චාගි ගාල්ලගේට ඕස්ට්‍රේලියාවට යන්න බෑ – ශ්‍රී ලංකා අමාත්‍යංශයක් විසින් අසාදුගත (blaklist) කරන්න කියා ලිස්ට් එකක් තානාපති කාර්යාල වලට යවලා

යුද හමුදා මූලස්‌ථානයේ පාබල ශාඛාවේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතා යුද අපරාධ සිදුකර ඇති බැවින් වීසා නිකුත් කළ නොහැකි බව ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය ඔහුට පෙරේදා (22 වැනිදා) දැනුම් දි ඇත. ඒ මහතා පුද්ගලික සංචාරයක්‌ සඳහා ඕස්ට්‍රේලියාවට යැමට මීට සතියකට පෙර වීසා අයෑදුම්පත ඉදිරිපත් කර තිබිණි. චාගි ගාල්ලගේ මහතා අවසන් යුද සමයේ රට වෙනුවෙන් විශාල මෙහෙවරක්‌ ඉටු කළ දක්‍ෂතම යුද හමුදා නිලධාරියෙකි.

අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සහ ආරක්ෂක අමාත්‍යංශය එකතුව මෙසේ අසාදුගත කලයුතු (blacklist / වීසා ලබා නොදිය යුතු ) පුද්ගලයන් ලෙස නම් කරන ලද ලැයිස්තුවක් බොහෝ තානාපති කාර්යාල වලට ලබාදී ඇතිබවයි. එයින් ඉල්ලා ඇත්තේ අදාල ලයිස්තුවේ සිටිනා පුද්ගලයන් ඒ ඒ රට වලට විසා අයදුම් කළහොත් ප්‍රතිෂේප කරන ලෙසයි.

අමුත්තන්ට ගෙම්බර් දාන එංගලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරිනිය

එංගලන්තය යනු ශ්‍රී ලාංකිකයන් සැලකියයුතු ප්‍රමාණයක් වාසය කරන රටකි. රැකියාවන් සඳහා, අධ්‍යාපනය සඳහා වෙළඳාම් කටයුතු සඳහා විනෝද සවාරි සඳහා ආදී ලෙස ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් එංගලන්තයේ සංචාරය කරයි. එලෙසම එංගලන්තයේ ස්ථිර පදිංචිය හිමි විශාල පිරිසක්ද සිටී.

මේ සියලුදෙනාම නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික ලෙස කටයුතු කරන්නේ එංගලන්තයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයයි. විවිධ රාජකාරී කටයුතු, ගමන් බලපත්‍ර ආදී බොහොමයක් ලියකියවිලි කටයුතු සඳහා ශ්‍රී ලාංකිකයන් පැමිණෙන්නේ ලන්ඩනයේ අංක 13, හයිඩ්පාක් හී පිහිටා ඇති ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙතටය.

මෙසේ මහකොමසාරිස් කාර්යාලයට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ඉතාමත් අමිරි අත්දැකීම් වලට මුහුණදීමට සිදුවේ. විශේෂයෙන්ම ශිෂ්‍යයන් ලෙස අධ්‍යාපනය ලැබීමට එංගලන්තයට පැමිණ සිටින පිරිසට මෙසේ වැඩි වශයෙන් අමිහිරි අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවන බව වාර්තාවේ. ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට පැමිණෙන අමුත්තන් මුලින්ම මුණගැසෙන්නේ එහි පිළිගැනීමේ නිලධාරිනියයි. පිළිගැනීමේ නිලධාරිනිය යනු ඉතාමත් ප්‍රසන්න, අමුත්තන් සිනා මුසු මුහුණෙන් පිළිගන්නා තැනැත්තියකි. නමුත් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට ඔබ ගියහොත් ඔබට එවනි අත්දැකීමට මුහුණදෙන්නට හැකි වන්නේ නැත.  කාර්යාල දොරටුවෙන් ඇතුළුවී පිළිගැනීමේ නිලධාරිනිය වෙත යන ඔබට විනාඩි තුන හතරක් බලා සිටීමට සිදුවන්නේ එහි පිළිගැනීමේ නිලධාරිනිය ඇයගේ පුද්ගලික කටයුතු අවසන් කර හරිබරි ගැසෙන තෙක්ය.

ඉන්පසු ඇයගේ කැඩිච්ච ඉංගිරිසියෙන් අසන ප්‍රශ්නපත්‍රයට පිළිතුරු දීමට සිදුවේ. ප්‍රශ්න අසන්නේ නිවැරදි තැනට යොමුකිරීමේ අදහසින් නම් සාධාරණය. නමුත් ඇයගේ ප්‍රශ්නකිරීම් ඉන් එහා ගිය අනවශ්‍ය ඒවාය. ඇය අමතන කැඩිච්ච ඉංගිරිසි ප්‍රශ්න වලට පැහැදිලි ඉංගිරිසියෙන් පිළිතුරු සපයන විට හෙමින් සීරුවේ සිංහලට මාරුවෙන ඇය, ඉංගිරිසි භාෂාව හැසිරීමට අපහසු අහිංසකයෙකු හසුවූ විට සිය මහන්තත්තකම ඕනෑවටත් වැඩිය පෙන්වමින් එම පුද්ගලයා තව තවත් අමාරුවේ දමයි.

සමහර අවස්ථාවලදී පුද්ගලයන් මහා කොමසාරිස් කාර්යාලයට පැමිණෙන්නේ කරදරයක් වූ විට අවශ කටයුතු කරගැනීමටය. එවැනි අවස්ථාවල උක්ත කරදරයට පත්වූ පුද්ගලයා උවමනාවටත් වැඩියෙන් අපහසුතාවයට පත්කිරීමට් මෙම පිළිගැනීමේ නිලධාරිනිය කටයුතු කරයි. එකසත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවතින්නේ ලන්ඩන් නගරයේය. ස්කොට්ලන්ඩ්, නිව්කාසල්, වැනි දුර බැහැර ප්‍රදේශ වලින් පැය පහ හය ගතකර සිය කටයුත්ත සිදුකර ගැනීමට පැමිණෙන අහිංසක ශ්‍රී ලාංකිකයන්ට මෙම නිලධාරිනිය සිය බලය පෙන්වන්නේ, මහා කොමසාරිස් තනතුර ඇයට හිමි ලෙසිනි. යම් අවස්ථාවල මහා කොමසාරිස් කාර්යාලයට අමතා වෙලාවක් වෙන්කරගෙන පැමිණෙන පුද්ගලයන්ට පවා ඇයගේ ගෙම්බර් බැලීමට සිදුවේ. “ඇපොයිමන්ට් එකක් තියනවද ?” ඒ ඇයගේ ප්‍රශ්නයයි. පිළිතුර නැහැ යන්න නම් අදාල පුද්ගලයාට ඉන්පසු වචනයක්වත් ඇසීමට ඇය ඉඩදෙන්නේ නැත. අදාල පුද්ගලයා සිය බලපොරොත්තු සුන්කරගෙන නැවත යා යුතුය. ඇපොයිමන්ට් එකක් නැතිනම් එවැන්නක් ලබා ගන්නේ කෙසේද යන්න පවා ඇය පහදා දෙන්නේ නැත. වෙනත් ස්ථාන වල නම් අපොයිමට් එකක් නොමැති වුවත් කාලය මිඩංගු කරගෙන ප්‍රමාද වී හෝ එම කටයුත්ත සිදුකරගැනීමට හැකියාව ඇත. නමුත් එංගලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ, ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු වලදී ඔවුන්ට උදව් කිරීමට සිටින එකම රාජ්‍ය තාන්ත්‍රික ආයතනයේ එසේ සිදුවන්නේ නැත. දුර බැහැරක සිට පැමිණි පුද්ගලයෙකු වුවත් නැවත බලාපොරොත්තු සුන් කරගෙන හැරී යාමට සිදුවේ. යම් නිලධාරී මහතෙකු හෝ මහත්මියකු ඇති දැයි විමසූ විට ඔවුන් සියල්ල මීටිමක යයි ඇය පවසයි. එලෙසම එතැන රැඳී සිටින්නද අවසර නැත.

යම්හෙයකින් ඇපොයිමන්ට් එකක් ඇතිව පැමිණි පුද්ගලයෙක් නම් එම පිළිගැනීමේ නිලධාරිනියගේ මුල්ම ප්‍රශ්නය වන්නේ කව්ද ඇපොයිමන්ට් එක දුන්නේ යන්නයි. සමහර අවස්ථාවල ඇපොයිමන්ට් එක ලබාදුන් පුද්ගලයාගේ නම අමතක නම් ඉන් එහාට පැමිණි කටයුත්ත කුමක්දැයි කියා ඇසීමටත් ඇය කැමති නැත. ඇයගේ බැනුම් අසා සිටීමෙන් පසු පින්සෙන්ඩු වුවහොත් යන්තම් කටයුත්ත කරගැනීමට අදාල ශ්‍රී ලාංකිකයාට හැකිය.

එමෙන්ම රටක මහකොමසාරිස් කාර්යාලය යනු, අදාල රට නියෝයනය කරමින් ඇති එකම රාජ්‍ය තාන්ත්‍රික ස්ථානයයි. අදාල රටේ පුරවැසියන් සිය කටයුතු කර ගැනීමට යන්නේ සිය රටේ මහා කොමසාරිස් කාර්යාලයටයි. රටින් පිට සිටින ඔවුනට ඇති එකම පිහිට තමන්ගේ මහා කොමසාරිස් කාර්යාලය පමණි. නමුත් එංගලන්තයේ ඇති ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට ගිය විට එහි සිටින පිළිගැනීමේ නිලධාරිනිය අසරණ වූ මිනිසුන්ව කබලෙන් ලිපට ඇද දමන්නේ අනුකම්පාවිරහිතවය.

පසුවදන

එංගලන්තයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ සියලුම නිලධාරීන් එසේ නොවන බවත් අප මතක් කිරීමට කැමතිය. ඉතාමත් නිහතමානී, මිත්‍රශීලී සිය රටේ පුරවැසියන්ට උදව් උපකාර කරන නිලධාරීන් පිරිසක්ද මහා කොමසාරිස් කාර්යාලයේ සිටින බැව් අප සඳහන් කිරීමට කැමතිය. මේ බහුතරයක් හොඳ පිරිස අතරේ අතලොස්සක් වූ මහන්තත්තකම ඔලුවට ගැසූ නිලධාරීන් කිහිපයක්ද සිටින බව කණගාටුවෙන් වුවද සඳහන් කිරීමට සිදුවේ.

මහින්ද ට්‍රිලියන හතරක් හොරකම් කරලා – සුජීවගේ ලොවෙත් නැති බොරු මාට්ටු – ලංකා බැංකුවේත් සමස්ත තැන්පතු ට්‍රිලියනය පැන්නුවේ පසුගිය මාසයේ

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂලා හොරකම් කර විදේශ රටවල සගවා ඇති මුදල මෙරටට ගෙන ආවොත් මෙරට සෑම නිවසකටම රුපියල් ලක්‍ෂ දහය බැගින් ලබා දිය හැකි බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

ඇමතිවරයා එසේ කියූවද රජයේ සංඛ්‍යාලේඛණ අනුව මෙරට නිවාස ඒකක ගණන 3,969,027කි. ආසන්න වශයෙන් මිලියන හතරකි. ඇමතිවරයාට අනුව එක් නිවසකට මිලියනය බැගින් නිවාස මිලියන හතරකට ලබා දිය යුතු මුදල රැුපියල් 4,000,000,000,000ක් වෙයි. එනම් රුපියල් ටි‍්‍රලියන 4කි.

මෙරට බැංකුවක් පළමු වතාවට සිය තැන්පතු මුදල රුපියල් ට‍්‍රිලියනය ඉක්මවූයේ පසුගිය මාසයේදීය. ඒ ලංකා බැංකුවයි.

රාජ්‍ය ඇමතිවරයාට අනුව හිටපු මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිස ලංකා බැංකුවේ සමස්ථ තැන්පතු වටිනාකම මෙන් සිවු ගුණයක් සොරකම් කර විදේශවල සගවා තබා ඇත.

මෙවැනි කෙප්ප වස්සන්ට පුළුවන් පාතාලයන් වට කරගෙන අහිංසකයන්ට සිය බලය පෙන්වමින් ජාතික ආපදාවකදී කෙහෙල්ගෙඩිය ගානේ බෙදීමයි.

කාත්තන්කුඩි ගැටුමට ISIS සම්බන්ධයක්

පසුගිය සිකුරාදා දිනයේ ඉස්ලාම් ආගමික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුම පසුපස ISIS හිතවාදීන් සිටින බව පූර්ව මුස්‌ලිම් ජාතිකයන්ගේ සංවිධානය අනාවරණය කර සිටි.අදාළ ගැටුම හේතුවෙන් දෙපාර්ශවයේම පුද්ගලයන් 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් ලබන 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා ගැටුම් ඇතිකරගත් ඉස්‌ලාමීය පාර්ශ්ව දෙකෙන් එක්‌ පාර්ශ්වයක්‌ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට ප්‍රසිද්ධියේ සහය දෙන කණ්‌ඩායමක්‌ බව ශ්‍රී ලංකා පූර්ව මුස්‌ලිම් ජාතිකයන්ගේ සංවිධානය තහවුරු කර සිටි.

මෙම ප්‍රචණ්‌ඩ ක්‍රියාව සම්බන්ධයෙන් රජය හා ආරක්‍ෂක අංශ දැඩි පරීක්‍ෂණ පැවැත්විය යුතු බවද ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමිය යුතු බවද පැවසූ හෙතෙම අන් රටවලින් මුදල් ගෙන ඉස්‌ලාම් ආගම වපුරන මුවාවෙන් ත්‍රස්‌තවාදය අන්තවාදය හා වෛරය වපුරමින් සිටින ඉස්‌ලාම් කණ්‌ඩායම් එකිනෙකා සමඟ ප්‍රසිද්ධියේ ගැටුම් ඇති කර ගනිමින් සිටින තත්ත්වයට පත්ව ඇතැයිද කීය. කාත්තන්කුඩි ප්‍රදේශයේ ජීවත් වන පූර්ව මුස්‌ලිම් ජාතිකයන්ගෙන් ලද තොරතුරු අනුව මෙම ප්‍රචණ්‌ඩ ක්‍රියාවට සම්බන්ධ එක්‌ පාර්ශ්වයක්‌ ප්‍රසිද්ධියේ අයිසීස්‌ සංවිධානයට සහාය දෙන බවද ඔවුන්ගේ දේශනා හා මතවාද නිසා කාත්තක්‌කුඩි පූර්ව මුස්‌ලිම් ජාතිකයන්ට මරණ තර්ජන එල්ල වී ඇතැයිද එම සංවිධානය පෙන්වා දී තිබේ.

රනිල්ගේ කටු ලෙවින සුනඛයාගේ මාසික වියදම ලක්ෂ 5000 යි

ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති සරත් ෆොන්සේකා මහතාගේ අමාත්‍යංශයෙන් කෙරෙන රාජකාරියක් නැති වුවත් මාස තුනක කාලයකට ලක්‍ෂ පන්දාහක මුදලක් වෙන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ශාන්ත ගුණසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ෆොන්සේකා මහතා මැතිවරණයේදී ලබා ගත්තේ ඡන්ද පන්දාහක් යයිද ඔහු වැඩි දුරටත් කීය.

88, 89 ට නැවතත් ඉඩ දෙනවාද ?

1977 පසු දේශපාලනයට නැවත පිවිසෙන ජේවීපී ය තම ප්‍රධාන සටන් පාඨය කරගන්නේ අධ්‍යාපන ධවල පත්‍රිකාවය. අනෙක් අතට ශ්‍රී ල නි ප යට එරෙහිව ජේවීපිය යොදවාගනිමින් කදිම දේශපාලනයක් ජේආර් කළේය  1983 ඉබ්බා දියේ දැම්මම ඇන්නාවේ කිවා සේ විජේවීර රහස් දේශපාලනයට පිවිසියේය.

තහනම් කල කොමිනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය, සැගව සිටි වාසු දේව ලා පසුව නැවත දේශපාලන කරලියට පැමිණුනි.
මේ අතර ලයනල් බෝපගේ ජේවීපී ප්‍රධාන ලේඛම් රහසිගත දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් පක්ෂයෙන් ඉල්ලා අස්වීම සිදුවිය !!!!!

එම ලිපිය පාර්ලිමේන්තුවේ ප්‍රසිද්දියේ සදහන් කරමින් සරත් මුත්තෙට්ටුවේගම පාර්ලිමේන්තුවේ කල කතාව අප ගුවන් විදුලිය වටා රොක්වී අසා සිටියේ කුඩා පාසැල් ශිෂ්‍යන් වශයෙනි .

අපේ පියා ගේ දේශපාලන සංවේදී බව නිසාම අපත් එය අසා සිටියෙමු !!!! නැවතත් මහා මිනිස් ඝාතනයකට ඉඩ නොතබන ලෙස ජේවීපී යෙන් එදා එතුමා ඉල්ලා සිටියේය .ඉන්පසු සිදුවූ දේ අපි නැවත කිව යුතු නොවේ .

එදා දේශපාලන සන්දර්බය නැවතත් ඉස්මතුවෙමින් තිබේ . 1985 පමණ වනවිට උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ට එරෙහි සටන ඔස්සේ ජේවීපී ක්‍රමක් ක්‍රමයෙන් ජනතාව අතරට පිවිසීමේ මග එලි පෙහෙළි කරගනිමින් සිටී.

අද saitam හරහා පෙරටුගාමින් කලඑළි බහින්නේත් එදා අන්දමටමයි

මහින්ද රාජපක්ෂ රජය යටතේ ජේවීපී ගුටිකෑම බලාගෙනම ජනාධිපති ලේකම් කාර්යාලය ට ගියා සේ මෙදා පෙරටුගාමින් ද එය අනුකරණය කිරීම යනු අතීතයෙන් පාඩම් ඉගෙන නොගත් බව පෙන්වීමයි .

ඉදිරියේදී 1986 නාරාහේන්පිට අබයාරාමයේදී මෙන් අවශ්‍ය මල මිනිය රනිල් වික්‍රමසිංහ ඔවුනට දෙනවා සිකුරුයි !!! 1987 දී ඉන්දු ලංකා ගිවිසුම ජේවීපී යට ලැබුන ලැබුන ලොකුම සටන් පාඨයයි

මේ අතර 1987 දී ඉන්දු ලංකා ගිවිසුම ජේවීපී යට ලැබුන ලැබුන ලොකුම සටන් පාඨයයි

අද ඔවුනට ලැබී ඇත්තේ ව්‍යවස්ථාසංශෝධනයයි. රනිල්හාමු නැවතත් ගේන එන ඉන්දු ලංකා ගිවිසුම ගැන ඔවුනට ගානක්වත් නැත.

ජාතිවාදී දෙමල සංවිධාන සමග රහස් දීගයක යෙදෙන ගමන් ඉදිරියේදී එන ව්‍යවස්ථා මර උගුල තමන්ගේ සටන් පාඨය කරගැනීමට කවදත් අවස්ථාවාදී දේශපාලනයක නියුතු වූ රෝහණ විජේවීර මෙන් කුමාර් ගුණරත්නම් ද පසුබට නොවනු ඇත .එදාට ද ඔවුන් මහ පාරට බසිනවා ඇත .

ඒකාබද්ධ විපක්ෂයේ සියලු සට පාඨ ඔවුන්ගේ කරගනු ඇත .සියලු ngo හරහා මුදල් ලැබෙනු ඇත .සාමාජියිය හා සාමයික කේන්ද්‍රය වෙනි ස්ථාන හරහා සප් එක ලැබෙනු ඇත .

පොලිෂ් ඇදුමෙන් සැරසුන 20 ක් පමණ පිරිසක් බන්ධනාගාර රථයකට වෙඩි තබා යන්නේ අහම්බයෙන් නොවේ .එදාට එවැනි සිදුවීම් වැඩි වෙනු ඇත .මේ සැරසේන් පමණි….

විපක්ෂ දේශපාලනයේ යෙදෙනවුන් තරුණයන් මහා මග මරා දමනු ඇත .පෙරටුගාමින්ට රැකවරණය ලැබෙනු ඇත.

දකුණ එසේ ඇවිලෙන විට ,උතුරේත් පොලිස් ඇදුම් හෝ ඊට සමාන ඇදුම් ලාගත් පිරිස් බොහෝ වනු ඇත .කලින් තරම් මහා අරගලයකින් තොරවම දෙමල කොටි කොඩිය එක්සත් ජාතින ගේ සංවිදානයේ ලෙල දෙනු ඇති !!!!!!!.

ඉන්පසු විජේවීර ,ගමනායක , ශාන්ත බණ්ඩාර ලා යැවූ ලෝකයටම කුමාර් ගුණරත්නම් ල ද යනු ඇත

– මංචනායකලාගේ සිසිර මහතාගේ විග්‍රහයක් ඇසුරින්

දළඳා සමිඳුන් වැඩමවූ ඒක දන්තයා දිවිසැරිය නිමකරයි

මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් එක දන්තයා මිය ගොස් තිබෙනවා.

අද පස්වරු 3.30 ට පමණ හස්තියා  මියගොස් ඇත්තේ හදිසියේ ඇතිවූ අසනීපයකින්.

හස්තියා  මිය යනවිට වයස අවුරුදු 47ක් පමණ වූ බවයි දළඳා මාළිගාවේ ආරංචි මාර්ග සඳහන් කළේ.

එක දන්තයා 1978 වසරේ මහනුවර දළදා මාලිගාවේ ඇත්  පන්තියට එක්වී ඇති අතර දළදා කරඬුව ගෙනයාමට ඕනෑම මොහොතක සුදානමින් සිටි කීකරු හස්තියෙක් බවයි  ඇත්ගොවුවන් පවසන්නේ.

චම්පිකගේ බත්බැලයා අංගොඩ ජයාන් දොස්තර, තිලකසිරිට බලෙන් කරන්ට් අල්ලලා – GMOA වෙත පැමිණිල්ලක්

චමිපික රණවක අමාත්‍යවරයාගේ මෙහෙයවීම මත තමන්ව 2016.09.10 දින ඇමති කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් සහ පොළිස් නිලධාරීන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් අංගොඩ මානසික රෝහලේ නවතා සති 05 පුරා විදුලි කම්පන ප්‍රතිකාර කල බවත් එම ප්‍රතිකාර සිදු කරන ලද්දේ විශේෂඥ වෛද්‍ය ජයාන් මෙන්ඩිස් මහතා බවටත් චමිපික රණවක අමාත්‍යවරයාගේ හිටපු පුද්ගලික සහකාර හර්ෂ තිලකසිරි මහතා විසින් අද දින කොළඹ 07 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමයට පැමිණිල්ලක් ඊයේ දින (2017.03.09) බාර දෙන ලදී.

ඉන් අනතුරුව හර්ෂ බණ්ඩාර තිලකසිරි මහතා විසින් මාධ්‍ය වෙත දක්වන ලද අදහස්.

මාගේ නම හර්ෂ බණ්ඩාර තිලකසිරි. වෘතියෙන් විධායක සුපවේදියෙක්. මම ආවේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට පැහැර ගැනීමක් පිළිබද පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. පැහැර ගැනීම සම්බන්දයෙන් පොලීසියට සහ වෛද්‍ය සභාවටත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාටත් පැමිණිල්ල බාර දිලා තියෙනවා. අද ආවේ පාදෙනිය මහතාට පැමිණිල්ල බාර දෙන්න. බලෙන් පැහැර ගෙන ගොස් අංගොඩ මානසික රෝහලට ඇතුලත් කර බලෙන් විදුලි සැර ඇල්ලීමක් පිලිබඳව. මම මේ කාරණාව කියන්නේ ජිවිත ආසාව අත්හැරලා. මේකට ආදාලව තව යන්න කට්ටිය ඉන්නවා. එයාලා යන එක නවත්වන්නත් මිට කලින් ගිහින් දාපු තුන් හතර දෙනෙක්ට යුක්තිය ඉටු කරන්නත් තමයි මේ සටන් කරන්නේ. මේකට කිසිම සාධාරණයක් මට වුණේ නෑ. පොලීසිය කතා කරනවා සමාදාන වෙන්න. මේක සමාදානය වෙන්න බැරි ප්‍රශ්නයක්.

චම්පික රණවක ඇමතිතුමා වෘතියවේදින් දාලා මම පිස්සෙක් කියන මතය රටේ ගොඩනගන්න හදනවා. ෆේස් බුක් හරහා තමයි ඒ මතය ගොඩනගන්න හදන්නේ විඩියෝ භාවිතා කරලා. පුළුවන්නම් මගේ නම කියලා මම පිස්සෙක් කියලා ඔප්පු කරන්න. හැබැයි අනාගතයේ දී ඔප්පුවෙයි කාටද පිස්සු උන්මන්තක කවුද කියලා. මොකද චම්පික රණවක ඇමතිතුමා ළග මම අවුරුදු 17ක් හිටියේ. පුද්ගලිකව මම සෑමදේම දන්නවා. එතුමා බයයි ඒවා හෙලි කරයි කියලා. ඒකයි මට පිස්සු කියලා කියන්න හදන්නේ මම මොනවා හරි කිව්වොත් කවුද පිස්සෝ කියන දේවල් ගනන් ගන්නේ කියන රටේ මතය ගොඩනගන්න තමයි එතුමා උත්සහෙ කරන්නේ එතුමාගේ නීතිඥයෙක් හරහා ලගදීම දවසක එළියට පනිවී. මානසික රෝගින්ව සාක්ෂි දෙන්නවත් උසාවියට ගෙන්නන්නේ නෑ කියන ප්‍රකාශයකුත් කරනවා. මේ කූට අඥාන කුමන්ත්‍රණය ළගදීම ඇත්ත තත්වයෙන්ම එළිවේවි. මාගේ ළග පටිගත කරන ලද සාක්ෂි තියෙනවා ඉදිරියේ දී මම ඒවා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

ජනතාව නව රජය පත්කළේ පෙර රජයේ වැරදි නැවත්වීමට සහ නිවැරදි කිරීමටයි – ආචාර්ය හිරාන් අමරසේකර

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය හිරාන් අමරසේකර SAITM පිළිබඳව පසුගියදා  ලංකාදීප පුවත්පත් සමග කල සාකච්චාව

සරසවි සිසුන් නිදහස් අධ්‍යාපනය පිණිස වූ අරගලයක නිරතව සිටින්නේ කලෙක පටන්මය. එහෙත් මෙවර සයිටම් අරභයා වූ ඒකාබද්ධ අරගලය ඊට වඩා සැලකිය යුතු ලෙස වෙනස් මෙන්ම තීරණාත්මකය. තීව‍්‍රය. සාම්ප‍්‍රදායිකව පැවැති සටන වාමාංශික ආභාෂයක් සහිත රැඩිකල්වාදී එකක් යැයි අර්ථකථනය කළ ද මෙවර එවැනි අර්ථකථනයක් දිය නොහැකිය.

මෙවර දියත්ව ඇත්තේ නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් යන ක්‍ෂේත‍්‍ර දෙකේම සුරක්ෂාව පිණිස ඒකාබද්ධ වූ සටනකි. උදාහරණයකට විශ්ව විද්‍යාල වෛද්‍ය සිසුවෝ වනාහි සාම්ප‍්‍රදායිකවම වාමාංශික ආභාෂයකින් පෙළගැසුණ පිරිසක් නොවෙති. ජාතික මට්ටමින් මතු නොව ජාත්‍යන්තර මට්ටමෙන් වුව මැන බැලූව ද අතිශයින්ම දුෂ්කර උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබා පැමිණියෝය. සරසවි පීඨ අතරෙහි ද දුෂ්කරතම ඉලක්කය ජයගත් වෛද්‍ය පීඨ අටක සිසුවෝ වසරක පමණක් කාලයක් තිස්සේ දැන් සිටින්නෝ අනවරත අරගලයකය. පිරිසක් අට්ටාලවලය. පිරිසක් මහමඟය. පොදුවේ ගත්කල සියල්ලෝ විරෝධතාවකය. එහෙත් පුදුමසහගත තත්ත්වය නම් මේවාට විසඳුම් සෙවිය යුතු පාලකයන් එය නොසලකා හැර එක ආයතනයක් වෙනුවෙන් පෙනී සිටීමට ගන්නා උත්සාහයයි.

සයිටම් ආයතනයට පදනම වැටුණේ පසුගිය රජය අවධියේදීය. එහෙත් 2015 ජනවාරි 8 ඒ රජය පරාජය කර නව රජයක් බලයට පත්කරන්නට ජනතාව කටයුතු කළහ. ඉතින් දැන් ප‍්‍රශ්නයට විසඳුම සෙවිය යුත්තේ කවුද? වත්මන් රජයයි. ආරම්භයේ පටන්ම සයිටම් ආයතනය ක‍්‍රියා කළේ වංචනිකව බව සියල්ලෝ දනිති. එය ගුණාත්මකව පහළ අඩියක බව දනිති. සයිටම් වෙනුවෙන් යම් මතවාදයක සිටින අතළොස්සක් වේ නම් ඔවුහු යම් ප‍්‍රතිලාභයක් ලැබුවෝය. මෙහිදී සැබැවින්ම සයිටම් මවුපියෝ අසරණය. ඔවුන් සිය දුවා දරුවන් මීට සම්බන්ධ කළේ ආයතනයෙන් කළ යම් දැනුම්වත් කිරීම් හා ප‍්‍රචාරණ කටයුතු විශ්වාස කිරීමෙනි. එසේ බලද්දී අද්‍යතන අධ්‍යාපන ප‍්‍රශ්නය පැහැදිලි ලෙස කඳවුරු දෙකකට බෙදී ඇත්තේ ප‍්‍රමාණාත්මකව රටේ සාතිශය බහුතරය සයිටම්විරෝධී අරගලයක පාර්ශ්වකරුවන් කරමිනි.

වෛද්‍ය පීඨයක් පිහිටුවීමේදී මූලික අවශ්‍ය අංගයක් වන්නේ රෝහලකි. එහෙත් සයිටම් ආයතන ප‍්‍රධානියා කළේ තමා සන්තකයේ තමාට අයත්ව තිබූ රෝහලත් විකුණා දමා ඒ මුදල අධ්‍යාපන ආයතනයක් වෙනුවෙන් ආයෝජනය කිරීමය.

සිසුන් ඇතුළත් කිරීම ගැන ද පැහැදිලි දත්ත නැත. එය ආරම්භ කළ අවධියේ 2011 වසරේ සිට සිසුන් වසරකට දෙවතාව බැගින් විශාල ගණනක් ද බඳවා ගත් බව කියයි. මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ අටටම වර්ෂයකට බඳවාගන්නේ දළ වශයෙන් එක්දහස් දෙසීයක පමණ පිරිසකි. කථිකාචාර්යවරුන් සියයක් පමණ සිටින කොළඹ වෛද්‍ය පීඨයට පවා වසරකට බඳවාගන්නේ සිසුන් දෙසීයක් පමණය. එවැනි සීමාකිරීමක් වන්නේම වෛද්‍ය අධ්‍යාපනයේ ඇති භාරදූරභාවය නිසාය.

වෛද්‍ය අධ්‍යාපනය දෙන්නට අවශ්‍ය වන්නේ විශිෂ්ට ගුරුවරුය. ඊළඟට වැදගත්ම කරුණ වන්නේ සායනික පුහුණුවයි. රටකට රෝගීන් වැඩියෙන් බිහිවේවායි කවරෙක්වත් පතන්නේ නැත. එහෙත් සිසුන්ට අධ්‍යයනය සඳහා අදාළ රෝහලේ විවිධ වර්ගවල රෝගීන් සිටිය යුතුවේ. වෛද්‍ය සභාවේ නිර්දේශය එයයි. රෝගීහු වනාහි අසරණයෝය. තමා සායනික වශයෙන් පරීක්ෂාවට ලක්වන්නේ කාගේ අතින්දැයි ඔවුහු නොදනිති. අප කතාකරන්නේ සැබැවින්ම ජීවිතයත් මරණයත් අතර ප‍්‍රශ්නයකි. අහස් යානාවක් පදවන්නකු කළ යුතු නොකළ යුතු කරුණු රැසක් පවතින්නාක් මෙන් රෝග විනිශ්චය ද කළ යුතු නොකළ යුතු සංකීර්ණ කරුණු රැසකින් සමන්විතය. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් පාලනාධිකාරියට අවධාරණය කළේ එම සංවේදී කරුණට අදාළ නිර්දේශ මත පිහිටා කටයුතු කළ යුතු බවය. එහෙත් ප‍්‍රශ්නය වූයේ සයිටම් එම නිර්ණායක මත පිහිටා කටයුතු නොකිරීමය. ඔවුන් එම නිර්ණායක මත පිහිටා කටයුතු කරන්නේ නම් ප‍්‍රශ්නයක් නැත.

ලංකාව වැනි රටවල වෛද්‍ය අධ්‍යාපනය මතු නොව ඕනෑම අධ්‍යයන ක්ෂේත‍්‍රයකට පිවිසෙන සිසු සිසුවියන් වැඩිපුර උනන්දු වන්නේ ගුණාත්මක අධ්‍යාපනයකට නොව සහතිකයකටය. රාජ්‍ය විශ්ව විද්‍යාලවල සිටින සිසු සිසුවියන් අතර තත්ත්වය ද මීට වෙනස් නැත. ඔවුන්ට අද උපාධිය ප‍්‍රදානය කරන්නට දැයි ඇසුවොත් බොහෝ දෙනෙක් අධ්‍යයන කටයුතු නැතිවම වුව එය ලබාගැනීමට සූදානම්ය. අධ්‍යාපන ක්ෂේත‍්‍රවල ප‍්‍රමිතිය සඳහා කිසියම් ආයතනයක් පත්කර තිබෙන්නේ එහෙයිනි. එහෙත් අද වනවිට ප‍්‍රමිති පරීක්ෂකයන් ද අසරණ වෙලාය. ඇතැම් බලධාරිහු ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව අපහාසයට උපහාසයට ලක්කරමින් කටයුතු කරති. මේ නිසා වඩාත් අර්බුදයට යන්නේ එහි ස්වාධීනත්වය බව ඔවුහු නොදනිත් ද?

2012 දී පමණ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිවරයාට අත්බෝම්බ ප‍්‍රහාරයක් පවා එල්ල විය. අද මෙන්ම විවිධ බලපෑම් කළේය. අවසානයේදී ප‍්‍රශ්න මැදම මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය සභාවේ සභාපතිත්වයට පත්කළේය. අප දන්නා තරමට මහාචාර්ය ෆොන්සේකා පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වූවෙක් නොවේ. ඔහුට එදා තනතුර ප‍්‍රදානය කළේ ද සයිටම් ආයතනයට අනුමැතිය ගැනීමටය. එහෙත් සයිටම්හි ප‍්‍රමිතිය වඩා නරක තත්ත්වයක ඇති බව සභාපතිවරයා ප‍්‍රමුඛ නිලධාරිහු අවබෝධ කරගත්හ. ඒ නිරීක්ෂණ චාරිකාවකින් පසුව තත්ත්වය සියැසින්ම දැකීමෙනි. ඉතින් පෞද්ගලික අධ්‍යාපනය ගැන අන්තවාදී අදහසක් නොදැරූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවා මීට අනුමැතිය නොදුන්නේ මන්දැයි නැවත සිතා බැලිය යුතුය. ප‍්‍රමිතිය හදාගැනීමට සයිටම් සූදානම් නම් ප‍්‍රශ්නයක් නැත.

වෛද්‍ය ශිෂ්‍ය ප‍්‍රවේශය මතු නොව සියලූ අංශවල සිසුන්ගේ උසස් අධ්‍යාපන සිහිනයට හානි පමුණුවන ප‍්‍රධාන බාධකය වී තිබෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගන්නා සංඛ්‍යාව සීමිත වීමය. මෙය ඉතාමත් සංවේදී ප‍්‍රශ්නයකි. මන්දයත් ඉසෙඩ් අගයට ප‍්‍රමාණවත් පරිදි සමීප වූවන්ට පවා මේ ඉඩකඩ ප‍්‍රශ්නය නිසා බැටකන්නට සිදුවන හෙයිනි.

මෙය තර්කයක් හැටියට අතිශය සාධාරණය. ප‍්‍රශ්නයක් හැටියට මානුෂිකය. සයිටම් සාධාරණීකරණයට ඇතැමුන් භාවිත කරන්නේ මේ තර්කනයයි. එහෙත් සයිටම් සම්බන්ධයෙන් ගත්කල එය පූර්ණ සත්‍යයක් නොවේ. සයිටම් ආයතනයට බඳවාගත් අතිබහුතර සිසු සිසුවියෝ මෙසේ ඉසෙඞ් ලකුණු සීමාවේ සිටියෝ නොවෙති. හොඳින් විමසා බැලූවහොත් එය නිරීක්ෂණය කළහැකිය. මෙහි ඇත්තේ මුදල පිළිබඳ සාධකයයි. ඇත්ත වශයෙන් ආණ්ඩුවට අධ්‍යාපන ප‍්‍රතිපත්තිය සකසාගැනීමට නිවැරැදි වුවමනාවක් තිබේ නම් සයිටම් ප‍්‍රශ්නය හොඳම ප‍්‍රවේශයයි. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ඉඩකඩ ඇහිරීමේ පාපයට වන්දි ගෙවමින් උසස් අධ්‍යාපන සිහිනය බොඳ වන සිසු සිසුවියන්ට සාධාරණ පිළිතුරක් දීමට රජයට වගකීමක් ඇත. ඒ වෙනුවෙන් සියලූ පාර්ශ්ව එකට එකතු වී වහ වහා නිශ්චිත ක‍්‍රමවේදයක් සැකැසිය යුතුවේ. එහෙත් එයට මුවා වී සයිටම් මුට්ටිය දාගැනීමට කිසිසේත් අනුමත කළ නොහැකිය. සරලවම කියන්නේ නම් මුදල සාධකයක් විය යුතු නැත. අවශ්‍ය වන්නේ මුදල වෙනුවට කුසලතාව මත උසස් අධ්‍යාපනය ලබාදෙන වැඩපිළිවෙළකි. නොඑසේව කුසලතාවෙන් හීන පුද්ගලයන්ට මුදල් බලයෙන් දොරටු විවර වන ක‍්‍රමයක් නොවේ.

නිදහස් අධ්‍යාපනය යටතේ වෛද්‍යවරයකු බිහිකිරීමට සුවිසල් මුදලක් රාජ්‍යය වැය කරන බව ඇතැම් විචාරකයෝ පවසති. විශේෂයෙන්ම එම මුදල මහජන බදු මුදල් නිසා කිසිදා නිමා නොවන බැඳීමකින් එකී වෛද්‍යවරුන් පොදු ජනතාව සමඟ තියුණු ලෙස බැඳී පවතින බවට මත දක්වති. පෞද්ගලික රෝහල්වල ප‍්‍රතිකාර කිරීම් ගැන දොස් දකිති. එහෙත් මා දන්නා තරමින් නම් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙන් වෛද්‍යවරුන් බිහිවන්නේ අඩුම පිරිවැයකිනි. තවද රජයේ වෛද්‍යවරුන්ට පෞද්ගලික රෝහල්වල සේවය කිරීමට බැරි ඇයි? එය රජය විසින් පිළිගනු ලැබූ තත්ත්වයකි. බදු මුදලින් උගෙන ගත් පුද්ගලයා පෞද්ගලික රෝහල්වල ප‍්‍රතිකාර කිරීම වැනි කරුණු මත සමස්ත වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ ගුණාගුණ තක්සේරු කිරීමට යාම නොමනාය. එසේ මැනීමට අවශ්‍ය නම් ඊට ලොව පිළිගත් දර්ශක ඕනෑ තරම් තිබේ. විශේෂයෙන්ම මානව හිමිකම් දර්ශක, අධ්‍යාපන දර්ශක ආදිය එන්න එන්නම කඩාවැටෙද්දී ලංකාවේ සෞඛ්‍ය දර්ශක පවතින්නේ ඉතා ඉහළ තත්ත්වයක බව මේ විවේචකයන්ට නොපෙනෙන්නේ මන්ද? මෙරට ළදරු මරණ අනුපාතය අඩුය. ආයු අපේක්ෂාව වැඩිය. ඇතැම් බෝවන රෝග වසංගත රෝග අප හමාර කර තිබෙන්නේ අසල්වැසි සුවිසල් ඉන්දියානු ලොකු අයියාට ද පෙරය. ජාත්‍යන්තර පරිමාණයේ මෙවැනි ජයග‍්‍රහණ අපට අත්පත් කරගැනීමට හැකිවුණේ දේශීය වෛද්‍යවරුන් නිසා නොවේද? මෙම ජයග‍්‍රහණත් සමස්ත සෞඛ්‍ය සේවයත් රදාපවතින්නේ කොළඹට සීමා වී පෞද්ගලික රෝහල් මතම සිය පැවැත්ම තහවුරු කරගත් වෛද්‍යවරුන් අතළොස්සක් මත නොවේ. විවේචකයන් මෙම අතළොස්සක් වෛද්‍යවරුන් මත සිය තර්කය ගොඩනඟාගන්නේ බුද්ධිවිෂයක වංකභාවය නිසා මිස අන් හේතුවක් නිසා නොවේ. රජයේ රෝහල්වල දිග පෝලිම් පවතින බව ද ඇතැම් ශල්‍යකර්මවලට ලැයිස්තුවේ දිගු කලක් සිටීමට වන බව ද අපි පිළිගනිමු. ඇත්තය. එම තත්ත්ව වහ වහා වෙනස් කළ යුතුය. එහෙත් ඒ ප‍්‍රමිතියක් නැති වෛද්‍ය කඩ කඩිමුඩියේ නීත්‍යනුකූල කිරීමෙන් නම් නොවේ. කළයුත්තේ උසස් තත්ත්වයේ ප‍්‍රමිතියෙන් යුතු වෛද්‍යවරුන් වැඩි වැඩියෙන් බිහිකිරීමය.

පසුගිය කාලයේ සිදු වූ ආර්ථික විපරිවර්තන සමඟ මේ වනවිට ලංකාවේ සමාජය කිසියම් ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තිබේ. සරලව කිවහොත් මැදි ආදායම් ලැබීමේ තත්ත්වයට පත්වීම සමඟ මධ්‍යම පන්තියත් ඉහළ මධ්‍යම පන්තියත් සිය කටයුතුවලදී වාණිජමය මෙහෙයවීම්වල බලපෑමට වැඩි වැඩියෙන් ලක්වේ. නිදහස් අධ්‍යාපනය යන සටන් පාඨය යට කරගෙන අධ්‍යාපනයේ නිදහස යන සටන් පාඨය වැඩි හඬකින් නැඟෙන්නේ ඒ නිසාය. මේ සූදානම් වන්නේ අධ්‍යාපනයත් වෙනත් උපභෝග පරිභෝග භාණ්ඩ මෙන් හෝල්සේල් දැමීමටය. එසේ උත්සාහ දරන ඇතැමුන් නඟන තව තර්කයක් වන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් ලංකාව පහළ මට්ටමේ සිටින බවය.

ඔවුන් පෙර පරිදිම හිතාමතාම පටලවන්නේ ශ්‍රේණිගත කිරීම හා ප‍්‍රමිතියයි. ශ්‍රේණිගත කිරීම හා ප‍්‍රමිතිය යනු කාරණා දෙකකි. ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට ඒමට නම් නොබෙල් ත්‍යාග ලැබීම ආදී බරපතළ සාධක මුල් තැනට එයි. අපේ විශ්ව විද්‍යාල පද්ධතියෙන් එවන් නිර්මාණ බිහි නොවීමේ දුක්ඛදායක කතාව පසුපස ඇත්තේ රාජ්‍ය අධ්‍යාපනයට වැය කරන මුදලේ හිඟතාවයයි. මේ වනවිට ලංකාවේ ඇත්තේ විද්‍යා විෂයවලට වියදමක් නොකරන තත්ත්වයකි. වැය කරන ප‍්‍රමාණයත් තවත් කප්පාදු කරමින් සිටී. මේ නිසා පර්යේෂණ කිරීමට ඇති හැකියාව පහළ මට්ටමකට වැටේ. එහෙත් එයින් එම විශ්ව විද්‍යාල ප‍්‍රමිතියෙන් පහළ වැටී ඇති බවට කිසි ලෙසකින් අදහස් වන්නේ නැත.

මේ වනවිට සයිටම් ප‍්‍රශ්නය පවතින්නේ ජනප‍්‍රිය උදාහරණයකින් පැවසුවහොත් දඬවම්ලාගේ සක්විතිලාගේ ප‍්‍රශ්නය වගේය. දඬුවම්ලාට සක්විතිලාට හසු වන මිනිසුන්ට එහි ඇති අනීතික බව මහ බැංකුව පැවැසුවේ කල්තියාය. ඒ වෙනුවෙන්ම වූ නිවේදන අවස්ථා කීපයකදීම පළ කෙරිණි. එහෙත් ඔවුහු දැන දැනම අමාරුවේ වැටුණහ. සයිටම් ආයතනය ගැනත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිවේදන පළ කළේ මහ බැංකුව වගේමය. එහෙත් දරුවන්ගේ අනාගතය පිළිබඳ සිහිනයෙන් මායාවකට හසු වූ මවුපියෝ ඒවා සත පහකට මායිම් නොකළහ. නිවේදන ද නොසලකා හැරිණි. දැන් ඔවුන් පත්ව සිටින්නේ දඬුවම්ලාට සක්විතිලාට හසුව අසරණ වූ මිනිසුන්ගේ මට්ටමටය. කෙසේ වුවද සියල්ල සිදුවන්නේ හොඳට යැයි සිතා දැන් කළයුත්තේ සයිටම් ප‍්‍රශ්නය මුල්කරගත් පුළුල් සමාජ සංවාදය මෙරට නිදහස් අධ්‍යාපනයේත් නිදහස් සෞඛ්‍යයේත් උන්නතිය පිණිස භාවිත කිරීමය.

නොඑසේව ආර්ථික දෘෂ්ටිකෝණවලින් ප‍්‍රශ්නය විග‍්‍රහ කර ආණ්ඩුවට සිය වගකීමෙන් මිදීමට එය අවභාවිත කිරීම නොවේ. එහෙත් තවමත් අප දකින්නේ දිනපතා වීදි බසින විශ්ව විද්‍යාල සිසුන් හා ඊට එරෙහිව නැ‍ගෙන පොලිස් බාධක හා ජල ප‍්‍රහාරයි. ආණ්ඩුව මේ සෙල්ලම් කරන්නේ රටේ ජීවනාලිය බඳු අනාගත පරපුර සමඟය. ජීවිතයේ හොඳම සමයේ මෙසේ මහමඟ අතරමංව රජයෙන් අවතක්සේරුවට ලක්වීම පුරවැසි සමාජයකට යහපත් නොවේ. රජය දැන්වත් මේ සෙල්ලම නතර කළ යුතුය.

(සංවාද සටහන-බිඟුන් මේනක ගමගේ)

උපුටාගත්තේ – ෆේස්බුක් වෙබ් අඩවියෙනි.

තවත් වෛද්‍ය විද්‍යාල දෙකක් අරඹනවා – ලක්ෂ්මන් කිරිඇල්ල

‘සයිටම් විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් අද රටේ විශාල ප‍්‍රශ්ණයක් ඇති කර ගෙන තිබෙනවා. සයිටම් විශ්ව විද්‍යාලය ආරම්භ කලේ අපේ රජය නොවෙයි. සයිටම් විශ්ව විද්‍යාලය ආරම්භ කලේ පසුගිය රජයයි. නමුත් අපේ රජය කාලයේ තමයි සයිටම් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන පලමු කණ්ඩායම අවසන් විභාගය සමත් වුනේ. අද අධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා, සයිටම් විශ්ව විද්‍යාලය පිලිගන්න කියලා.පසුගිය රජය කාලයේ පෙළපාලි ගියේ අධිකරණ තීන්දුව පිළිගන්න කියලා. අද පෙළපාලි යන්නේ අධිකරණ තීන්දුව එපා කියලා. රජයට අධිකරණ තීන්දු වෙනස් කරන්න බැහැ. සයිටම් විශ්ව විද්‍යාලය පටන් ගන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මිලියන 600 ක් ලබා දුන්නා. එදා කවුරුත් සයිටම් විශ්ව විද්‍යාලයට විරුද්ධ වුනේ නැහැ. එදා විරුද්ධ වුනා නම් සුදු වෑන් එකේ යන්න වෙනවට බයේ’ යයි ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කලේ දින හෝමාගම – දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ නව ගොඩනැගිල්ලේ අවසන් අදියරේ ඉදිකිරීම් පිළිබඳව සොයාබැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් රුපියල් බිලියන 10.2 වියදමින් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදි කෙරේ. ශිෂ්‍ය සහ ගුරු නේවාසිකාගාරයක් , දේශනශාලා , විද්‍යාගාර , ආසන 1400කින් සමන්විත දේශනශාලාවක් ඇතුළු සියළුම පහසුකම් වලින් සමන්විත මෙම ගොඩනැගිල්ල අන්තර්ජාතික මට්ටමේ ප‍්‍රමිතියට අනුව නිර්මාණය වෙමින් පවතී. නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මේ වසර තුල නිම කිරීමට සැලසුම් කර ඇත.

‘මේ රටේ නිදහස් අධ්‍යාපනය ආරම්භ කලේ එක්සත් ජාතික පක්ෂයයි. එම නිසා නිදහස් අධ්‍යාපනය අපි ආරක්ෂා කරනවා. මුලින්ම පෙළපොත් සහ නිල ඇදුම් නොමිලේ සිසු දරුවන්ට ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි. අපේ රජය වයඹ සහ රත්නපුර ප‍්‍රදේශ වල අලූතින් වෛද්‍ය විද්‍යාල දෙකක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. මේවා රාජ්‍ය විශ්ව විද්‍යාල , පෞද්ගලික විශ්ව විද්‍යාල නොවේ.

විශ්ව විද්‍යාල සිසුන්ගෙන් ඉල්ලීමක් කරනවා පංති වර්ජනය අවසන් කර නැවත අධ්‍යාපන කටයුතු වලට සහභාගී වන ලෙස. යම් යම් පිරිස් තමන්ගේ දේශපාලන වාසියට මේ විශ්ව විද්‍යාල සිසුන්ව මෙහෙයවනවා. දරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ වටිනා කාලය අපතේ නොයවා දේශන වලට සහභාගී වන්න කියලා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වධාකාගාරයක් තිබුණා. මේ විවිධ වධකාගාර පවත්වාගෙන යන වධකයෝ තමයි මේ ආණ්ඩුට බලපෑම් ඇති කරන්නේ. මේ වධකයෝ තමයි ආණ්ඩුවට විරුද්ධව පෙළපාලි යන්නේ. අපේ රජය ජනතාව කියනදේ අහන්න සූදානම්, නමුත් වධකයෝ කියන දේ අහන්න සූදානම් නැහැ. මේ ආරම්භ කර තිබෙන විරෝධතා වලින් වෛද්‍ය වෘත්තියේ දියුණුවට සෙතක් සැලසෙන්නේ නැහැ. මේ පෙළපාලි , විරෝධතා කි‍්‍රියාත්මක කරන්නේ දේශපාලන අරමුණක් වෙනුවෙන්. මේ කූඨ උපක‍්‍රම වලට අසුවෙන්න එපා . අධිකරණයක් ලබා දෙන තීන්දු ආණ්ඩුවට වෙනස් කරන්න බැහැ. වධකාගාර පවත්වාගෙන යන අයට රටේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය හෝ සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය හෝ තීරණය කරන්න බැහැ’

– රජිත සමරසූරිය