මගේ හුස්ම පොද මේ ලොකෙට ගේන්න ඇගේ හුස්ම පොද සඟවාගත් ඒ ආදරණීය අම්මා ඇයයි ——–"මගෙ උපන් දිනෙ වෙනුවෙන් අපේ ගෙදර කවදාවත් උපන් දින පාර්ටි තිබුන් නෑ අම්මව මතක් කරලා සාංඝික දානයක් දෙනවා හැම වසරකම ඒ දවසට"

බොහො දෙනෙක් එක එක අදහස් දක්වපු ෆොටෝ දෙකක් මන් දැක්කා.උදාරි වර්ණකුල සුරීයගෙ දුවගෙ බර්ත් ඩේ එක දවසෙ පොඩි ලමයි ඉන්න නිවාසෙකට ගිහින් ඒ දරුවගෙ උපන් දිනෙ සමරන ජායාරූප දෙකක්.

සමහරු කියලා තිබ්බා ඒක වැරදි ඒ ලමයින්ට දුක හිතෙනවා කියලා.තව අය කියලා තිබ්බා ලමා නිවාස වල උපන්දින සමරන ගොඩක් අය එහෙම තමයි ඒකෙ වරදක් නෑ කියලා… මට නම් හිතෙන්නෙ ඒ කතා දෙකම හරි කියලයි.

උදාරි කියන්නෙ ජනප්‍රිය නිලියක් නිසා යි මේ ජයාරූප කතාබහට ලක් වෙන්නෙ..බොහො දෙනෙක් මේ වැඩේ කරනවා ඉතින්.උපන් දිනෙ කොහෙ කා එක්ක සැමරුවත් මුලින්ම කේක් එක කපන්න ඕනෙ උපන් දිනෙ තියෙන කෙනයි.මන් නම් හිතන්නෙ එහෙම.

මේ වගෙ දේවල් අනවශ්‍ය අවධානයකට ලක් කරන එකෙන් අර ඒ වගෙ තැනක අර අහින්සක ලමයි එක්ක උපන් දිනෙ දවස ගත කරන එකත් නවත්තලා දාවී.ඉතින් එහෙම තැනක උපන් දිනයක් සමරලා තමුන්ගෙ කේක් එක කපලා නිකා උන්නෙ නෑනෙ අර දරුවො එක්කත් ඒ සතුට බෙදා ගත්තා…
තමුන්ගෙ උපන් දිනයක් සමරන්න අම්මා තාත්තා ලග නැති එක ගැන පුංචි හිත් වලට දුකයි තමයි. ඒත් හැමදාම කාගෙ හරි උපන් දිනයක් ඒ ලමයි එක්ක සැමරෙනකොට ඒක සාමාන්‍ය අත් දැකීමක් වෙනවා.ඔය උදාරි සමරපු උපන් දිනෙ ඒ දරුවො දැකපු එකම උපන් දින සැමරුම නෙමෙයිනෙ.පුංචි ලමයි ට අමුත්තක් වෙන්නෙ පලමු අත්දැකීම විතරයි.. දිගින් දිගටම සැමරෙන ඔය වගෙ උපන් දින පාටි ඒ දරුවන්ට නුහුරු නෑ. ඇත්තම කතාව ජායාරූපයෙ කෝණය හැඟිම්බර උනත් ඒ දරුවොන්ගෙ හිතෙ ඒ වෙලාවෙ තියෙන්නෙ අනේ තමන්ටත් මේ වගෙ රස කෑම බීම හම්බෙනවා නේද කියන එකයි.දරුවො හිතනවා නම් හිතන්නෙ ඔන්න ඔය වගෙ පුංචි පුංචි දේවල්.. වැඩිහිටි අපි වගෙ මහා බැරෑරුම් දේවල් හිතන් නෑ

. මන් අනාථ දරුවෙක් නෙමෙයි. ඒත් මන් ඉපදුන දවසෙ මගෙ අම්මා මැරුන නිසා උපන් දිනෙ කියන වචනෙ ඉස්සරහින් සුභ කියන විශේශණය දාන හැම වෙලේම මගෙ හිත ගැස්සෙනවා. මුල්ම දවස් වල මොන්ටිසෝරියෙ අනික් ලමයින්ගෙ උපන් දින වලට කේක් දෙනකොට මොකක්ද උපන් දිනෙ කියලා අවංකවම මගෙ හිතේ හැඟීමක් තිබ්බෙ නෑ.මන් බලන් ඉන්නෙ හැෆ්ෆි බර්ත් ඩේ සෝන්ග් එකෙන් පස්සෙ මට හම්බෙන රසම රස අයිසින් කේක් කෑල්ල කන්නයි.

මගෙ උපන් දිනෙ වෙනුවෙන් අපේ ගෙදර කවදාවත් උපන් දින පාර්ටි තිබුන් නෑ අම්මව මතක් කරලා සාංඝික දානයක් දෙනවා හැම වසරකම ඒ දවසට.එදාට මන් මොන්ටිසෝරිවත් ඉස්කෝලෙවත් ගිහින් නෑ..ඉතින් කවුරුත් අත්පුඩු ගහලා මන් වෙනුවෙන් කේක් කපලත් නෑ.ඉතින් මන් බලන් ඉන්නෙ ඒ දානෙ දවස වෙනකම්.චුටු කාලෙ දානෙ දවසට ගෙදර ආපු හැමෝම මාව ලගට අරන් මගෙ මුණ අත ගගා මහ අනුකම්පාවෙන් එව්වා මෙව්වා කියවනකොට මට තේරුන් නෑ. මන් ඒ අන්කල්ලගෙ ආන්ටිලගෙ මුණු දිහා බලන් මොනාද මේ හැටි කියවන්නෙ කියලා තේරුම් ගන්න උත්සහ කරා විතරයි.හැම දානයක් දවසෙම තාත්තා මගෙ අතින් ලොකුම ලොකු පාර්සලයක් පුජා කරා හාමුදුරුවන්ට.. හාමුදුරුවන්ට වැදලා මන් ඒක උන්නාන්සෙගෙ අතට දෙනවා.මන් මුලින් මෙන්න මේ චාරිත්‍රෙ ගැන ප්‍රශ්න ඇහුවෙ නෑ.. පස්සෙ එක වසරෙදි විතර ඕන් මන් තාත්තගෙන් ඇහුවා හාමුදුරුවන්ට තෑගි දෙන්නෙ ඇයි තාත්තෙ කියලා??
තාත්තා කීවෙ උපන් දිනෙ නිසා කියලයි.මන් ඉතින් කල්පනා කලේ හාමුදුරුවන්ගෙ උපන් දිනයක් නිසා තමයි මන් එහෙම තෑග්ගක් දෙන්නෙ කියලා හාමුදුරුවන්ට.පස්සෙ පස්සෙ කාලයක් යද්දි මමම තේරුම් ගත්තා උපන් දිනෙ හාමුදුරුවන්ගෙ නෙමෙයි මගෙයි කියලා.

ටික ටික ඉහල පන්ති වලට යද්දි උපන් දින සුභ පැතුම් මටත් ලැබුනා. උපන් දිනෙ දවසට ඉස්කෝලෙ නොගිහින් මඟ ඇරියත් පහුවදා ගියාම පන්තියෙ ලමයි හැෆි බර්ත් ඩේ කියන එක මටත් අලුත් අත් දැකීමක් උනා.නමුත් කාලයක් යද්දි මන් හිනා වෙලා තැන්කිව් කියන්න පුරුදු උනා.

ඉස්කෝලෙදි විශ් කරන අයට තැන්කිව් කීවත් අම්මගෙ දානෙ දවසට ගෙදර ට ඇවිත් ආපහු යන්න හදන වෙලාවට ලොකු අම්මලා පුන්චිලා එහෙම මගෙ ඔලුව ඉබලා සුභ උපන් දිනයක් වේවා කියනවා… ඒ වෙලාවට මන් වට පිට බලනවා ලග පාතක තාත්තා ඉන්නවද කියලා … තාත්තා පේන්න නැත්තම් මන් ඒ අයට තැන්කිව් කියලා හිනා වෙනවා.. තාත්තා හරි ලොකු අයියා හරි බලා හිටියොත් එයාලගෙ මුණ දිහා බලලා බිම බලන් නිකා ඉන්නවා තැන්කිව් කියන්න යන් නෑ…
මන් ඇත්තටම හිතන් හිටියෙ උපන් දිනෙ සමරන එක කාට කොයි හැටි වෙතත් මට තහනම් කියලා… අම්මාගෙ ෆියුනරල් එක දවසෙ චුටී අයියව එක අතකින් වඩන් තාත්තා මිනි පෙට්ටියක ඉන්න අම්මගෙ කකුල් ඉබින ෆොටෝ එකක් අපේ දිහා ෆැමිලි ඇල්බම් එකක තියෙනවා.. ඒක දකින හැම වෙලාවකම උපන් දිනෙ සමරන්න මට තියෙන අයිතිය මොකක්ද කියලා මට හරියට ලැජ්ජ හිතෙනවා…
නමුත් කාලෙකට පස්සෙ මන් වැඩිවියට පත් උනාටත් පස්සෙ එක දවසක් උපන් දිනෙකට තාත්තා මහ රෑ කේක් එකක් අරන් ඇවිත් ඒක මට කපන්නයි කීවා. මන් හිටියෙ අම්මගෙ දානෙ වැඩ නිසා හොදටම හෙම්බත් වෙලා නිදාගෙන.මේ මොකද කේක් කපන්නෙ කියලා ඇහුවම අද ඔයාගෙ උපන් දිනෙනෙ දරුවො කියලා කේක් එක කපන්න පිහිය අතට දුන්නා.. එතකොට මන් උන්නෙ 8 වසරෙ විතර. මගෙ උපන්දිනෙ සමරන්න බැරි එකක් නිසාමද මන්දා ගෙදර කගෙවත් උපන් දින මන් ඉපදුනාට පස්සෙ කේක් කපලා සැමරුනෙ නෑ.. නමුත් ඒ වෙනුවට එයාලා කැමති වෙන දෙයක් එදා දවසෙ ලැබුනා…කේක් එක කපන්න පිහිය අතට දුන්නම මන් ඒක අපේ ලොකු අයියට දුන්නා ඔයා කපන්න කියලා… උපන් දින කේක් කපන අයිතිය ඒ තුන් දෙනාගෙනුත් උදුර ගත්තෙ මමයි කියන වරදකාරි හැඟීම ඒ කාලෙ වෙද්දි දැනුන නිසා මට තනියෙන් කේක් කපන්න හිත හදාගන්න බැරි උනා.
අන්තිමට අපි හතරදෙනාම එකතු වෙලා පිහිය අල්ලන් කේක් එක කැපුවා…නමුත් එදායින් පස්සෙ ආයිම එහෙම සිද්දියක් සිද්ධ උනෙ ත් නෑ.අපි ටික ටික ලොකු වෙනකොට උපන් දිනෙ සමරන් නැති එක ලොකු ගානක් උනෙ නෑ. අපි අම්මගෙ දානෙ හැම අවුරුද්දෙම මැයි මාසෙ 18 වෙනිදා දුන්නා… හැබැයි පහු උන අවුරුදු පහලොවක් තිස්සෙ මන් අලුතින් චාරිත්‍රයක් පටන් ගත්තා… උපන් දිනෙ දවසේ රෑට තනියෙන් කේක් එකක් කපලා උපන් දිනෙ සමරන්න මන් පුරුදු උනා.. මෙදා පාරත් මන් ඒක කලා… මන් ඒක කරන්නෙ ඇත්තටම මන් මූසල කෙල්ලෙක් අවාසනාවන්ත කෙල්ලෙක් ය කියන පශ්චත්තාප හැඟිම මටම ඇති නොවෙන්න ඕනෙ නිසා.අනික් එක මන් එහෙම කරලා ඇත්තටම ලොකු ආත්ම ත්ෘප්තියක් ලබනවා.. කේක් එකක් කපන එක මහ දෙයක් නෙමෙයි ඒත් උපන් දිනෙට කේක් එකක් කපනකොට ඇතිවෙන ෆිලින්ග් එක මාරයි… අමාරු අසයිමන්ට් එකක් කම්ප්ලීට් කරලා සබ්මිට් කරා වගෙ මාරම සැහැල්ලුයි.. ජිවිතෙ එහෙම දේවල් තියෙන් ඕනා… හිතාගෙන ඉන්නවා හැම අවුරුද්දකම උපන් දිනේට කේක් කපන්න තනියමම.අවුරුදු 15 ක් කරන් ආවා වගෙ.

ඉතින් වෙන අයගෙ උපන් දින අම්මලා තාත්තලා නැති ලමයි ඉස්සරහා සමරන එක ට ඒ අයට වෛර කරන්නෙ ඇයි?? මන් නම් මගෙ යාලුවන්ගෙ උපන් දින වලට යන්න මාර ආසයි. මට ඒවට දුක හිතුන් නෑ. මන් ඒ අයට ඉරිසියා කලේ නෑ.. මන් හැමදාම පතන්නෙ ඒ අයගෙ සතුටෙදි මන් සතුටු වෙන එකෙන් මගෙ අම්මත් කොහෙ හෝ ඉදන් සතුටු වෙයි කියලා මන් ගැන…
බොරුවෙන් හිත සනසනවට වඩා ඇත්තට මුණ දෙන්න පුරුදු උනාම ජිවිතේ හරි ම පහසුයි..
එච්චරයි!!…..
Chanya Herath

නදී ගංගා තරණයේ, ඉංග්‍රීසියට හරවලද, එහෙම නැත්නම් ඉංග්‍රීසි සින්දුව සිංහලට හැරෙව්වද ?

අනුර කුමාරගේ පුතා,ප්‍රභාකරන්ගේ පුතා සහ නොට්ටිගේ පුතා!

මට ටිල්වින් සිල්ව සහෝදරය හමුවෙන්නට පුලුවන් ද?

ජවිපෙ මූලස්ථානයට ගොඩවැදුන මම පිළිගැනීම්භාර පුද්ගලයාගෙන් විමසුවෙමි.

ටිල්වින් අයිය පොඩිවැඩක ඉන්නෙ මහත්මයා,යැයි පැවසූ එම පුද්ගලයා ඉතාසුහදව මගේ වත-ගොත විමසා  මට අසුනක්ද පිළිගැන්වූයේය.

ටිල්වින් සිල්වා හමුවීමට සිදුවන ප්‍රමාදය පිළිබඳ මගේ කනස්සල්ල  තරමක්  පහවගියේ ටිල්වින් සිල්වා නැතත් ටිල්වින් සිල්වා ගේ මල්ලී හෝ හමුවීම ලොකුදෙයක් යැයි හැඟුනබැවිනි.

ඔබතුමා ටිල්වින් සිල්වගෙ බාලමල්ලි ද? ලොකු මල්ලි ද? හඳුනාගැනීමට ලැබීම පිළිබඳ ගොඩක් සතුටුයි! යැයි ඉබේටමවගේ මට කියැවුණි.

තරමක ලැජ්ජාවට පත්වූ එම පුද්ගලයා වහාම ප්‍රතිචාර දක්වන්නටවිය.

නෑ නෑ මහත්මය,එහෙම ඥාතිකමකට නොවෙයි.අපි අපේ පක්ෂයෙ නායකයින්ට ආමන්ත්‍රණය කරන්නෙ “අයිය” කියලනේ.දැන් බලන්න සිරිඅයිය මලා! දැන් ඉන්නෙ  ටිල්වින් අයිය;ලාල් අයිය;විජිත අයිය;අනුර අයිය… ආදී   අයියලාගේ  දිග ලැයිස්තුවක්ම අපහසුවකින් තොරව එකදිගට ඔහු   කියවාගෙනගියේය.
ආං…හරි හරි,දැන් මට තේරුනා.ජවිපෙ නායකයො සැට්එක ඇවිල්ල අයියල! සාමාජිකයො වෙච්ච ඔහේල සියලුදෙනාම මල්ලිල!
මම හරිනේද?

භරියටම හරි මහත්මය.දැන් තමයි මහත්මයට ජවිපෙ අපේ සංස්කෘතිය නිවැරදිව මීටර්වුනේ,යැයි පවසන අතරතුර මගේ අවබෝධයේ නිවැරදිබව  පිළිබඳ සතුටට පත්වූ ජවිපෙ මල්ලී මට සිසිල්බීමකින් සංග්‍රහකිරීමටද   අමතකනොකළේය.

අයියල මොකෝ,මල්ලිල මොකෝ;වෙනසක් තිබිය නොහැක!
ටිල්වින් නමැති අයියා එනතුරු මා ඉදිරියේ සිටින  ජවිපෙ  සාමාජික මල්ලී සමග කතාබහ ඇරඹීමට මම තීරණය කළෙමි.

ඇත්තටම මොකක්ද ජවිපෙ මල්ලි මේ අනුර අයියගෙ ඥාතිපුතා පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ඉගෙනීම හා ගුවන්සේවා සමාගමක රැකියාව කිරීම සම්බන්ධව පහුගියදිනවල ඇතිවුන කතාබහ?

පව් සිද්ධවෙනව මහත්මය;අහිංසක කොල්ලෙකුටයි කෙල්ලකටයි මුන් කරන කියනදේට ඕකුන්ට හෙණම ගහනව මහත්මය.ජරා යක්කු.අනුර අයියට රිද්දන්න ඕවයින් බෑ .වැඩක් නෑ කතාකරල.යැයි පැවසූ ඔහු කෝපයෙන්-ශෝකයෙන් රතුවූ මුහුණ බිමට නැඹුරුකරගෙන බරකල්පනාවක ට වැටුනි.
ඒ අතරතුර පහත සඳහන් කරුණු  ඔබගේ අවධානයට යොමුකරමි.

මෛත්‍රීපාල ජනපතිගේ පුතා සමාජශාලාවකට පහරදීම ද ,රාජපක්ෂ ජනපතිගේ පුතාලා ගේ රේස්පැදිලි හා රොකට් යැවීම් ඇතුලු නහුතයක් පිස්සුකෙලීම් තරමට  ද ,ඇමතිපුත්තුන්ගේ පිස්සුකෙලීම් තරමට ද ,අනුර කුමාරගේ පුතාගේ කල්ක්‍රියාවේද දේශපාලනිකව සලකාබැලිය යුතු කොටසක් ඇත.

අනුර කුමාරගේ ඥාතිපුත්‍රයා හැදීවැඩුනේ අනුර කුමාරගේ පීතෘභාරකාරත්වය යටතේය.එනම් අනුර කුමාරගේ ඇල්ම-බැල්ම-මගපෙන්වීම යටතේය.එම පුත්‍රයා අනුර කුමාරගේ රියැදුරාලෙසද කටයුතුකළ බව පවසනුයේ ටිල්වින් සිල්වාය.පුත්‍රයාගේ පාර්ශවයෙන් විවාහයට සාක්ෂිකරුවකු ලෙස අත්සන් කරන්නේ විජිත හේරත්ය.අනුර කුමාර එම විවාහ මංගල්‍යයට  මනාලයාගේ මව සමග ප්‍රසිද්ධියේ සහභාගිවන්නේ මනාලයාගේ පියා ලෙසය.එසේනම් මෙම පුත්‍රයාගේ පෞද්ගලිකත්වයේ දේශපාලනිකව වැදගත් හරස්කඩක් තිබෙනබව අවිවාදිතය.එය ඕපාදූප හෝ මඩ-අවලාද හෝ යටතට අයත්වනලෙස සලකා බැහැරකළනොහැක.

ජවිපෙ ,පෙසප ඇතුලු  වාමාංශික යැයි තමන් හඳුන්වාගන්නා බොහෝ සංවිධාන විසින් Sri Lanka Institute of Information Technology(SLIIT) ආයතනය ඇතුලු එවැනි උපාධි පාඨමාලා පවත්වන පෞද්ගලික අධ්‍යාපන ආයතන හඳුන්වනුයේ “හොර උපාධි කඩ”ලෙසය.

ඒ අනුව  අනුර කුමාරගේ අනුදැනුම මත ඔහු තම පුත්‍රයා ඉගෙනීම සඳහා ඇතුළත්කර තිබෙන්නේ හොර උපාධි කඩේකටය!
SLIIT පාඨමාලා ගාස්තුගෙවා තිබෙන්නේ පුත්‍රයාගේ හැබෑ පියා වූ  මියගිය  හමුදානිළධාරියා   ට රජයෙන් ලැබුන දීමනා මුදලින් බව ටිල්වින් සිල්වා පවසයි.

ඉහත කරුණු අනුව,   එක්කෝ අනුර කුමාර ඇතුලු ජවිපෙ  විසින් ඥාති පුත්‍රයා රවටා ඇත!
නැත්නම් අනුර කුමාර ඇතුලු ජවිපෙ විසින් සමස්ත රට වැසියා වූ ඔහේලා-අපි රවටාතිබේ!

එහෙම වෙන්නේ මෙහෙමය;

පුත්‍රයාගේ ඇත්ත තාත්ත වෙනුවෙන් රජයෙන් ලැබෙන දීමනාව හොර උපාධි කඩයකට පූජාකිරීමෙන් පුත්‍රයා රවටා ඇත.

කවුරු කොහොම හිතුවත්   හොර උපාධිකඩේක ඉගෙනීමට වඩා ජවිපෙ ඩ්‍රයිවින් ජොබ් එක නරකමනැත.
තිබුන ඩ්‍රයිවින් ජොබ්එකටත් කෙලවාදමා  අනුර අයියා විසින් කොලුපැටියා හද්දාඅමාරුවක වට්ටලාය!

නැතහොත් SLIIT වැනි ආයතන හොර උපාධි කඩ නොවන බව අනුර කුමාර ඇතුලු ජවිපෙ  විසින්  හොඳාකාරවම දැන දැනම,  ඔහේලාගේ අපේ දරුවන් එවැනි  පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට ඇතුළත්ව ඉගෙනීමලබා දේශීය හෝ විදේශීය හෝ රැකියා අවස්ථාවක් ලබාගෙන ආර්ථිකමය සමාජමය ස්ථාවර බවක් ලබාගැනීම වළකාදැමීම ට බොරුබිල්ලෙක් මවා පෙන්වා ජනතාව රවටා ඇත.

ඉහත රැවටිලි දෙකෙන් අනුර කුමාර ඇතුලු ජවිපෙ  විසින්  සිදුකරන රැවටිල්ල වනුයේ දෙවැන්නවූ ජනතාව රැවටිල්ල බව ඉතා පැහැදිලිය.

අනුර කුමාර නොව මෙලෝ මිනිහෙක් තමන්ගේ දරුවකු නොව දන්න හඳුනන අයෙකුවත් මුදල්ගෙවා  ඉගෙනීම ලැබියයුතු හොරඋපාධි කඩයකට යොමුනොකරන බැවින් කාරණාව ඔබට පැහැදිලි යැයි සිතමි.

අනුර කුමාරගේ පුත්‍රයාට පෙම්වතිය හමුවන්නේ “හොර උපාධි කඩේකින්” ලබාගත් දැනුම හා සහතිකයට පිංසිද්ධවෙන්නටය.ගුවන්සේවා සමාගමක සුලුරැකියා මට්ටමකවුවද සමාජවටිනාකමක් ඇත.චාම්ලෙස හෝ ලස්සනට මංගලඋත්සවයක් පවත්වා නව ජීවිතයකට පියවර තබන්නට පුත්‍රයාටඉඩ ලැබුනේ “හොර උපාධි කඩේ”ට පිංසිද්ධවෙන්නටය.අපි හැමෝම  කොලුපැටියාගේ සුබඅනාගතය පිළිබඳ සතුටුවිය යුතුය.
ගැටලුව එය නොවේ,අනුර කුමාරගේ පුත්‍රයාගේ ලෝකයට ඔබගේ පුතා-දුවට පියවරතබන්නට තිබෙන අවස්ථාව හා අවකාශය අනුර කුමාර ඇතුලු ජවිපෙ  විසින් බොරුබිල්ලෙක් මවා පෙන්වා වළකාදැමීමය.මෙම “නඩුව” ඒ පිළිබඳවය.

අනුර කුමාර හොර උපාධි කඩ පතුරු ගහන අතරේ රටටම හොරෙන් තම පුත්‍රයා හොර උපාධි කඩේකටම යවයි!
එහෙත් කුමන “රෝලක් ගහල” හෝ දරුවෙකුට ඉගැන්වීමට හැකියාව, ඉඩකඩ තිබෙන සමාජස්ථරයේ  විශාල පිරිසකගේ දරුවන්ට එම අවස්ථාව ග්‍රහණය කරගැනීම වළක්වා  එම දෙමව්පියන් හා දරුවන් අධෛර්යය කරන හොරඋපාධිකඩ භීතිකාවක් මවාපෙන්වයි.

මෙහි බරපතල පරස්පරයක්,කුහක; වංචනික ස්වභාවයක් තිබෙන බව බැලූ බැල්මටම පෙනෙයි.

ඇත්තටම ජවිපෙ මල්ලි,කොහොමද අනුර අයියගෙ පුතා මිහින්ලංකා ජොබකට සෙට්වුනේ?ඒක වහනකොට එයාර්ලංකා එකටත් සෙට්වෙලා!  මේකෙ පොඩි රහසක් තියෙන්න බැරිද?

ජවිපෙ මල්ලි මට කරුණු පහදාදෙමින් කතාකරයි.

රහසතමයි මහත්මයා රාජපක්ෂ පාලනයේ  අන්ත දූෂිත බව.දැන් බලන්න මහත්මය,ඒ දරුව හොර උපාධි කඩේකින් පුංචි කෝස් එකක් කෙරුවෙ.ටිල්වින් අයිය පත්තරේට නිශ්චිතවම කිව්ව ඒක පොඩි,පුංචි කෝස් එකක් කියල.නමුත් මිහින්ලංකා එකෙන් පටස්ගාල දරුවට ජොබ්එකක් දුන්න.ඒකෙන්ම පේනවනේද  මිහින්ලංකා කියන්නෙ දූෂිතම ආයතනයක් කියල.හරිහමන් ආයතනයක්නම් ඔය වගේ  හොරඋපාධි කඩේක පොඩි,පුංචි කෝස් එකක  සහතිකයකට රැකියාවක් දෙයි ද?

ජවිපෙ මල්ලී ඇටනැතිදිව හතරඅතට නවමින් නොනවත්වා කතාකරයි.

අනිත් කාරණය තමයි මහත්මය  අපේ ජවිපෙ අයියලගෙ දරුවො, ඥාති ඔය ආයතනවල රැකියාලබාදීල රිංගවන එක ජවිපෙ අපේ උපක්‍රමික වැඩක්නේ. එතකොට  ඔය ආයතන ඇතුළෙකෙරෙන දූෂන වංචා අක්‍රමිකතා ආදියේ  තොරතුරු සියල්ලම අපට හොයාගන්න හරිම පහසුයිනේ.පාර්ලිමේන්තුවෙදි  අපේ අනුර අයියල     ගිරිය කඩාගෙන කඩදාසි මිටිගණන් අතේතියාගෙන කතාකරන්නෙ දරුවන්ගෙන් ඥාතින්ගෙන් ලැබෙන එවැනි තොරතුරු පදනම්කරගෙන නේ.

කොලපාට-නිල්පාට මැති-ඇමතිලා රැකියා ලබාදෙනවිට ජවිපෙ ට ගෑවිච්ච එකෙකුට රැකියා නොදෙති.එහෙම ලෝබ නැතිව බෙදන්නට රැකියා ද නැත.ගමේ බිම්මට්ටමේ කනගාටුදායක ඇත්ත කතාව එයයි.එහෙත් ජවිපෙ නායකයින්ගේ දරුවන්ට, සමීපතම ඥාතීන්ට එම බාධකය නොමැත.පුංචි කෝස් එකක් කිරීම රැකියාවකට ප්‍රමාණවත්ය!

දැන් අපි ප්‍රභාකරන්ගේ පුත්‍රයා දෙසට හැරෙමු.

1983 ජූලි 15 හමුදාව සමග සටනකදී මියගිය චාල්ස් ලූකස් ඇන්තනී යනු වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මුල්කාලීන සටන් සගයෙකි.තම මිතුරාට ගෞරව කිරීමට ප්‍රභාකරන්, තමාගේ පුත්‍රයාට ද චාල්ස් ඇන්තනී නම තැබුවේය.

ප්‍රභාකරන්ගේ පුතා විභාග දෙපාර්තමේන්තුව පැවැත්වූ සාමාන්‍ය පෙළ විභාගයටද පෙනීසිටිබව මාධ්‍යවාර්තාපළවිය.ප්‍රභාකරන්ගේ පුතා හොර පාරෙන් එංගලන්තයට යැවීමෙන් අනතුරුව පරිගනක තාක්ෂණය ඇතුලු උසස් අධ්‍යාපනයට යොමුකළ බවද ප්‍රකටය.එහෙත් නැවත හොරපාරෙන් උතුරට තම පුතා ගෙන්වාගත් ප්‍රභාකරන් ඔහුට කැලෑසූට් අන්දවා තුවක්කුවක් අතටදී පුතේ උඹත් සටන්බිමේ සටන් කරපන් යැයි පැවසුවා නොවේ ද?
අවසාන ප්‍රතිඵලය වුනේ තාත්තල පුතාල සියලුදෙනා මරුවැළඳගැනීම නොවේද?
තමන් කතාකරන දෙය ක්‍රියාවෙන් පෙන්වූ ප්‍රභාකරන් තමන් පෙනීසිටි අරමුණට කොතරම් අවංකද යන්න සිතාබැලීම ඔබට බාරය.

තමපුත්‍රයාට දෙමළ ඩයස්පෝරාවේ රැකවරණය යටතේ යුරෝපය,කැනඩාව,ඕස්ට්‍රේලියාව කී-නොකී ඕනෑම රටක සැපසේ දිවිගෙවීමට හැකියාව තිබියදී;අවමවශයෙන් මැලේසියාව,සිංගප්පූරුව වැනි රටකවත් තමපුත්‍රයා රඳවානොතබා තම පුත්‍රයාගේ අතටද තුවක්කුවක් ලබාදී තමපුත්‍රයා උතුරේ යුදබිමට යැවූ එකම තාත්තා වේලුපිල්ලේ ප්‍රභාකරන් නමැති තාත්තා ය!!

ප්‍රභාකරන් තමන් කතාකරන-ක්‍රියාකරන අරමුණට කොතරම් අවංකව කටයුතුකර තිබේද?ඇදහිය නොහැකිතරම් අවංකවී තිබේ.

අපි නැවත ජවිපෙ මල්ලිට සවන්දෙමු.

ඒක නොවෙයි ජවිපෙ මල්ලි,දැන් බලන්න වාසුදේව නානායක්කාරගෙ පුතා,දිනේෂ් ගුනවර්ධනගෙ පුතා,මහාචාර්ය නලින් ද සිල්වගෙ පුතා,ගුනදාස අමරසේකරගෙ පුතා ඇතුලු මේ සටන්කාමී, ප්‍රගතිශීලී නායකයින්ගෙ දරුවො ඇමරිකාවෙ,එංගලන්තෙ ඉගෙනගෙන ඒවයෙම රැකියාකරමින් ජීවත්වෙනව.තාත්තලගෙ දේශපාලනයට ගෑවිලාවත්නැති වෙනස්ම වෘත්තීන්හි යෙදෙනව.මේ ගැන පොඩි පැහැදිලිකිරීමක් කරන්න පුලුවන්ද?

ඒ විතරක් ද මහත්මය,අපේ හම්බන්තොට ජවිපෙ නිහාල් ගලප්පත්ති සහෝදරයගෙ පුතා ඉගෙනගන්නෙත් එංගලන්තෙ නේ!

ඒකට ප්‍රධානහේතුව තමයි මහත්මය කළින් කියපු නම්ලැයිස්තුවෙ හැමෝම අඩු වැඩි වශයෙන් වමේ දේශපාලනයෙන් ආරම්භයගනිපු නායකයොවීම.වාමාංශිකයො පවුල්වාදයට තදින්ම විරුද්ධයි නේ මහත්මය.

ඒ නිසා තමන්ගෙ දූදරුවො තමන්ගෙ වමේදේශපාලන ව්‍යාපාරයට සම්බන්ධකරගන්නෙම නෑ.තමන්ගෙ දරුවො පක්ෂෙට ආවොත් ලෙඩ ගොඩයි.තාත්තලගෙ පවර් එක ඇඟට අරගෙන පක්ෂෙ සාමාජිකයන්ට පාට් දානව.රටේ මිනිස්සුත් කියන්නගනීවි තාත්තලගෙ පුතාලට නායකතනතුරු මන්ත්‍රීකම් දෙන්න කියල.එතකොට තනිකර රාජපක්ෂල බණ්ඩාරනායකල වගේ පවුල්වාදය ට වමේපක්ෂය යටකරනව.ඒක වළක්වල සුදුස්සාට දක්ෂයන්ට වමේ පක්ෂතුළ ඉදිරියට එන්න ඉඩසලසන්න තමයි වාමාංශික නායකයො තමන්ගෙ දූදරුවො තමන්ගෙ වමේපක්ෂයට සම්බන්ධනොකරඉන්නෙ.

වාමාංශික නායකයො තමන්ගෙ දරුවන්ට හොඳට උගන්වනව මහත්මය .ලාල් කාන්ත අයිය තමන්ගෙ දුවට මාසෙකට වැයවන ටියුෂන්ගාස්තුව රු.තිස්දාහක් බව ප්‍රසිද්ධියෙම කිව්ව මතකඇතිනේ.ලංකාවෙ මදිනම් පිටරටත් යවල උගන්වනව.ඊටපස්සෙ ගැලපෙන මඟුලකුත්කරලදීල පැත්තකටම කරනව.වමේපක්ෂයේ පැත්ත පළාතකට වද්දගන්නෙනෑ.වමේ අපි පවුල්වාදය ට විරුද්ධයිනේ මහත්මය.
ඇටනැති දිව හතර අතට නවමින් ජවිපෙ මල්ලි සුපුරුදු වාග්හරඹයේ යෙදෙයි.

තමන්ගෙ දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාලයන්ට,ජාත්‍යන්තර පාසැල්වලට,මන්ත්‍රීවරප්‍රසාද මගින් විශාඛා විද්‍යාලයට ,ඥාති සබඳතාමත එංගලන්තයට යවා තම දූදරුවන්ගේ ජීවිත සහ අනාගතය සුරක්ෂිතකරන්නට සූක්ෂ්මව කටයුතුකරන ජවිපෙ නායකයෝ-වමේ නායකයෝ ජනතාවගේ දරුවන් වීදිසටන් සඳහා කැඳවාතිබේ!! වීදිසටන් දරුවනි කාපියව් වෙඩි!! නොව කාපියව් පිදුරු,බීපියව් පුන්නක්කු කිව්වලු!

වමේ දේශපාලන නායකයින්ගේ එම දෙබිඩි පිළිවෙත හමුවේ ප්‍රභාකරන් ගේ විශිෂ්ටතාව මොනවට කැපීපෙනෙයි ද?
මහත්මයා;ජවිපෙ අපි කොහේදිවත්,කාටවත් කියල නෑ පෞද්ගලිකව අධ්‍යාපනය ලබන්නට එපා කියල.ජවිපෙ අපි කතාකරන්නෙ ඊටවඩා පළල් කාරණයක්.ජවිපෙ අපි සහ අනෙකුත් සියලුමදෙනා විරුද්ධවෙන්නෙ අධ්‍යාපනය පෞද්ගලීකරණයට ආණ්ඩුව විසින් කටයුතුකරනු ලැබීම සම්බන්ධවයි.අදාළ කාරණය සංයුක්තව අවබෝධනොකරගැනීමේ අවුලක් මහත්මයට සිද්ධවෙලා තියෙන්නෙ.හුදෙකලා සිදුවීමක් ඉස්මතුකරමින් පළල් ජනඅරගලයක් හෑල්ලුවට ලක්කිරීම සුදුසු නෑ මහත්මය.

ජවිපෙ මල්ලී, න්‍යායිකව කරුණු විග්‍රහයකට ප්‍රවේශවිය.

සංයුක්ත ද මොකක්ද කිව්වඑක මට හරියට අවබෝධයට ආවෙ නෑ මල්ලි!

සංයුක්තව කියන්නෙ මේකයි මහත්මය;වනාන්තරය අවබෝධකරගන්න පැලෑටි,පඳුරු,ගස්-වැල් සියල්ල එකට සලකන්න ඕන නේ!තනි පැලෑටියක් හෝ ගහක් හෝ වෙනම සලකාබැලුවට වනාන්තරය මොනවගේද කියල අවවබෝධකරගන්න කොහෙත්තම බැහැනේ මහත්මය.

ඒ වුනාට තනි තනි ගස්වල ස්වභාවය අනුව වනාන්තරයේ ස්වභාවයද වෙනස්වන බව මල්ලි දන්නවද? නිවර්තන වර්ෂා වනාන්තරය, සෞම්‍යකලාපීය වනාන්තරයට වඩා වෙනස්වෙන්නෙ ඒකනේ මල්ලි.ඒ නිසා ගස් පිළිබඳව වෙනම සලකාබැලීමද අත්‍යවශ්‍යයි මල්ලි.

මම එකට-එක කැපෙන පිලිතුරක් දුනිමි.

අයියෝ !මහත්මයට ‘අන්දකයිප්පු’ කැවිල ද කොහෙද;

ජවිපෙ මල්ලී තම කේන්තිය යටපත්කරගෙන අනුර අයියාගේ වැඩේ අවුල ගොඩඩදමන්නට දන්න සෙල්ලම් සියල්ල දමමින් කතාකරයි.

මම දන්නා වමේන්‍යායක් නැතත්, අවංක බව සහ ඍජු බව පිළිබඳ බුදුන්වහන්සේගේ න්‍යාය මෙතැනට හොඳින් ගැලපිය හැකිබවනම් දනිමි.

බුදු දහම අනුව ඇතුළත එකයි පිටත එකයි දෙකක් බැරිය. “යථාවාදී තථාකාරී, තථාකාරී යථාවාදී” වියයුතුය.
යමක් කියනවා නම් ඒ දෙයම කරයි. යමක් කරනවා නම් ඒ දෙයම කියයි.

තමන්ගෙ දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාලයන්ට,ජාත්‍යන්තර පාසැල්වලට, එංගලන්තයට යවා උගන්වන අතරේ වැදිබණ දෙසීම හෙවත් යථාවාදී තථාකාරීත් නැති තථාකාරී යථාවාදීත් නැති කෛරාටික දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවිට එවැනි වම්මු සමග ජනතාව අත්වැල්බැඳගනියි ද?

මෙහි ඛේදනීය බව එපමණක් නොවේ.බිම්මට්ටමේ වාමාංශිකයා තම අඹුදරුවන්ද වමේ පක්ෂයට සම්බන්ධකරගෙන දේශපාලනයේ යෙදීමය.බිම්මට්ටමේ වාමාංශිකයාගේ බාලපුතා පෝස්ටර් ගහන අතරේ මද්දුමපුතා කැටහොල්ලා මුදල් එකතුකකරයි.ලොකුපුතා ටයර්සෑයක දැවීඅලුවී හමාරය.බිරින්දෑ පක්ෂ සාමාජිකයින්ට බත් තම්බයි!
මුලු පවුලම පක්ෂයට දායකවේ.

බිම්මට්ටමේ ජවිපෙ සාමජිකයා මැයි රැළියට එන්නේ පෙළපාලියන්නේ පවුල්පිටින්ය. ඡන්ද කැන්වසින් යන්නේ පවුල්පිටින්ය.පොඩිපුතා කරේතියාගෙන ඌටත් පුංචිපහේ රතුකොඩියක් දීලාය!පොඩිපුතා විසින් හැමඑකාටම ආමන්ත්‍රණය කරනුයේ “සහෝදරයා”කියලාය.හැමඑකාම පොඩිපුතාට ආමන්ත්‍රණය කළයුත්තේද “සහෝදරයා”කියලාය!නැත්නම් පොඩිපුතාට මලපනියි!එහෙම දවසට පොඩිපුතා රෑට බත්නොකා නින්දටයෑමෙන් මහඑවුන්ටතම විරෝධය දක්වයි. යමක්කමක් නොතේරෙන පොඩිපුතාගේ මනසටද ජවිපෙ සංස්කෘතිය කාවැදිලාය.

අහෝ ඛේදයකි; අනුරලා ගලප්පත්තිලාගේ දරුවන්ගේ ෆේස්බුක් පිටු සමනල කතා-බතා සහිත සාමාන්‍යකොලුකුරුට්ටන්ගේ අදහස්වලින් පිරිලාය!

71 සහ 89 ඝාතන දෙකකට පසුව අදත් හම්බන්තොට ජවිපෙට ස්ථාවර ඡන්ද තිස්පන්දාහක ඡන්දගිණුමක් අයිතිවතිබෙනුයේ බිම්මට්ටමේ සාමාජිකයා තම දෙවනපරම්පරාවට තෙවන පරම්පරාවට වමේදේශපාලනය උරුමකළ බැවිනි.ඒ එක නිදසුනක් පමණි.

පානදුර,අවිස්සාවේල්ල,කඩුවෙල,කැස්බෑව,හෝමාගම,මහරගම වැනි මැතිවරණකොට්ඨාශවල ඡන්දපදනමේ විශාල පංගුවක් වමටබර වී පවතිනුයේ තම මතවාදය දෙවනපරම්පරාවට තෙවන පරම්පරාවට උරුමකළ බිම්මට්ටමේ වාමාංශිකයන්ට පිංසිදුවෙන්ටය.තවබොහෝ නිදසුන් ඇත.

කොල-නිල් ධනපති පක්ෂවල දේශපාලුවන්ගේ හත්මුතුපරම්පරාවම දේශපාලනයට එන්නේ “රස” දන්නා බැවිනි.

වමේ නායකයින්ගේ දෙවනපපම්පරාව හෝ වමේ දේශපාලනයට නොඑන්නේ ඇයි?
වමේනායකයින් වමේ දේශපාලනයට තම දූදරුවන් නැඹුරුනොකරන්නේ ඇයි?

වමේ දේශපාලනය හේතුකොටගෙන තමන් හිමිකරගන්නා කීර්තිය මගින් වමේ නායකයින් උපයාගන්නා සමාජ වටිනාකම් භාවිතකර තම දූදරුවන් ඉහළ සමාජයට ඔසවාතබන අතරේ බිම්මට්ටමේ වමේ සාමාජිකයාගේ දරුවා තාත්තා ගිය මගම යන්නේ ඇයි?
මගේ ඉහත පැනයට අපූරු පිලිතුරක් දුන්නේ ජවිපෙ මල්ලීය.

මහත්මය අහල තියෙනවද “අප්ප කරපු දේ පුතා නොකලොත්
not උගේ පුතා කියමන?
“not උගේ පුතා” කියමනක් මා අසා නැත! “අප්ප කරපු දේ පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතා” බවනම් අසා තිබේ.

මහත්මය, අදත් මගේ පුතා රැකියාවිරහිත උපාධිධාරී සංගමයෙ!ඌට රැකියාවක් ගන්න දේශපාලුවො එක්ක මම “ඩීල්” දාන්නෙ නෑ මහත්මය.ඌත් මම වගේමයි.මැරුවත් ජවිපෙ ට වැඩ!

කෝපයෙන්යුතුව තව මොනවදෝ දොඩවමින් ජවිපෙ මල්ලී මූලස්ථානය තුළට ගියා ගියාමය! ආපසු ආවේ නැත.

“not උගේ පුතාලා” සහ “නොට්ටිගේ පුතාලා” කවුරු කවුරුන් ද යන්න හිතාබලමින් මම මගට බැස්සෙමි.

පුංචිහේවා
2017.07.08

උදව් කරන්න ගොස් මියගිය රණවිරුවාගේ සොහොන ගැන පලකල සටහනකින් ෆේස්බුක් කැළඹෙයි

” ඩෙංගු මදුරුවන් නිසා සිය ගණන් මිය යන කලයේ ගංවතුරින් ජනතාව මුදා ගන්න ගිහින් ජිවිතය නැති උන ගුවන් හමුදා සෙබලාට බැදපු සොහොන් කොතත් ඩෙංගු මදුරුවන්ට නිවාස තනාදෙන ආකරයට නිර්මාණය කරල තියන හැටි දැක්කම අටපාස් ආමි කාරයො කියන එක සාධාරණයි කියල හිතෙනව.” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකාවක් විසින් තැබූ ෆේස්බුක් සටහනක් නිසා ෆේස්බුක් කණ්ඩායම් යම් කැළඹීමකට පත්වී ඇත.

මෙවැනි අපදා අවස්ථා වල මෙවැනි පටු අදහස් සහ අරමුණු මගින් දේශපාලන පක්ෂ වාසි ලබාගැනීමට කටයුතු කිරීම ඉතාමත් පිළිකුලෙන් යුතුව අප හෙළාදකින බව මාධ්‍ය කණ්ඩායමක් ලෙස අවධාරණය කර සිටිමු.

මහේෂ් පුංචිහේවා,
Leaks LK කණ්ඩායම වෙනුවෙන්.

 

වැඩි දුර ඉගනීමට ගෝඨාභය සිංගප්පුරු යයි

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශිෂ්‍යත්වයක් ලබා සිංගප්පූරුව බලා ඊයේ (30දා) පස්වරුවේ පිටත්ව ගියේය.මේ ආරාධනාව ලැබ තිබෙන්නේ සිංගප්පූරුවේ එස්. රාජරත්නම් ජාත්‍යන්තර අධ්‍යයන සඳහා වූ ආයතනයෙනි.

පුරා මසක කාලයක් රාජ්‍ය ආරක්‍ෂාව, යුද උපාය මාර්ග පිළිබඳ අධ්‍යයන කටයුතු වලට අදාළ පාඨමාලාවක් හදාරා ඔහු යළි පැමිණෙනු ඇත.

අත්‍යවශ්‍ය ආහාරපාන පාලන මිලගණන් වලට නෑ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය

[pdf-embedder url=”http://leakslk.com/wp-content/uploads/2017/03/press-release-caa-30.pdf” title=”press release caa 30″]

පූටින්ගේ තෑග්ග කටුගෙට

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකල රුසියාවේ තෙදින නිල සංචාරයේදී රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් ලබා දුන් කස්තානය ජාතික කෞතුකාගාරයේ තැන්පත් කිරීමට තීරණය කර තිබේ.

එය මේ සතියේදී ජාතික කෞතුකාගාරයට බාරදීමට නියමිතය.

ජනාධිපති ව්ලැඩිමිර් පුටින් තිළිණයක් ලෙස ලබා දුන් පෞරාණික වටිනාකමකින් යුත් කස්තානය මහනුවර යුගයේ රාජකීය කස්තානයක් වන අතර 1906 දී පමණ එංගලන්තයට ගෙන ගොස් තිබියදී එංගලන්තයේ පැවැති කෞතුක භාණ්ඩ වෙන්දේසියකින් රුසියාව විසින් විසින් මිලදී ගෙන තිබිණි.

එම කස්තානය සමග එහි ඉතිහාස ගැන තොරතුරු ඇතුළත් ලේඛණයක්ද දී ඇත.

ඒකාබද්දයේ මැයි රැළියට කොළඹ කිසිම පිට්ටනියක් නොදෙයි..

මැයි දිනය වෙනුවෙන් ඒකාබද්ද විපක්‍ෂය විසින් සංවිධානය කර ඇති මැයි ගළිය පැවැත්වීම සදහා කොළඹ නගරයේ කිසිම පිට්ටනියක් ලබා නොදීමට රජය කටයුතු කරමින් සිටින බව ඒකාබද්ද විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මුලින් ගෝල්ෆේස් පිටිය ඉල්ල සිටියක් රජය එය ප‍්‍රතික්‍ෂෙප කල නිසා හයිඞ් පිටිය ඉල්ලූවද එයද ලබා නොදීමට කටයුතු කර ඇතැයිද කී මන්ත‍්‍රීවරයා මේ වන විට කොලඹ නරගයේ බොහෝ පිට්ටනි විවිධ මැයි රැලි සදහා වෙන් කර ඇති බැවින් ඒකාබද්ද විපක්‍ෂයට මැයි රැලි සදහා කොලඹ නගරයේ කිසිදු ස්ථානයක් ලබා නොදීමේ තත්වයක් මතුව ඇති බවත් පැවසීය.

පූජිත ගේ පන්නල පොලිසිය නීතිය නවයි. ජයවික්‍රම පෙරේරා නීතිය නමලම අරියි…..

කටුගම්පල ආසනයේ උඩුගම ග්‍රාමයේ නිරායුද තරුණයන් තිදෙනෙකුට අමානුෂික ලෙස කඩුවකින් කොටා කකුල් කඩා දැමූ M.M. මහේෂ් සංජය මාරසිංහ නොහොත් බූරු මහේෂ් යන මුදල් වංචා කරුවෙකු වන අපරාධකරුට අමාත්‍ය ජයවික්‍රම පෙරේරා රැකවරණය ලබා දෙයි. පසුගිය ඉරිදා මෙම සිදුවිම සිදු වු අතර තවමත් අපරාධකරු අත් අඩංගුවට ගෙන හෝ තුවාලකරුවන්ගෙන් කට උත්තර ගැනීමට පන්නල පොලිසිය සමත් වී නැත .

මෙම අපරාධය සිදුකල පසු අපරාධකරු ගේ නිවසට ම පැමිණ ඔහුට රැකවරණය ලබාදී ඔහුව රැගෙන ගොස් ඇත්තේ තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශයේ නාමපුවරු යෙදු කැබ් රියකිනි.

ගම් වාසීන්ගේ ගල් ප්‍රහාර මැද මෙම අපරාධකරුට රැකවරණය ලබාදීම සිදුව ඇත.අපරාධකරු මේ වන විටත් ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා ගේ නිවසේ රැකවරණය ඇතුව සිටින අතර පන්නල පොලිසිය සිය ස්වාධීන තත්ත්වය දේශපාලන බලයට බිලි දී සිටී.

මේ අතර බූරු මහේෂ් අමානුෂික ලෙස පහරදුන් තුවාලකරුවන් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබයි.

නිතිය නවන පොලිස්පතිතුමනි ඔබගේ ආයතනය මේ නවන නැවිල්ලට නුදුරේම අහිංසක මහජනයාගේ බෙල්ල ගැලවී යාහැකි බව මතක් කර දීමට කැමතිය. අසූ ගණන්වල නමපු නැවිල්ලට හැටදාහක් වුවත් ඔබතුමන්ලා මෙවර නවන නැවිල්ලට එම අගය දෙගුණ තෙගුණ වියහැකි බවද සඳහන් කිරීමට කැමතිය. 

Leaks LK විශේෂ වාර්තාකරු

 

ලේලිට කෙලින්න පුතා මැරෑ අනුර දිසානායක නම් නැන්දම්මා.

JR-Premadasa-Ranil එජාප ආණ්ඩුව විසින් පණ පිටින්ම සොහොන් කරන ලද ජනතා විමුක්ති පෙරමුණ අළු මතින් නැගිටුවීමේ බර දෙවුරට ගත් සීමිත පිරිස අතර විමල්ට හිමි වූයේ සුවිශේෂී ස්ථානයකි.ඒ කිසිවක් නිසා නොව නව ආරකින් ජවිපේ මතවාදය ජනයා අතරට ගෙනයාමට ඔහු තුළ ඇති නිර්මාණාත්මක විධික්‍රම සහ සහජයෙන් උරැමවූ චතුර විචිත්‍රවත් කථිකත්වයත් නිසාය.
ජවිපේ රැළි වලට ජනතාව ඇද්දවූ සුපිරි ආකර්ෂණය ඔහුම විය.එය පසක් වන්නේ විමල්ගේ කතාවෙන් පසු අදද ඔහු සහභාගී වන රැළියක වෙනත් කථිකයෙකුට කතා කරන්නට වෙන්නේ හිස් බිමකට වීම අප අත්දැක ඇති නිසාය.
සෝමවංශ අමරසිංහ විදෙස්ගතවත් ටිල්වින් සිරගෙදරත් කුමාර් සැඟවුනු චරිතයක් ලෙස අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයකත් සිටියදී බහුජන දේශපාලනයේ ප්‍රමුඛ හඬ විමල් විය.නමුත් පක්ශය 1994දී විධිමත්ව නිර්මාණය කිරීමේදී 87/88/89 යුගයේ කලුතර දිස්ත්‍රික් ලේකම්ව හිඳිමින් සෝමවංශගේ ගෙදර කටයුතු සොයා බලා සෝමවංශගේ බිරිඳගේ හිත දිනා ගත් පිනෙන් ප්‍රධාන ලේකම් තනතුර ටිල්වින් සිල්වාට ලැබු හැටි බොහෝ දෙනෙකු දන්නා රහසකි.1997 දී පක්ෂයට කුමාර් විසින් හඳුන්වාදුන් අනුර දිසානායක ඔතරම් වේගයෙන් ඉහලට එන්නේ ටිල්වින්ගේ අන්තේවාසිකයා වීමේ අනුහසිනි.වැඩ බැරි වුවත් නායකයන්ගේ අන්තේවාසිකයන් වීමේ පිනෙන් තනතුරැ ලැබ වැජඹීමේ භාග්‍ය හිමි වීම නිසාම අතිශය ජනප්‍රසාදයට හා ජනාදරයට ලක්වූ විමල් ඔවුන්ගේ සතුරා බවට පත්විය.දේශපාලන මංඩලයේදී ටිල්වින්ගේ අත සහ කට සෙලවෙනවාට අනුරෑපව නැටවෙන රෑකඩ බවට පත්වී සිටි අනුර ප්‍රමුඛ බම්මන්නන්ට විමල් හිසරදයක් වීම අහඹුවක් නොවුනි.
විමල් එලියට නොදමා ඉදිරියට යාමක් ගැන ඔවුනට සිතීමත් අසීරැ කරැනක් නිසාත් ස්වබාවයෙන්ම විමල් කිසිවෙකුට යටහත් පහත් ලෙස අවනත නොවීම සෝමවංශගේ,ටිල්වින්ගේ හා කුමාර්ගේ නොසතුටට හේතු වීමත් විසින් විමල් පලවා හැරීම අහම්බයක් නොව අනිවාර්‍යයක් විය.
ඔවුන් සිතුවේ ජවිපෙන් එතෙක් හැර ගිය හෝ ඉවත්කල අනෙක් අය මෙන් විමල් ප්‍රධාන පක්ශයක් තුල සැඟව යාමක් හෝ සහමුලින්ම දේශපාලනයෙන් අතු ගෑවී යාවි යැයි කියාය.නමුත් සිදුවූයේ අනෙකකි.විමල් එලියට එන විට ජවිපෙන් සැළකිය යුතු පළුවක් ගලවාගෙන පැමිණි අතර තත්වය ජවිපෙට බරපතල වූයේ ජානිපේ නිර්මාණය කිරීම නිසාය.
එළියට පැමිණ තරඟ කල සෑම ඡන්දයකින්ම සැලකිය යුතු ජයග්‍රහණ දිනා ගනිමින් ආ අතර ත්‍රීකුණාමලයේදී ජානිපේ තනිව තරඟ කර මංත්‍රීධූරයත් ලබද්දී ජවිපෙට මංත්‍රීධූරයක් ලබා ගැනීමට නොහැකි වීමෙන්ම විමල්ගේ තරම පෙන්වා වසර 50ක් පැරණි ජවිපේ අසරණ කිරීමක් විය.
මේසා විශාල අවනම්බුවක් කල විමල්ට පාඩමක් ඉගැන්වීමට නම් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පාලනය පෙරලා දැමීම කල යුතු නිසා අනුර නැන්දම්මා ලේලිය නැසීම සඳහා පුතා මැරීම නොහොත් තම පක්ෂය තූ තූ කොට විනාශ කර නායකයා ඇතුළු 60,000ක් අමුවෙන් සොහොන් කල එජාපයට ජවිපේ ගැට ගැසීම සම්පූර්ණ කරන්නේ අමුම අමු වෛරක්කාර උන්මත්තකයෙකු ජනාධිපති කිරීම සඳහා රනිල් හා අත්වැල් බැඳ ගැනීමෙනි.මේ දීගය 2008 සිට හොර රහසේ වැඩී 2010දී පෝරැව මස්තකප්‍රාප්ත විය.එතැන් පටන් රනිල්ගේ හා ඉන්දියානු රෝ සංවිධානයේ අන්තේවාසිකයෙකු බවට පත්වී වාමාංශික ජවිපේ පුතා මරා දමමින් විමල් ලේලිය කණවැන්දුම් කිරීමට අනුර නම් නැන්දම්මාගේ දේශපාලන ගමන් මග වී ඇත.
අද එහි කූටප්‍රාප්තියට පැමිණෙමින් ධනපති මර්ධන යාන්ත්‍රණයේ නිල හවුල් කරැවා බවට පත් වීමට තරම් නිහීන දීන තත්වයකට අනුරලා පත්වී ඇත.

-කැලුම් ජයසුමන