අවුරුදු 14 ක දැරිය දුෂණය කර මරා දැමු සජිත්ගේ දුෂකයින් පොලිසිය විසින් ආරක්ෂා කරයි

තිස්සමහාරාම මාගම අවුරුදු 14 ක දැරියක් දුෂණය කර මරා දැමු සජිත්ගේ දුෂකයින් පොලිසිය ආරක්ෂා කරයි පොලීසියට ප්‍රබල චෝදනාවක්

රාජකාරියක් හරියට වුනේ නෑ ඒ කට්ටියගේ කැන්ටර්යෙන්ම ඇවිත් ටී 56 ලෝඩ් කර⁣ගෙන බහිනවා

පසුගිය දා එජාප සජිත්⁣ ප්‍රේමදාසගේ ප්‍රබල දේශපාලඥයෙකුගේ වැලි ජාවාරම්කාර ගෝලයින් කිහිපදෙනෙකු එක්ව මාගමදී දැරියක් සමූහ දූෂණයට ලක් කොට යාල කැලයේ සැගවී සිටියෙදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පහරදී වීරවිල පොලීසියට භාරදී ඇති අතර දැනට බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව යටතේ දෙබරවැව මූලික රෝහල අදාල සැකකරුවන් ප්‍රථිකාර ලබයි

දූෂණයට ලක්වූ දැරිය හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිට මියයෑමෙන් පසු මාගම නොසුන් වුනා

අදාල සැකකරුවන් සම්බන්ධන්යෙන් නීතිය ක්‍රියාත්මක නොවන බවත්, ⁣ඔවුන් ආරක්ෂා කිරීම සදහා පොලීසිය කටයුතු කරන බවත් හිරු ප්‍රවෘත්ති වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ගම් වැසියන් විසින් ප්‍රබල චෝදනවාවක් එල්ල කරන අතර, ඒ හේතුවෙන් ඔවුන් සැකකරුවන් වීරවිල පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකයට රාජකාරියක් සිදු වෙතැයි බලාපොරොත්තුවෙන් භාරදුන් බවත් අදාල ප්‍රකාශයේ වැඩි දුරටත් සදහන් වේ

එසේම කිරින්ද පොලීසිය රාජකාරි කටයුතු සදහා පැමිණෙන්නේ සැකකරුවන්ගේ කැන්ටර්වලින් බවත්, ටී 56 ලෝඩ් කරන් වාහනවලින් බහින බවත් අදාල ප්‍රකාශයේ තවදුරටත් සදහන් වේ

ඒ බවට පහත රූපරාමු සාක්ෂි සාධක සපයනු ඇති

ඔබත් ඔබේ දරුදැරියන්ට මේ ඉරණම අත්කරදීමට කැමති නම් එජාපය දිනවා සිරිසේන රනිල් අනුර ප්‍රමුඛ යහපාලනය වෙනස රජ කරවන්න

පගාව දෙනකන් ඡන්දය කල් තැබූ ඉතිහාසයේ කුජීතම කථානායක

අද දවසේදී පළාත් සභා සංශෝධන සහිත පණත 2/3 න් සම්මත කර ගැනීම සඳහා කතානායකවරයා ගත් ඉතිහාසයේ කුජීතම තීන්දුව අප වෙත වාර්තා වේ. රවුෆ් හකීම් ප්‍රමුඛ මුස්ලිම් නායකයින් මෙම පණතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීන්දු කිරීම හේතුවෙන් ආණ්ඩුවට 2/3 බලය අහිමි විය

අනතුරුව කිසිදු හේතුවක් නොදක්වා පාර්ලිමේන්තුව කල් තබන්නට කතානායක වරයා කටයුතු කරනු ලැබූයේ ඉතාමත් අශෝබන ආකාරයටය. අවසන් මුස්ලිම් එක් නායකයෙකුට රුපියල් මිලියන පහ බැගින් අල්ලස් පාර්ලිමේන්තුව තුලටම රැගෙන විත් දීම අද දවසේ පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධම රහස විය.

අල්ලසෙන් පසු ඡන්දය දීමට මුස්ලිම් නායකයින් ඡන්දය දීමට එකඟ වනතෙක්ම කතා නායක විසින් පාර්ලිමේන්තුව කැඳවීමේ සීනුව ශබ්ද කර නොමැති බැවින්, ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තු ඉතිහාසයේ ජරාම ප්‍රජාතන්ත්‍ර විරෝධී කතා නායක ක්‍රියා පරිපාටිය බව පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ක්‍රිකට් වල සූදුව සුමති ටෙලි සම්මානය හරහා කලාවට බෝ කල අමන තිලංග සුමතිපාල

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතා දුර්වල අඩියකට පත් කල සභාපතිවරයා ලෙස අවිවාදයෙන් නම් කල හැකි සභාපතිවරයා තිලංග සුමතිපාල බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ බව අර්ජුන රණතුංග, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වැනි ප්‍රබල අතීත ක්‍රීඩකයින්ද, ඉන්දියානුවන්ට තරඟ ජයග්‍රහණය සඳහා තණතිලි මාරු කරපු ආකාරය ලසිත් මාලිංග විසින්ද හෙළි කරනු ලැබිණ. අද වනවිට තිලංග සුමතිපාල මේ සූදු මාෆියාව කලා ක්ශේෂ්ත්‍රයටද ගෙනවිත් තිබේ. කලාවට මහාර්ඝ සේවයක් කල යූ ඩබ්ලිව් සුමතිපාල හා මිලිනා සුමතිපාල දෙදෙනාගේ නමටද නිගාවක් වෙමින්, ඔවුන් මහත් සමාජ මෙහෙවරකින් ඇරඹි සුමති ටෙලි සම්මානයේ ජනප්‍රියම නලුවා තේරිමේදී කරන අකටයුතුකම් අප වෙත වාර්තා වී තිබේ.

විගණනය කරනවා යැයි කියූවත් කිසිවෙකුට නොපෙන්වන ඡන්ද ගණන වගේම, හිටි හැටියේ එක්වරම ඉහල යන විශ්වාස කල නොහැකි ඡන්ද සංඛ්‍යාව තුල මනාප කැළඹීමක් ඇතිකර එස් එම් එස් තුලින් තම මඩිය තර කට ගැනීමේ ඉතා තිරිසන් වෑයමක තිලංග සුමතිපාල ප්‍රමුඛ සුමති ටෙලි සම්මානකාරයෝ කරන කාර්‍යය අතිශය පිලිකුල් බව කිව යුතුය.

මේ දිනවල ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ සිටින රවීන් කණිශ්කගේ මනාප ප්‍රතිපල හිටි අඩියේම පහල යවා, මේ දිනවල කිසිදු ටෙලි නාට්‍යයයක රඟ නොපාන කාවින්ග පෙරේරා සහ අමිල අබේසේකර ඉහලට එසවීම තුල රවීන් ගේ රසිකයින්ගෙන් වැඩි පුර එස් එම් එස් ගෙන්වා අති විශාල ලාභයක් ලබා ගැනීමේ කූඨ උපක්‍රමය මේ වනවිත් ක්‍රියාත්මක වී ඇති බව සුමති ටෙලි සම්මානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත සනාත කර සිටී. සුමති ටෙලි සම්මානය වෙනුවෙන් වූ ෆේස් බුක් පිටුවේ අදහස් දැක්වීම්වලින් 90% කම මේ පිළිබඳව ඉතා තදබල විවේචන එල්ල වී ඇති අතර, එයින් කිහිපයක් පහත දැක්වේ.

ජවිපේ බොරුව මාට්ටු – අපි සයිටම් බ්ලැක් ලිස්ට් කරලා නෑ – එංගලන්ත GMC කියයි

කතෘ සටහන :
පහත ඇත්තේ සයිටම් පිලිබඳ අපගේ මතය හුවාදැක්වීමක් නොවන බව කරුණාවෙන් සලකන්න. සයිටම් පිලිබඳ අනෙකුත් පක්ෂ ගෙනයන අසත්‍ය ප්‍රචාරයක් ඔබට ගේන ආවා පමණි.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සයිටම් විරෝධී කණ්ඩායම් වැරදි මතයක් ජනතාව වෙත ගෙනයමින් සයිටම් එංගලන්තයේ බ්ලැක් ලිස්ට් කරා යයි අසත්‍ය ප්‍රචාරයක් ගෙනයමින් පවතී.

මෙම ප්‍රචාරය ජාතික පුවත්පත්, මාධ්‍ය ආයතන වෙත යොමුකරමින් ජනතා විමුක්ති පෙරමුණ කියා සිටිනුයේ එංගලන්තයේ GMC විසින් සයිටම් බ්ලැක් ලිස්ට් කර ඇති බවකි. පසුගියදා මහජන රැස්වීමකදී පවා ජනතා විමුක්ති පෙරමුණ මෙය ප්‍රකාශ කරන ලදී.  සුනිල්  හඳුනෙත්තිගේ මෙම ප්‍රචාරය සාවද්‍ය ප්‍රකාශයකි. මොවුන් ජනතාවට බොරු කීමේත් සීමාවක් තිබිය යුතුය.කොට්ටෝරුවා ගහෙන් ගහට ඇන ඇන ගියත් කෙසෙල් ගහට කෙටු දවසට හොට පටලවා ගන්නවා සේ හඳුන්නෙත්ති ප්‍රමුඛ ජවිපේ නඩය මෙවර හොට පටලවාගෙන තිබේ.

හඳුන්නෙත්ති විසින් සයිටම් එංගලන්තයේ බ්ලැක් ලිස්ට් කල බවට ගෙනයන අසත්‍ය ප්‍රචාරය

අප මේ පිලිබඳ GMC ආයතනය වෙතින් විමසීමේදී ඔවුන් පවසා සිටියේ, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තවමත් සයිටම් පිලි නොගන්නා නිසා ඔවුන්ද තවමත් එය පිළිගන්නා ලැයිස්තුවට ඇතුලත් කර නොමැති බවයි. කිසිදු අවස්ථාවක GMC ආයතනය විසින් සයිටම් හී පරීක්ෂාවක් සිදු නොකළ බවත්, එය හුදෙක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව පිලි නොගන්නා නිසා ඔවුන්ද තවම පිලි නොගන්නා බවත් පවසා සිටියේය.

GMC ආයතනය විසින් මේ පිලිබඳ අපට දැනුම් දෙමින් නිකුත් කල ඊමේල් පණිවිඩය.

ශ්‍රීලනිපය බාල්දු කරන්න එපා – මහින්ද ඉදිරියේ මෛත්‍රී අසරණ වෙයි

ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව සමස්ත ශ්‍රී ලංකා දේශපාලනය උඩු යටිකුරු කර තිබේ. ඊයේ දවසේදී ඉතා දැවැන්ත සාකච්ඡාමය දුරකථන ඇමතුම් ගණනාවක් ලාංකීය දේශපාලන ලොක්කන් අතර සිදු වී තිබේ.

අගමැතිවරයා විසින් අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළට අමතා, “මම අජිත්ට නොදී ඔයාට ඇමතිකම දුන්නේ මේ වගේ වෙන්නදැයි” අමතා දැඩි දෝශාරෝපණයක් එල්ල කර ඇත. කෙසේ වුවත් නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම තීන්දුව වෙනස් කිරීමට ඇමතිනිය කටයුතු කර තිබුනත්, ශ්‍රේශ්ඨාධිකරණ විනිසුරන් දෙදෙනෙක් අවසන් මොහොතේදී ඇයව නොතකා, නිවැරදි තීන්දුව ලබා දී ඇති බවයි.

ඒ වගේම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමින්ද සිරිමල්වත්තගේ සම්භන්ධීකරණයෙන් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ශ මහතා අමතා තිබේ. මෙහිදී ඔවුන් දෙදෙනා දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එහි වත්මන් දේශපාලනය පිළිබඳ ප්‍රභල කතිකාවතක් සිදු කෙරී ඇත.

ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේම්ජයන්ත වැනි ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයින් ගේ අදහස් නිසා ඉදිරි මැතිවරණයට එක්ව තරඟ කිරීමට තමන්ට එකඟ විය හැකි බව වත්මන් ජනපතිවරයා, හිටපු ජනපතිවරයාට පවසා ඇති අතර, ශ්‍රී ල නි ප යට එක් නොවන්නේ නම්, ශ්‍රී ල නි ප ය ප්‍රධානව සාදන සංධානයට පොදුජන පෙරමුණත් ඒ හා සම්භන්ධ පක්ෂත් සමඟින් එක්වන ලෙස දන්වා තිබේ.

ඊට පිළිතුරු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලනි ප යට එක්ව තරඟ කිරීමට අවශ්‍යනම්, තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කොට හදන සංධානයේ පක්ෂයක් ලෙස ශ්‍රීලනිපයට එක් විය හැකි බවත්, එසේ කරනවානම් අනිත් පක්ශවලට වඩා වැඩි සුවිශේශී ප්‍රමුඛතාවයක් නව සංධානය තුල ශ්‍රීලනිපය වෙත ලබා දීමට හැකි බවත්‍ ය.

වෙනත් සන්ධානයක සුළු පක්ෂයක් ලෙස ශ්‍රීලනිපය තරඟ කිරීම පක්ෂය බාල්දු වීමක් ලෙස සලකන බවත්, ශ්‍රීලනිපයට එවන් ඉරණමක් උදා කර දී පක්ෂය බාල්දු කිරීමට කටයුතු නොකරන ලෙසත් වත්මන් ජනපතිවරයා හිටපු ජනපතිවරයාට දන්වා ඇත. පසුගිය වසර දෙක තුල දිගින් දිගටම සිදු වූයේ පක්ෂය බාල්දූ වීමක් බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එකතු වී තරඟ කිරීම හැර වෙන විකල්පයක් ශ්‍රී ලනිපයට නොමැති බවත්, අන් පක්ෂවලට වඩා වැඩි ප්‍රමුඛතාවයක් තමන් ශ්‍රීලනිපයට ලබා දෙන්නට තීරණය කලේ, බාල්දූ වී ඇති පක්ෂයට වැඩි වටිනාකමක් ලබා දෙන්නට බවත් හිටපු ජනපතිවරයා වත්මන් ජනපතිවරයාට පවසා ඇත.

කෙසේ වෙතත් කිසිදු එකඟතාවයකින් තොරව අදාල දුරකථන සාකච්ඡාව නිමා වී ඇති බව දෙපාර්ශ්වයේම අභ්‍යන්තර ආරංචි අප වෙත වාර්තා කර සිටියෝය. ජෝන් සෙනෙවිරත්න හා සුසිල් ප්‍රේමජයන්ත ප්‍රධාන කැරළිකාර කණ්ඩායමේ අදහස වී ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා ඉක්මනටම මැතිවරණයකට යා යුතු බවත්, කිසිදු හේතුවක් නිසා එජාපය සමඟ ඇතිවන සන්ධානයකට සහාය නොදිය යුතු බවත්‍ ය. ඒ නිසා එළැඹෙන වඩා වැදගත් අවස්ථාවේදී ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන විය යුතු බවටත්, ඊලඟ අවස්ථාවේදී ඒකබද්ධ විපක්ෂය හා එක් විය යුතු බවත් ය.

කෙසේ වුවත් ඉදිරි මාස හය, ශ්‍රී ලංකා දේශපාලන පිටියේ දැවැන්ත පෙරළි ඇති කරන කාලයක් බැව් අප ඔබට අවධාරණය කර සිටිමු.

ජනාධිපති තාත්තා ලියූවේ මම.. පොරොන්දු වෙච්ච ලක්ශ විසි පහ දුන්නෙ නෑ. – සුනිල් මාධව ප්‍රේමතිලක කියයි

ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය ලියූ “ජනාධිපති තාත්තා” කෘතිය් නිකුත් වීමත් සමඟ මහත් ආන්දෝලනයකට පත්ව තිබේ. ඉතා අසීරුවෙන් ජනපති උපදෙස් සමඟ පොත රචනා කලේ ප්‍රවීන ලේඛක සුනිල් මාධව ප්‍රේමතිලකයන් බව මේ වනවිටට් හෙලි වී තිබේ.

මෙම පොත ලිවීම සඳහා සුනිල් මාධව ප්‍රේමතිලක හට රුපියල් ලක්ෂ විසි පහක මුදලක් පොරොන්දු වී ඇති අතර, එය මේ වනවිටත් ලබා දී නොමැති බව සඳහන්.

චතුරිකා සිරිසේන අද වෙනතුරු පුවත්පතකට රචනාවක්වත් ලියා නොමැති බව මේ වනවිට හෙලි වී තිබෙන අතර,උසස් පෙල කලා විශයන් හදාරා විශයන් හතරම අසමත් බවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග තහවුරු කරයි.

අගමැති නියමයෙන් ගුවන්යානා ඇණවුම අවලංගු කල නිසා රුපියල් බිලියන25.6 AerCap සමාගමට වන්දි ගෙවයි- ජවිපෙ රනිල්ගේ ගැලවුණු කලිසම අන්දන්න උත්සහ කරයි

පසුගියදා සුනිල් හදුන්නෙත්ති නැමැති උගත් බුද්ධිමත් උපාධිධාරී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රූපවාහිනී නාලිකාවක වැඩසටහනකදී ගුවන් යානා ඇනවුමක් පිලිබඳ කරුණු ඉදිරිපත් කරමින් පැවසීමට උත්සහ දැරුවේ එය පසුගිය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයේ මුදල් අවභාවිතාවක් ලෙසය. නමුත් ඇත්ත ඇතිසැටියෙන් හෙළිවී තිබෙද්දීත්, ජාත්‍යන්තර පුවත් සේවාවන් ඇත්ත හෙළිකර තිබෙද්දීත්, මෙවැනි බොරු වලින් රටේ ජනතාව රැවටීමට ජනතා විමුක්ති පෙරමුණේ මිනීමරු නඩය කටයුතු කරන්නේ රනිල් නමැති ඔවුන්ගේ ඩීල්කරුවා බේරාගැනීමට බව මොනවට පැහැදිලි වේ.

රනිල් විසින් සිදුකල අත්තනෝමතික අවලංගු කිරීම නිසා ඩොලර් මිලියන $170 වන්දි ගෙවීමට සිදු වූ බව රොයිටර් සේවය ඉදිරිපත් කල ප්‍රවෘත්තියයි මේ. – http://www.reuters.com/article/us-sri-lanka-aercap-hldg/sri-lanka-to-pay-170-million-to-aercap-for-a350-cancellation-finance-minister-idUSKCN1240ZJ

මේ ඒ පිලිබඳ අප කරන හෙළිදරව්වයි.

ඔබ දන්නවාද, නළුවෙක් නොවී මොලයක් වූ අගමැතිතුමා ගුවන් යානා ඇණවුමක් අවලංගු කර ඔබේ බදු මුදලින් ඩොලර් මිලියන 170ක් (රුපියල් මිලියන 25,960 / බිලියන 25.6) වන්දි වශයෙන් එම AerCap සමාගමට ගෙවා ඇතිබව ?

පසුගිය රජය සමයේ ඇනවුම් කර තිබූ A350 ගුවන් යානා අටෙන් හතරක්, නව රජය පත්වූ වහාම අවලංගු කිරීමට යහපාලනය කටයුතු කළේය. ඡන්ද සමයේ ඔවුන් පවසා සිටියේ මහින්ද රාජපක්ෂ විසින් ඔහුගේ පරිහරණයට පුද්ගලික ගුවන්යානා ඇනවුම් කර ඇති බවත් ඒවා ඔවුන් පැමිණි විගස අවලංගු කරන බවත්ය. ඒ අනුව බලයට පැමිණි විගස කිසිවක් සොයා නොබලා ඒ ගනුදෙනුව අවලංගු කරන ලදී. කෙසේ නමුත් අප කල විමසීමකදී AerCap සමගම පවසා සිටියේ ගුවන්යානා ඇනවුම් කර තිබුනේ සාමාන්‍ය මගී ප්‍රවාහනය සඳහා බවත් එහි පන්තීන් හී යම් යම් වෙනස්කම් පමණක් සිදුකල බවත් එය සාමාන්‍යයෙන් ඕනෑම ගුවන් සමාගමක් තමන්ට ඕනෑ ආකාරයට සුළු වෙනස්කම් සිදුකරන බවත්ය.

කෙසේ නමුත් මේ ඇනවුම අවලංගු කල නිසා AerCap සමගම ඉල්ලා සිටි අලාභය ඩොලර් මිලියන $170ක්ය. කෙසේ වෙතත් එම සමාගම අපට පවසා සිටියේ ශ්‍රී ලංකා රජය එම ගුවන් යානා ඇනවුම අවලංගු කලේ නම් වන්දිය ගෙවිය යුතු නමුත් එම ගුවන් යානා වෙනත් ගුවන් සමාගමකට විකිණීමට කටයුතු සලසා දීමට හැකි වූවා නම් වන්දි මුදල ගෙවිය යුතු නැති බවත්ය.

තත්වය එසේ තිබියදී කැබිනට් අනුකාරක සභාව විසින් 2016-09-07 දින මෙම වන්දි ගෙවීම පිලිබඳ කටයුතු කිරීමට තීරණයක් ගෙන ඇත. මේ අනුව එම ගුවන්යානා වෙනත් සමාගමකට විකිණීම හෝ AerCap සමාගමේ වන්දි මුදල අඩුකර ගැනීමට හෝ කිසිදු සාකච්චාවක් AerCap සමගම සමග සිදු නොකර (AerCap විසින් මෙය තහවුරු කරන ලදී) , සහ කිසිදු කැබිනට් අනුමැතියකින් තොරව  චරිත රත්වත්තේ මහතාගේ ඊමේල් පණිවිඩයට අනුව අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් එම සම්පූර්ණ වන්දි මුදල වන ඩොලර් මිලියන $170 ගෙවා ඇත.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය මුනිවත රකින්නේ, කිසිවක් සොයා නොබලා මහින්දගේ ප්ලේන් යයි අවලංගු කල  ඇනවුම් ඇත්තටම ඇනවුම් කර තිබුනේ සාමාන්‍ය මගී ප්‍රවාහනයට නිසාත් මෙමගින් රජයට සිදුවී ඇති පාඩුව සහ ආර්ථික හානිය සුළුපටු නොවන නිසාත්ය. මේ පිලිබඳ මහා ජනතාවට දැනගන්නට ලැබුනොත් ඔවුන්ගේ රජය කෙරෙහි අප්‍රසාදය තවත් වැඩිවිය හැකි බැවින් මේ පිලිබඳ කිසිදු කෙනෙකුට දැනගැනීමට නොතබන ලෙස සරල ජනාධිපති තුමාත්, මොලයක් ඇති අගමැතිතුමාත් අදාල නිලධාරීනට අවධාරණය කර ඇත.

එය එසේ වෙද්දී එම ඇණවුම අවලංගු කල පසු රනිල් ප්‍රමුක රජය පකිස්ථානයෙන් වෙනම එයාබස් හතරක් කුලියට ගෙන තිබේ. ඉහත ඇණවුම අවලංගු කාලේ ගුවන් යානා අනවශ්‍ය නිසා නම් නැවත පකිස්ථානයෙන් කුලියට ගත්තේ ඇයි ?

උක්ත සඳහන් ඇණවුම අවලංගුකලේ ගුවන් යානා අනවශ්‍ය නිසා යයි ජනතා විමුක්ති පෙරමුණ රනිල්ගේ ගැලවුණු කලිසම ඇන්දීමේ නිරර්ථක උත්සාහයක දී සිටිනු අපට දැකිය හැකිය. ජනතා විමුක්ති පෙරමුණ රනිල්ගේ කලිසම අන්දමින් හෙළුව වසන්නට උත්සහ කරන්නේ මෙම පාඩුවත් මහින්දගේ ගොඩට ඇද දමමින්ය.

රජය විසින් මේ අවභාවිතා කර ඇත්තේ ක්ලින් මෑන් ගේ මුදල් නොව ඔබගේත් රටේත් මුදල්ය. ක්ලින් මෑන්ගේ සේවා කාලය අවසන් වනවිට මහා භාණ්ඩාගාරය ක්ලින් කරනු ඇතිබව දැන් සක්සුදක් සේ පැහැදිලිය.

අපගේ සටහන :
මේ පිළිබඳව සොයාබැලීමේදී සහ විමසීමේදී ශ්‍රී ලංකා ගුවන් සමගම කියා සිටියේ AerCap සමාගම එම ඇනවුමේ අවලංගු කල ගුවන්යානා නැවත විකිණීමක් ගැන සඳහනක් නොකළ බවයි.

කෙසේ නමුත් එම සමාගමෙන් විමසීමේදී ඔවුන් පවසා සිටියේ ශ්‍රී ලංකා ගුවන් සමාගමෙන් එම අවලංගු කල ගුවන් යානා නැවත විකිණීමට ගැනුම් කරුවෙකු සොයදෙනතෙක් ඉන්න කියා ඉල්ලීමක් නොකළ බවයි.

ඔයා දේශපාලනික මල මිනියක් – ඒකාබද්ධයට එක්වීමට ඇමතූ එස් බී ට බැසිල්ගෙන් අතුල් පහරක්.

අරුන්දික ප්‍රනාන්දු ඒකාබද්ධ විපක්ෂයට එකතු වීමත් සමඟ පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි මාරුව පිළිබඳ කසු කුසු වැඩිපුර ඇහෙන්නට තිබේ. ඇමතිවරු අටක් ප්‍රමුඛ මන්ත්‍රීවරු 17ක් මේ වනවිටත් ඒකාබද්ධ විපක්ෂයට එක් වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර, ලබන මාසය තුලදී ආණ්ඩුවෙන් නික්ම එන්නට සැරසෙන පිරිස හා සාකච්ඡා පැවැත්වීම මේ වනවිට සිදු කෙරෙමින් පවතී. ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ද ඒකබද්ධ විපක්ෂයට එක් වීම සඳහා පිඹුරුපත් සකසමින් සිට ඇති අතර, ඊයේ දිනයේදී බැසිල් රාජපක්ෂට දුරකථනයෙන් අමතා තිබෙන බැව් වාර්තා වේ.

අයවැයට කලින් ආණ්ඩුවෙන් බැහැර වීමට තමන් සිතා සිටින බවත්, ඒකාබද්ධ විපක්ෂය සමඟින් එක්වීමට තමන් අදහස් කරන බවත් කියූ එස්.බී. දිසානායක ඇමතිවරයාට, බැසිල් රාජපක්ෂ මහතා අපූරු පිළිතුරක් දී තිබේ. එනම් ඒකාබද්ධ විපක්ෂය සඳහා අවශ්‍ය තරම් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වීමට සූදානම් බවත්, දේශපාලනිකව මලමිනී බවට පත්ව සිටින චරිත නව ගමනකට අනවශ්‍ය බවත් පවසා ඇති බැසිල් රාජපක්ෂ මහතා, ප්‍රතිරූපය නැවත ගොඩ නගාගෙන ඇමතුමක් දෙන්නැයි පවසමින් දුරකථන විසන්ධි කොට ඇත.

අකිල විරාජ් හමුවේ දණින් වැටෙන දයාසිරිගේ පුරුෂ ශක්තිය

දයාසිරි ජයසේකරගේ දේශපාලන ප්‍රතිවාදියා වන අකිල විරාජ් කාරියවසම් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා දණින් වට්ටවා තිබෙන බැව් වාර්තා වේ.

සදුදා සලකුණ වැඩසටහනට සහභාගී වූ දයාසිරි අමාත්‍යවරයා, මහේල ජයවර්ධන හා සිදත් වෙත්තමුණි සැකසූ වාර්තාවේ අයුරින් පාසැල් ක්‍රිකට් නංවන බව කියා සිටියේය. පසුදා උදෑසන අකිල විරාජ් පැවසුවේ අධ්‍යාපන ඇමති තමන් බවත්, පාසැල් ක්‍රිකට් ක්‍රීඩාවට ඇගිලි ගසන්නට දයාසිරි ජයසේකරට කිසිදු ඉඩක් නොතබන බවත්‍ ය.

ඊට එරෙහිව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ජනපතිට ගතු කියූවත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පාසැල් ක්‍රිකට් විශය අකිල විරාජ්ටම භාර දී තිබේ. කෙසේ වුවත් අකිල විරාජ් තම ආසනයේ ජනතාව සමඟ කියා තිබෙන්නේ, “දයාසිරිට පාසැල් ක්‍රිකට් දුන්නොත් ලංකාවේ ක්‍රිකට් වලට වෙච්ච දේමයි පොඩි වුන්ටත් වෙන්නෙ. අනික ඌ මොන නරියෙක්ද මාත් එක්ක හැප්පෙන්න. එවුන් බලෙන් රිංගගෙන හිටියට අපේනේ ආණ්ඩුව” ලෙසයි.

කෙසේ වෙතත් දයාසිරි මේ පිලිබඳව කියා ඇත්තේ අමුතු කතාවකි. “ලොක්කා ක්‍රිකට් නෙවෙයි, වෙන ඕන දෙයක් අකිලට දෙයි.. ගල් කොල්ලාට නොදෙන දේවල් තියෙනවද?” යනුවෙනුයි. කෙසේ වුවත් අකිල දයාසිරි ක්‍රිකට් ගැටුම තුල දයාසිරි ලැබූ පරාජය ලැජ්ජාසහගත යැයි අපිද විශ්වාස කරමු.

අර්ජුන් ඇලෝසියස්ගෙන් රනිල්ට මෛත්‍රීට දැඩි තර්ජන – ජනපති කොමිසම අකුලන ලකුණු

ඊයේ දවසේදී අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුව බලා පිටත් වීමත් සමඟ අර්ජුන් ඇලෝෂියස් විසින් ජනපතිට හා අගමැතිට ප්‍රභල තර්ජන එල්ල කර තිබේ. ජනපති කොමිසමෙන් තම ව්‍යාපාරවලට බාධා එල්ල වීමත් සමඟ සහ අගමැති ජනපති සාකච්ඡා තුලින් විවිධ පුද්ගලයින් මේ කොමිසමට ගෙන්වීම තුල සිදු කෙරෙන තමනට අහිතකර ක්‍රියාමාර්ග පිළිබඳව ඔහු දැඩි විවේචනයක් ඔවුන් දෙදෙනාට එල්ල කර ඇත. ජනපතිවරණ සමයේ සහ මහ මැතිවරණ සමයේ තමන් විසින් මුදල් ලබාදුන් සියළු දේශපාලකයින්ගේ සියළු නම් ගම් හෙළි කරන බවත්, සිංගප්පූරුව හරහා සිදු කෙරුණු සියළු මුදල් ගණුදෙනු කොමිසම හමුවේ හෙළි කරන බවත් කියා ඇති අර්ජුන් ඇලෝෂියස්, තම මාමා සිංගප්පූරුව බලා ගියේ යළි නොඑන්නට බවත් පවසා තිබේ.

ජනපති කොමිසම හකුලන තෙක් හෝ ඊට නිසි විකල්පයක් පොරොන්දු වෙන තාක් ඔහු සිංගප්පූරුවේ සිටින බවත්, එසේ නොදුනහොත් ජනපතිවරණයට කලින් සිදු වූ සිංගප්පූරු මුදල් ගනුදෙනු මාධ්‍ය වෙත ලබා දෙන බවත් පවසා ඇත. කොමිසම හමුවේ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කරන ක්‍රියාව දිගටම කරගෙන යන ලෙස අගමැතිවරයා උපදෙස් ලබා දී ඇති අතර, ජනපතිවරයා පවසා ඇත්තේ “බලමු” කියන වචනය පමණක් බව රහස් ආරංචි මාර්ග තහවුරු කර තිබේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 90කට අධික මුදල් ලබාදීම් පිළිබඳව සාක්ෂි තමන් සතු බව මතක තබා ගන්නා ලෙසද අර්ජුන් ඇලෝෂියස්, ජනපතිවරයාට හා අගමැතිවරයාට වැඩි දුරටත් දන්වා ඇති බව සඳහන්.