මාස 2ක් තුල උතුරේ ඉඩම්වලින් හමුදා කඳවුරු ඉවත්කර ඉඩම් නිදහස්කර දෙනවා – මෛත්‍රී TNA ට පොරොන්දු වෙයි.

මාස 2ක කාලයක් තුලදී උතුරේ ඉඩම් වල යුධ හමුදා කඳවුරු ඉවත්කර ඉඩම් නිදහස් කර එහි සම්පූර්ණ පාලන බලය උතුරු පළාත් සභාවට පැවැරිමට තමන් කටයුතු කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කර සිටි බව ද්‍රවිධ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා ද්‍රවිධ මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබේ.

උතුරේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ජනාධිපතිවරයා සද ද්‍රවිධ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ඊයේ හමුවු අතර එහිදි ජනාධිපතිවරයා එම පොරොන්දුව ලිඛිතව ලබාදිමට කටයුතු කල බවද සම්බන්ධන් අනාවරණය කර තිබේ. තවද පුනුරුත්ථාපනය කර මුදාහැර ඇති හිටපු LTTE සාමාජිකයන්ට මාස්පතා වන්දි මුදලක් පිරිනැමීමටද මෙහිදී සාකච්චා වී ඇති බවත් ඒ පිලිබඳ තීරණයක් ගෙන නැති බවත් අපට වාර්තාවිය.

නව ව්‍යවස්ථාව සම්පාදනය කර සම්මත කරනතුරු වත්මන් ව්‍යවස්ථාවෙන් පළාත් සභාවට පැවැරි ඇති බලතල ක්‍රියාත්මක කිරිමට ජනාධිපතිවරයා කටයුතු කිරිමට සුදානම් බවද සම්බන්ධන් අනාවරණය කර තිබේ.

කෙසේ නමුත් සාකච්චාව අවසානයේ සම්බන්ධන් මන්ත්‍රී වරයා සිය සමීපතමයන් සමග පවසා ඇත්තේ, හමුදාවේ අයට පැන්ෂන් එකයි ගෙවාගන්න බැරි ආණ්ඩුව අපේ අයට වන්දි ගෙවයිද කියාය. කෙසේ නමුත් මෙවිට තවත් මන්ත්‍රීවරයෙකු පවසා ඇත්තේ, මේ පාර දෙන ඔක්කොම ගන්න ඕනේ. ඕවා ඔක්කොම අපේ අරමුදල් වලට බැර කරන්න ඕනේ කියාය.

අපට ඇති ගැටලුව නම් LTTE සාමාජිකයන්ට මාස්පතා වන්දි මුදලක් පිරිනැමීමට තීරණ ගන්නේ කුමන පදනම යටතේද සහ, TNA මන්ත්‍රීවරුම පවසන ආකාරයට පුද්ගලිකව දෙන වන්දි මුදල් රැස් කරන ඔවුන්ගේ අරමුදල කුමක්ද යන්නයි. මීට අමතරව අපට නම් දැනෙන්නේ අපේ මෛත්‍රී ජනාධිපතිතුමා ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ ලෙසිනි. මන්ද රටේ ආරක්ෂාවට සිටින සහ ආරක්ෂා කල දැනට අබාධිත සෙබළුන්ට වැටුප් නොගෙවන සේනාධිනායකතුමා, ත්‍රස්තවාදී කණ්ඩායමක පුනුරුත්ථාපනය කල සාමාජිකයන්ට මාස්පතා වන්දි මුදල් ගෙවීමට සූදානම් වීමයි. මේවාට සිනාසිය යුත්තේ කොතැනින්දැයි ලියුම්කරුට සිතාගත නොහැක.

Leaks LK දේශපාලන වාර්තාකරු

දකුණු වෙරල තීරයේ කැස්බෑවුන් අභිරහස් ලෙස මියයයි

පසුගිය දින කිහිපය තුළ දකුණු මුහුදු තීරයේ තංගල්ලේ සිට හම්බන්තොට දක්වා කළාපයේ අබිරහස් ලෙස මරණයට පත් වූ කැස්බෑවන්ගේ සිරුරු රැසක් හමු වී ඇත.

මෙම කැස්බෑ සිරුරුවල බාහිර කිසිදු තුවාලයක් නොමැති අතර, ඔවුන් මරණයට පත් වූ හේතුව මෙතෙක් හඳුනා ගෙන නැත. නමුත්, විශාල සංඛ්‍යාවක් එකවර ස්වාභාවික හේතුවක් මත මරණයට පත් විය නොහැකි බැවින්, ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස, ධීවරහා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (23) පෙරවරුවේ නාරා ආයතනයේ සභාපතිවරයාට උපදෙස් දී තිබේ.

මෙසේ මරණයට පත්ව තිබෙන කැස්බෑවුන් අතර, කොළ කැස්බෑවන් සහ බටු කැස්බෑවන් වන බව, හම්බන්තොට දිස්ත්‍රික් ධීවර කාර්යාලය පවසයි. කෙසේ වුව ද දකුණු මුහුදු තීරයේ මඩුවන් ඇල්ලීම සඳහා යොදන දැල්වලට සහ උගුල්වලට හසුව මෙම කැස්බෑවන් මරණයට පත් වන්නට ඇතැයි හෝ මුහුද යට පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරීම නිසා ද, මෙවැන්නක් සිදුවීමට හැකියාව තිබේ යයි ප්‍රදේශවාසීන් පවසයි.

කෙසේ වුව ද මෙම කැස්බෑවුන් මරණය පත්වීමට හේතු වූ ආසන්නතම කරුණ කුමක්දැයි සෙවීම සඳහා නාරා ආයතනය විමර්ශන කටයුතු ඇරඹීමට සැළසුම් කර තිබේ.

වතුර බිලටත් වැඩේ හරි – ගාස්තු වැඩිකිරීම ස්ථිරයි – අවශ්‍ය අනුමැතිය ලැබුණා – රවුෆ් හකීම්

පසුගියදා කුරුණෑගල උත්සවයක් අමතමින් රවුෆ් හකීම් මහතා කියා සිටියේ පවතින ජල ගාස්තු සංශෝධනය සඳහා අවශ්‍ය අනුමැතිය ලැබුණු බවත් ඉතාමත් ඉක්මනින් ගාස්තු ඉහල දමන බවත් ය.

දැන් කියන්න ඉතුරුවෙලා ඇත්තේ රටකට ඕනෑ අපමණ අගයක් – එකට ඕනෑ ගිනිකන යුගයක් යයි කියමින් උත්සවයට සහභාගී වූ පිරිස් පැවසූ බව අපට වාර්තා විය.

ජල පරිබෝජනය සඳහා දැනට පවතින මිලගණන් ඔබට මෙතනින් බලාගත හැකිය.

රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් රෝගීන් බිල්ලට තබා වර්ජනය කරන වෛද්‍යවරු පිටුපස ක්‍රියාත්මක අදිසි හස්තය කාගේද ?

පෞද්ගලික රෝහල් වල චැනල් සේවයේ යෙදෙමින් සයිටම් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනය වසා දමන්නැයි කියන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දකුණු පළාතේ සියළුම රෝහල් වල වැඩ වර්ජනයක් කැඳවා තිබේ. සවස සිදුකරන තම චැනල් සේවයට අවහිරයක් නොවන පරිදි මෙකී වර්ජනය රජයේ රෝහල් වල ක්‍රියාත්මක කරන්නේ උදේ 8 සිට දහවල් 12 දක්වා ය.

රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් යයි කියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම වර්ජනය කරන ලෝකයේ එකම වෛද්‍ය පිරිස වන මෙකී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමැති ත්‍රස්ත සංවිධානයේ හෙට වර්ජනයට සහාය දක්වන ජවිපෙ, පෙරටුගාමීන් සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු පිරිස් පස්වරු 1ට ගාල්ල කරාපිටිය රෝහල අසල සිට ගාල්ල නගරය දක්වා පෙළපාලියක් ගොස් පස්වරු 3 ට ජන රැලියක් පැවැත්වීමට ද නියමිතය.

මේ පිරිස මෙලෙස සයිටම් වසන්නැයි කියා රෝගීන් බිල්ලට ගෙන වර්ජනය කරන්නේ  නඩු තීන්දුව සම්බන්ධයෙන් වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත්කර තිබෙද්දීය.

වැලේ වැල් නැතිව සිටින රතු විප්ලවවාදීන් දැන් කරන්නේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා වැනි වැඩකි. රෝගීන් මලත් අපිට් මොකෝ අපේ වැඩේ වෙනවා නම් යන මතයේ සිටින මොවුන් කවදත් ගොඩ ගියේ මළමිනී මතින්ය. ඉතින් මිනී ගොඩගැසෙන තරමට තමන්ට කලදවස හොඳ යයි විප්ලවවාදීන් තරයේ විශ්වාස කරනබව ලියුම්කරු පවසා තිබුණි.

පේරාදෙණිය සරසවියේ සිසුන් 8ක් අන්තරේ විසින් පැහැරගෙන නිවසක රඳවා අමනුෂිය ලෙස පහර දෙමින් සිටියදී පොලීසිය බේරාගනී.

සයිටම් විරෝධී උද්ඝෝෂණ වලට සහභාගී නොවුනැයි පේරාදෙනිය සරසවියේ නවක සිසුන් 8 දෙනෙකු බලහත්කාරයෙන් සරසවි භූමියෙන් පැහැරගෙන තාවකාලික කුලී නිවසකට ගෙන ගොස් වධ දෙමින් සිටියදී පේරාදෙණිය පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුව හදිසි වැටලීමක් සිදු කර ඇත. මෙහිදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වධකයන් 15 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත. පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහනුවර අතිරේක මහේස්ත්‍රාත් රංගනී ගමගේ මහත්මියගේ නියෝගය මත ලබන මස 2 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

වද බන්ධනයට ලක්වූ සිසුන් සිසුන් 8 දෙනා පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ  සිසුන් වන අතර  වධ දුන් වධක සිසුන් දෙවැනි වසරේ සිසුන් යැයි කියන නමුත් පිට පුද්ගලයන් ද ඒ අතර වෙතැයි පොලිසිය සැක කරන බැවින් ඔවුන් නිසැකවම සරසවි සිසුන් දැයි දැන ගැනීම සඳහා විශ්ව විද්‍යාලයෙන් කරුණු විමසා ඇත.

මෙසේ සිසුන් පැහැරගැනීමක් ආරංචි වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනය පාලක වරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පේරාදෙණිය පොලිසිය වැටලීම කර ඇත්තේ පාන්දර 2 ට පමණ වන අතර ඒ වන විටත් අන්තරේ ජ්‍යෙෂ්ඨයෝ නවක සිසුන් 8 දෙනා වධ බන්ධනයට ලක් කරමින් සිට ඇත.

පේරාදෙණිය හිඳගල මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ පිහිටා තිබූ මෙම නිවස කුලියට ගෙන ඇත්තේ ද මාස දෙකකට පමණි. සරසවි සිසුන් නිවසක් කුලියට ගන්නවා නම් අඩුම වශයෙන් වසරක කාලයකට කුලියට ගන්නා බැවින් මෙම ස්ථානය  සරසවි සිසුන්ගේ නවාතැනක් විය නොහැකි යයිද මෙය අන්තරේ නීති විරෝධී මාෆියා ක්‍රියා සඳහාම තාවකාලිකව කුලියට ගත් ස්ථානයක් බව පෙනී යන්නේ යයි පොලිසිය පවසයි.

වධයට ලක්වූ සිසුන්ට අමානුෂික ලෙස පහර දී තිබෙන අතර ඔවුන් රෝහල් ගත කර ඇත. දෙදෙනෙකු තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.

මෙය නවක වධ සිද්ධියක් යැයි කියා යටපත් කිරීමට උත්සාහ කළද සරසවි ආරම්භ කර මේ වන විට මාස කිහිපයක් පමණ වී ඇති බැවින් මෙය නවක වධය දීමක් නොව පළිගැනීමක් බව පෙනී යන නමුත් වධයට ලක්වූ සිසුන් බියට ඒ බව පොලිසියට පවසා නැතැයි පොලිසිය කියයි.

මේ අතර උද්ඝෝෂන වලදී අත් අඩංගුවට පත්ව රිමාන්ඩ් වන අන්තරේ සිසුන් වෙනුවෙන් රු. ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ගෙවන බවත්, සිසුවියන්ට වැඩියෙන් ගෙවන බවත්ය.

මේ අතර මෙම පහර දීම  පිලිබඳ අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසු සිසුවියන් කිහිපදෙනෙක් අප වාර්තාකරු සමග මෙසේ පවසා ඇත.

සින්නොත් එක්ක (ජේෂ්ඨ ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලය තුල හඳුන්වන නම) කැට අරන් සල්ලි එකතුකරන්නයි, එයාලගේ උද්ගෝෂණ වලටයි ගියේ නැත්නම් අපිට කැම්පස් එන්න වෙන්නේ නෑ. අපිට නිදහසේ අදහස් දරන්න අයිතියක් නැහැ. මුලින්ම පන්ති පහ කියල අපිව ගෙනිහින් එක එක දේවල් අපේ ඔලුවට දාල අපිව වෙනස් කරන්න හදනවා… සමහරු ඒවාට අහුවෙනවා. නමුත් බහුතරයක් ඒ ප්‍රෝඩාවට අහුවෙන්නේ නෑ. පස්සේ කරන්නේ අපි  කැමති උනත් අකමැති උනත් බලෙන් අපිව එයාලගේ උද්ගෝෂණ වලට අරන් යනවා, කැට හොල්ලන්න අරන් යනවා. නොගියොත් පහුවෙනිදට ගහන බනින නිසා අපි යන්නේ. අපේ අම්මලා තාත්තලා අපිව උස් මහත් කරලා කැම්පස් එවන්න කොච්චර මහන්සි වෙනවද…. අපි මෙහේ ඇවිත් ඉගනගන්න උත්සහ කරද්දී එයාලා එයාලගේ දේශපාලන වැඩ වලට අපිව බලෙන් එක්කන් යනවා. අන්තිමට් වෙන්නේ අපි විභාග ෆේල් වෙන එක. එයාලට නම් ගානක් නෑ. මොකෝ ඔය පක්ෂ වලට උදව් කරන කැම්පස් එකේම ඉන්න ගුරුවරු විභාග කිට්ටුවෙනකොට එයාලව ගෙවල් වලට ගෙන්නන් ප්‍රශ්න පත්තරේ දෙනවා. එයාල ගොඩ යනවා… අන්තිමට අහිංසක අපි තමයි ඒවාට ගිහින් ඉගන ගන්න වෙලාවක්ෆේ නැතුව ෆේල් වෙලා ජීවිතේ නස්තිකරගන්නේ. එයාලා විප්ලව කරනවා නම් ඉගනගන්න කෙනාට පාඩුවේ ඉගනගන්න දීල එයාලා විප්ලවේ කරගන්න ඕනේ. අපේ ජීවිතත් නාස්ති කරන්නේ නැතුව.

ඉතින් මේ පහර දීම පිටිපස්සේත් ඉන්නේ ඔන්න ඔය කණ්ඩායමම තමයි. එයාල අපිට කියන්නේ බයවෙන්න එපා. දැන් ඉස්සර වගේ නෙමයි. ඔයාලා අතුලට ගියොත් අනිවා ලක්ෂයක් දෙකක් අතේ තමයි කියල. එයාලම කියනවා අපි කැට හොල්ලන සල්ලි වලටත් කරන්න යමක් තියෙන්නේ එපැයි කියල.

මේ විස්තර ලබාදුන් පිරිස තව දුරටත් කියා සිටියේ පසුගියදා රිමාන්ඩ් කරනලද අන්තරේ කැඳවුම්කරුට ලක්ෂ දහයක් (10) ලබාදුන් බවයි.

අන්තරේ කඩේ යන්නේ කාගේ උවමනාවන් පිරිමහන්නද, විප්ලව කරන්නේ කා වෙනුවෙන්ද යන්න ඔබටත් මටත් නොරහසකි.

විශේෂ වාර්තාකරු.

බුද්ධි අංශ නැවතත් අනතුරේ – CID පච මල්ල යලිත් අවලමේ – රනිල්ගෙන් ශානිට තෑගි

යුද පුවත් වාර්තාකරුවකු ලෙස කටයුතු කළ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදුකරන ලදැයි කියන සිද්ධියට අදාළව සිද්ධියෙන් වසර 09 කට පසු අත්අඩංගුවට ගන්නා ලද යුද හමුදා මේජර්වරයකු ඇතුළු යුද සෙබළුන් පස්දෙනෙකු ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත.  පහර දුන් අය සොයා දඩුවමි දිය යුතුය. එහි තර්කයක් නොමැත.

මෙම සිදුවිමට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ හමුදා බුද්ධි අංශ නිළධාරින්ය. පුදුමයට කරුණ නම් මාධ්‍යවේදී කීත් නොයාර් මහතා විසින් කිසිදු ලිපියක් බුද්ධි අංශයට විරුද්ධව පළ කොට නොමැත. ඔහු විසින් වාර්තා කළ කිසිදු ලිපියක යුධ හමුදාව විවෙචනය කරමින්  පළකිරිමක් සිදු කර නොමැත.  එසේ නම් කීත් නොයාර් සමග සැබැවින්ම ප්‍රශ්ණයක් ඇත්තේ කා හට දැයි විශ්ලේෂණය කළ යුතුය.

මේ සම්බන්ධයෙන් තවමත් එවකට කොළඹ ආරක්ෂාව භාරව සිටි ප්‍රධානින්ගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ගෙන නොමැත.

විවිධ ජවනිකා හරහා මේ සිදු කරන්නේ හමුදා බුද්ධි අංශ ප්‍රථිසංස්කරණය කිරිම හෝ විසුරුවා හැරිම යන ජිනිවා ප්‍රථිසංස්කරණ යෝජනාවල කරුණුය. රටක බුද්ධි අංශයක් පිළිබදව තිරණ ගැනිමට ජාත්‍යන්තර සංවිධානයකට ඇති අයිතිය කුමක්ද ?

මේවා ක්‍රියාත්මක කිරිම සදහා ජාත්‍යන්තරයෙන් ලැබෙන මුදල් හා වරප්‍රසාද අදාල පුද්ගලයන්ට දොළපදේණි ලෙස ලැබේ.

බුද්ධි අංශ යනු රටක කොදු නාරටියයි. විවිධ චෝදනා මවාපාමින් බුද්ධි අංශ නිළධාරින් අත්අඩංගුවට ගනිමින් සිදු කරන්නේ දැනට සේවය කරන බුද්ධි අංශ නිළධාරින්ට රාජකාරි නොකරන ලෙස අනියමින් කරන බළපෑමකි. මේ හේතුවෙන් බුද්ධි අංශ සාමාජිකයින්ගේ මානසික මටිටම මෙන්ම මුලු මහත් ආයතනයේම පරිහානියට පත්වෙමින් සිටියි. ජාත්‍යන්තරයට අවශ්‍යවන්නේද මෙයයි.

මේ ක්‍රියාදාමය හරහා සිදු වන බරපතළ ක්‍රියාදාමය නම් බුද්ධි අංශ තොරතුරුකරුවන්ගේ නාමලේඛණය විමර්ෂණ පදනමින් විස්තර ලබා ගැනිමට අධිකරණය පාවාදි ඒ හරහා රහස්‍ය තොරතුරු ලබා ගැනිමයි. අත්අඩංගුවට ගත් නිළධාරින්ට ඇප ලබාදිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධවිම හේතුවෙන් කිසිදු පදනමක් නොමැතිව ඔවුන්ට දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත විමට සිදු වේ.

උසාවියකින් වරදකරුවෙකු නොකර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ බමුණන් එම නිළධාරින් අත්අඩංගුවට ගැනිමට යාමේදි ප්‍රදේශය පුරා මිනිමරුවන් යැයි පවසමින් චරිත ඝාතනය කරමින් සිදු කරයි. මේ හරහා සිදු කරනුයේ වර්තමානයේ හමුදා බුද්ධි අංශතුළ සේවය කරන නිළධාරින් හට ඉල්ලා අස්ව යාමට තරම් පීඩනයක් එල්ල කිරිමයි.

නමුත් මෙම ජවනිකාවල රගපාන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරිගේ වෙස් මූණු ජනතාව ඉදිරියේ මේවන විට ගැලවි ගොස් හමාරය.  මෙය සිදු කරනුයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ යහපාලන උසස්විම් ලබා ගත් පුද්ගලයින්ගේ දොළපදේණිවලට හිළවි වශයෙන් අශිලිචාර ක්‍රියාදාමයක යෙදි සිටි. ඉදිරියේදි කටු සූප්පු කරන බල්ලන් විසින් එයට සහය දිම සදහා විවිධ කුමන්ත්‍රණ සදහා තවත් බුද්ධි අංශ නිළධාරින් අත්අඩංගුවට ගැනිම සදහා මාන බලමින් සිටියි.

හමුදාව ජනතාව තුල ලබාගෙන ඇති ප්‍රසාදය විනාශකිරිමට යහපාලුවන් ගන්නා උත්සහය සිංහ සෙයියාවෙන් සිටින නිළධාරින් ඉදිරියේ පහසු නොවුණු ඇත. මේ වන විට ත්‍රිවිධ හමුදාව තුළම වත්මන් රජයට අප්‍රසාදයක් ගොඩනැගෙමින් පවති. ‍

මේ සිදුවෙම්න් පවතින්නේ බොරු චෝදනා හරහා ඊළග පාවාදිමට අවශ්‍ය පසුබිම සාදා ගැනිමේ කටයුතුය. හමුදාවේ අභිප්‍රායත් මේ සිදුවිම් වලට දායක වු සැබෑ වරදකරුවන් අත්අඩංගුවට ගැනිමය. සැබෑ වරදකරුවා සොයා ගන්නවා වෙනුවට සිදු කෙරෙනුයේ රටේ තිබෙන ප්‍රබලම බුද්ධි අංශ අඩපණ කිරිමය.

සෑම දෙනාම අවිවාදයෙන් යුතුව පිළිගන්නා කරුණු නම් යහපාලන ආණ්ඩුව පත්විමත් සමග රට සෑම අංශයේම අරාජිකත්වයට පත්ව ඇති බවයි.

මේ වන විට විදෙස් බුද්ධි අංශ කණ්ඩායම් ලංකාව තුළ පිණුම් ගසමින් කිසිදු බාධාවකින් තොරව තම න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරමින් සිටියි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අලුත්ම නාඩගම නම් අත්අඩංගුවට ගන්නාවත් සමගම පුද්ගලයින් වැරුදිකරුවන් කරමින් සමාජය පුරා මතයක් ගොඩනැගිමය. එම ජවනිකා වල ඉතිරි කොටස රාජ්‍ය මාධ්‍ය නාටකයක් සේ දිගහරිමින් අත්වැල් සපයයි.

යහපාලන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ බිරින්දෑවරුන්ට තර්ජනය කරමින් වරද පිළිගන්නා ලෙස අයුතු බලපෑම් සිදුකර ඇති බව ප්‍රසිද්ධ රහසකි.

ජේමිස් බොන්ඩිලා ලෙස රගපාන CID ජොකර්ලා ලසන්ත වික්‍රමතුංග ඝාතනය සැකපිට අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිළධාරියාද දිගු කාලයක් සාක්ෂි රහිතව බන්ධනාගාර ගත කරවමින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නියම මිනිමරුවා බව ලොවට පෙන්වමින් සිටි නාටකය පුස්සක් බවට පත් කරමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් නඩරාජා ඝාතනය වෙනුවෙන් අත්අඩංගුවට ගෙන සිටි බුද්ධි අංශ නිළධාරින්ද බොරු චෝදනා එල්ල කරමින් දිගු කාලයක් බන්ධනාගාර ගත කර සිටි අතර නඩුව අවසානයේ ජුරියේ ඒකමතික තිරණය අනුව නිදොස් කොට නිදහස් කෙරුණි.

මීට පෙරාතුව රනිල් පාලනයේ CID ජෝකර්ලා සිදුකල මිලේනියමි සිටි පාවාදිමේ සැබෑ තතු ද රටට හෙළිදරව් විමෙන් CID නිරුවත හෙළිවිණි. ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවිමේදි කෝප්‍රල් වරයෙකුට මෙතරම් දෙයක් කිරිමට හැකි නම් එවකට හමුදාපතිව සිටි මෙකල වෙලේ විදානේ නොහොත් පොන්නසේකා වගකිව යුතු නොවේද ?

එසේ නොවන්නේ නම් මොවුන් පවසන ආකාරයට එවකට හිටපු හමුදාපතිව සිටි මෙකල වෙලේ විදානේ නොහොත් පොන්නසේකා නපුන්සකයෙකි.

මාධ්‍යවේදි කීත් නොයාර්ට පහර දිම සම්බන්ධයෙන් කිසිදු පදනමකින් තොරව හමුදා බුද්ධි අංශ කරන චෝදනා මෙහෙය වන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යැයි මොනවට පැහැදිලි වෙයි.

යහපාලකයන් රටට තිබෙන සැබෑ තර්ජන හදුනා ගන්නවා වෙනුවට තම ‍පෞද්ගලික අභිමතාර්ත සදහා ජාත්‍යන්තර කොන්ත්‍රාත්තු වෙනුවෙන් කටයුතු සිදු කරමින් සිටියි. එහි වන්දි ගෙවිමට සිදුවන්නේ රටේ සාමාන්‍ය ජනතාවටය.

දශක 3ක් තිස්සේ ශ්‍රී ලංකා මාතාව පෙළුනු යුද්ධයෙන් තම ජිවිතය පරදුවට තබා ජයග්‍රහණය කල රණවිරුවන් හට බොරු චෝදනා එල්ල කරමින් දඩයම් කිරිමේ මෙහෙයුමක් වර්තමානයේ දක්නට ලැඛෙන අතර හුදෙක් මෙය එක්සත් ජාතින්ගේ මානව හිමිකමි සැසිවාරය පැවැත්වෙන කාල වකවානුවේ බහුලව දක්නට ලැබේ.

බෙදුම්වාදි කොටි ත්‍රස්ථවාදයෙන් මේ රට ගලවා ගැනිමට ජිවිත අවදානම ගෙන නායකත්වය දුන් රණවිරුවන් දඩයම් කිරිමට පටන්ගෙන ඇති මෙවන් වකවානුවක ප්‍රභාකරන්ලා හා එකට අසුන් ගෙන බෙදුම්වාදී දේශපාලනය කල අය හා පොංගු තමිල් උත්සවය සංවිධානය කල අය අද නිදැල්ලේ සිටින අතර ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය හරහා ශ්‍රී ලංකා රණවිරුවන් දඩුවම් දෙන්නට වෑයම් කල බටහිර අධිරාජ්‍යයවාදින් අද එය මෙරට අධිකරණ උපයොගි කරගනිමින් දඩුවම් දෙන අයුරු දක්නට ලැබීම ඇසට කදුළක් උනන්නට හේතුවක් විය.

රට ත්‍රස්තවාදින්ගෙන් මුදවා ගෙන රට තුල සමකාමි වාතාවරණයක් ගොඩනැගිමට ඔවුන් කල කැප කිරිම මේ රටේ මිනිසුන්ට අමතක නැත. අද මෙම රණවිරුවන්ට දඩුවම් දිමට සැබෑ උවමනාව ඇත්තේ කොටි සංවිධායේ ශේෂව ඇති කොටස් වලට හා දෙමළ ඩයස්පෝරාවට මෙන්ම මේ රටට හතුරුකම් කරන බටහිර බලවේගයන්ට හා යහපාලකයන්ට පමණි. එයට මේ රටේ ජනතාව කිසිවිටකත් ඉඩනොතබනු ඇත.

 2002 ජාතියේ මහා පාවාදීමෙන් රටට වටිනාම මොළ රාශියක් මරු තුරුලට යැවීමට රනිල් ඇතුළු නඩය සමත්විය. මේ එහි දෙවැනි අදියරද?

අවසාන වශයෙන් කිමට ඇත්තේ රටේ ජනතාව තවමත් රණවිරුවන් සමගය. ජනතාවගේ එකම බලාපොරොත්තුවත් රණවිරුවන්ය

අවසාන වශයෙන් කිමට ඇත්තේ රටේ ජනතාව තවමත් රණවිරුවන් සමගය. ජනතාවගේ එකම බලාපොරොත්තුවත් රණවිරුවන්ය

අද අපගේ නිහඩතාවය නිසා මතු පරපුරට භායානක අනාගතයකට මුහුණ දීමට සිදුවන බව නොඅනුමානය.

තවත් බලා සිටිය හැකිද?

සටහන  තිත්ත සූකිරී

රක්ෂණ සමාගමකින් කිරිඇල්ලගේ දුවට ලක්ෂ 300ක කොමිස් මුදලක්

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකෙරෙන මහනුවර පිටත වටරවුම් මාර්ගය හා මාතර කතරගම අධිවේග මාර්ග වල ව්‍යාපෘති සඳහා  රක්ෂණ ආවරණ මිල ගණන් කැඳවීමකින් තොරව කෙලින්ම PRO SITE INSURANCE BROKER Company හරහා සෙලින්කෝ රක්ෂණ සමාගම වෙත ලබාදී ඇති බව වාර්තා වේ. මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ දියණිය සහ  පෞද්ගලික ලේකම් චාන්දණී කිරිඇල්ල රුපියල් ලක්ෂ 300ක් කොම්ස්උ ලෙස ලබාගෙන ඇතැයි වාර්තාවේ.

මේ සදහා ඇයට සහාය ලබාදී ඇත්තේ කිරිඇල්ලගේ රක්ෂණ උපදේශකවරයා වන චමින්ද ඩී සිල්වා විසිනි. මෙම චමින්ද ඩී සිල්වා හැරී ජයවර්ධනට අයත් කොන්ටිනන්ටල් රක්ෂණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන අතර ඔහුගේ මැදිහත්වීම මත ඔහුගේ හිතවතියක විසින් පවත්වාගෙන යන රක්ෂණ තැරැව්කාර සමාගමක් වන PRO SITE INSURANCE BROKER Company හරහා සෙලින්කෝ රක්ෂණ සමාගම වෙත අදාල ඉදිකිරීම් රක්ෂණය ලබාදී ඇත.

මහින්ද රාජපක්ෂ රජය යටතේද මාර්ග සංවර්ධන අධිකාරියේ රක්ෂණ ආවරණ ලබාදීමේදී සිදුවූ කොමිස් මුදල් වංචාවක් ගැන එවක අමාත්‍ය නිර්මල කොතලාවල විසින් පැමිණිලි කල පසුව මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ලැබෙන කොමිස් මුදල් මාර්ග සංවර්ධන අධිකාරියේ සුභ සාධක අංශය වෙත බැර කිරීමට උපදෙස් ලබාදෙන ලදි. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ සුභ සාධක අංශය වෙත රක්ෂණ තැරැව්කරුවෙකුට ලැබෙන හිමිකම් අංකය පවා ලබාදී තිබිණ.

යහපාලනය ගෙනයමින් පවුල වාදය අවසන් කිරීමට පොරොන්දු වූ ආණ්ඩුවක පාර්ලිමේන්තුවේ සභානායකවරයා සහ ඔහුගේ පවුලේ උදවිය මෙසේ වංචා කරයි නම්, ආණ්ඩුවේ අනෙක් පිරිස් ගැන කවර කතාද.

පවුල් පිටින් ලන්ඩන් ගොස් BBCයෙන් එලවූ මහ ඇමති කණ්ඩායම

පසුගියදා බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය ඇතුළු කණ්ඩායමක් එංගලන්තයේ සංචාරයක නිරතවූයේ ලංකාවේ ප්‍රාදේශීය සභාවල ප්‍රශ්න එංගලන්තයේ සිට සාකච්චා කිරීමටය. මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල්, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය සම්පත් චාමර දසනායක යන අය මෙම සංචාරයට එක්ව තිබුණි.

මොවුන් රජයේ වියදමින් පවුල් පිටින් මෙම සංචාරය සිදුකර ඇතිබව Leaks LK ඔත්තුකරුට වාර්තාවේ. පවුල් පිටින් සංචාරයේ යෙදුනු මොවුන් BBC ආයතනයට පින්සෙන්ඩු වීමෙන් පසු සාකච්චාවක් ලබාදීමට BBC ආයතනයට කටයුතු කර ඇත. සාකච්චාව අවස්ථාවේ පවුල් පිටින් BBC ආයතනය වෙත ගිය මේ මහ ඇමතීන්ට BBC ආයතනය මගින් පවසා ඇත්තේ එක් අයෙකුට පමණක් සාකච්චාවට ආයතනය ඇතුලට යාමට අවසර දියහැකි බවයි. මේ අවස්ථාවේ ඇමති ලොකුකම ඔලුවට ගත් ඉසුර දේවප්‍රිය සහ ශාන විජේලාල් පවසා ඇත්තේ තමන් ලංකාවේ පළාත් ඇමතිවරුන් බවය.

එය තඹ සතේකට ගණන් නොගත් BBC දොරටු ආරක්ෂකයින් පවසා ඇත්තේ “We don’t care who are you guys, we just have rules and regulations” කියාය. මෙසේ බලු වූ මහ ඇමති කණ්ඩායම අවසානයේ ඉසුර දේවප්‍රිය මහතාට පමණක් BBC ආයතනය ඇතුලට යාමට දී White City හී වේස්ට් ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ සවාරියක යෙදී ඇත.

BBC සාකච්චාවේදී නිවේදකයා වරක් අසනු ලබන්නේ “එංගලන්තයෙන් ඔබ ඉගනගත්තේ මොනවාද? ලංකාවට ගෙනයාහැකි දැනුම මොනවාද කියාය”. මෙහිදී කටඋත්තර නැතිවන මහ ඇමති පවසන්නේ “ඔහු BBCයට එන අතරමග පාර සුද්දකරගෙන යන පොඩි මැෂින් එකක් දුටු බවත් ලංකාවෙත් එය ක්‍රියාත්මක කල හැකි බවත්ය”. හාස්‍යට කරුණ නම් එංගලන්තයේ (ලන්ඩන් හී) ලොව කොහෙවත් නැති අති විශේෂ පාර සුද්ද කරන මැෂින් නැති අතර ඒවාට වඩා දියුණු ක්‍රම ජපානය සිංගප්පුරුව වැනි රට වල ඇති බවයි. එමෙන්ම මෙවැනි දෑ අන්තර්ජාලය තුල ඉතාමත් හොඳින් විස්තර සහිතව සොයාගත හැකි බවයි.

ඔහු ඊළඟට එංගලන්තයෙන් ඉගනගත් දේ වී ඇත්තේ ගොඩනැගිලි ආකෘතියකි. ලංකාවේ හදන පළාත් පාලන ආයතනයක ගොඩනැගිල්ලට එංගලන්තයේ ගොඩනැගිලි ආකෘතිය බලාගැනීමට ඔහු එංගලන්තයට ගොස් ඇත. ඔහු එංගලන්තයේදී එම අදාල ගොඩනැගිල්ලේ ආකෘතිය කොලයක ඇඳගැනීමට පවා සමත්වී ඇත. මෙවැනි උත්තර වලට නරඹන්නා / පාඨකයා සිනාසිය යුත්තේ කොහෙන්ද කියා දෙවරක් සිතිය යුතුය. කොලයක ඇඳගෙනවිත් ලංකාවේ ගොඩනැගිලි තනන්නට වෙර දරන අපේ කාලයේ වීරයෙකු ලෙස ඉසුර දේවප්‍රිය ඉතිහාස ගතවනු ඇත.

මෙම සංචාරයෙන් ලංකාවට ගෙනියන්නේ කුමක්දැයි නැවතත් නිවේදකයා විමසු අතර, ඉසුර දේවප්‍රිය මහතා නැවතත් කට උත්තර නැතිව වල්පල් කියෙව්වේ බඩ අතගාමිනි. ලංකාවට කෙසේ වෙතත් තමන්ගේ අතට පයට, බඩට යමක් ගෙනියන්නට හැකියාව ලැබෙන බව ඉන් අදහස්වූවා විය හැකිය.

මෙම සංචාරයට ඔවුන්ට ආරාධනා කලේ කවුද යන්න විමසු විට නැවතත් මුක පූට්ටු කරගත් මහ ඇමතිවරයා කියා සිටියේ ලන්ඩන් වලින් ආරාධනයක් ලැබුණු බවය.

සාකච්චාව තුලදී නරඹන්නන්ගේ සහ නිවේදකයාගේ ප්‍රශ්නවලින් රෙදි ගලවා ගත් ඉසුර දේවප්‍රිය මහතා BBC ය තුලින් එලියට පැමිණියේ BBC ආයතනයට පස්පඩංගුවේ බැනවදිමිනි.

ආතල් ගන්නට පවුල් පිටින් එංගලන්තයේ සංචාරය කල මහ ඇමතිවරු කණ්ඩායම එංගලන්තයෙන් උකහා ගත් දැනුම කුමක්ද? කලින් රට සවාරි වලින් ලංකාවට ගෙන ගිය දැනුම මොනවා? ඒවා එකක් හෝ ක්‍රියාත්මක කලාද යන්න නැගුනු ප්‍රශ්න වලට ඉසුර දේවප්‍රිය මහතාට කට උත්තර නැතිවිය.

මේ අතර ලන්ඩනයේදී හෙළබිම නමැති ශ්‍රී ලාංකීය පුවත්පත සමග කල සාකච්චාවකදී ඉසුර දේවප්‍රිය මහතා ප්‍රකශ කර ඇත්තේ ඔවුන්ටත් පසුගිය රජය සමයේ ලොකු ලොක්කන්ට හිස නමාගෙන සිටීමට සිදුවූ බවත් මෛත්‍රී ජනධිපතිතුමාට පින්සිද්ධ වීමට තමන්ට එලියට ඒමට නොහැකි වූ බවත්ය. රටේ ජනතාව හැටියට අපට නම් දැකිය හැක්කේ මෛත්‍රී ජනාධිපතිතුමාට පින්සිද්ද වන්නට ඉසුර දේවප්‍රිය ඇතුළු මහා ඇමතිවරුන්ට පවුල් පිටින් රට සවාරි යාමට ඉල්ලමක් පෑදී ඇති බවකි.

පසුගිය පෙබරවාරි 2දා සංචාරය නිම කල ඉසුර දේවප්‍රිය ඇමතිතුමා ඇතුළු මහ ඇමතිවරුනි, ඔබලාත් සමග ඔබගේ පවුලේ කී දෙනෙක් පැමිණියාද? ඒ පැමිණියේ කවුද? ඔවුන්ගේ වියදම් දැරුවේ කවුද? ඔබලා එංගලන්තයේදී කලේ මොනවාද? ලංකාවට ගෙන ආ දැනුම මොනවාද? රටේ මහජනතාව මේ සම්බන්ධයෙන් ඔබගේ පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටී.

පැමිණියේ කවුද, පවුල්වල සාමාජිකයන් කීදෙනෙක් පැමිණියාද, ඒ වියදම් දැරුවේ කවුද? සවාරි ගැසුවේ කොහිද? ඒ තොරතුරු අප සතුයි. අප ඒවා මහා ජනයාට දැනුම් දෙනවාට වඩා ඔබතුමන්ලා විසින්ම ඒවා ජනතාවට දැනගැනීමට සලසන්නේ නම් අගනේය.

Leaks LK විශේෂ වාර්තාකරු

ලිපිය යොමුකලා
info@cm.cp.gov.lk
chiefminister@wpc.gov.lk , chiefminist@sltnet.lk
info@cm.spgov.lk
info@up.gov.lk

වවුනියාවේ කුණුගොඩක් ඉවත් කිරීමට බදියුදීන් කෝටි 20ක් ගනියි

වව්නියාවේ පම්පමඩුව පුදිය සාලම්බකුලම් හි වසර 15ක සිට ගොඩගසා ඇති කැළි කසළ තොගය වහාම ඉවත් කර නිසි පරිදි කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස වව්නියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඩ් බදුයිදීන් මහතා නියෝග කළේය.

අමාත්‍යවරයා මේ නියෝගය කළේ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් ගෙන දුන් කසළ ගොඩගසා ඇති ස්ථානය පරීක්ෂාකිරීමෙන් අනතුරුවය.

වසර ගණනාක සිට ජනතාව පීඩාවට පත් කළ කසළ තොගය එම ස්ථානයෙන් ඉවත් කර ජනශුන්‍ය ස්ථානක තෝරාගත් අක්කර 10ක රජයේ ඉඩමක කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා රුපියල් කෝටි 20ක මුදලක් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් වෙන්කරගත් බව ද අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියා මණ්ඩපය හා වව්නියාව ආයිසා විද්‍යාලය පිහිටා ඇත්තේ ද මේ කසළ ගොඩ ආසන්නයේය. මේ හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් පවතින බවට චෝදනා එල්ල වී තිබිණි. ඒ ආසන්නයේ පවුල් 2000කට පමණ මෙහි පීඩාව විඳින්නට සිදුව තිබූ බව ගම්වැසියෝ චෝදනා කරති.

දින කිහිපයකට පෙර පුදියසින්න කුලම් ගම්මානයේ කුඩා දරුවකු හදිසියේම අසනීප වීමට හේතුව කසළ ගොඩ යැයි වව්නියාව රෝහලේ වෛද්‍යවරුන්ගේ නිගමනය වීමත් සමග ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් ද හටගෙන තිබිණි.

අක්කර පහක පමණ භූමියක කසළ ගොඩගසා තිබූ අතර මියගිය ගවයන්ගේ හා සුනඛයන්ගේ කොටස් ද එහි දමා තිබිණි. එමෙන් ම වව්නියාව මහ නගර සභාවේ ගලි බවුසරය මගින් ප්‍රවාහනය කරන වැසිකිළි අපද්‍රව්‍යය ද මේ ස්ථානයේ බැහැර කරන බැවින් දැඩි දුඟදක් හමා එන බව ද ප්‍රදේශවාසීහු කියති.

මෙම ස්ථානයේ නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත වූ රිෂාඩ් බදුයිදීන් ඇමතිවරයා මෙසේ කීවේය.

‘‘වව්නියාවේ සාලම්බකුලම් කසළ ගොඩ ගැන ජනතාවගේ විශාල විරෝධයක් තිබුණා. අපි මේ ගැන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සමග සාකච්ඡා කළාට පස්සේ රුපියල් කෝටි 20ක මුදලක් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් සඳහා අනුමත කර තිබෙනවා. දැනටමත් රජය සතු අක්කර 10ක ඉඩමක් කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩසටනට යොදා ගැනීමට හඳනාගෙන තිබෙනවා. ඒ නිසා අපි ඉක්මණින් මේ කසළ තොගය ඉවත් කරලා එම ස්ථානයේ කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ආරම්භ කරනවා. මෙතැනට ආවම ඇත්තටම ලොකු වේදනාවක් ඇතිවුණා. මේ අවට ජනතාව දැඩි පීඩාවක් විදින්නට ඇති. මේ සඳහා අප ඉතා ඉකමණින් මැදහත් වුණේ ඒ නිසා. මේ වසර අවසාන වීමට පෙර මේ ගැටළුව අපි විසඳනවා. “

වවුනියාව පළාත් පාලන සහකාර කොමසාරිස්, වවුනියාව ප්‍රදේශීය සභා ලේකම්, වවුනියාව ප්‍රදේශීය ලේකම්, නගර සභා ලේකම් ඇතුළු නිළධාරීන් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටිය.

චතුර සේනාරත්න මෙන්න ඔබට අභියෝගය – පුළුවන් නම් ඔබ මැදිහත්වී ජවිපෙට රුපියලක් හෝ දුන්නා යැයි ඔප්පුකරන්න

වර්ෂ 1982 පෙබරවාරි 20 දින ඉපදී, 1986 දී විජය කුමාරණතුංග සමග දේශපාලනය කරමින් කඳුළුගෑස් ප්‍රහාරයන්ට ලක්වීම ඇරඹු, මහින්ද රත්තරන් අශ්වයන් පදිනවා ඇස්දෙකටම දුටු, දත් ගලවා නැව් මිලට ගත් දොස්තර රාජිත සේනාරත්නයන්ගේ ආදරණිය වැඩිමහලු පුතනුවන් වූද, චතුර සංදීප සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අලුත්ම පෙරළිකාර කතාව වනුයේ ජනතා විමුක්ති පෙරමුණ මිලියන ගණනින් මුදල් ගත් බව සාක්ෂි සාධක සහිතව ලේවලින් අත්සන් කර සහතික කරන්නට පොරොන්දු වීමයි.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ විසින් ලබා දුන් මුදල් තමන් විසින් ජනතා විමුක්ති පෙරමුණට ලබා දුන් බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න සදහන් කරයි.

මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ගමන් ලෙයින් සහතික කිරීමට වුවද සූදානම් යයිද ඔහු කියයි.

ජවිපෙට ලබා දුන් මිලියන දෙක-තුන ඉතා පොඩි ගණන් බවත් ඊට වඩා ඉතා වැඩි මුදලක් එම පක්‍ෂයට අවස්ථා ගණනාවකදී ලබා දී ඇති බව තමන් හඬ පට සහිතව ඔප්පු කිරීමටද සූදානම් යයි ඔහු සදහන් කරයි.

චතුර සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි, මෙන්න අපගේ අභියෝගය, හැකි නම් මිලියනයක් නොව, එක රුපියලක් ඔබ හරහා ජනතා විමුක්ති පෙරමුණට ලබාදුන්නේ යයි සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වන්න. ඔබට එසේ කිරීමට නොහැකි නම් ඔබත් ඔබේ පියා මෙන්ම කටට එනදේ කියන වචාලයෙකු ලෙස රටේ ජනතාව හංවඩු ගසාවි.

ලිපියේ පිටපත් යොමුකලා.
chathura_ss@parliament.lk