සල්ලි සහ උදව් අරන් යන එන මං නැති කර පෝරකයට යන්න පාර කැපු දේශපාලුවා (දුමින්ද සිල්වා ) ගැන වෙලේ සුදා මුල් වරට මාධ්‍යට කියයි

ඔහු කියන කතාවේ අල ගිය, මුල ගිය තැන් බොහෝය. ඉන් සමහර අවස්‌ථා අනාවරණය කිරීමේදී සමස්‌ත සමාජය කම්පනයට ද පත් විය හැක.

එසේ වන්නේ වෙලේ සුදාගේ තනි පුද්ගල ව්‍යාපාරයේදී සුදු පිරුවට හා කාකි සූට්‌ ඇඟලාගෙන “නුඹ සුදා.. මගෙ සුදා..” කියමින් මොණර කොළවල පහස ලද, එහෙත් සමාජය ඉදිරියේ සාධු චරිත ලෙස පෙනී සිටි උන් එකී කතාවේ බොහෝ වන නිසාය. එමෙන්ම මෙරට කලා ලොවේ අපූරුවට රඟන සුන්දර චරිත කිහිපයක්‌ද ඒ අතර ඇත.

ඉකුත් ජනවාරි මස 12 වැනිදා හෝ ආසන්න දිනක වෙලේ සුදා පාකිස්‌තානයේ සිට මෙරටට රැගෙන එනු ලැබිණි. එසේ රැගෙන ඒමෙන් පසු ඔහුව භාර කෙරුණේ රහස්‌ පොලිසිය වෙතටය. රැඳවුම් නියෝග යටතේ රහස්‌ පොලිසිය භාරයේ සිටියදී වෙලේ සුදා හෙළි කළේ යෑයි කියමින් බොහෝ දේ පසුගිය කාලයේ මාධ්‍ය මගින් ප්‍රචාරය විය.

එහෙත් අද ඔහු කියන පරිදි රහස්‌ පොලිසියේ සිටියදී තමන්ගේ කතාව සහමුලින්ම හෙළි කිරීමට හෙතෙම කටයුතු කර නැත. ඊට කුමක්‌ හේතු වන්නට ඇතිද? ඒ ප්‍රශ්නයට ගම්පළ විදානගේ සමන්ත කුමාර පිළිතුරු දෙන්නේ මෙසේය.

“මාව පාකිස්‌තානයේ ඉඳන් ලංකාවට ගෙනාවට පස්‌සේ සීඅයිඩී එකේ මහත්තුරු මගෙන් ප්‍රශ්න කළා.. ඒත් මම ඔවුන්ට අනාවරණය කළේ මගේ කතාවෙන් කියන්න සුදුසුයි කියලා හිතුණ දේ විතරයි.. හුඟක්‌ වෙලාවට මම කළේ චුට්‌ටක්‌ එළියට දාලා හිමිහිට කතාව වෙන පැත්තකට හරවලා ඉතුරු ටික ගිල ගන්න එක..

” එහෙම කළේ බයට.. මට බය හිතුණා ඔක්‌කොම කිව්වොත් මොනවා හරි ප්‍රශ්නයක්‌ ඇති වෙයිද කියලා.. මට බිරිඳයි දරුවොයි සිහි වුණා.. සම්පූර්ණ කතාව එළියට දැම්මොත් රටේ ලොකු ලොකු චරිත ගණනාවක නම් කියෑවෙන නිසා ජීවිතේ ගැන බයක්‌ දැනුණා.. ඒ නිසා මම හරිම කල්පනාවෙන් අහන දේට උත්තර දුන්නේ..

“මෙතනදී තව දෙයක්‌ කියන්න ඕනේ.. මාව ලංකාවට ගෙනාපු දවසේ ඉඳන් සීඅයිඩී එකේ මහත්තුරු මට හොඳින් සැලකුවා.. මොනතරම් ප්‍රශ්න කළත් ඔවුන් කවදාවත් මගේ ඇඟට අතක්‌වත් තිබ්බේ නැහැ.. ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ..”

සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ ඉරණම් ගමන පසුගිය දා කොළඹ මහාධිකරණයේදී තීරණය වන්නේ ඉකුත් 2008 වසරේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ගල්කිස්‌සේදී ඔහුව අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමගිනි. එහෙත් අද වෙලේ සුදා ඒ පිළිබඳ කියනුයේ වෙනත් කතාවකි.

“මම එදා ආවේ ගල්කිස්‌සේ උසාවියේ නඩුවකට පෙනී සිටින්න.. මාව එදා අල්ල ගත්තේ කට උත්තරයක්‌ අරගෙන එවන්නම් කියලා.. ඒත් පස්‌සේ අතින් කුඩු දාලා පොලිසිය මට නඩුවක්‌ දැම්මා.. මම ඒ බව අධිකරණයෙදීත් කිව්වා.. ” ඔහු එය අධිකරණ නඩු විභාගයේ මූලික සාක්‍ෂි විමසීමේදී සඳහන් කර ඇත්තේ මෙලෙසිනි.

“සාක්‍ෂිකරු අවසාන වශයෙන් කියන්න. තමුන්ට මේ අධිකරණයේ එල්ල කරලා තිබෙන චෝදනාවට තමන් මොකක්‌ද කියන්නේ?

“බොරු චෝදනාවක්‌.

“තමුන් අත්අඩංගුවට ගත්තා කියන සිද්ධියට අදාළ මේ අධිකරණයේ සාක්‍ෂිකරුවන් දෙදෙනකු සාක්‍ෂි දෙනවා අසාගෙන සිටියා?

“ඔව්.

“ඒ අය තමුන් අත් අඩංගුවට ගත්ත ආකාරය, තමුන්ගෙන් හෙරොයින් ගත්ත කියන ආකාරය පිළිබඳව සාක්‍ෂි දුන්නා. ඒක අහගෙන හිටියද?

“හිටියා.

තමුන් ඒ කාරණය සම්බන්ධයෙන් මොකක්‌ද කියන්නේ?

“ඒක අමූලික බොරුවක්‌.

“එහෙම දෙයක්‌ සිද්ධ වුණාද?

“නැහැ. කිසිවක්‌ එහෙම දෙයක්‌ සිද්ධ වුණේ නැහැ.

“එහෙම නම් ඒ සාක්‍ෂි ගැන තමුන් මොනවද කියන්නේ?

“ඒක බොරුවක්‌ කළේ උතුමාණනි.

(උපුටා ගැනීම කොළඹ මහාධිකරණයේදී 2015.08.11. දින විභාග වූ අංක 5166/2010 නඩුවට අදාළ මූලික සාක්‍ෂි විභාග වාර්තාව)

එහෙත් වෙලේ සුදා අධිකරණයේදී මෙසේ සඳහන් කර තිබුණද මත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සිදු කෙරුණු දීර්ඝ නඩු විභාගයකින් පසු පැමිණිල්ලේ සාක්‍ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව තීරණය කළ ගරු අධිකරණය ඔහුට මරණීය දණ්‌ඩනය පැනවීය.

ගරු අධිකරණයේ එකී තීරණය පිළිබඳ අපි කිසිත් කතා නොකරන්නෙමු. ඒ අධිකරණයට අප හිස නමා ගරු කළ යුතු බැවිනි.

ඉකුත් 2008 වසරේ පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් ගල්කිස්‌සේදී අත්අඩංගුවට ගත් ගම්පල විදානගේ සමන්ත කුමාර බන්ධනාගාරගත කිරීමෙන් පසු අධිකරණයෙන් ඇප ලබා නැවත බන්ධනාගාරයෙන් නිදහස්‌ව එන්නේ 2011 වසරේදීය. එතැන් පටන් ඔහුගේ කතාව කෙසේ දිගහැරෙන්නට ඇතිද? මේ ඒ පිළිබඳ ඔහු කරන අනාවරණය ය.

“මේ කාලේ වෙනකොට මගෙත් එක්‌ක කොළඹ එක්‌තරා දේශපාලනඥයෙක්‌ හිතවත්ව සිටියා.. එයා පසුගිය රජයේ හිටපු ඇමැතිවරයෙක්‌.. මම දේශපාලනඥයන් සමග ගනුදෙනු කළ කෙනෙක්‌ නෙමෙයි. ඒත් මගෙත් එක්‌ක හිටපු යාලුවෙක්‌ගේ මස්‌සිනා මේ දේශපාලනඥයා ළඟින්මයි හිටියේ..

ඒ දැනහැඳුනුම්කම නිසා මගේ යාලුවගේ ඉල්ලීමට මම ඒ දේශපාලනඥයට වැඩ කළා.. හිතවත්කමක්‌ ගොඩ නැගෙන්න හේතුව වුණේ ඒක.. මම ඔහුගේ මැතිවරණ ව්‍යාපාරවලට මුදල් වියදම් කරමින් සහයෝගය දුන්නා.. එක මැතිවරණයකදී බඩෝවිට සහ කඩවත පාර ප්‍රදේශවල අපේ ගමේ හිටිය මිනිස්‌සු හැම දෙනාම මේ දේශපාලනඥයට වැඩ කළා.. ඡන්දය දුන්නා.. ඒ මම කියපු නිසා..

“අපේ ගමේ මිනිස්‌සු මට ගොඩක්‌ ආදරෙයි.. ඒ නිසා මම කිව්වොත් දෙයක්‌ කරනවා.. මේ විදිහට ඔහුගේ මැතිවරණයකදී දකුණු කොළඹ ප්‍රදේශයෙන් මනාප ඡන්ද තිස්‌දාහක්‌ විතර අරගෙන දෙන්න මට පුළුවන් වුණා.. මගේ යාලුවෝ හතර දෙනෙක්‌ තමයි ඒ සියලු දේ සැලසුම් කරලා වැඩ කළේ..

“ඒ විතරක්‌ නෙමේ.. ඔය දේශපාලනඥයගේ ඡන්දෙදී ලක්‍ෂ ගාණක පුවත්පත් දැන්වීම්, රූපවාහිනි දැන්වීම් දාල දීලා, ඔහුගේ ආධාරකරුවන්ට කෑම බීම දෙන්න පවා මිනිස්‌සු (ස්‌පොන්සර්ලා) හොයලා දීලා විශාල සහයෝගයක්‌ මම ඔහුට දුන්නා..

“ඒත් අන්තිමට මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම විනාශ කළේ ඒ දේශපාලනඥයා කිව්වොත් හරි.. අද මම පෝරකයට එන තැන දක්‌වාම පාර කැපුවේ ඔහුයි.. එයා මැතිවරණයෙන් දින්නට පස්‌සේ 2011 අවුරුද්දේ දවසක මම එයාව මුණ ගැහුණා. ඒ කොළඹ වැල්ලවත්තේ තරු හෝටලයකදී..

“එදා මම ඔහුට කිව්වා පුළුවන් නම් මට පෙට්‍රල් ෂෙඩ් එකක්‌ අරගෙන දෙන්න කියලා.. එවෙලේ ඔහු කිව්වා “අයියෝ සුළු දෙයක්‌නේ අරගෙන දෙන්නම්” කියලා.. මම ඔහුව හොඳටම විශ්වාස කළා.. ඒ අතරේ දවසක්‌ ඔහු මගෙන් හදිසියක්‌ කියලා රුපියල් ලක්‍ෂ විස්‌සක්‌ ඉල්ලුවා.. මම දෙපාරක්‌ හිතුවේ නැහැ.. ඒ සල්ලි දුන්නා.. ඒත් මගේ ෂෙඩ් එකේ වැඩේ කෙරුණේ නැහැ..

“ඒ විදිහට තව ටික දවසක්‌ ගෙවිලා ගියා.. එහෙම ඉන්න අතරේ ආයෙත් දවසක්‌ ඔහු මගෙන් හදිසියක්‌ කියලා රුපියල් කෝටියක්‌ ඉල්ලුවා.. එදත් මම ඔහුට සල්ලි දුන්නා.. හැබැයි ලක්‍ෂ පනහයි දුන්නේ.. ඒ වෙනකොටත් ෂෙඩ් එකේ වැඩේ කෙරිලා තිබුණේ නැහැ.. මම සල්ලි දෙන ගමන් එයාට ආයෙත් ඒක මතක්‌ කළා.. හැබැයි මේ වෙද්දී මට ඔහු ගැන පොඩි සැකයක්‌ ඇතිවෙලයි තිබුණේ..

“මොකද දන්න දන්න හැම පැත්තෙන්ම ආරංචි වෙන්න ගත්තා මේ දේශපාලනඥයා පාතාලෙ අයට, කුඩු විකුණන අයට ආණ්‌ඩුවේ ටෙන්ඩර් අරගෙන දෙන්නම්, අරක කරන්නම්, මේක කරන්නම් කියලා සල්ලි අරගෙන ඒ සල්ලි ඉල්ලුවහම ප්‍රශ්න ඇති කරනවා කියලා.. එයා දරුණු පාතාලකාරයෝ දෙතුන් දෙනෙකුත් ළඟ තියාගෙනයි හැම වැඩක්‌ම කළේ..

ඔහු මේ විදිහට මැගසින් පාරේ ඕල්කොට්‌ගෙන් (මියගොසිනි) රුපියල් කෝටි පහක්‌ ගත්තයි කියලත් මට ආරංචි වුණා.. ඒ වගේම බොරැල්ල වනාතමුල්ලේ පරෙයි සුදූගෙනුත් සල්ලි අරගෙන තිබුණා.. ඒ මිනිහා කළේ දේශපාලනේට මුවා වෙලා පාතලෙන් කප්පම් ගන්න එක..

“ඒ දවස්‌වල මේ දේශපාලනඥයටයි එයාගේ ගෝලබාලයන්ටයි සුමානයකට සැරයක්‌ රුපියල් ලක්‍ෂ දෙකතුනක්‌ වියදම් කරලා මම පාටියක්‌ දෙන්න ඕනේ.. එයාම ෙµdaන් කරලා සුමානයකට සැරයක්‌ කියනවා පාටියක්‌ දාමු කියලා.. ඒ හැම අවස්‌ථාවකම කොතන හරි හෝටලයක්‌ බුක්‌ කරලා මම පාටියක්‌ දෙනවා.. මම කවදාවත් ඒ දේශපාලනඥයටයි ගෝලයන්ටයි එතනදී දෙවිදියකට සැලකුවේ නැහැ.. එයාට දෙන අරක්‌කුම තමයි ගෝලයන්ටත් පෙව්වේ.. ඒ නිසා එයාගේ ගෝලයෝ මගෙත් එක්‌ක ගොඩක්‌ හිතවත් වෙලා හිටියේ..

“මේ විදිහට එයා ඡන්දෙටත් උදව් අරගෙන මගෙන් රුපියල් කෝටියක විතර සල්ලිත් ඉල්ලගෙන මම ඉල්ලපු පෙට්‍රල් ෂෙඩ් එකේ වැඩේ නොකර ඉන්නකොට දවසක්‌ මම ආයෙත් එයාට ඒක මතක්‌ කළා..

එවෙලෙ ඔහු පහුගිය ආණ්‌ඩුවේ තවත් ඇමැති කෙනෙක්‌ගේ නමක්‌ කියලා මට කිව්වා ෂෙඩ් එක දාන්න හදන ඉඩමේ ඔප්පුවත් අරගෙන ගිහින් ඒ ඇමැතිව මුණගැහෙන්න කියලා.. මට ඒ වැඩ තේරෙන්නේ නැති නිසා මගේ බිරිඳ ගියා ඇමැතිව මුණගැහෙන්න..

ඔහු බිරිඳට කියලා තිබුණා ෂෙඩ් එක දාන්න මගේ ඉඩමේ ප්‍රමාණය මදි. ඒ නිසා වැඩේ කරන්න බැහැ කියලා.. පස්‌සේ මම අර දේශපාලනඥයට ඒ විස්‌තරේ කිව්වහම එයා ආයෙත් කිව්වා “ගණන් ගන්න එපා තව විදිහක්‌ තියෙනවා අපි ඒකෙන් වැඩේ කර ගමු” කියලා.. ඒත් මම එයාව එතනින් එහාට සම්පූර්ණයෙන්ම මඟ හැරියා.. ඒ විදිහට මාසයක්‌ විතර ගෙවිලා ගියා..

“මේ අතරේ දවසක්‌ ඔහු කියපු පසුගිය ආණ්‌ඩුවේ ඇමැතිවරයව මම මුණ ගැහුණා.. ඒ ඇමැතිවරයා තෙල් සංස්‌ථාවට සම්බන්ධ වෙලා හිටපු කෙනෙක්‌. එවෙලේ ඔහු කිව්වා පුතා ඔයාගේ වැඩේ කොහෙත්ම කෙරෙන්නේ නැහැ.. නීතියෙන් ඒක කරන්න බැහැ.. මාවත් අමාරුවේ වැටෙනවා” කියලා.. එදත් එතන හිටපු මාව අමාරුවේ දාපු දේශපාලනඥයා කිව්වේ කොහොමහරි වැඩේ කරලා දෙන්නම් කියලා..

“ඒත් ඒ වෙනකොට කොළම දේශපාලනඥයා මාව මෝරා කරගෙන කන්න හදන්නේ කියලා මට තේරිලා තිබුණේ. ඒ නිසා තව ටික දවසක්‌ යන්න ඇරලා මම ඔහුට කිව්වා බිස්‌නස්‌ එකක්‌ සෙට්‌ වෙලා තියෙනවා මගෙන් ගත්ත සල්ලි ටික දෙන්න කියලා.. එදා ඔහු අමුතු විදිහට මට කිව්වා හා උඹේ සල්ලි දෙන්නම් කියලා.. එහෙම කියලා මාසයකට විතර පස්‌සේ දවසක ඔහු මට කතා කරලා කිව්වා සල්ලි දෙන්න වැල්ලවත්තේ හෝටලයට වරෙන් කියලා..

“ඒ වෙනකොට මට ඔහු ගැන විශාල සැකයක්‌ ඇති වෙලා තිබුණේ.. මේ දේශපාලනඥයගෙA ලේකම්වරයෙක්‌ මේ කාලේ වෙනකොට මට අයත් නිවසක පදිංචි වෙලා හිටියා.. ඒ කිසිම කුලියක්‌ දෙන්නේ නැතිව.. මම ඔහුට කතා කරලා ඇහුවා ඇමැතිතුමා වැල්ලවත්තට එන්න කියනවා සල්ලි දෙන්න මොකද කරන්නේ කියලා.. ඔහුට මම එහෙම කිව්වේ ඊට පෙර අවස්‌ථාවකදී ඔහු මට අනතුරු ඇඟවීමක්‌ කරලා තිබුණ නිසා.

“මම එහෙම ඇහුවම එයා මට කිව්වා “සුදා උඹ යන්න එපා.. ඒ ගමන විශ්වාස නැහැ.. උඹට තියෙන හිතවත් කමට කියන්නේ කියලා.. ඒත් සල්ලි ටික දෙනවා කිව්ව නිසා මම වැල්වත්තට ගියා.. එහෙම යන අතරමගදී මට තේරුණා සුදුපාට වෑන් එකක්‌ මගේ පස්‌සේ µලෝ කරනවා කියලා..

“පස්‌සේ මම යන ගමන වෙනත් පැත්තකට හරවලා ගිය වාහනේ වේගෙ වැඩි කරලා.. අතුරු පාරකින් දාලා ආයෙත් ගෙදරට ගියා.. ඒ ගිහින් ජීවිතේ බේර ගන්න ඕන නිසා එදා රෑම ලංකාවෙන් පිටවෙලා ඉන්දියාවට පැන්නා.. දේශපාලනඥයා හැදුවේ සල්ලි ඉල්ලපු නිසා මාව මරලා දාන්න.. ඉන්දියාවට ගියේ හොර පාස්‌පෝර්ට්‌ එකකින්.. ඒකේ නම විඡේසිංහ ආරච්චිගේ සුනිමල් සංජීව.. චෙන්නායිවලටයි ගියේ..”

මේ සටහන් කෙරුණේ 2008 වසරේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණි තමන්ට රටින් පලා යැමට සිදුවූ ආසන්න සිදුවීම් පෙළ අද වෙලේ සුදා සඳහන් කරන අන්දමය.. එසේ ඉන්දියාවට පලා යැමෙන් පසු ඔහුගේ කතාව කෙසේ වන්නට ඇතිද?

“මේ විදිහට ඉන්දියාව පැනලා ගියාට පස්‌සේ මම ඉස්‌සර වෙලාම කළේ කෝල් එකක්‌ අරගෙන මාව නන්නත්තාර කරපු කොළඹ දේශපාලනඥයට කෝල් එකක්‌ අරගෙන උඹේ ….ට කියලම බැණපු එක.. මට එයත් එක්‌ක ඒ තරම් කේන්තියක්‌ තිබුණේ..

“බණින අතරේ මම ඔහුට කිව්වා යකෝ තෝ සල්ලි දෙන්න බැරිනම් බැහැ කිව්වනම් ඉවරනේ. මොකටද මාව මරන්න හැදුවේ කියලා.. උඹ මිනිස්‌සුන්ගෙන් කප්පම් අරගෙන කරපු හැම සක්‌කිළි වැඩක්‌ම මම දන්නවා කියලත් කිව්වා.. මම එහෙම කියද්දී ඔහු කිසි දෙයක්‌ නොකියා හිනා වෙවී අහගෙන ඉඳලා හරි බලමුකෝ කිව්වා..

“එතන ඉඳන් තමයි මගේ ජීවිතේ සියලු දේවල් කණපිට පෙරළෙන්න ගත්තේ.. මම එහෙම ඉන්දියාවට වෙලා ඉන්න අතරේ ලංකාවේ වෙච්ච සිද්ධියක්‌ නිසා ඒ දේශපාලනඥයා සිංගප්පූරුවට ගියා.. ඔහු ලංකාවෙන් පිට වුණාට පස්‌සේ 2012 දී මම ආයෙත් හොර පාස්‌පෝර්ට්‌ එකෙන්ම ලංකාවට ආවා.. ඒත් මට මාසයක්‌වත් ඉන්න ලැබුණේ නැහැ..

“දවසක්‌ අර දේශපාලනඥයගේ ලේකම් කෙනෙක්‌ “ටවුන් හෝල්”වලදී මාව දැක්‌කා.. ඒ දැක්‌ක ගමන්ම ඔහු කාටද කෝල් එකක්‌ අරගෙන මොනවද කිව්වා.. මම ඉක්‌මනට එතනින් පිටවෙලා ගෙදරට ගියා.. ගිහින් එදා රෑම ආයෙත් ඉන්දියාවට පැන්නා.. දේශපාලනඥයට සල්ලි දුන්නු නිසා මගේ ජීවිතේට ඒ තරමටම තර්ජන ආවා.. එහෙම ඉන්දියාවට ගිහින් ඉන්න අතරේ 2012 අන්තිම කාලෙ වගේ දවසක මාව චෙන්නායිවලදී ඒ රටේ ඔත්තු සේවයකට අහු වුණා..

එවෙලේ මාත් එක්‌ක සුසේ කියලා යාලුවෙකුත් හිටියා.. අපි දෙන්නවමයි අත්අඩංගුවට ගත්තේ.. පස්‌සේ ඔවුන් අපෙන් ප්‍රශ්න කළා.. ප්‍රශ්න කරන අතරේ ඔවුන් මට කිව්වා “එල්ටීටීඊ එකට සම්බන්ධයි කියලා උඹේ රටෙන් උඹව ඉල්ලලා තියෙනවා.. ඒත් උඹ එල්ටීටීඊ නෙමේ කියලා අපි දන්නවා.. ඒ නිසා උඹව අපි දෙන්නේ නැහැ කියලා..

“උඹේ පාස්‌පොර්ට්‌ එක හොර එකක්‌ නිසා ඒක උඹට දෙන්න බැහැ.. මාසයක්‌ කල් දෙන්නම් ඉන්දියාවෙන් පිට වෙයන් කියලත් කිව්වා.. ඉන්දියාවෙන් නොගියොත් අල්ලලා ලංකාවට භාර දෙනවා කියලත් ඔවුන් අනතුරු ඇඟෙව්වා.. එහෙම කියලා හැමදාම ඇවිත් ඔවුන්ගේ ඔµsස්‌ එකක අත්සන් කරන්න කියලත් මට දැනුම් දුන්නා..

එතනින් එහාට එන සිදුවිම් පෙළද අපූරුය. ඉන්දීය ඔත්තු සේවය මගින් දැනුම් දුන් පරිදිම ගම්පල විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා මසක්‌ ඇතුළත කාටත් හොරා ඉන්දියාවෙන්ද පැන යන්නේය. ඒ මාතොට කම්කානම්ගේ සමන් ප්‍රදීප් නමැති තවත් අලුත්ම ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රකිනි. එයද මෙරට තුළදී සාදන ලද එකක්‌ වීම විශේෂිතය. ඉන් පසු සිදු වන්නට ඇත්තේ කුමක්‌ද?