුණු-කාරණා පහදාදීම පිණිසය.කරන්නට දෙයක් නැත.උගත් රාජතාන්ත්‍රිකයකුට කරුණුපහදා දෙන්නට  යොදාගැනීමට සිදුවීතිබෙන්නේද එවැනි උපමාකතාවකි.
වැඩිවිය පැමිණි නිරෝගී තරුණ ස්ත්‍රීන් හතරදෙනෙක් සලකමු.

පළමු ස්ත්‍රියගේ තනයෙන් කිරිඋරාබොන බිළිඳෙකි.
ඇය කන්‍යාවියක් නොව දරුවන් වැදු ස්ත්‍රියක්බව සියයට අනූනවයක් ෂුවර්ය!
කෝ බොල දරුවා?යැයි තානාපතිවරයා විමසුවොත් මේ ඉන්නෙ සර් යැයි සුටුස්ගාන සුනංගුවට පෙන්වාදිය හැකිය.
දෙවැනි ස්ත්‍රිය හත්මසක ගැබිණියකි.දරුවා බඩේ,ගර්භාෂයේ බව  බාහිරින් බැලූවිට ඕනෑම ගොනෙකුට   ඉතාම පැහැදිලිය.
තුන්වැන්නිය මාස දෙකකට පෙර දරු පිළිසිඳගැනීමකට ලක්වූ බව වෛද්‍ය පරීක්ෂණ මගින් සනාථවූ තැනැත්තියකි.
 හතරවැනි ස්ත්‍රිය කන්‍යාවියක් බව පරීක්ෂණ මගින් සනාථවූ තැනැත්තියකි
අවසන් දෙදෙනාගෙන් දරුපිළිසිඳගැනීමකට ලක්වූයේ කවුද,කන්‍යාවිය කවුද යන්න බාහිර නිරීක්ෂණ මගින් සනාථකළ හැකිද?
  මේ දෙන්නගෙන් කාටද බං දරුපිළිසිඳගැනීම සිදුවුනේ  යනුවෙන් විමසූවිට සියල්ල සනාථකොට නිරවුල්කොට  පෙන්වාදිය හැකි වෛද්‍ය සාක්ෂි අප සතුව තිබෙන බැවින් අවුලක්හටගන්නේද නැත.
කෝ බං දරුවා යැයි කවුරු හෝ විමසුවොත් ලබාදියයුතු පිලිතුර කුමක්ද?
තොටයි-මටයි තියෙන හදිසියට ගැහැනුන්ට දරුවො වදන්න බෑ.තවම දෙමාසයයි  ඉවසගෙන හිටපිය යනුවෙන් පමණි.!
අපි දැන් ශ්‍රී ලංකා මාතාව නමැති ස්ත්‍රිය    දෙසට හැරෙමු.”ඇය” යහපාලනය සමග ලව්කරල රාජපක්ෂට බූට් එක තිව්වනේ!
ඔන්න ඔය “යහපාලන” ස්වාමිපුරුෂයා සමග පැමිණි “දෙමළ ඩයස්පෝරාව”  ඇය උපායෙන් පොළඹවාගෙන දූෂණය කළේය.
(“දෙමළ ඩයස්පෝරාව”යනු දෙමළ ජනතාව නොවනබව අවධාරණය කළයුතුය.එම  විශේෂ අවධාරණය පොතේගුරු වම්මු සඳහාය)
එනම් ශ්‍රී ලංකා මාතාවගේ පරිණත ඩිම්බසෛලය,දෙමළ ඩයස්පෝරාවේ නිරෝගී ශුක්‍රාණුසෛලයකින් සංසේචනය සිදුවිය.
එවිට දෙකම එකතුවෙලා හැදෙන එකට කියන්නේ යුක්තාණුව කියලාය.යුක්තාණුව ගර්භාෂයේ ඇතුලුබිත්තියට ඇලී,සවිවෙයි.එයට අධිරෝපණය හෙවත් දරුපිළිසිඳගැනීම යැයි කියනුලැබේ.
දැන් අපි ඔබට එම නවව්‍යවස්ථාවේ යුක්තාණුවේ Scan Report එක ඉදිරිපත්කරමු.ව්‍යවස්ථා කතන්දරයට අනුරූප “යුක්තාණුව” වනුයේ ලාල් විජේනායක කමිටුවේ වාර්තාවය.(කරුණාකර අකුරක් නොහැර පසුව කියවන්න)
scan report NO 1.
කොහේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද යනුවෙන් විමසන පිරිසට පැවසිය යුත්තේ ඉවසගෙන ඉන්න මහත්වරුනි.  තවම අවුරුද්දයි මාස හයයි
යනුවෙනි.හේතුව ලාල් විජේනායක කමිටු වාර්තාව නිකුත්වූයේ 2016 මැයි මාසයේ බැවිනි.
  අපි- ඔබ කැමතිවුවත්,අකමැතිවුවත්    ශ්‍රී ලංකා මාතාවගේ ගර්භාෂයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නමැති කලලය වැඩිවර්ධනය වෙමින් පවතින බව අවබෝධකරගන්න.
ව්‍යවස්ථාව සඳහා    යෝජිත කරුණුවල අන්තර්ගතයේ හොඳ-නරක විවාදය මෙම ලිවීමේ අරමුණ නොවේ.
 ලංකාවේ පාර්ලිමේන්තුවේ මේ මොහොතේ සිදුවෙමින්  පවතින  නිල කටයුත්තක්  පිළිබඳව     ප්‍රංශයේ සිටින ශ්‍රී ලංකා රාජදූතයා ගේ ප්‍රකාශය බොරුවක් බව පෙන්වාදීමය.නැතහොත් ඔහුගේ නොදැනුවත් බව හෙළිදරව්කිරීමය.
දැන්  ඔබට එම කලලයේ 2017 සැප්තැම්බර් 21 දින  scan report එක ඉදිරිපත්කරමි.(අන්තර්ජාලයේ ගෝනි   ගණනක scan report  ඇත)
scan report NO 02
 
 
 
ඉහත කරුණුත් නොවැහටේනම් පහත අභ්‍යාසය දෑස් පියාගෙන නින්දට පෙර දෙවතාවක් කරන්න.
 ශ්‍රී ලංකා දිවයින,සිතියමක් ඇසුරෙන් හිතේ මවාගන්න.
අපේ දිවයින ස්ත්‍රීරූපයකට අනුරූපව හිතන්න.
යාපනය අර්ධද්වීපය ඔලුගෙඩිය වැනිය.එවිට බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ සීමාව බඩගෙඩිය ට අනුරූපය.
පොඩ්ඩක් බඩවැඩිවගේ නේද?හොඳට බලන්න.පරණ සිතියමක් ගන්න එපා හොඳේ.අලුත්ම සිතියමක බැලුවොත් හොඳට පෙනේවි.
පාර්ලිමේන්තුව කොළඹ අවට පිහිටා ඇත.මුලුපාර්ලිමේන්තුවම “නව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක්” බවට පත්වූවහාම බඩවෙන එක අහන්නට දෙයක්ද?
ඒ විධියටවත් පහදල දෙන්න හැදුවෙ  පුද්ගලයකු  ලබාඋපන්හැටි වෙනස්කිරීමේ විශ්වකර්ම බලයක් මට නොමැති බැවිනි.
 ඇහැට හොඳටම පේනව ව්‍යවස්ථාවක් හැදෙනවකියල.ඒත් අපෙන් අහනව කොහේ තියෙන ව්‍යවස්ථාවක්ද ලු!
මගෙ බුදුඅම්මේ!   අතට හසුවන කඩදාසි,ඇහැට පෙනෙන අකුරු! සීල්ගහල,පාර්ලිමේන්තු මහලේකම් අත්සන් කරල,රජයේ මුද්‍රණාලයෙ අච්චුගහල,ගැසට්-හැන්සාඩ් ලියවිලා,ඔක්කොමත් වෙලා ඉවරයි!
ඒත් ආයෙත් කියනව ඒක ලියවිල්ලක් විතරයිනේ.යෝජනාවක් විතරයිනේ!ඔහේල මොකටද ඔය හැටි කලබලවෙන්නෙලු!
ඒවුනාට තමන්ගෙ තරුණ දියනිය කොල්ලෙක් එක්ක පඳුරක් අස්සෙ ඉඳල අතට අහුවුනොත්!
අප්පටසිරි,ඉතිරි හරිය දන්නවනේ.
හැබැයි ශ්‍රී ලංකා මාතාව බලෙන් දූෂණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථාව නමැති කලලය වැඩෙන
බව scan report ගෙනැල්ල පෙන්වුවත් පිළිගන්නෙ නැහැ.
අනේ මහත්වරුනේ මටනම් මෙයට වඩා ක්‍රමයක් නැහැ ඔහේලට මේක සනාථකොරන්න.
පරිප්පුත් කාලතියෙනව මෙහෙම පරිප්පුවක් කාලනැහැ සම්මජාතියෙ, අම්මප!
ඔන්න ඔහෙ හැදෙන ව්‍යවස්ථාවක්  හැදිච්චාවෙ මට විතරක් වෙන වින්නැහියක් නෙවෙයිනේ.
 අපේ කතාව  තවමත්  සැකනම් මෙන්න    ලංකාමාතාව නමැති ගැබිණියගේ වෛද්‍යසායනයේ ප්‍රධාන ලිපිගොනුව  විශේෂඥ වෛද්‍ය කරු ජයසූරිය වෛද්‍ය අධිකාරීතුමාගේ “දියවන්නා හොස්පිට්ල්” එකේ  තියෙන්නෙ.  “ගම්මන්පිලගේ වීරවංශ” නමැති දොස්තර  තමයි දුන්නෙ.
clinic report
හැබැයි ලංකාමාතාව බාරව සිටින්නේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ ජයම්පති වික්‍රමරත්න. මිනිහ සත පහකට විශ්වාස නැති ඩොකෙක්.
 “ගම්මන්පිලගේ වීරවංශ” දැනට ලංකාමාතාවට   ගබ්සාවක් හෙවත් ඇබෝෂනයක් කරන්න  ප්‍රසව හා නාරිවේද සුපිරි වෛද්‍ය මෛත්‍රීපාල  සිරිසේන එක්ක රහසෙ වැඩසටහනක් යනව.වැඩේ හරිගියොත් ලංකා මාතාව ගේ දිවිරැකෙයි.
 ඔය ඉපදෙන්න ඉන්න වසවර්තිය; මව් මරාගෙන උපදින එකෙක්ලු.
ගුණදාස අමරසේකර වයසක කේන්දර කාරයෙක් ඉන්නෙ අන්න ඒ උන්දෑ තමයි කියන්නෙ.
එහෙනම් මං යනව මම ඉන්නෙ වෙන හොස්පිට්ල් එකක.මම නම් ඩොකෙක් නොවෙයි ,ලෙඩෙක්  හොඳේ.
රෝහල තියෙන්නෙනම් මුල්ලේරියාවෙ.
ඈත තියාම මාව දකින යාලුවො තමයි කියන්නෙ හාපෝ..මාරලෙඩක්! කියල.
මං ඉන්න වාට්ටුවට අල්ලපු වාට්ටුවෙ ගොඩාරියක්ම ඉන්නෙ මේ දවස්වල ලංකාවෙ ව්‍යවස්ථාවක් හැදෙමින් පවතින්නෙ නැතෝ කියල දොඩවන බුවාල.
උන්ගෙ වැඩේ රෑට නිදිමරාගෙන ලංකාවෙදි උන් එක්ක එකට ඉඳල පිටරට තානාපතිල වෙලා ගිය බුවාලගෙ ෆේස් බුක් පිටුවලට කැඩිච්ච ඉංගිරිසියෙන් අකුරුකොටන එක.රෑට නිදාගන්න නෑ.වයිබර් කෝල් ගන්නව තානාපතිලට.පිස්සො නේ!!
මටත් මේක මලවදයක්වුනා .
අරූ බඩාඅනුරය කෝල් කර කර කියනව  ඕයි පුංචිහේව තමුසෙට  පිස්සු බව පැරිසියම
දන්න නිසා ඇයි තමුසෙ මොකද ව්‍යවස්ථාව ගැන කියන්නෙ කියල.
ඌ කියනව දේශප්‍රේමීන්ගේ වා-පිත්-සෙම් කෝප වෙලාලු,ඔක්කොම ලෙඩ වෙලාලු!
කෝල් ගත්තට වැඩක්නැතිලු.හේතුව තමයි පැරිසියෙ ඇඳන් යටට සිග්නල් නැතිලු!
චිඃහ්.ඒයි…අන්න මුල්ලේරියාව බස් එක  එනව මං දුවනව
පුංචිහේවා.
2017.11.26

Related posts

Leave a Reply