මාළඹේ පුද්ගලික රෝහල රජයට පවර ගන්නට ලෑස්තියි

මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු පුද්ගලික රෝහල රජයට පවරා ගන්නේ යයි සෞඛ්‍ය අැමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී මාධ්‍යවේදීන් විමසූ ප‍්‍රශ්න කිහිපයකට පිලිතුරු දෙමිනි.

‘අපි ඒ රෝහල ආණ්ඩුවට ගන්නවා. ඔතන තියෙන්නේ රෝගීන්ගේ අඩුවක් විතරනේ. වැදගත් වෙන්නේ ප්‍රමිතියයි. සියළු පහසුකම් තිබුනත් රෝගීන් නෑ. නමුත් ආණ්ඩුවට ගත්තාම රෝගීන් පිරෙනවා ඕන තරම්’ යනුවෙන් ඇමතිවරයා පැවසීය.

MH370 අතුරුදහන්වී වසර තුනයි – ඇත්තටම මොකද උනේ !!!

ආලෝක වර්ෂ දහස්ගණන් දුර ජීවය සොයන තමුන්ගේ ලොවේ නැතිවූ විශාල ගුවන්යානයක් සොයාගත නොහැකි අපේ විද්‍යාව තාක්ෂණය.

MH370 යානය 2014 මාර්තු 8 වන දින පැය 00:41 දී (මැලේසියානු වේලාවෙන්) මැලේසියාවේ ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළින් නික්මෙන්නේ, පැය 6 ක පියාසැරියකින් පසු, චීනයේ බෙයිජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ලඟාවීමේ බලාපොරොත්තුවෙනි. මගීන් 227ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු සමගින් ගුවන්ගතවෙන යානය පැය 01:22 වනතෙක් සුබං (Subang) පාලන මැදිරිය සමග සම්බන්ධවී සිටිනවා.
පැය 01:19 ට අවසන්න පණිවිඩය වන Good night Malaysian three seven zero ගුවන්යානයේ නියමුවන් විසින් නිකුත් කරනවා. ඉන්පසු පැය 01.30 පමණ වනතෙක් සිවිල් රේඩාර් තිරයේ සටහන් වන ගුවන් යානයේ රේඩාර් සම්බන්ධතාවය ඉන්පසු බිඳවැටී තිබෙනවා. කෙසේ නමුත් හමුදා රේඩාර් පද්දතියේ පැය 02:15 තෙක් යානය දිස්වූ බව සඳහන්ය.

නැවත යානය රේඩාර් තිරයේ දිස්වේ යැයි බලාසිටි නිලධාරීන්ට කිසිදු දෙයක් දැකගන්නට ලැබෙන්නේ නැහැ.  තත්වය නරක ඇතාට හැරී එන බව දැනගත් පාලක මැදිරියේ නිලධාරීන් පැය 02:40 ට පමණ MH370  යානය අතුරුදහන් බවට නිවේදනය කරනවා.

ඉන්පසු එළඹෙන කාලපරිච්චේදය ගැන අප ඔබ කවුරුත් දන්නවාය. අතුරුදන් වූ යානය සෙවීම සඳහා 2014 මාර්තු 11 වනදා වන විට ලෝකයේ රටවල් විසින් නෞකා 40ක්, ගුවන් යානා 30 කට වැඩි සංඛ්‍යාවක් වියට්නාම මුහුදු තීරය, දකුණු චීන මුහුද සහ මලක්කා සමුද්‍ර සංධිය අශ්‍රිත මුහුදට, යොදවා තිබුණු නමුත් එකදු සාක්ෂියක් සොයාගැනීමට ඔවුන්ට හැකිවූයේ නැහැ. 2014 මාර්තු 8 දින උදැසන පටන් පහුගිය ජනවාරි 20 (2017) දින දක්වා යානයට වූයේ කුමක්දැයි නිලවශයෙන් සෙවීම් කටයුතු සිදුකලත් කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකිව සෙවීම් කටයුතු අතහැර දැමුවා.

නමුත් යානයේ සිටි මගීන් මෙසේ එය අත්හැර දමන්නට සූදානම් නැහැ. පුද්ගලික වියදමෙන් මේ සෙවීම් කටයුතු සිදුකරන්නට ඔවුන් දැන් සූදානම්. ඒ වෙනුවෙන් අරමුදලක් පිහිටුවන්නටද ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ අතර විටින් විට වාර්තා වූයේ ගුවන් යානයට අයත් සුන්බුන් සොයාගත් බවත්, කළු පෙට්ටියෙන් නිකුත් කරන සංඥා සොයා ගත් බවයි. නමුත් මේ එකක්වත් හරිහැටි සනාථකිරීමට සමත් වූයේ නැහැ. කෙසේවෙතත් 2015 අගෝස්තුවේදී රීයූනියන් දිවයිනට ගොඩගැසූ ගුවන්යානයක කොටස් බෝයින් යානයක බව හඳුනාගනු ලැබුවත් ඒවා කොහේ සිට ගසාගෙන ආවාදැයි නිගමනය කිරීමටවත්, ගුවන්යානයට වූ අනතුර නිගමය කිරීමටවත් සමත් වූයේ නැහැ.

කෙසේවෙතත් අතුරුදහන්වූ MH370 සනය පිලිබඳ එක් එක් ආකාරයේ මත ඉදිරිපත්වී තිබෙනවා.

බොහෝදෙනා කතාබහට ලක් කල මතය වූයේ මෙය පැහැරගැනීමකට ලක්වූවා කියාය. පැහැරගැනීමත් ආකාර කිහිපයකට අර්ථකථනය කරනලදී. එකක් වූයේ යානයේ ප්‍රධාන නියමුවා විසින් යානය පැහැරගැනීමකට ලක්කලා යන්නයි. ඒ අතර තවත් පිරිසක් පැවසුවේ ත්‍රස්තවාදීන් මෙම යානය පැහැරගත් බවයි.
මේ අතර යානය ඇමරිකානුවන් විසින් යානය පැහැරගෙන දියාගෝගාර්ෂියා වෙත ගොඩබැස්සවූ බවට තවත් මතයක් ඉදිරිපත් විය. කෙසේ නමුත් මේ එකදු  මතයක්වත් පිළිගැනීමට හරිහමන් සාක්ෂියක් ලැබුනේ නැත. එසේම එම මතයන් බොරු යැයි කීමට කිසිදු සාක්ෂියක්ද නැත.

MH370 යානයට සිදුවූයේ කුමක්ද යන්න අදටත් අභිරහසකි. චන්ද්‍රිකා 2271 පමණ පෘථිවිය වටා ඇති අතර මේවා අතරින් එකක්වත් MH370 යානයට සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට සාක්ෂි ලබාදුන්නේ නැත. එම අදාල සාක්ෂි හැංගීම අදාල රටාල් වලින් හිතාමතා කලාද, එසේත් නැතිනම් කිසිදු සාක්ෂියක් නොතබා MH370 සැඟවීගියාද යන්න අදටත් අභිරහසකි. විශ්වයේ අහිරහස් රැසක් සොයන අපේ තාක්ෂණයට අපේ ලෝකය තුල නැතිවූ ගුවන්යානයක් සොයාගැනීමට නොහැකිවීම වෙලාවකට පුදුමයක් දැයි සිතේ !!!

ආරක්ෂක ලේකම් ඉවත්වන ලකුණු – නව ලේකම් ලෙස වෛද්‍යරත්න හෝ කෝදාගොඩ මහත්වරුන්ගෙන් අයෙක්

වත්මන් ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට සිංගප්පූරුවේ රෝහලකදී හෘද සැත්කමක් සිදු කර තිබේ. මේ හේතුවෙන් ඔහු මේ දිනවල නිවාඩි ලබා ගෙන සිටී.

හෙට්ටිආරච්චි මහතා ආරක්‍ෂක ලේකම් ධුරයෙන් විශ‍්‍රාම යාමට තීරණය කර ඇති බවද ඉහල පෙලේ ආරංචි මාර්ග සදහන් කරයි.

ඉන් අනතුරුව පුරප්පාඩු වන ආරක්‍ෂක ලේකම් ධුරය සදහා කපිල වෛද්‍යරත්න හෝ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් අතරින් කෙනෙකු පත් කිරීමට නියමිත යයිද සදහන්ය.

සමයංට තැබූ වෙඩි වැදුණු බන්ධනාගාර නිලධාරියෙක්ගේ පාදයක් අහිමිවෙයි

07 දෙනෙකුට මරු කැඳවමින් ඉකුත් 27 වනදා කළුතර බන්ධනාගාර බස් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒවගේම ඔහුගේ වම්පාදය ඉවත් කරන්නට වෛද්‍යවරුන්ට සිදුවී තිබෙනවා.

මෙලෙස තුවාල ලැබුවේ අකුරැස්ස දීගල ලේනම ගම්මානයෙ පදිංචිව සිටි 34 වන වියේ පසුවන බන්ධනාගාර නියාමක ප්‍රසන්න බුද්ධික මහතායි.

වෛද්‍යවරුන් පවසන්නේ දැනට ඔහු දැඩිසත්කාර ඒකකයේ වැඩිදුර ප්‍රතිකාර ලබන බවත් ඉන් අනතුරුව වාට්ටුවකට යොමුකර ප්‍රතිකාර කරන බවත්ය.

තමන්ට සැලකීමට හිටියේ ප්‍රසන්න පමණක් බවයි ප්‍රසන්නගේ දෙමවුපියන් කියා සිටින්නේ. තම දෙපයින් නැගී සිටි ප්‍රසන්න මුළු පවුලේම බර දරමින් ආර්ථිකය ශක්තිමත් කළත් අදින් පසුව ඒ පවුලේ බර එලෙසින් දරන්නට ඔහුට හැකි වන්නේ නැහැ .

“පුතාට ගොඩක් තැන් වලට වෙඩි වැදිලා කියලා ආරංචි වුණා.අපේ පුතා තමයි අපිව බලා ගත්තේ. පුතා වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න” කියලායි ඔහුගේ දෙමවුපියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

හම්බන්තොට විකුනන්න ඔක්කොම ලෑස්තියි

හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට පැවරීමට අදාල ගිවිසුම මීලග කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවට ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි. පත්කරනලද නෝනිස් කමිටුවේ වාර්තා අනුව හම්බන්තොට වරායෙන් 80%ක් චීනයට හා 20%ක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන ලෙස මෙම ගිවිසුම ඉදිරිප්ත වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වෙයි.

මෙම ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ඒ පිලිබදව විශේෂ හමුවක්ද පැවැත්වෙයි.

කෙසේ නමුත් මෙම ගණුදෙනුවෙන් ශ‍්‍රි ලංකා රජයට ලැබෙන්නේ ඩොලර් බිලියන 1.1ක මුදලක් පමණි. සිදුකරන ලද සැලසුම් වාර්තා අනුව වරාය ශ්‍රී ලංකා රජය යටතේ පැවතියේ නම් මෙම ඩොලර් බිලියන 1.1 අවුරු දෙක තුනක් ඇතුලත උපයාගත හැකිව තිබුණු බව ආර්ථික විශේෂඥයන් පවසයි.

එංගලන්තයේ විශාල න්‍යෂ්ටික බංකරයක් තුල වගා කෙරුණු මහා පරිමාණ කංසා වගාව සොයාගනී – යුරෝපයේ ලොකුම වගාව යැයි පැවසේ

මෑත කාලයේ වාර්තාවූ විශාලතම නීති විරෝධීව කංසා වගා කරන ස්ථානයක් එංගලන්තයේ නිරිතදිග විල්ට්ෂයර් ප්‍රදේශයේදී වැටළීමට පසුගිය 23 දින විල්ට්ෂයර් පොලිසිය සමත්වී තිබේ .

1980 ගණන්වල න්‍යෂ්ඨික පර්යේෂණ සඳහා භාවිතා කර අතහැර දමන ලද බංකරයක් මෙම කංසා වාගාව සඳහා කෘතිම ලෙස යොදාගෙන තිබුණි. එහි ඇතුළත කාමරවල හා තැන් තැන් වල විශාල ප්‍රමානයේ මල්පෝච්චිවල මෙම වගාව ජයටම කරගෙන ගොස් ඇත්තේ දිගු කාලයක පටන්ය. එම නිෂ්පාදනය වියළා ඇසුරුම් කිරීමේ සියලුම යන්ත්‍ර සූත්‍රද ඒ තුළ ගාල් කොට තිබී හමුවී ඇත.මෙම ස්ථානය ගැන ලැබුණ ඔත්තුවක් මත පොලිසිය රාත්‍රී කළ වැටළීමේදී ඒ තුළ සිටි 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නට හැකිව තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බෙදාහැරීමට සූදානම් කර තිබුණ කංසා තොගයේ දළ වටිනාකම යුරෝ මිලියන 1 කට වැඩි බව ගණන් බලා තිබුණි.

මෙම ස්ථානය ගැන ලැබුණ ඔත්තුවක් මත පොලිසිය රාත්‍රී කළ වැටළීමේදී ඒ තුළ සිටි 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නට හැකිව තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බෙදාහැරීමට සූදානම් කර තිබුණ කංසා තොගයේ දළ වටිනාකම යුරෝ මිලියන 1 කට වැඩි බව ගණන් බලා තිබුණි.මෙම ගොඩනැගිල්ල එරට ආරක්ෂක අමාත්‍යංශයට මින් ඉහත අයත්ව තිබුණත් දැන් එහි අයිතිකරුවෙකු නොවූ අතර භූගත බංකරයේ තට්ටු 2 ක කාමර 20ක මෙම වගාව කෘතිම ලෙස සිදු කර තිබුණි.න්‍යෂ්ඨික කිරණ වැළැක්වීමට සැකසූ විශාල දොරවල් නිසා මෙම ජාවාරම කලක් තිස්සේ රහසක් ලෙස පවත්වා යන්නට හැකියාව ලැබී ඇත.

මෙම ගොඩනැගිල්ල එරට ආරක්ෂක අමාත්‍යංශයට මින් ඉහත අයත්ව තිබුණත් දැන් එහි අයිතිකරුවෙකු නොවූ අතර භූගත බංකරයේ තට්ටු 2 ක කාමර 20ක මෙම වගාව කෘතිම ලෙස සිදු කර තිබුණි.න්‍යෂ්ඨික කිරණ වැළැක්වීමට සැකසූ විශාල දොරවල් නිසා මෙම ජාවාරම කලක් තිස්සේ රහසක් ලෙස පවත්වා යන්නට හැකියාව ලැබී ඇත.

 

ආර්ථිකය ප්‍රභල අවපාතයක – ආයෝජකයන් ඩොලර් බිලියන ගණන් ඉවත්කරගනී

ලෝකයේ ප්‍රධානතම මූල්‍ය කලමණාකරණ ආයතනයක් වන ඇමරිකාවේ ටෙම්පල්ටන් Templeton Investments ආයතනය ශ්‍රී ලංකාවේ තම ආයෝජනය ඉවත් කර ගැනීමට තීරණය කොට ඇත. මෙම මූල්‍ය ආයතනය ශ්‍රීලංකාවේ භාණ්ඩාගාර බැදුම්කර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2 ක් පසුගිය රජය සමයේ ආයෝජන කොට තිබුණි.

මහින්ද රාජපක්ෂ යුගයේ ශ්‍රීලංකාවේ ආයෝජනයට පැමිණි මෙම සමාගම 1947 ඇමරිකාවේ නිව්යෝර්ක්හි ආරම්භ කරන ලදි. ලෝකයේ විශාලතම වත්කම් කලමණාකරන සමාගමක් වන ෆ්ර්න්ක්ලින් ටෙම්පල්ටන් ඉන්වෙට්මන්ට් Franklin Templeton Investments එහි මව් සමාගම වන අතර එම අරමුදලේ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 850 ඉක්මවයි. එනම ශ්‍රීලංකාවේ වාර්ෂික දල දේශිය නිෂ්පාදනය මෙන් දස ගුණයකි. එමෙන්ම වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 8 කට වඩා වැඩිය.

පසුගිය වසරේ 2016 දි එම සමාගම ශ්‍රී ලංකාවේ කල ආයෝජනවලින් 50% එනම් ඇමරිකානු ඩොලර් බිලියනයක් ඉවත් කරගත් අතර ඉතිරි බිලියනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 475 ක් මේ වසරේ පලමු දෙමස තුල ඉවත් කරගෙන ඇත. ඉතිරි මුදල වන ඇමරිකානු ඩොලර් 525 ද මෙම වසර අවසන් වීමට පෙර ඉවත් කර ගැනිමට අදාළ ඇමරිකානු සමාගම කටයුතු කරමින් සිටි.

ශ්‍රීලංකාවන් ඉහත ආයෝජන ඉවත් කර ගැනීම සම්බන්ධ මුදල් අමාත්‍ය රවි කරුණානයක මහතා ඇමරිකානු ඩොලරයේ අගය ඇමරිකාවේ සත 0.25% අවප්‍රමාණය වී ඇති නිසා මෙසේ ඇමරිකානු සමාගම ශ්‍රීලංකාවේ ආයෝජනය කල මුදල් රැගෙන යන බව පවසයි.

එහෙත් ආර්ථික විශේෂඥන්ගේ මතය නම් ඇමරිකානු සමාගමේ ආයෝජනය සඳහා, මහින්ද රාජපක්ෂ යුගයේ දි වසර 9 ට රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වූයේ රුපියල් 25 කි එනම් වසරකට 3% පමණි. එහෙත් මෙම රජයේ වසර දෙකකට රුපියල් 25 ක් අවප්‍රමාණය වී ඇත, එය 12% පමණ ප්‍රතිශතයකි. (එදා ඩොලර්ය රුපියල් 131යි අද රුපියල් 155 කට ආසන්නයි)

එනම් ඔහුන්ගේ ශ්‍රීලංකාවේ ආයෝජනක් සඳහා භාණ්ඩාගාර බැදුම්කර වෙනුවෙන් ලැබුන වාර්ෂික පොලිය 8% සිට 10% දක්වායි. එහෙත් රුපියල අවප්‍රමාණය වීම ඊට වඩා වැඩි හෝ ඒ සමානය, ඒ අනුව තමන් අයෝජන කල ඩොලර් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් එම ආයෝජකයින්ට අවසානයේ දී ලැබීම මෙයට ප්‍රධාන හේතුව බවයි.

ශ්‍රීලංකාවේ රුපියල කඩා වැටීම හමුවේ ඉදිරියේදී කිසිම විදේශීය ආයෝජනයක් මෙරටට නොඑන අතර දැනට ශ්‍රීලංකාවේ භාණ්ඩාගාර බැදුම්කර සඳහා ආයෝජනය කර ඇති සෑම ඩොලර්යක්ම ශ්‍රීලංකාවෙන් රැගෙන යෑමට ආයෝජකයින් උත්සහ ගනු ඇත. මේ අනුව කිසිම වත්කම් ආයෝජකයෙක් (Fund Management Agency) රටේ රුපියලේ අගය ස්ථාවර වන තෙක් ශ්‍රීලංකාව දෙස නොබැලීම මීට හේතුව බැව් ආර්ථික විශේෂඥයන් වැඩිදුරටත් පැවසිය.

රන්ජන් ඇමතිතුමනි – පටි රෝල් ද ? – පස් කපන්න ඉල්ලා මේ ලිපිය යොමුකළේ ඔබ නොවේද ?

දිවුලපිටිය අසානයේ තම දේශපාලන හිතවතෙකුට පස් කැපීම සදහා පස් නිධියක් පවත්වාගෙන යාමේ බලපත‍්‍රය දීර්ඝ කර දෙන ලෙස නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් ගම්පහ දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

ඉන්දික මන්ත්‍රීවරයා ඉදිරිපත් කල චායාරූපය ගැන රන්ජන් රාමනායක ඇමතිතුමා මින් ඉහත පැවසුවේ එය, ඉන්දික මන්ත්‍රීවරයාගේ මවගේ සොහොයුරා සමග සිටින චායරුපයක් කියාය.

රන්ජන් ඇමතිතුමනි, ඉන්දිකගේ මවගේ සහෝදරයා හෝ මව හෝ, ඉන්දික හෝ වේවා ඔබ මේ ලිපිය නිකුත් කර ඇත්තේ පස් කැපීමේ බලපත්‍රය දීර්ඝ කරන ලෙසය. භූ විද්‍යා හා පතල් කැනීම අමාත්‍යංශයෙන් නියමිත කාලයකට බලපත්‍රය ලබාදී ඇත්තේ අනවශ්‍ය ලෙස පස් කැපීම සිදුවීම වැලක්වීමටය. නමුත් මෙසේ කල් ඉකුත්වන බලපත්‍රය අලුත් කිරීමට ඔබ එම කාර්යාංශයෙන් ඉල්ලා තිබෙන්නේ ඇයි ?

යම් දෙපාර්තමේන්තුවක කටයුතු කෙරෙන පටිපාටියක් තිබේ. සියලුම ලියකියවිලි සහ නිර්ණායක නිවැරදි නම් අදාල පුද්ගලයාට එම දෙපාර්තමේන්තුවට ගොස් සිය බලපත්‍රය ලබාගැනීමට කිසිදු අපහසුතාවයක් නැත. කිසිදු අවස්ථාවක රජයේ දෙපාර්තමේන්තුවක රාජකාරී කටයුත්තක් නිත්‍යානුකූලව සිදුකරගැනීමට මහජනතාවට ඇමතිවරයෙකුගේ ලියුමක් අවශ්‍ය නැත. අප කවුරුත් දන්නා පරිදි ඇමතිවරයෙකුගෙන් ලියුමක් ගෙනියන්නේ එම පුද්ගලයාට අදාල කටයුත්ත නීත්‍යානුකූලව සිදුකරගැනීමට යම් බාධා පවතී නම් පමණි. ඇමතිතුමාගේ ලියුම නිසා වැඩේ කරගත හැකි බව සමාජයම දන්නා රහසකි.

පස් කැපීමට විරුද්ධවීම උතුම් පැසසියයුතු කරුණකි. එසේම ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා මෙයට සම්බන්ධ නම් ඒවාට අදාල සාක්ෂි සාධක සහිතව ඒවා ඔප්පු කර දඬුවම්ද ලබාදිය යුතුය. ඒ සඳහා ප්‍රදේශයේ මෙන්ම රටේද ජනතාව ඔබත් සමග සිටිනා බවත් ඔබ තේරුම්ගත යුතුය.

ඡන්දයට නාමයෝජනා දුන් දිනයේ පටන් වංචාකාරී කටයුතු වලට සම්බන්ධ සහ අනුබල දෙන ඔබත් පස් කැපීම වෙනුවෙන් මෙසේ ලියුම් නිකුත් කිරීම ගැන අපට නම් ඇත්තේ අපුලකි. ඔබ රෑ ඩැනියෙල් දවල් මිගෙල් චරිතය රඟපානවාදැයි වෙලාවකට අපට සැකයක් නැගේ. පසුගියවර ගම්පහ දිස්ත්‍රීක්කයෙන්  නාමයෝජනා ලබාදුන් ඔබගේ නම ඔබ සටහන් කර තිබුනේ අ.අ. රන්ජන් රාමනායක සද්ද විද්ද ලෙසයි. නමුත් ඔබගේ නියම නම (ජාතක හැඳුනුම්පත සහ ගුවන් ගමන් බලපත්‍රය අනුව) සද්ද විද්ද පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්ෆොන්සෝ ය. ඔබ මෙසේ නම වෙනස් කලේ නාමයෝජනා වල අංක 01 ලබාගැනීමට බවත් නොරහසකි. නමුත් ඉන් පෙර පැවති පළාත් පාලන මැතිවරණයකදී අ.අ.අ.අ. ලෙස නම යොදාගත් පුද්ගලයා ගැන කියමින් මැතිවරණ වේදිකාවල රන්ජන් රාමනායක හඬා වැළපුන හැටි රටේ ජනතාවට අමතක නැත. එසේ අන් අයට අඬාපාලි කියමින් තමන් ඒ වැරැද්ද කරන විට රන්ජන් රාමනායකට එය වැරද්දක් නොවන බව ඔහු සිතනවා ඇත. නමුත් රන්ජන් රාමනායක ඇමතිතුමනි වෙනකෙකු කලත් ඔබ කලත් වැරැද්ද වැරද්දමය. එහි කතා දෙකක් නැත. ඉන්දික පස් කැපුවත්, ඉන්දිකගේ මව පස් කැපුවත්, මවගේ සහෝදරයා පස් කැපුවත් ඒ කාටහෝ පාස් කැපීමට අනුබල ඉල්ලා ලිපි යොමු කිරීමත් අතර වෙනසක් නැත. වැරද්දක් කිරීමට කෙනෙකු අවසර ඉල්ලන විට ඔබ එයට අනුබල දී ඇත.

රන්ජන් රාමනායක යනු තවත් එක් නළුවෙක් මිසක් මොලයක් නොවන බව ජනතාව කවදත් දන්නේය. මාධ්‍ය සංදර්ශන තබමින් කැමරාව ඉදිරියේ රඟපාන ඔබට අප මීට ඉහතත් පවසා සිටියේකොන්ද පණ ඇති ඇමතිවරයෙක් නම්, කෝප් කමිටු සාමාජිකයෙක් නම්, බැඳුම්කර හොරුන් ගැන හඬ අවධි කරන්න. ඔබ පරිසරයට ආදරය කරන්නේ නම් විල්පත්තු විනාශයට විරුද්ධව හඬ අවදි කරන්න. ඔබට එසේ නොහැකි නම් ඔබත් ඔබගේ නායකයන් සේම කොන්ද පැන නැති නිවටයෙකු ලෙස ජනතාව හංවඩුගසාවි.

2016.11.18 වන දින රන්ජන් රාමනායක පස් කැපීමේ බලපත්‍රය දීර්ඝ කිරීමට ඉල්ලා යොමු කර ඇති එම ලිපිය මෙහි දැක්වෙයි.

Leaks LK පුවත පළදරයි – අමාත්‍යංශ අතිරේක ලේකම් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවතට

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කරන ආර් එම් එස් පී රත්නායක නැමති රාජ්‍ය නිලධාරියා නිල බලයෙන් සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය නොදරයි. නමුත් ඔහු සෑම අධ්‍යක්ෂක මණ්ඩල සැසිවාරයකටම සහභාගී වෙමින් දූෂිත අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිස ගලවා ගැනීමට මූලිකත්වය දුන්නේ ඔහුට අධිකාරියෙන් ලැබෙන වරදාන සහ වරප්‍රසාද හේතුවෙනි.

මේ පිළිබඳ ලද පැමිණිලි පිළිබඳ සැලකිල්ලට ගත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා ඔහුව ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩල කටයුතු වලින් වහාම ඉවත්කොට ඇති බව වාර්තා වේ. රත්නායක අතිරේක ලේකම්වරයාට එරෙහිව එල්ල වූ චෝදනා රැසක් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

මොහු තරම් අමාත්‍යාංශ මට්ටමින් විදෙස්ගතවූ රාජ්‍ය නිලධාරියකු නොමැති තරම්ය. ඒ පිළිබඳ ලැබුණු විගණන විමසුම් ප්‍රමාණයද ඉහළය. තවද, සාමාන්‍ය බඳවාගැනීම් පටිපාටියෙන් බැහැරව කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නොමැති තම දියණිය සහ ඇය විවාහ ගිවිසගත් පුද්ගලයාද සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවයට යොමු කොට ඇත්තේ සිය අතිරේක ලේකම් බලය පාවිච්චි කරමින් වන අතර ඒ වෙනුවෙන් රාජ්‍ය සේවයේ මූලික සිද්ධාන්ත පවා උල්ලංඝනය කර ඇත. එතැනින් නොනැවතී ඇති මොහු තම පුත්‍ර රත්නයද කිහිප දිනක් අධිකාරියට යොමු කළද එල්ලවූ සේවක විරෝධයේ හේතුවෙන් නැවත කැඳවා ගැනීමට සිදුවිය. නමුත් මේ වන විට ඔහුද ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍යාංශයේ රැකියාව කරන බව දැන ගන්නට ඇත.

මේ සියලු කරුණු සලකා බලා ආර් එම් එස් පී රත්නායක නැමති ගුවන්සේවා අතිරේක ලේකම්වරයා සිවිල් ගුවන්සේවා අධිකාරිය හා සම්බන්ධ සියලු වගකිව යුතු කටයුතු වලින් වහාම ඉවත් කරමින් යහපාලන රජයේ ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ඉදිරියට රැගෙන යාම සඳහා කටයුතු කළ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට සහ අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතාට සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවකයින් ස්තූතිය පළ කරයි.

දීර්ඝ කාලයක් තිස්සේ සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මහජන මුදල් නාස්තිකාර ලෙස වියදම් කරමින් තම හිතවතුනට ලබාදෙන අනවශ්‍ය විදෙස් සංචාර සඳහා සියලු අවසරයන් ලබාදීමට මැදිහත්කරු ලෙස කටයුතු කරමින් ඔහුද ඒවාට සහභාගී වී ඇත. එසේ නාස්තිකාර විදෙස් සංචාර වලට වියදම් කරන ලද මුදල් මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලට සහභාගීවීම වෙනුවෙන් ලබාගත් මුදල්ද නැවත අයකරගන්නා ලෙස  අධිකාරියේ සේවකයන් අමාත්‍යාංශයෙන් ඉල්ලයි.

Leaks LK විශේෂ වාර්තාකරු

ගුවන්සේවා අමාත්‍යංශ වාහන වලින් රවුම් ගහන දියණිය

පසුවදන
අප පලකල ප්‍රවෘත්ති පිලිබඳ අවධානය යොමුකර නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කල සියලුම නිලධාරීන්හට අපගේ ප්‍රණාමය. එසේම විශේෂයෙන් මේ අක්‍රමිකතා / දූෂණ පිලිබඳ අපට අභ්‍යන්තර තොරතුරු සපයා මේවා රටේ ජනතාව වෙත ගෙනගොස් කතිකාවතක් ඇතිකිරීමට අපට උදව් කල සියලුම නිලධාරීන්ට අපගේ කෘතඥතාවය පළකර සිටිමු.

මීළඟට ඔබගේ අවස්ථාවයි. ඔබගේ ආයතන වලත් මෙවැනි අක්‍රමිකතා, දූෂණ සිදුවන්නේ නම් අපට වාර්තා කරන්න. අප ඒවා පිලිබඳ රටේ කතිකාවතක් ඇතිකර වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට අදාල පාර්ශවයන් වෙත යොමුකිරීමට කටයුතු කරන්නම්.

කතෘ,
Leaks LK කණ්ඩායම වෙනුවෙන්.

සමයං ඇතුළු පිරිසගේ මිනීමරුවන් රටින් පිටකිරීමේ සැලැස්මක් – කොළඹ ඇමති බරටම වැඩ

කළුතරදී බන්ධනාගාර බසයකට වෙඩි තබා සමයං ඇතුළු රැදවියන් පහක් හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් මරා දැමු පාතාල සාමාජිකයින් රටින් පැන යාමේ උත්සාහයක් දරමින් සිටින බව පොලිසිය පවසයි.

අද කොලඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියේ අදාල ප‍්‍රහාරයේ සියළු සැකකරුවන් මේ වන විට හදුනාගෙන ඇති බවයි.

මෙම සැකකරුවන්ගෙන් කිහිප දෙනෙකු ව්‍යාජ ගමන් බලපත් මගින් රටින් පැන යාමේ සූදානමක් ඇතියිද පවසන ඔහු ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් සදහන් කලේය.

මෙම පිරිස් රටින් පැන යාම වැලැක්වීම සදහා කටුනායක හා මත්තල ගුවන් තොටුපලවල් වෙත සියළු විධිවිධාන තරකර ඇති බවද ඔහු වැඩි දුරටත් කීය.