88/89 සමයේ ජවිප සාමාජිකයන් හට වද දී මරා දැමූ වදකයෙක් හඬ අවදි කරයි

අපේ කතානායකයාගේ වචන වලින් එලෙසම ඔබට ගෙන එන්නම්.
———-

පාලිත කියල විතරක් මගේ නම දා ගන්න මල්ලි. මම ඉපදුනේ 1967. දැන් මට අවුරුදු 50 ක් වයස. මම දනට ජිවත් වෙන්නෙ නෙදර්ලන්තෙ ඇම්ස්ටර් ඩෑම් වල. මම මෙහාට ආවේ සරණාගතයෙක් විදියට ජවිපයේ කලබල කාලේ තමා ලංකාවෙන් පිට උනේ. හරියටම කියනව නම් 1990. මුලිම්ම ලංකාවෙන් පිට වෙලා ගිහින් හොංකොං වලට ඇතුල් වෙලා හොංකොං හරහා යුරෝපයට ඇත්ල් වෙන්න අවුරුදු දෙකක් විතර ගියා.මම ඉස්කොලෙ ගියේ දෙණියය මද්‍යමහා විද්‍යාලයට එතනින් සාමාන්‍ය පෙල දක්වා ඉගෙන ගෙන උසස් පෙළ කරේ නැතිව මම කාර්මික විද්‍යාලයක පාඨමාලවක් හදාරමින් උන්න. ඒ 1986 මම පාඨමාලාවට ඇතුල් උනේ. අපේ පවුලේ අක්ක වැඩිමල් ඒ වෙනකොට එයා විවාහ වෙලා දරුවන් උන්නෑ. එයා රැකියාව කලේ ඌරුබොක්ක ඩිපෝවෙ ලිපිකාරිණියක් විදියට. අම්ම රකියාවක් කලේ නෑ. අපිට ගමේ ඉඩකඩම් දෙපල තිබ්බ මිනිස්සු. ලොකු අක්කට පස්සෙ අයියල දෙන්නෙක් උන්න.ඊලගට මම තමයි පවුලේ බාලය. පිරිමි තුන්දෙනයි අපි.

අපේ පව්ල පාරම්පරිකවම එක්සත් ජාතික පක්ශයට චන්දය දුන්න සහ ක්‍රියා කාරිව දෙශපාලනය කර අය. අක්ක ඇර අපි අනෙක් සියලුම දෙන බැහැලම වැඩ කරපු යූ ඇන් පී කාරයො. ඒ කාලෙ පක්ශ රැස්විම් සංවිධානය කලේ අපේ තාත්තල අයියල මැදිහත් වෙලා.

එක අයිය කෙනෙක් කලුබෝවිටියන මහ විද්‍යාලයෙ ගණිතය ගුරුවරයෙක් විදියට සෙවය කරා. එක්සත් ජාතික පක්ශයට සම්බන්ධ ගුරු සංගමේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. අනෙක් අයිය මොරවක නගරයෙ කඩයක් කලා. අපි ගමේ හැම දෙනා එක්කම දෙශපාලණ බෙදයක් නැතිව සමගියෙ ඉදපු ගමේ හැමොම අතර හොද හිත දිනන් උන්න පවුලක්. කොහොම හරි ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය ඇරඹුනේ ඔය කාලේ. මම එතකොට මොරටුවේ කාර්මික විද්‍යාලයක ඉගෙන ගන්නව.

මේ වෙනකොට ජේවිපය දෙණියාය්ව් ඉතා ප්‍රබලව ක්‍රියාත්මක වෙන්න ගන්නව. ඒ කලෙ ගමේ උන්න එජප ක්‍රියාකරිකයන්ට සහ පාක්ශිකයන්ට උදාවෙන්නෙ ජවිප තුවක්කුවට යට වෙන්න් උන කාලයක්. දවසක් ලොකු අයියගෙ කඩේට ඇවිල්ල තුන්ඩු දිල තිබ්බ කඩෙ වහන්න. අයිය කඩේ වැහුවෙ නෑ. හමුදාවෙන් එද ගොඩක් කඩ බලෙන්ම විවෘත කලා ගොඩක් කඩ වල අය ජවිපයට බයේ කඩ වල බාගයක් ඇරන් ඉදල තියෙන්නෙ හැබැයි අපේ අයිය කඩේ සම්පූර්ණයෙන්ම ඇරල. හමුදාවෙ අයට කෑම බීම වලිං පවා සංග්‍රහ කරල

ඊට දවස් දෙකකට පස්සෙ ජවිපයෙන් තරුණයන් දෙන්නෙක් මොටර් සයිකලයක ගෙදරට ඇවිල්ල තාත්තගෙ අතට තුන්ඩුවක් දීල. ඒකි ලියල තිබිල තියෙන්නෙ” අවසාන අවවාදය – ද්‍රෝහින්ට මරණ දඩුවම ලබා දීමට දේශප්‍රෙමි ජනතා ව්‍යාපාරය තීරණය කර ඇත.

නිවෙදනයන් විදියට තිබිල තියෙන්නෙ දෙශද්‍රෝහි එක්සත් ජාතික පක්ශයේ දෙශපාලන වැඩ වලින් ඉවත් වීම
අයියගෙ කඩේ වසා දැමීම පොඩි අයිය ගුරු සංගමෙ වඩ වලින් ඉවත් වීම. මේ ලිව්ම තාත්තට දීපු උන් එක්ක තාත්ත වාදෙකට පැටලිල. එතකොට උන්ගෙන් එකෙක් බැහැල තාත්තගෙ බෙල්ලට පිහියක් තියල බෙල්ලෙ පැත්තක් කපල. පොඩි අයිය එවෙලෙ ගේ පිටිපස්සෙ එලවලු පාත්තියක් උදලු ගගා ඉදල තියනව කෑගහණ සද්දෙට දුව ගෙන ආව පොඩි අයිය තාත්තගෙ බෙල්ල කපපු එකාගෙ ඔලුවට උදැල්ලෙං ගහල උදලු පාර වැදුන එකාගෙ ඉලුවට එක් වැදිල නැතුව උරහිස කපාගෙන ගිහිං එකා ලේ පේරා ගෙනම බයික් එකේ නගල පැනල ගිහින්. පොඩි අයිය තාත්‍තව ඉස්පිරිතාලෙ ගෙනිහින්. ලොකු අයියත් ගෙදරඇවිල්ල. අපි ගමේ ජෙවිපි කර අය දන්නව. ගාමෙ ජෙවිපි කර උන් අපිට කරදර කරල නෑ හැබැයි උන් එහෙම නොකරන්නෙ ඇදුනුම් කමට. උන් උඩින් හොදමූණ පෙන්නල පිටිං ආව උන් ට අපි ගැන විස්තර කියන්නෙ.

මේ සිද්දියට පස්සෙ පොලිසියෙන් ඇවිල්ල උන්න සති කීපයක්ම රෑට පොලිසියෙ දෙන්නෙක් ගෙදරත් ආව. මොකද ජවිපයෙන් එ වෙනකොට පවුලටම මරණ දඩුවම දෙනව කියල බෝඩ් එකක් ගෙදර වැටේ එල්ලල ගිහින් තිබ්බ. කොහොම හරි ඔහොම මාස කීපයක් ගිය තත්වය සාමාන්‍ය අතට හැරුණ. ජෙවිපී ක්ලබල දරුණු උනත් ජවිපෙන් අපිට කිසිම කරදරයක් උන්නේනෑ. ජවිපයෙ ප්‍රදෙශයේ ඉදපු නායකයෙක් ලොකු අයියට කියල තියනව අපිට කිසි කරදරයක් වෙන්න තියන්ණැ කියල. ඒ මනුස්සය අපේ අයියල එක්ක හිතවත් මනුස්සයෙක්. මස කීපයාට පස්සෙ මේ මනුස්සය අතුරුදන් උනා. හමුදාවට අහුවෙලා. ඊට පස්සෙ තමා අපේ පවුලම උන් මරා දාන්නෙ. මමයි අක්කයි අම්මයි ඉතුරු වෙනව. මම කොළඹ උන්න නිසා මගේ ජිවිතය බේරෙනව. උන් තුවක්කුවෙන් අක්කගෙ ඔලුවට ගහල. අක්කගෙ කරුමෙට එද අක්ක ගෙදර ඇවිල්ල ඉදල එයාගෙ මහත්තය එක්ක. රෑ ජවිපයෙ අය ගේ වට කරල තාත්තටයි අයියල දෙන්නටයි අඩ ගහල. ලොකු අයිය කඩුවක් අරං දොර අරින කොටම ආව එකාට කොටල පොඩි අයියත් මන්නෙයක් අරං එලියට ගියත් උන් පොඩි අයිට එතනම වෙඩිතියල මරල ලොකු අයියටත් වෙඩි තියල. එයා වෙඩි වැදිල වැටිල ඉන්න කොට උන් එයා එලියට ඇදං ගිහින් ගේ ඉස්සරහ පනපිටින් පැට්‍රොල් වක්කරල ගිණි තියල. අම්මයි අක්කයි කෑ ගහණ කොට අක්කට තුවක්කු බදෙන් ඔලුවට ගහල අක්ක අදටත් මානසික රොගියෙක්. එයාගෙ මොලයට තුවාල වෙලා අද එක් තෑන්. අක්කයි අම්මයි ගෙයින් එලියට ඇදල දාල උන් තාත්තවයි මස්සිනාටයි ගේ ඇතුලෙම වෙඩි තියල. ගෙට ගිණිතියල ගිහින්. පැය ගාණකට පස්සෙ පොලීසියෙන් ඇවිල්ල අම්මයි අක්කයි ඉස්පිරිතාලෙ එක්ක ගිහින් තියෙන්නෙ.

මට පහුවෙනිදා පනිවිඩය ලැබිල මම ගෙදර ආවම මම දක්කෙ අලු වෙලා තිබ්බ ගේ. අම්මයි අක්කයි ඉස්පිරිතාලෙ. මට කරන්න දෙයක් හිතා ගන්න බැරි උනා. මම ඉස්සෙල්ලම කිව්වෙ මට හමුදාවෙ ලොකු මහත්තය හම්බෙන්න ඔන කියල. මට එවෙලෙ ආව එකම දෙ තමා ඔලුවට මට මගෙ පවුල විනාස කර උන්ගෙන් පලි ගන්න ඔන කියන එක මම දන්නෑ මගෙ පව්ලම මැරුවෙ කවුද කියල මම උන් අදුනන්නෑ. සමහර විට උන් අපි අදුනන්නෙත් නැතිව ඇති. මම දන්න එකම දෙ මෙක කරේ ජේ වී පී එකෙන් කියල. මට ඔන ජෙවිපී එකට සම්බන්ද ඔක්කොගෙනම පලි ගන්න.
මම කෑම්ප් එකට ගිහින් මම දන්න මගෙ පන්තියෙ එකට ඉදපු දැනට ජෙවිපී කරන උන්ගෙ නම් ඉදල ඔක්කොම කිව්ව. හොදටම දන්න උන් ගෙ වගෙම සැක උන්ගෙත් නම් කිව්ව. උන් අල්ලන්න හමුදාවට ගෙවල් පෙන්නුව. සමහර අයගෙ ගෙවල් වල උන් හිටියෙ නෑ. එහෙම වෙලාවට අපි උන්ගෙ පවුලෙ උන් අරං ආව. හමුදාවෙ කීප දෙනෙක් එක්ක ආයුද අරං මම ඇතුලු තව කීප දෙනෙක් හැමදාම රෑට පලාතෙම ජෙවිපි සැක කාරයො හොය හොය ඇවිදිනව සැක උන් අරං එනව. අදවෙනකොට මට පසුතැවීමක් තියනව මම කල දෙවල් වලට. මම පලිගැනිමට කල දෙවල් වලට. හැබැයි ඒ පසුතැවීම ඇතුලේ මට ලොකු සතුටක් තියනව. මගේ අහිංසක පවුලම විනාස කරපු උන් විනාස කරල මැරුණ පවුලෙ අයට සාදාරණයක් ඉටු කරල දෙන්න ලැබුණ එක ගැන.
ඒ කාලෙ දෙනියායෙ මහ විද්‍යලෙ ප්‍රදාන වදකාගාරයක් පවත්වං ගියා ඒකට තමා අපි අරං එන්නෙ ජවිපයෙ අය. 1989 අන්තිම වෙනකොට මම හමුදාවෙම සාමාජිකයෙක් වගේ දකුණු පලාත පුරාම අපි ක්‍රියාත්මක උනා. හැම දාම රෑට 10-15 එකතු කරං එනව. ඒ දවස් වල උන්ට වද දෙනව බලල මම මහ කාලකන්නි සතුටක් වින්ද. උන් කෑගණ කොට මට මතක් වෙනව මගෙ පවුලෙ අය අයිය අම්ම අක්ක මෙහෙම කෑගහන්න ඇති නේ…අඩන්න ඇති නේ කියල. කිසිම දෙශපාලණයකට සම්බන්ද නැති අක්ක එයාගෙ මහත්තය මරන කොට දනුන වෙදානව මුන්ට දැනෙනව නෙද කියල. කොටිම්ම කාලය එක්ක මම මස් වැද්දෙක් උනා. මිනිස් ලේ මස් අතරේ ජිවත් වෙන අමුසොහොණක ජිවත් වෙන් ඓකෙක් උනා
1990 මුල අපි එක්ක එකට වැඩ කරපු කොල්ලො කීපදෙනෙක් අතුරුදන් උනා. ගෙවල් වලිං කිව්වෙ ජෙවිපි කියල හමුදාවෙන් අරං ගියා කියල. පස්සෙ දවසක් හමුදාවෙ සර් කෙනෙක් කාලයක් මාව දන්න මට කිව්ව මල්ලි පරිසං වෙයන් උඹලට ගේම් එක දෙන්න පොලිසියට ඔඩර් දීල කියල ආරංචි කියල.
මට මහ බයක් දැනුන අම්මයි අක්කයි ඒ කාලෙ උන්නෙ ලොකු අම්මලගෙ ගෙදර. මම එහෙ යනව කියල හමුදාවෙන්ම පාවිච්චි කරපු වාහනෙක ලොකු අම්මලගෙ ගෙදර ආව. ඇත්තට මම එයාලට කියල තිබ්බෙ නෑ මම කරන දෙ. එයාල හිතං උන්නෙ මම කොළඹ ඉන්නෙ කියල. පස්සෙ මම ලොකු අම්මට කිව්ව ජෙවිපී එකෙන් මාව මරන්න හොයනව මට රටින් පැනල යන්න ඔන කියල. පහු වෙනිදම මම ලංකාවෙන් පිට වෙලා රටවල් කීපයක ඉදල පස්සෙ එක්සත් ජාතින්ගෙ සංවිදානය හරහා නෙදර්ලන්තෙ දෙශපාලන රැකවරණය ගත්ත
මම අදටත් තනිකඩයි. මම මානසික ලෙඩෙක්. රෑට නිදා ගන්න බෑ. මම මරණෙට දක්කපු මිනිස්සු කැගහපු හැටි අඩපු හැටි උන්ගෙ ලේ බේරෙන සරීර මට හැම මොහොතෙම පේනව. ඒත් මට මෙහෙම උනේ ඇයි. අහිංසක විදියට ජිවත් උන මිනිස්සු අපේ පවුලම මරල දාල අපේ ජිවිත විනාස කරනා අපි ඔය මාක්ස්වාදී කල්ලියට කර වැරැද්ද මොකද්ද . මම වැරදි දෙවල් කරා කියල අද පසු තැවුනට ඇත්තටම මට වෙන මොනාද කරන්න පුලුවන්. මගෙ පවුලම මැරුව කියල නඩු ගිහින් සාදාරණයක් ලැබෙනකන් බලං ඉන්නද. එහෙම නැත්තං උන් මාවත් මරල දානකං හැංගි හැංගි ජීවත් වෙන්නද මට වෙන විකල්පයක් තිබ්බෙ නෑ මල්ලි. උන් අපිව කැලේ නිතියෙන් බල්ලො බලල්ලු වගේ මැරුව. ඉතුරු උනේ මම එකම පිරිමිය මම මගේ පවුල මරුනු අය වෙනුවෙන් මගේ යුතුකම කලා.
මල්ලිගෙ පවුලටත් ඔහොම කරා නම් කවුරු හරි රටෙ කැලෑනිති හදන් මල්ලිටත් පත් වෙන්නෙ මම පත්වුන තත්වෙට. පොඩි කාලෙ කුරුල්ලෙක්ට කැටපොලෙකින් විදල නැති බල්ලෙක්ට ගලකින් ගහන්නැති මම එක දවසෙන් වදකයෙක් කලේ කවුද?
———-

මේ ජේවීපී භීෂණයේ තවත්ඔ එක්හු අතුරු කතාවක් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *