පැලයක් සිටුවීම වෙනුවෙන්, රූස්ස ගසක් කපාදමා පියගැටපෙළක් නිමවන පරිසර හිතකාමී සමාජය

ජනාධිපතිතුමනි, මෙහි වරද ඔබගේ නොවේ. ඔබතුමා මෙතනට පැමිණියේ ඔවුන්ගේ ආරාධනය මතය. ඔබ මෙතනට එන විට ඔවුන් ඔබ වෙනුවෙන් සියල්ල සූදානම් කර අවසන්ය.
 
වරද ඇත්තේ ඔබට කොන්ද නමා පැලයක් රෝපණය කිරීමට තරම්වත් කොන්ද පණ නැතැයි සිතමින්, පැලයක් රෝපණය වෙනුවෙන් රූස්ස ගසක් බිමහෙලා එයින් පියගැට පෙළක් නිර්මාණය කල පුද්ගලයන් අතේය.
 
පරිසරයට මෙතරම් ආදරය කරන, පරිසර අමාත්‍යංශය තමන් යටතේ පවත්වාගෙන යන ජනාධිපතිතුමනි, මෙවන් ක්‍රියාවක් දුටු තැන ඔබට කරන්නට තිබුණේ ඔවුන්ට වරද පහදා දී, කොන්ද පණ ඇති නායකයෙකු මෙන්, නිවැරදිව පහත්වී එම පැලය රෝපණය කිරීම නොවේද?
 
පුංචි පැලයක් රෝපණය වෙනුවෙන් අවුරුදු ගානක් තිස්සේ රැකෙමින් රෝපණය වූ රූස්ස ගසක් බිමහෙලීමේ අරුත කුමක්ද ?

ගරු රන්ජන් රාමනායක ඇමතිතුමනි – ඔබෙන් කරන කාරුණික ඉල්ලීමක්

රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමනි,

දිවුලපිටිය ඇතුළු ප්‍රදේශ ගණනාවක පැවති පස් කැපීම ඇතුළු පරිසරය විනාශ කරන පරිසර දූෂකයන්ට එරෙහිව කටයුතු කිරීමට ඔබ ඉදිරිපත්වීම පිලිබඳ ප්‍රදේශයේ ජනතාව ලද භාග්‍යයකි. කෙසේ නමුත් ලියුම්කරු දන්නා පරිදි පරිසර සංවිධාන කිහිපයක්ද මේ පිලිබඳ අදාල නිලධාරීන් දැනුවත් කර තිබුනද කිසිදු පියවරක් නොගැනීම අභාග්‍යයකි. පසුගිය රැස්වීමකදී පොලිස් නිලධාරී මහතෙකු පැවසූ පරිදි එක් අවස්ථාවක භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ නිලධාරීතුමෙකු අදාල පැමිණිල්ල විභාග කිරීමට පැමිණ එහි කිසිදු ගැටළුවක් නැතිබව පවසා නැවත ගිය බව ප්‍රදේශවාසීන් දන්නා කරුණකි. එමෙන්ම නැවත නැවතත් මේ පිලිබඳ පංඉනී කිරීම නිසා ඉවත බලා සිටිය නොහැකි තත්වයකට පැමිණි නිලධාරීන් මෙය නැවත්වීම පිලිබඳ තීරණයක් ගත්තේ ඔබ එම ප්‍රදේශයට පැමිණීමට දින දෙක තුනකට කලින් බවද අප දන්නෙමු. සමහර විට ඔබ මේ ප්‍රශ්නයට මැදිහත් නොවුනා නම් එම තීරණ බල්ලාට ගොස් උන් සුවසේ උන්ගේ ජාවාරම් කරගෙන යන්නට ඉඩ තිබුණි.

පරිසරවේදියෙකු වශයෙන් ඔබගේ මැදිහත්වීම නිසා මෙම ප්‍රදේශවාසීන්ට මහත් අස්වැසිල්ලක් ලැබීම පිලිබඳ අපගේ කෘතඥතාවය පිළිගන්වන අතර, මේ කටයුත්තේ ඉදිරි පියවරයන්ද සාර්ථකව සිදුකර ප්‍රදේශයේ ජනතාවට සාධාරණය ඉෂ්ටකරදීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායයි අපි ප්‍රර්ථනා කරමු.

එමෙන්ම ඇමතිතුමනි මෙම ගැටලුව සේම, ඊටත්වඩා බැරෑරුම් විනාශයක් රටේ තැන් කිහිපයක වෙමින් පවතී.

එහි පළමුවැන්න නම් ඔබතුමා කමිටු සමජිකත්වය දරන කෝප් කමිටුව විසින් වරදකරු කරනු ලැබ ඇති රවී කරුණානායක ඇමතිවරයා රිසි සේ මහජන මුදල් කොල්ලකමින් ව්‍යාජ ගැසට් පත්‍රයන් නිකුත් කරමින් මුළු රටම ගොනාට ඇන්දවීමට කටයුතු කිරීමයි. අයුක්තියට අසාධාරණයට කිසිසේත්ම අකමැති, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව කටයුතු කරන ඔබ වැනි ඇමතිවරයෙකු මේ මුල්‍ය වංචාව පිලිබඳ කතිකාවතක් ඇතිකරන්නේ නම් උක්ත පස් ගැටලුව මෙන්ම මේවාටද ඉක්මන් විසඳුම් ලැබේ යැයි අප විශ්වාශ කරමු. එසේම කෝප් කමිටු සාමාජිකයෙක් ලෙස ඔබතුමාට මේ මුල්‍ය අපරාධය පිලිබඳ හසල දැනුමක් සහ ඒ පිලිබඳ කතාකිරීමේ අයිතියත් ඇතිබව අප විශ්වාස කරමු.

දෙවැන්න නම්, ඔබතුමා සංචාරය කර කිසිදු වන විනාශයක් නොවුනා යයි ප්‍රකාශ කල විල්පත්තු සංහාරයයි. එකත් එකටම ඔබතුමාව මුලාකර ඔබව එහි එක්කන් ගිය නිලධාරීන් ඔබව එක්කන් යන්නට ඇත්තේ විල්පත්තු විනාශය සිදුවී ඇති ප්‍රදේශයට නොව වෙනත් ප්‍රදේශයකට බව ලියුම්කරුට හොඳටම විශ්වාසය. මන්ද අප දිනපතා දකිනා මේ වන විනාශය ඔබතුමාට නොපෙනෙන්නට හේතුවක් නොමැත. අනිවාර්යයෙන්ම විල්පත්තුව කියා ඔබව වෙනත් ප්‍රදේශයකට එක්කරගෙන ගොස් ඇතිබව සක්සුදක් සේ පැහැදිලිය. ඉතින් ඇමතිතුමනි, හැකි වෙලාවක් යොදාගෙන, නියම විල්පත්තුව බලන්න යන්නට කියා අප ඔබෙන් ඉල්ලා සිටිමු. ඔබතුමන් එසේ යන්නේ නම් පරිසරවේදීන් වශයෙන් අපත් ඔබගේ සහයට පැමිණ විනාශ කර ඇති දෑ පෙන්වන්නට කටයුතු කරන්නම්. එවිට ඔබතුමාට මේ පිලිබඳ පැහැදිලි අවබෝධයක් ලැබී මෙයටත් විරුද්ධව කටයුතු කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

සටහන
පරිසරවේදී සමීර අලවත්ත

කවුද මේ මාධ්‍යට තග දාපු ගාමිණී වියන්ගොඩ (උපුටාගැනීමකි)

උපුටාගැනීම – Abrighterfuture.lk වෙබ් අඩවියෙනි – https://www.abrighterfuture.lk/who-put-the-media-bigamy-gamini-viyangoda-280217/

වසර 30ක් මාධ්‍යවේදියෙකු ලෙස සේවයකර ඇතිබව පවසමින් ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරන සිවිල් සංවිධාන ඩොලර් කුක්කෙක් පසුගිය දිනෙක අපට දැක ගැනීමට හැකිවිය. කවුද මේ ගාමිණී වියන්ගොඩ? ඔහු ඇත්තටම මාධ්‍යවේදියෙක්ද. මේ අප ඔහුගේ අතීතය සොයා කල ගවේෂණයේ ප්‍රතිඵලය.

ගාමිණී වියන්ගොඩ මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනය කරන කාලයේ වාමාංශික දේශපාලන නැඹුරුවක් සහිතවූ අයෙකි. එකල ග්‍රන්ථ රචනය හා විකල්ප පත්තරවලට ලිපි ලියමින් ජීවත්වූ මොහු හීෂණ සමයත් සමග රටින් අතුරුදහන් වූවෙකි.

එකල දේශපාලන ව්‍යාපාර තුල මොහුව හැදින්වුයේ විප්ලවීය සගයන් පාවාදී රටෙන් පලාගිය අයෙක් ලෙසයි. එකී චෝදනාව සනාථ කරමින් වියන්ගොඩ පසුකලෙක ප්‍රංශයෙන් මතුවේ. ඒ ප්‍රංශයේ නේපාල තානාපති කාර්යාලයේ රියැදුරෙක් ලෙසයි.

දිවාකාලයේ තානාපති කාර්යාලයේ රියැදුරා වන වියන්ගොඩ රාත්‍රියට ප්‍රංශයේ පිහිටි ප්‍රධානතම ගණිකාව සපයන හෝටලය වන පිකාඩි හී රාත්‍රී පිළිගැනීමේ නිලධාරියා ලෙස සේවය කරයි. ඔහුගේ ප්‍රධානතම රාජකාරිය වන්නේ තැරැව්කරුවන් සදහා ගණිකාවන් සැපයීමයි. මෙම ජාවාරම හරහා ඇතිකරගත් සම්බන්ධතා උපයෝගී කරගෙන ගාමිණී වියන්ගොඩ මීළගට අත ගසන්නේ අනවසර මිනිස් සංක්‍රමනික ජාවාරමටයි. ශ්‍රී ලාංකික තරුණ තරුණියන් මෙන්ම ඉන්දීය නේපාල තරුණ තරුණියන් රාශියක් ගාමිණී වියන්ගොඩගේ මේ ජාවාරමේ ගොදුරු බවට පත්වේ. මේ පිළිබදව දැන ගත් හෝටලයේ පාලනාධිකාරිය වියන්ගොඩව රැකියාවෙන් පහ කරන අතර ඔහුට නේපාල තානාපති කාර්යාලයේ රියැදුරු රැකියාවද අහිමිවේ.

ඉන්පසුව සුළු කාලයක් යුනිසෙෆ් කාර්යාලයේ රියැදුරෙකු ලෙස සේවය කරන වියන්ගොඩ ඉන්පසුව යන්නේ ටැන්සානියානු තානාපති කාර්යාලයේ රියැදුරෙකු ලෙස සේවය කිරීමටයි. එහිදී පෝපේට් නම් තරුණියක් සමග ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නා වියන්ගොඩ සිය බිරිදගේ ප්‍රහාරයකටද ලක්ව නේවාසිකව ප්‍රතිකාර පවා ලබා ගනී.

ටැන්සානියානු තානාපති කාර්යාලයේ රියැදුරු රැකියාවද අහිමිවීමෙන් පසු තමන් ජයදේව උයන්ගොඩගේ මල්ලී යැයි පවසමින් ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ මුදල් ලබා ගනිමින් සිය ජීවිතය ගෙවමින් සි ඇත. මෙය දැන ගත් ජයදේව උයන්ගොඩ එකී ශ්‍රී ලාංකිකයින්ට ලිඛිතව දන්වා ඇත්තේ ගාමිණී වියන්ගොඩ තමන්ගේ සහෝදරයෙකු නොවන බවයි.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ලෙස සේවය කිරීමේදීද ගාමිණී වියන්ගොඩ අපචාර සිද්ධි ගණනාවකට හසුව ඇත. මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීම සදහා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු ලෙස සම්බන්ධවන වියන්ගොඩ දැන් අරලිය ගහ මන්දිරයේ අගමැතිවරයාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරයි. මේ සදහා වියන්ගොඩට මාසිකව රුපියල් එක්ලක්ෂ හතලිස් දෙදහක වැටුපක් ලැබේ. මෙම වැටුප ගෙවා දමන්නේ මුදල් අමාත්‍යාංශය මගිනි. වර්තමානයේ මොවුන්ට පැවරී ඇති ව්‍යාපෘතිය වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලය අඩුකිරීම සදහා විධායක අගමැතිධූරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නව ව්‍යවස්ථා සංශෝධනයකට අවශ්‍ය සමාජ වටපිටාව නිර්මාණය කිරීමයි.

නමුත් රටේ දැවෙන ප්‍රශ්න වන බැදුම්කර ගණුදෙනුව,ගල් අගුරු ටෙන්ඩර් වංචාව, විල්පත්තු වන විනාශය ගැන මොවුන් කිසිදු වංචනයක් කතා කරන්නේ නැත.

නව අගවිනිසුරු ප්‍රසාද් ඩෙප් ද ?

වත්මන් අග විනිසරු ශ‍්‍රී පවන් මහතා අද දිනයේදී (28) සිය ධුර කාලය අවසන් කර විශ‍්‍රාම යාමට නියමිත අතර නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියසාද් ඩෙප් අගවිනිසුරු ලෙස ව්‍යවස්ථා සභාව විසින් යෝජනා කර තිබේ.

එය ජනාධිපතිවරයාගේ අනුමැතිය සදහා ලබා දීමට නියමිතය.

තොරතුරු දැනගැනීම අහුරමින් ගුවන්සේවා අධිකාරිය වෙබ් අඩවි අවහිර කරයි!

පසුගිය කාලය පුරාවට සිවිල් ගුවන්සේවා අධිකාරියේ ඒකාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩායම විසින් සිදුකරන ලද දූෂණ, අක්‍රමිකතා පිළිබඳ කරුණු වෙබ් අඩවි ඔස්සේ හෙලිකිරීම හේතුවෙන් දැඩි කතිකාවක් සමාජ තුළ ඇතිවිය. ඒ තොරතුරු ඔස්සේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් විශේෂ පරීක්ෂණ පවා මේ වන විට ආරම්භ කොට ඇත.

වෙබ්අඩවි මගින් සේවකයින් තොරතුරු දැනගැනීම හේතුවෙන් අධිකාරී සේවකයින් පරිපාලනයේ පවතින දුර්වලතා පිළිබඳ සමාජය තුළ කතාකිරීම දරාගත නොහැකි වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගුවන්සේවා අධිකාරියට වාසි නොවන අන්දමේ පුවත් පළ කරන වෙබ් අඩවි සියල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කොට ඇත.

යහපාලන රජය බලයට පත්වූයේ සැමට අන්තර්ජාල පහසුකම් සහ නොමිලයේ වයි-ෆයි ලබාදීම සිය මූලික කරුණක් කර ගනිමින්ය. රජයේ ප්‍රතිපත්තිය එසේ වුවත් අධ්‍යක්ෂජනරාල්වරයාගේ ඒකාධිපති බලය පාවිච්චි කරමින් සිවිල් ගුවන්සේවා අධිකාරියේ WiFi (වයි-ෆයි) පහසුකම් මෙන්ම වෙබ් අඩවි බොහෝමයකට පිවිසීම අවහිර කොට ඇත. යහපාලන රජය තොරතුරු දැනගැනීම පනත පවා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් අවධියක රජයේම තවත් ආයතනයක් වන සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවක පහසුකම් සියල්ල එකින් එක කප්පාදු කිරීමෙන් එහි දෝෂාරෝපණය එල්ලවන්නේද යහපාලන ආණ්ඩුවටමය.

යහපාලන රජය තොරතුරු දැනගැනීම පනත පවා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් අවධියක රජයේම තවත් ආයතනයක් වන සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවක පහසුකම් සියල්ල එකින් එක කප්පාදු කිරීමෙන් එහි දෝෂාරෝපණය එල්ලවන්නේද යහපාලන ආණ්ඩුවටමය.

සිවිල් ගුවන්සේවා අධිකාරියට නිරන්තරව විදෙස් ජාතිකයින් (ගුවන් නියමුවන්, ගුවන් සේවක සේවිකාවන් ඇතුලු ගුවන් කර්මාන්තයේ බලපත්‍ර ලාබගන්නා සියලු දෙනා) තම අවශ්‍යතා ඉටුකරගැනීමට පැමිණෙන අතර වර්තමානයේ මූලික පහසුකමක් ලෙස සැලකෙන WiFi (වයි-ෆයි) පහසුකම අවහිර කිරීමෙන් eඑම පුද්ගලයන්ද අපහසුතාවයට ලක්වී ඇත. රටේ විශේෂ දෙපාර්තමේන්තුවක් වන ගුවන් හා සිවිල් සේවා අමාත්‍යංශයේ WiFi පවා වැඩ කරන්නේ නැත යනුවෙන් පැමිණෙන බොහෝදෙනා එම ආයතනය සමච්චලයට ලක් කිරීමට පටන්ගෙන ඇත.

සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමනි ඔබට යමක් මතක් කරදීමට අප කැමතිය. වෙබ් අඩවි වාරණයට ලක් කරමින් ඔබගේ ජඩ වැඩ අක්‍රමිකතා වසා ගැනීමට ඔබ උත්සාහ කරන්නේ නම්, ඔබ මේ කරන්නේ අතීසාරයට අමුඩය ගැසීම වැනි වැඩකි !!!!

සමයංට වෙඩි තිබ්බේ සුජීවගේ ප්‍රභල ආධාරකරුවකු වන කඩුවෙල ගප්පියාද ? අංගොඩ ලොක්කා ද ?

සුජිව සේනසිංහගේ සමිපතම මිත්‍රයෙකු විසින් සුජිවට කොමිස් දෙමින් පවත්වාගෙන යන වංචනික ගල් ව්‍යාපාරයේ කොමිස් බෙදියාම හේතුවෙන් හටගත් ගැටුමක් නිසා කලක පටන් පාතාල සමාජිකයන් අතර පැවැති ගැටුමක් ප්‍රතිපලයක් ලෙස අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් සමයං යන පාතාල නායකයෙකු  අද උදෑසන බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටියදි වෙඩි තබා ඝාතනය කර තිබේ.  මීට පෙරද මොහුව කඩුවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණ භූමියේදී වෙඩි තබා ඝාතනය කිරිමට උත්සහ කළ අතර එහිදී සමයං නැමැත්තා බරපතල තුවාල ලබා පසුව සුවය ලැබීය. එම කලින් වෙඩි තැබීම පිටුපස සිටියේ සුජීවගේ පාතාල නායකයෙකු වන කඩුවෙල ගප්පියාය.

සුජීව සේනසිංහගේ සමීපතම ආධාරකරුවෙකු වූ සමයං පසුගිය මැතිවරණ, ජනාධිපතිවරණ සමයේ සුජීව සේනසිංහ වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධ වූ සමයං නැමැත්තා පසුව ගප්පියා සමග ඇතිකරගත් ගැටළුවක් නිසා එම කටයුතු වලින් මදක් ඉවත්වී සිට ඇත. සුජීවගේ ක්‍රියාකාරකම් සියල්ල පිලිබඳ හොඳ දැනුමක් පැවති සමයං තමන්ට ගැටළුවක් වේදැයි සැකය සුජීවට පැවති බව ඔහු ඔහුගේ ආධාරකරුවන් සමගද පවසා ඇත.

පහත දැක්වෙන්නේ 2015 මහා මැතිවරණයේදී, සුජීව සේනසිංහ සිය නිල ෆේස්බුක් පිටුවේ අරුණ උදයන්ත හෙවත් සමයං නැමැත්තා ටැග් කරමින් පළකර ඇති පොස්ටුව. (මෙය සමාජ ජාලා තුල සංසරණය වෙමින් තිබියදී අපට සොයාගැනීමට හැකිවිය.) සමයං සමග සුජීවගේ සම්බන්ධතාවය මෙවැනි දෑ මගින් අපට තව තවත් ඔප්පු වේ.

ඇමති සුජීගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් වන අනිල් විසින් මෙහෙයවමින් තිබෙන මෙම ගල් කැඩීමේ මගඩියට පදනම වී ඇත්තේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වූ ‘එක ගමකට එක වැඩක්’ ව්‍යාපෘතිය ය.මීට අදාලව කඩුවෙල ආසනයට හිමිවුණු ලක්ෂ 570ක මුදලින් සිදුකළ ව්‍යාපෘති වලින් කොමිස් ගසා එති අතර එම කොමිස් මුදල් බෙදා ගැනිමේදි මෙම අර්බුදය මතුව ඇති බව අප ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.

කොරතොට ප්‍රධාන පෙලේ ගල් කාරයෝ කිහිපදෙනෙකු නැතිනම් ගල් කඩන්නන් කිහිපදෙනෙක් සිටිති.ඒ අතරින් ඉරේෂ්, ගිත් හා විජේතුංග තරමක වැඩකාරයෝය.කෙසේවුවද මේ වැඩකාරයන්ටත් වඩා කෙළිකාරයා හා ලොක්කා ඇමති සුජීව බව අපට අනාවරණය වී ඇත.

පොර්ට්සිටි ව්‍යාපෘතියට ගල් සපයන්නාව සිටින්නේ ඇමති සුජීවගේ කිට්ටුම හාදයකි.නැත්නම් ඇමති සුජීවට කිට්ටුම හාදයා ඇමති සුජීවගේ ව්‍යාපාරික සගයා වන අජිත් ප්‍රසන්නය.පොර්ට් සිටියට ගල් සපයන්නේ ඔහුය.

කෙසේ නමුත් සමයං විසින් පදේශයේ බලය තහවුරු කරගැනීමට පෙර “තැබිය”  යුතුබවලොක්කාට ඔහුගේ පාතාලයන් පවසා ඇත. (තැබීම යනු පාතාලයේ භාෂාවයි. අයින් කරන්නද ? තියන්නද ? ඒ ඔවුන්ගේ භාෂාවයි. අයින් කරන්න යනු අතක් පයක් කපා දැමීම වන අතර තියනවා යනු වෙඩි තැබීමයි.)  ලොක්කා කියා ඇත්තේ අයින්කරලා වැඩක් නෑ තියන්න කියලා ය. ඒ අනුව ක්‍රියාත්මක වූ පාතාලයන්ගේ ඔවුන්ගේ දෙවැනි අවස්ථාව සාර්ථක කරගැනීමට සමත්වී අවසන්ය.

සමහරවිට ටිකදිනකින් ගප්පියාට වෙඩිකා මිය යාමට සිදුවනු ඇත. එවිට සමයං ඇතුළු අහිංසක පොලිස් නිලධාරීන් ඝාතනය එතැනින්ම වැළලී යන අතර මෙවැනි බැටළු හැම පොරවාගත් ඇමතිවරුන් සිය මැර ක්‍රියා අලුත් පාතාලයකු යොදාගෙන කරගෙන යනු ඇත.

යහපාලනය රටට ගෙන ආ ආශ්චර්යය මෙයයි !!!!! ඉදිරියේදී වධකාගාර, ටයර් සෑ පිලිබඳ බලාපොරොත්තු තැබියහැකි මට්ටමට රට පැමිණ තිබේ.

Leaks LK විශේෂ වාර්තාකරු

ඕස්ට්‍රේලියා ගොස් එන ගමනේදී සිංගපූරුවේ ග්‍රෑන්ඩ් හයට් හෝටලයට රනිල් ගොඩවැදුනේ කාව හමුවන්නද ?

පසුගියදා පෙබරවාරි 17දා ඕස්ට්‍රේලියාවේ ගොස් ඉල්ලා ලබාගත් ආචාර්ය පට්ටමත් සමග පැමිණෙන අතරමගදී සිංගප්පුරුවේදී රනිල් වික්‍රමසිංහ විසින් ග්‍රෑන්ඩ් හයට් හෝටලයට ගොඩවැදී ඇත්තේ රහස් සාකච්චාවකට යයි අපගේ විශේෂ ඔත්තුකරුවකු අපට දැන්වීය.

17 වෙනිදා වන විට බෙහෙත් ගැනීමට යයි කියමින් සිංගප්පුරුවට ගොස් සිටි සාගල රත්නායක ඇමතිවරයා සහ අගමැතිවරයාත් අතර විශේෂ රහස් සාකච්චාවක් පවතී ඇත. මෙය කලින් සැලසුම් කර ඇති ගමනක් වන අතර ලංකාවේදී සාකච්චා නොකර සිංගප්පුරුවේදීම සාකච්චා කිරීමට තරම් බැරෑරුම් සහ රහස් සාකච්චාව කුමක්දැයි මේ පිලිබඳ දැනගත් බොහෝදෙනා විමතියට පත්වී ඇත.

සාකච්චාවට මූලිකව බඳුන්වී ඇත්තේ FCID පරීක්ෂණයන්ය. මහින්ද ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීන් හිරේ යැවීමට අටවා ගත් FCID දැන් ඔවුන්ටම පාරාවළල්ලක් වී ඇති බව මෙහිදී දෙදෙනා සාකච්චා කර ඇත. විශේෂයෙන්ම මහින්ද ඇතුළු පිරිසට ගොනුකළ චෝදනා එකක්වත් ඔප්පුකරගෙන දඬුවම් දීමට් නොහැකිවීම ගැන සාකච්චා කල දෙදෙනා, බැඳුම්කර වංචාව ගැනත් සාකච්චා කර ඇත.

රවී විසින් කර ඇති අනුවන ක්‍රියාවේ බරපතල කම පෙන්වාදී ඇති අගමැතිවරයා මෙම වංචාව ඔප්පු වුවහොත් තමන්ගේ අගමැති කමටත් කෙළවෙන බව සාගල සමග පවසා ඇත. කෙසේ හෝ මෙම වංචාව යට ගැසියයුතු බවත් හැකි නම් මහින්ද රාජපක්ෂව මෙයට සම්බන්ධ කර ප්‍රචාරයක් යැවිය යුතුබවත් දෙදෙනාගේ මතය වී තිබේ. පසුව කරලියට පැමිණි ව්‍යාජ ගැසට් පත්‍රය එම සාකච්චාවේ කුටප්‍රප්තිය ලෙස එළිදැක්වීමට රනිල් ප්‍රමුඛ රහ හොරු නඩය කටයුතු කර තිබේ.

එසේම මෙහිදී FCID විසින් රජයේ ඇමතිවරුන් පිලිබඳ සිදුකරන පරීක්ෂණ වහාම නතරකලයුතු බවත් නැතිනම් තම රජය තව තවත් අපකීර්තියට පත්වන බවත් රනිල් වික්‍රමසිංහ පවසා ඇත. විශේෂයෙන්ම රාජිත සේනාරත්න පිලිබඳ සිදුකරන පරීක්ෂණ අවසානයක් කරා පැමිණ ඇති බවත් ඒවා හෙලිවුවහොත් බොහෝ කරුණු එලියට පැමිණිය හැකි බවත් අගමැතිවරයා පවසා ඇත. එසේම විමල් වීරවංශ පිලිබඳ කරන පරීක්ෂණ වලදී රජයේ ඇමතිවරුන් සහ ලේකම්වරුන් කිහිපදෙනෙක් වරදකරුවන් වී ඇතිබවත් ආශු මාරසිංහද ඒ අතර බවත් රනිල් සාගල රත්නායක විසින් පවසා ඇත.

කෙසේ හෝ සිය සගයන් වරදකරුවන් වීම නැවැත්විය යුතු බවත් මේ පිලිබඳ පරීක්ෂණ මෙහෙයවන FCID සහ CID ජේෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු දැනුවත් කරන ලෙස රනිල් විසින් සාගලට පවසා තිබේ. නමුත් ඒ අවස්ථාවේ සාගල පවසා ඇත්තේ ඔබතුමා කියන්නත් කලින් අපි ට්‍රයි එකක් දුන්න. නමුත් වැඩේ ලේසි වෙන පාටක් නෑ. ඒ දෙන්නම කෙලින් වැඩ කරන දෙන්නෙකු බවයි. මෙයට උරණවූ අගමැතිවරයා පවසා ඇත්තේ, එහෙනම් ඉතින් මාරුවක් දුන්නා නම් වැඩේ හරිනේ. අපේ දෙන්නෙක් ඔතනට දාන්න කියාය.

මෙසේ කරුණු කාරනා සාකච්චා කිරීමෙන් අනතුරුව අගමැතිවරයා හෝටලයෙන් පිටවී ඇති අතර සාගල රත්නායක ඇමතිවරයා එවෙලෙහිම අවශ්‍ය කටයුතු සඳහා ලංකාවේ නිලධාරීන් කිහිපදෙනෙකු දැනුවත් කර ඇත.

මේ වන විටත් අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතින අතර ආණ්ඩුවේ ඇමතිවරුන් සම්බන්ධ පරීක්ෂණ යටගැසීම සඳහා කල හැකි සියලුම දෑ කිරීමට අදාල නිලධාරීන්ට උපදෙස් දී ඇත.  ආණ්ඩුවේ ඇමතිවරුන් බේරාගැනීමට FCID සහ CID නිලධාරීන් ඉවත්කරන්නේද….. Leaks LK අවධානයෙන්.

LK විශේෂ වාර්තාකරු.

උතුරු මහ ඇමති විග්නේෂ්වරන්ට අසාධ්‍යයි.. දැඩි සත්කාර ඒකකයේ..

උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාට කොලඹ පුද්ගලික රෝහලකදී හෘද සැත්කමක් සිදු කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.

දැනට ටික දිනකට පෙර හෘදයාබාදයක් හේතුවෙන් යාපනය රෝහලට ඇතුළු කරන ලද මහ ඇමතිවරයා පසුව කොලඹ පුද්ගලික රෝහලකට ඇතුළු කරන ලදී.

සේ වන විට දැඩි සත්තාර ඒකකයේ සිටින ඒ මහතා බැලීමට පවුලේ ඥාතීන්ට හැර කිසිවෙකුට අවසර නැති බවද සදහන්ය.

කොටිහඬ ලොක්කා ICTA ආයතනයේ මුල් පුටුවට

කොටි සංවිධානය ක‍්‍රියාකාරීව පැවති සමයේ කොටි හඬ ගුවන් විදුලියේ ප‍්‍රධානියා ලෙස කටයුතු කල තැනැත්තා මේ වන විට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ ප‍්‍රධානියා ලෙස පත් කර ඇති බවට දුෂණ විරෝධී පෙරමුණ චෝදනා කරයි.

එම පෙරමුනේ සංවිධායක වසන්ත සමරසිංහ මහතා කුරුණෑගලදී පැවති ජනහමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

මේ පිලිබඳ වැඩිදුර තොරතුරු විමසීමේදී අපට දැනගන්නට ලැබුණේ සුදුසුකම් ඇති වෙනත් පුද්ගලයන් සිටියදී මෙම පත්කිරීම සිදුකර ඇත්තේ පිරිසක් සතුටු කිරීමට බවයි.

හමුදාව ඉවත්කරනු උතුරේ හර්තාල් – මෙහෙයවීම ප්‍රභල රටවල් දෙකක තානාපති කාර්යාල මගින්

මුලතිව් කේපාපිලව් හි ගුවන් හමුදාව බාරයේ ඇති ඉඩම් අක්කර 538 ඇතුළු ආරක්ෂක හමුදාව බාරයේ ඇති උතුරේ ඉඩම් නිදහස් කරන්නැයි බලකරමින් උතුරේ දේශපාලඥයින් හා සිවිල් සංවිධාන එක්ව සදුදා 27 වැනි දා උතුරු පළාත තුළම ක්‍රියාත්මක වන පරිදි හර්තාලයක් කිරීමට සැලසුම් කර සිටින බවට ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

මුලතිව් කේපාපිලව් හි ජනතාව ඉකුත් දෙසැම්බර් 31 වනදා සිට මෙම ඉල්ලීම් මුල්කර ගනිමින් විරෝධතාවක නිරත වීමත් මෙම ජනතාවගේ ඉල්ලීම් පිළිබද සැලකිල්ලක් නොදක්වමින් රජය ඒ සම්බන්ධයෙන් මුනිවත රැකීමත් නිසා මෙම හර්තාලය කිරිමට සැලසුම් කර ඇතැයි කියැවේ.

LTTEය විසින් ඒ කාලයේ ඉඩම්, මුදල් කොල්ල කමින් සිටියදී අක්කරයක් තියා බිම් අඟලක් වෙනුවෙන් ඔලුව වත් උස්සා නොබැලූ සමහරක් දමිල දේශපාලඥයන් දැන් දැන් රජයට පෙනේ පුප්පමින් දෙමල ජනතාව උසිගන්නන්නේ නැවතත් රට අඳුරු යුගයක් කරා ඇදගෙන යාමේ ජාත්‍යන්තර බලවේග වල උවමනා එපාකම් සපුරාලීමට යයි, දේශපාලන විචාරකයන් පෙන්වා දේ. කෙසේ නමුත් කොන්ද පණ ඇතිව කෙලින් තීරණ ගැනීමේ හැකියාව ඇති සේනාධිනායකයෙකු සිටියා නම් මෙසේ නොවන බව ඔවුන්ගේ මතය වී තිබේ.

උතුර නැගෙනහිර පිලිබඳ තීරණයක් ගැනීමේදී මුලින්ම ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ, ඇමරිකානු තානාපතිකාර්යාලය සම්බන්ධකරගෙන උපදෙස් විමසන ජනාධිපතිවරයෙකුත් ඇමතිවරයෙකුත් සිටින රටකට එකමුතුව ඉදිරියට යාම සිහිනයක් විය හැකිබව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.