අකිල රනිල් යුවල, ක්‍රිකට් සනසයිද? වනසයිද?

පාසල් ක්‍රිකට් නංවන්න මම සුදානම්.මහේල ජයවර්ධන හා සිදත් වෙත්තමුණි හදපු වාර්තාව දැන් මගේ අතේ තියෙන්නේ මම හෙටම මහේල ගෙන්වලා සාකච්චා කරලා වැඩේ පටන් ගන්නවා. – දයාසිරි ජයසේකර.

දයාසිරි ජයසේකරට පාසල් ක්‍රිකට් කටයුතු සදහා එක් විය නොහැකියි. ඒක ඔයා කරන්න රනිල් අකිල විරාජ් කැදවා පවසා ඇත.

අකිල දයාසිරිට කලින් මහේල ජයවර්ධන හා සිදත් වෙත්තමුණි කැදවා පාසල් ක්‍රිකට් පිළිබද වාර්තාව කැදවා අවශ්‍ය කටයුතු සිදු කිරීමට තීන්දු තීරණ ගෙන ඇති අතර කිසිම පාසලක ක්‍රිකට් සදහා දයාසිරි ජයසේකරට එක් විය නොහැකි බවත් එය සිදු කරන්නේ තමන් පමණක් බවත් පිනට ඇමතිකම් ගත් දයාසිරිලා ක්‍රිකට් ක්‍රීඩාව වනසා ඇති මොහොතක පාසල් ක්‍රිකට් ක්‍රීඩාවත් විනාශ කිරීමට ඉඩ නොතබන බව අකිල විරාජ් කාරියවසම් පවසා තිබේ.

ක්‍රිකට් වලට තියාපු අත කලාවටත්, සුමති ටෙලි සම්මානයත් තිලංගගෙන් මකර කටට…

ක්‍රිකට් ක්‍රීඩාව අනාත නාත කල ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, මෙතෙක් කල් ස්වාධීනව පැවති සුමති ටෙලි සම්මාන උළෙල වෙතද බලපෑම් එල්ල කරන්නට කටයුතු කර ඇත. ජනප්‍රිය ගණයේ සියළු සම්මාන වෙනුවෙන් මේ වනවිටත් බලපෑම් කර ඇති අමාත්‍යවරයා, දෙරණ නාලිකාවට කිසිදු ජනප්‍රිය කැටගටියේ සම්මානයක් ලබා නොදෙන ලෙස දන්වා ඇත. ඒ අනුව සිඳූ, දෙවෙනි ඉනිම වැනි අති දැවැන්ත ජනප්‍රියතාවයකින් ඇති ටෙලි නාට්‍ය වගේම, මේ දිනවල උපරිම ජනප්‍රියත්වයක ඉන්නා රවීන් කණිශ්කවද බැහැර කල යුතු බව සුමති සම්මාන උළෙලේ ආරංචි මාර්ග පවසයි.. කිසිම ටෙලියක මේ දිනවල නැති නළුවෙක් මේ දිනවල වැඩිම මනාප ගත්තාදැයි විනිශ්චයකරුවන් තිලංක සුමතිපාල අමාත්‍යවරයාගෙන් හාස්‍ය සහගතව විමසූ බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත වාර්තා කර සිටී.

ක්‍රිකට් ක්‍රීඩාව අනාත නාත කල ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, මෙතෙක් කල් ස්වාධීනව පැවති සුමති ටෙලි සම්මාන උළෙල වෙතද බලපෑම් එල්ල කරන්නට කටයුතු කර ඇත. ජනප්‍රිය ගණයේ සියළු සම්මාන වෙනුවෙන් මේ වනවිටත් බලපෑම් කර ඇති අමාත්‍යවරයා, දෙරණ නාලිකාවට කිසිදු ජනප්‍රිය කැටගරියේ සම්මානයක් ලබා නොදෙන ලෙස දන්වා ඇත. ඒ අනුව සිඳූ, දෙවෙනි ඉනිම වැනි අති දැවැන්ත ජනප්‍රියතාවයකින් ඇති ටෙලි නාට්‍ය වගේම, මේ දිනවල උපරිම ජනප්‍රියත්වයක ඉන්නා රවීන් කණිශ්කවද බැහැර කල යුතු බව සුමති සම්මාන උළෙලේ ආරංචි මාර්ග පවසයි.. කිසිම ටෙලියක මේ දිනවල නැති නළුවෙක් මේ දිනවල වැඩිම මනාප ගත්තාදැයි විනිශ්චයකරුවන් තිලංක සුමතිපාල අමාත්‍යවරයාගෙන් හාස්‍ය සහගතව විමසූ බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත වාර්තා කර සිටී.

ක්‍රිකට් ප්‍රවීණයන් එකතුවෙලා කියපු කතාව.

“මං ම‍ගේ වයිෆ්ව ක්ලාස් ඇරලා, එයා එදා ඉගෙන ගන්න දේ මං ඉගෙන ගෙන තමයි e-mail හැන්ඩ්ල් කරන්න පුළුවන් වුණේ. ඉතිං අපිට බෑ කියලා දෙයක් නෑ” – හිටපු ටෙස්ට් නායක රොෂාන් මහානාම

“හොඳ නායකයෙක් නම් විනිවිදභාවයකින් කටයුතු කරන්න ඕනේ” – හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන

” චූටි දේවල් අපේ ක්‍රිකට්වල සිදු වෙන්නේ ඉතාමත් අඩුවෙන්” – හිටපු ටෙස්ට් ක්‍රීඩක කුමාර ධර්මසේන

ක්‍රීඩකයෙක්ගේ වංශකතාව -ඩග් ඉන්සෝල් (1926 – 2017)

එසෙක්ස් ප්‍රාන්තයට මෙන්ම එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස දායකත්වය සැපයු ඩග්ලස් ඉන්සොල් හෙවත් ඩග් ඉන්සොල් 05.08.2017 වන දා මිය ගිය බවට වාර්තා පල විය. පළමුපෙළ තරඟ තුල ලකුණු 25,000 කට අධික ප්‍රමාණයක් රැස්කරගත් ඩග් ක්‍රීඩා කලේ ටෙස්ට් තරඟ 9ක් පමණයි. ටෙස්ට් තරඟ තුලින් සමුගත් ඔහු පසුකලක මතභේදාකාරි ක්‍රිකට් පරිපාලකවරයෙක් ලෙස කතාබහට ලක්විය.

එංගලන්තයේ බැසිල් ඩි ඔලිවේරා 1968/69 වසරේ පැවති දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරඟාවලියෙන් ඉවත් කිරීමත් සමඟම එය ක්‍රිකට් විශ්ලේෂකයින්ගේ දෝෂදර්ශනයට හසුවිය. එකල දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදය උග්‍ර අවස්ථාවක් වූ බැවින් ඩග් ඇතුළු තේරීම් කමිටුව එය සාධාරණයට ලක් කලේ බැසිල් ට වඩා දක්ෂ පිතිකරුවන් ඔවුන් තෝරාගත් පිලේ සිටින බවයි. නමුත් හාස්‍යය දනවන සිදුවීම වුයේ එම තරඟාවලියට පෙර පැවති ඕස්ට්‍රේලියානු තරඟ වාරයේ දී අවසන් ටෙස්ට් තරඟයේ බැසිල් ලකුණු 158ක් රැස්කිරීමයි. කෙසේ වෙතත් එම තීරණය වැරදි එකක් බව තේරුම් ගත ඩග් ඇතුළු තේරීම් කමිටුව ඔහුව නැවතත් දකුණු අප්‍රිකාවේ පැවති සංචාරය සඳහා සංචිතයට ඇතුලත් කරන ලදී. ඉන් පසු සිදුවුයේ දකුණු අප්‍රිකාව එංගලන්තය සමඟ ක්‍රීඩා කිරීමෙන් වැලකීම සහ 1990 දශකයේ මුල් භාගය තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තහනම් වීමයි.

එමෙන්ම 1967 වසරේ දී ඉන්දියාවට එරෙහිව ද්විත්ව ශතකයක් රැස්කරන ලද ජෙෆ්රි බොයිකොට් (246) ඉන්පසු පැවති තරඟ සඳහා ක්‍රීඩා කිරීමෙන් වැලක්වීමට ඔහු තීරණය කල හේතුව වුයේ එම ඉනිම කණ්ඩායම වෙනුවෙන් නොව ඔහුගේ පුද්ගලික වාර්තා සඳහා බව වීම නිසයි. 1978 වසරේ දී ටෙස්ට් සහ ප්‍රාන්ත ක්‍රිකට් ආයතනය (TCCB) සභාපතිවරයා ලෙස කෙරී පැකර් විසින් සංවිධානය කල වර්ල්ඩ් සිරිස් තරඟාවලියට සහභාගී වූ සියලුම ක්‍රීඩකයින්ට එංගලන්තයේ කිසිදු පළමු පෙළ තරඟයක් සඳහා දායකත්වය සැපයීමෙන් වැලක්වීමට තරඟ තහනමක් ලබා දෙන ලද අතර පසුව එය ඉවත් කෙරිණ.

 

cricketkatha111

මැතිව්ස් නායකත්වයට සමුදෙයි – මීළඟ නිත්‍ය නායකයා උපුල් තරංගද ?

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළ බව ඔහු ඊයේ සවස ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙත වාචිකව දන්වා තිබේ. සිම්බාබ්වේ පිල හමුවේ ලැබූ දරුණු පරාජය පසුබිම් කර ගනිමින් අද පස්වරුවේ පැවති සාකච්ඡාව අතර මෙය දැනුම්දී ඇති අතර මැතිව්ස්ගේ තීරණයට තේරීම් කමිටුව එකඟ වී තිබේ.

ඒ අනුව සිම්බාබ්වේ පිලට එරෙහිව ලබන සිකුරාදා (14) ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟයේදී වෙනත් ක්‍රීඩකයකු විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇත. දැනට වාර්තා වන පරිදි එම අවස්ථාව රංගන හේරත්ට පැවැරෙනු ඇතැයි කියැවේ. එහෙත් උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාගේ නම් ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වී තිබේ. මැතිව්ස් අද (12) පෙරවරුවේදී කණ්ඩායමේ ක්‍රීඩකයන් හමුවීමෙන් පසුව සිය තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටියේය.

අවුරුද්දක් තුල ක්‍රීඩකයන් 44ක් සෙල්ලම් කරලා – මෙහෙම කලොත් ක්‍රීඩකයෙක් ස්ථාවර වෙන්නේ කොහොමද ?

ශ්‍රී ලංකා සීමිත ඕවර තරග සඳහා 2015 ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු ක්‍රීඩකයන් 44 දෙනෙකු යොදාගෙන තිබීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සිය අප්‍රසාදය පළකරයි.

කුමාර් සංගක්කාර එම අදහස් පළකළේ, බ්‍රහස්පතින්දා කොළඹදී පැවති ඩයලොග් ‘චේන්ජ් ෆෝරම්’ නම් වැඩසටහනකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන අදහස් දක්වමිනි.

“යම් දුරකට එකදිගට ස්ථාවරව ක්‍රීඩා කිරීමට අවස්ථාව දිය යුතුයි. වසරක වගේ කාලයක් ඇතුළත එක්දින තරග සඳහා ක්‍රීඩකයන් 44 දෙනෙකු වගේ ප්‍රමාණයක් යොදාගැනීම කරන්න බැහැ,” ඔහු පැවසීය.

“කණ්ඩායමක සෙල්ලම් කරන්නේ 11 දෙනයි. මේක කණ්ඩායම් හතරක ක්‍රීඩකයන් ප්‍රමාණයක්.”

මෙය අවාසනාවන්ත තත්වයක් බව පැවසූ කුමාර් සංගක්කාර, එවැනි අවිනිශ්චිත වටපිටාවක ක්‍රීඩා කිරීම අපහසු දෙයක් බව පෙන්වාදුන්නේය.

ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරග ව්‍යුහයේ ගැටළු පවතින බව පෙන්වාදුන් කුමාර් සංගක්කාර එමගින් දක්ෂයන්ගෙන් දක්ෂයන් ඉදිරියට ඒමට අවස්ථාවක් හිමිනොවන බවයි කියා සිටියේ.

මෙය තමන්ගේ පෞද්ගලික අදහස බව පවසන කුමාර් සංගක්කාර, තමන් සම්පූර්ණයෙන්ම වැරදි විය හැකි බවත් සඳහන් කළේය.

මෙලෙස දිගින් දිගටම ක්‍රීඩකයන් මාරු කරමින් ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාව එක් දින තරග ක්ෂේත්‍රයේ දක්වන අසාර්ථකත්වයට හේතු වී ඇති බව ප්‍රවීණ ක්‍රීඩා විචාරක ඩීන් ජෝන්ස් ද පසුගියදා පෙන්වාදුන්නේය.

මේ ආකාරයෙන් දිගින් දිගටම එක්දින තරග පරාජය වුවහොත්, ශ්‍රී ලංකාවට 2019 ලෝක කුසලානය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව පවා අහිමිව යාමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිණිස පළමු පෙළ ක්‍රිකට් තරගවල පූර්ණ ප්‍රතිශෝධනයක් කිරීමේ අවශ්‍යතාවය ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපති සිදත් වෙත්තමුණි මේ අතර පෙන්වාදෙයි.

ඒ සඳහා තමන් ඉදිරිපත් කළ යෝජනාවලියට අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ සහ අගමැතිවරයාගේ පවා පූර්ණ සහාය පළ වූ නමුත් ‘ක්‍රීඩා සමාජ දේශපාලනය’ හේතුවෙන් එය ක්‍රියාත්මක නොවන බව ද සිදත් වෙත්තමුණි පසුගියදා පැවසීය.

ඒ සඳහා මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර වැනි මෑතදී ක්‍රීඩාවෙන් සමුගත් දක්ෂ ක්‍රීඩකයන්ගේ සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැකිලෙන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.

එහෙත් සිදත් වෙත්තමුණිට අවශ්‍ය වූයේ දිගටම ක්‍රිකට් පරිපාලනයේ රැඳී සිටීමට බව ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය.

ගුරුසිංහ ලංකාවේ ක්‍රිකට් ගැන දන්නේ නෑ, ඔහුට ඕක කරන්න හම්බවෙන්නේ නෑ – අර්ජුන කියයි

වත්මන් ක්‍රිකට් පරිපාලනය සමග එක් වීමේ කිසිදු සූදානමක් නැතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. අර්ජුන රණතුංග මහතාද ක්‍රිකට් පරිපාලනය සමග සම්බන්ධ විය යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා කළ අදහසට පළමුවරට පිළිතුරු සපයමින් අර්ජුන රණතුංග මහතා ඒ බව කියා සිටියේය. ඒ අද (12) උඩුගම්පළ පැවැති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ ක්‍රිකට් පරිපාලනයේ ඇඟිලි ගැසීම් නිසා අසංග ගුරුසිංහ මහතාටද තම රාජකාරිය නිසි පරිදි සිදු කිරීමේ හැකියාව නොලැබෙන බවයි.

“අවුරුදු 20 ක් මේ රටේ ක්‍රීඩාවට මොකද වුණේ කියලා අසංක ගුරුසිංහ මහත්තයා දන්නේ නැහැ. මොනවගේ දේශපාලන මැදිහත්වීම් සිදුවුණාද ? මොනවගේ හොරකම් කළාද ? මොනවගේ වැරදි පුද්ගලයෝ ක්‍රීඩාවට ආවද? යන්න අසංක ගුරුසිංහ මහතා දන්නේ නැහැ. ඒ වගේම මම පැහැදිලිව කියනවා අසංක ගුරුසිංහ, මගේ සහෝදර ක්‍රීඩකයාට ඔය වැඩේ හරියට කරන්න අද ඉන්න පරිපාලනය කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. පරිපාලනයේ ඉන්න අය දේශපාලන අතගැසීම් කරනවා. ඔවුන්ගේ මිත්‍ර‍යින්ගේ දරුවන් සෙල්ලම් කරන්න දානවා. ඊයේ පෙරේදත් වුණා. එයින් ක්‍රිකට් පාලක මණ්ඩලයම අපකීර්තියට පත්වෙලා තියෙනවා. මෙතැන සිදු වෙන්නේ මේ පැරණි ක්‍රීඩකයින්ව පාවිච්චි කරලා ඒගොල්න්ගේ එවැනි මඩ වහ ගැනීමේ ක්‍රියාදාමයක්. මේ නිසා මම වගකීමකින් කියනවා මේ සියලුම ක්‍රීඩකයින් අරවින්ද, අසංග, සනත් ඇතුළු සියලුම දෙනාම ක්‍රිකට් ක්‍රීඩාවේ වරදක් වෙනවා නම් ඒ වරද එක්කෝ හදන්න ඕන, එසේ නැත්නම් එතනින් ඉවත් වෙන්න ඕන. විශේෂයෙන්ම මම කිව යුතුයි. මම ක්‍රිකට් පරිපාලනයට එන්නේ නැහැ. විශේෂයෙන්ම පසුගිය ක්‍රිකට් නිලවරණයේදී මම උපසභාපතිවරයෙක් හැටියට සුදුසු නැහැ කියලා ක්‍රිකට් නිලවරණයේදී ඡන්දේ දෙන අය තීරණය කළා. දැනට ක්‍රිකට්වලට එන්න ඕනේ නැහැ කියලා ඊට පස්සේ මම තීරණයක් ගත්තා. නමුත් අද වන විට ලෝක කුසලානය ජයග්‍ර‍හණය කළ විශාල ප්‍ර‍මාණයක් ක්‍රිකට් පුහුණුකරුවන් ලෙස ඉන්නවා. ඉතින් අපිට ඉදිරියේදී ලෝක කුසලානයක් දිනාගන්න පුළුවන්. ඒක නිසානේ මේ ක්‍රීඩකයින්ව ගේන්නේ. මොවුන්ට ඒ අවස්ථාව දීලා අපි සුභ පතන්න ඕන ජයග්‍රහණය ලැබෙන්න කියලා…” හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පැවසීය. ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ක්‍රිකට් පරිපාලනයට පිවසීමට වඩා වරාය ගැන තමන්ට විශාල වගකීමක් පැවරී ඇති බවයි.

“ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මට වරාය භාර දුන්නේ සුද්ද කරලා දෙන්න කියලා. අද වනවිට මම එය කරගෙන යනවා. හොරු ඉවත් කරලා තියෙනවා. වෘත්තීය සමිති නායකයෝ යැයි කියමින් සොරකම් කරමින් සිටි අයව අද වනවිට ඉවත් කරන්න සිදු වෙලා තියෙනවා. ඒ වගේම හම්බන්තොට වරායත්, කොළඹ නැගෙනහිර පර්යන්තයත් රටක් ලෙස වැඩි වශයෙනේ ලාභ ලබන තත්ත්වයකට පත් කරන්න ඕන. ඒ නිසා ක්‍රිකට් පරිපාලනයට එන්න මට වෙලාවක් නැහැ…” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේය.

– තමීර මංජු

ඒ කාලයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට කල නින්දිත කැපිලි කෙටිලි, මේ කාලයේ කල නොහැකි බව අර්ජුන රණතුංග නැමති දේශපාලකයාට අවධාරණය කිරීමට අප කැමතිය.

මේ ඔක්තෝබරයේ සිට ක්‍රිකට් වලටත් Red කාර්ඩ්

ක්‍රිකට් පිටියේ විනය විරෝධී ලෙසින් හැසිරෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ව පිටියෙන් ඉවත්කිරීමට විනිසුරට අවසර ලබාදීමේ නීතිය ඔක්තෝබර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව සඳහා නීතිරීති හඳුන්වාදෙන මාර්ලිබොන් ක්‍රිකට් සමාජය මෙම නව නීතිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යෝජනා කර තිබේ.

මීට අමතරව පිතිකරුවන් භාවිත කරන විවිධ පිති වෙනුවට ප්‍රමිතියෙන් යුතු එකම පිත්තක් හඳුන්වාදීමටද නියමිත අතර, ඒ අනුව මිලිමීටර් 108 පළලකින් හා මිලිමීටර් 67ක උසකින් යුත් පිති ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වාදීමට නියමිතය.
මේ අතර ක්‍රීඩකයන් දුවද්දී දැවී යද්දී ඔහු සීමා ඉරට එහා පිත්ත තැබූ අවස්තාවක එය එක් වරක් සීමා ඉරට ඉහළින් බිම පතිත නැවතත් වී ඉහළට එස වුණත් එම අවස්ථාව නොදැවුණ අවස්ථාවක් ලෙස නම් කිරීමටත් නියමිතය.
එසේම මාන්කාඩ් ක්‍රමය යටතේ ක්‍රීඩකයෙකු දවා ගැනීමට කටයුතු කරන අවස්ථාවකදී පන්දුව යොමු කිරීමට ආසන්න අවස්ථාවකදී පවා පන්දුව යොමුකරන අන්තයේ සිටින ක්‍රීඩකයා සීමා ඉර පසුකර ඇත්නම් ඔහුව දවා ගැනීමට පන්දු යවන්නාට අවස්ථාව තිබේ.
මේ අතර එක් කණ්ඩායමක ක්‍රීඩකයන්ගේ නොහික්මුණු හැසිරීම හේතුවෙන් ප්‍රතිවාදී ක්‍රිකට් කණ්ඩායමට ප්‍රසාද ලකුණු ලබාදීමටත් විනිසුරන්ට අවස්ථාව ලැබී තිබේ.

උතුරු මහ ඇමති විග්නේෂ්වරන්ට අසාධ්‍යයි.. දැඩි සත්කාර ඒකකයේ..

උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාට කොලඹ පුද්ගලික රෝහලකදී හෘද සැත්කමක් සිදු කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.

දැනට ටික දිනකට පෙර හෘදයාබාදයක් හේතුවෙන් යාපනය රෝහලට ඇතුළු කරන ලද මහ ඇමතිවරයා පසුව කොලඹ පුද්ගලික රෝහලකට ඇතුළු කරන ලදී.

සේ වන විට දැඩි සත්තාර ඒකකයේ සිටින ඒ මහතා බැලීමට පවුලේ ඥාතීන්ට හැර කිසිවෙකුට අවසර නැති බවද සදහන්ය.