අවුරුදු 14 ක දැරිය දුෂණය කර මරා දැමු සජිත්ගේ දුෂකයින් පොලිසිය විසින් ආරක්ෂා කරයි

තිස්සමහාරාම මාගම අවුරුදු 14 ක දැරියක් දුෂණය කර මරා දැමු සජිත්ගේ දුෂකයින් පොලිසිය ආරක්ෂා කරයි පොලීසියට ප්‍රබල චෝදනාවක්

රාජකාරියක් හරියට වුනේ නෑ ඒ කට්ටියගේ කැන්ටර්යෙන්ම ඇවිත් ටී 56 ලෝඩ් කර⁣ගෙන බහිනවා

පසුගිය දා එජාප සජිත්⁣ ප්‍රේමදාසගේ ප්‍රබල දේශපාලඥයෙකුගේ වැලි ජාවාරම්කාර ගෝලයින් කිහිපදෙනෙකු එක්ව මාගමදී දැරියක් සමූහ දූෂණයට ලක් කොට යාල කැලයේ සැගවී සිටියෙදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පහරදී වීරවිල පොලීසියට භාරදී ඇති අතර දැනට බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව යටතේ දෙබරවැව මූලික රෝහල අදාල සැකකරුවන් ප්‍රථිකාර ලබයි

දූෂණයට ලක්වූ දැරිය හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිට මියයෑමෙන් පසු මාගම නොසුන් වුනා

අදාල සැකකරුවන් සම්බන්ධන්යෙන් නීතිය ක්‍රියාත්මක නොවන බවත්, ⁣ඔවුන් ආරක්ෂා කිරීම සදහා පොලීසිය කටයුතු කරන බවත් හිරු ප්‍රවෘත්ති වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ගම් වැසියන් විසින් ප්‍රබල චෝදනවාවක් එල්ල කරන අතර, ඒ හේතුවෙන් ඔවුන් සැකකරුවන් වීරවිල පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකයට රාජකාරියක් සිදු වෙතැයි බලාපොරොත්තුවෙන් භාරදුන් බවත් අදාල ප්‍රකාශයේ වැඩි දුරටත් සදහන් වේ

එසේම කිරින්ද පොලීසිය රාජකාරි කටයුතු සදහා පැමිණෙන්නේ සැකකරුවන්ගේ කැන්ටර්වලින් බවත්, ටී 56 ලෝඩ් කරන් වාහනවලින් බහින බවත් අදාල ප්‍රකාශයේ තවදුරටත් සදහන් වේ

ඒ බවට පහත රූපරාමු සාක්ෂි සාධක සපයනු ඇති

ඔබත් ඔබේ දරුදැරියන්ට මේ ඉරණම අත්කරදීමට කැමති නම් එජාපය දිනවා සිරිසේන රනිල් අනුර ප්‍රමුඛ යහපාලනය වෙනස රජ කරවන්න

මෛත‍්‍රි ජනපති කලේ එජාපයයි.. ඔහුට කෙලෙහිගුණයක් තිබේදැයි දන්නෑ.. කෙලෙහිගුණ නැති අපතයන්ට කණ පැලෙන්න ගහනවා..- මරික්කාර්

මෛත‍්‍රි ජනපති කලේ එජාපයයි.. ඔහුට කෙලෙහිගුණයක් තිබේදැයි දන්නෑ.. කෙලෙහිගුණ නැති අපතයන්ට කණ පැලෙන්න ගහනවා..- මරික්කාර්

මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධීපති පුටුවේ වාඩි කරවන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂය බවත් ඒ ගැන කෙලෙහිගුණයක් ඇත්ද නැත්ද යන්න ඔහුගේ හෘද සාක්‍ෂිය දන්නවා ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

ජනාධිපතිවරයාට එය මතකදැයි කියා එජාපය නොදන්නා බවත් ඔහු සදහන් කරයි.

‘ජනාධිපතිවරණයට මුහුණ දෙන්න සුසිල් පේ‍්‍රමජයන්ත, ඩිලාන් පෙරේරල ඔය කැගහන අපතයො ටික එදා ආවෙ නෑ. දහවෙනිදට ඒක මතක නැති කෙලෙහිගුණය නැති හැම එකාටම යූඑන්පී කාරයො අනිවාර්යෙන් පාඩම උගන්වනව.

ඩිලාන් පෙරේරල උන් කිහන කතා අහනකොට උන් දෙන ටෝක්වල හැටියට අටප් උන් කොරවෙනව.

උන් පොර ටෝක් දෙනව. අපේ උන් කොරවෙලා ඉන්නව. එරෙහම කොරවෙලා ඉදල හරියන්නෙ නෑ හැරිල ගහන්න ඕන කණ පැලෙන්න අනික් පැත්තට’ යයිද මන්ත‍්‍රීවරයා කීය.

එක්සත් ජාතික පක්‍ෂ මැතිවරණ ප‍්‍රචාරක ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

වීඩියෝව මෙතනින්

ලෝකයේ පළමු භයානක හොරකම බැදුම්කර මංකොල්ලයයි.. එය සිදුවුනේ හොරකම නවතන්න ආ මෛත‍්‍රිගේ යහපාලනය තුලයි..- ඇමති SB

ලෝකයේ පළමු භයානක හොරකම බැදුම්කර මංකොල්ලයයි.. එය සිදුවුනේ හොරකම නවතන්න ආ මෛත‍්‍රිගේ යහපාලනය තුලයි..- ඇමති SB

මහ බැංකු බැදුම්කර වංචාව පළමුවැනි වතාවට ලෝකයේ සිදුවු භයානක හොරකමක් යයි ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

එය සිදුවූයේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ නොවක හොරකමට විරුද්ව පත් කරන ලද මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ යහපාලන ආණ්ඩුව යටතේ යයිද ඔහු සදහන් කරයි.

එම හොරකම ගැන හොයද්දී එක්සත් ජාතික පක්‍ෂය කලබල වන්නේ මන්දැයි ඔහු ප‍්‍රශ්න කරයි.

සන්ධානයේ මැතිවරණ ප‍්‍රචාරක ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

එජාපයට තනිව ආණ්ඩුවක් හදා ගන්නැයි කියා විරෝධය පා ජනපති කැබිනට් මණ්ඩලයෙන් නැගිට යයි.. ආණ්ඩුව කැළඹේ..

එජාපයට තනිව ආණ්ඩුවක් හදා ගන්නැයි කියා විරෝධය පා ජනපති කැබිනට් මණ්ඩලයෙන් නැගිට යයි.. ආණ්ඩුව කැළඹේ..

අද පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ගතස්වීමෙන් නැගිට ගොස් ඇති බව අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂයේ දෙවැනි පෙල මැති ඇමතිවරුන් විසින් දිගින් දිගටම තමනට එරෙහිව ප‍්‍රසිද්ධියේ සිදු කරන විවේචනයනට විරෝධය පල කරමින් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් නැගිට ගොස් ඇති බව වාර්තාවන්හි සදහන්ය.

විවේචනය කිරීම නතර නොකරන්නේ නම් තනියෙන් ආණ්ඩුවක් හදාගන්නා ලෙසද ජනාධිපතිවරයා පවසා ඇති බවද ජනාධිපතිවරයාගේ මෙම හදිසි නැගිට යාමෙන් පසු අගමැතිවරයා ජනාධිපතිවරයාගේ නිල කාර්යාල කාමරයට ගොස් ඔහු කැදවාගෙන ආ බවද වාර්තාවන්හි දැක්වෙයි.

එජාපය විසින් ශ‍්‍රිලනිපයත් ශ‍්‍රිලනිපය විසින් එජාපයත් විවේචනය නොකල යුතු යයි එහිදී එකගතාවයකට පැමිණි බවද සදහන්ය.

බැඳුම්කර හොරු බැදුම්කර කොමිෂන් වාර්තාව වෙනස් කරයි..

බැඳුම්කර හොරු බැදුම්කර කොමිෂන් වාර්තාව වෙනස් කරයි..

පසුගියදා ජනාධිපතිවරයා ලබා දුන් ‘බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාව’ චූදිතයන් අතට පත් වී ඇති බවටත් එය ඔවුන් විසින් වෙනස් කරමින් සිටින බවටත් තොරතුරු ලැබී ඇති බවත් එම වාර්තාවෙහි අකුරක් හෝ වෙනස් කර තිබුණොත් සෙසු ජ‍්‍රජාතත්න‍්‍රවාදී බලවේග සමග එක්ව ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද (16) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘ලංකා ඉතිහාසය තුළ පමණක් නොවයි ලෝක ඉතිහාසය තුළත් රටක ආර්ථිකයට සිදු කළ බරපතළම අපරාධය තමයි ශ‍්‍රී ලංකා මහ බැංකුව මහ දවල් බිඳපු එක. මේ මහා අපරාධය මහා මංකොල්ලයට දැන හෝ නොදැන මෙරට ජනාධිපතිවරයා ද අවස්ථා තුනක දී හවුල් වී තිබුණා. පළමු අවස්ථාව තමයි, මහ බැංකුව මුදල් අමාත්‍යවරයාගෙන් ඉවත් කොට අගමැතිවරයාට පැවරීමේ ගැසට් නිවේදනයට අත්සන් කළ අවස්ථාව. දෙවැනි අවස්ථාව අගමැතිවරයා තම සිංගප්පුරු ගජ මිතුරා මහ බැංකු අධිපති ධුරයට නිරේද්ශ කළ අවස්ථාෙවිදී එය පිළිගෙන අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කිරීම. තෙවන අවස්ථාව තමයි ප‍්‍රශ්නගත පළමු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව එවකට කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මන්ත‍්‍රීවරයා විසින් 2015 ජුනි 28 වැනිදා වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී 2015 ජුනි 26 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිය විධායක බලතල අනිසි ලෙස යොදා ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම.

ජනාධිපතිවරයා ද මේ මහා මංකොල්ලයට හවුල් බවට මේ රටේ බුද්ධිමත් ජනතාවට මේ නිසා පෙනී යමින් තිබුණා. ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු මේ රටේ සැබෑ ආණ්ඩු විරෝධී බලවේග මේ මහා මංකොල්ලයට එරෙහි දැවැන්ත ජනමතයක් ගොඩනගමින් සිටියා. මේ සියල්ල නිසා තමයි ජනාධිපතිවරයාට මෙවැනි බලසම්පන්න ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමට සිදු වුණේ. තමන් ජනාධිපති පුටුවට පත් කරපු ණය ගෙවීමට තිබූ නිසා ජනාධිපතිවරයා ‘මේ මහා මංකොල්ලයේ මහ මොළකරු ඇතුළු අලි නායකයින් රැුක ගත යුතුයි’ කියන තැන වසර 02ක් තිස්සේ සිටි බව පෙනෙනවා. බැරිම තැනයි කොමිසම දැමුවේ.

‘පළමුව කළ යුතු දේ’

කොමිෂන් සභාවේ වාර්තාව එළි දැක්වූවාට ජනාධිපතිවරයා පළමුව කළ යුතුව තිබුණේ කුමක්ද? මේ රටේ ජනතාව තමන් සතු පරමාධිපත්‍ය බලය පවරා දෙනු ලැබූ එක් උත්තරීතර ආයතනයක් වූ ද මේ රටේ මූල්‍ය පාලනය හිමිව ඇත්තා වූ ද පාර්ලිමේන්තුව වෙත පිළිගැන්වීමයි. නමුත් එය සිදු වූයේ නැහැ. මෙම වාර්තාව ජනාධිපතිවරයා අතට පත් වූයේ 2017 දෙසැම්බර් 31 වැනිදායි. පසුගිය ජනවාරි 10 වැනිදා පාර්ලිමේන්කුවට එය ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව කතානායකවරයා විසින් කැඳවා තිබුණත් ජනාධිපතිවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තම ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබුණේ නැහැ.

‘රවීට එරෙහි නිර්දේශ 02ට මොකද වුණේ?’

මෙම කොමිෂන් සභා වාර්තාව උපුටා දක්වමින් ජනාධිපතිවරයා විසින් පසුගියදා පෙන්වා දුන්නේ හිටපු මුදල් අමාත්‍යවරයා වූ රවී කරුණානායකට එරෙහිව කොමිසම මගින් නිර්දේශ දෙකක් ඉදිරිපත් කර ඇති බවයි. පළමු නිර්දේශය, අර්ජුන ඇලෝසියස්ගෙන් පෙන්ට් හවුස් නිවාස සංකීර්ණයෙහි නිවසක් සඳහා කුලී මුදල් ලබා ගැනීමට එරෙහිව අල්ලස් හෝ ¥ෂණ චෝදනා විමර්ශන කොමිසම හරහා නඩු පවරන ලෙසයි. දෙවැනි නිර්දේශය, ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය ප‍්‍රකාශ සිදු කිරීම නම් සාපරාධී කටයුත්තට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ නඩු පවරන ලෙසයි. නමුත් දැන් මේ නිර්දේශ නිකුත් වී දින 17යි. රවී කරුණානායක නිදැල්ලේ ඉන්නවා. ඒ විතරක් නොවෙයි මේ කොමිෂන් සභා වාර්තාව අගමැතිතුමන්ට සහ තමන්ට ලැබුණු බවත් කියනවා.

අපට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් මගින් තොරතුරු ලැබී තිබෙනවා, මේ චූදිතයන් දැනට නිකුත් කර ඇති කොමිෂන් සභා වාර්තාව තමන්ට නීතියේ දැලෙන් රිංගා යා හැකි ආකාරයට වෙනස් කරමින් සිටින බවට. මේ කොමිෂන් සභා වාර්තාවේ අනතුරක් හෝ වෙනස් කරනවා නම් ඊට එරෙහිව සෙසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග සම`ග එක්ව නීතිමය පියවර ගැනීමට ජාතික නිදහස් පෙරමුණ සූදානම්. ඒ වගේම අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා, ‘එවැනි පාප කර්මයකට හවුල් වී ජනතා අධිකරණය හමුවේ වරදකරුවකු වෙන්න එපාෟ’ කියලා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

ජනපතිට අගමැතිට විරුද්දව වැඩ කරන අවනීත වැඩ කරන වෙබ් අඩවි වලට එරෙහිව පියවර..

ජනපතිට අගමැතිට විරුද්දව වැඩ කරන අවනීත වැඩ කරන වෙබ් අඩවි වලට එරෙහිව පියවර..

යහපාලන රජය බලයට පත්වීමෙන් පසු පසුගිය තෙවසරක කාලය තුල බේරුවල මැතිවරණ කොට්ඨාසයේ රැකියාලාභීන්ගේ විශේෂ රැස්වීමක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බේරුවල වෙරළ ක්‍රිඩාංගණයේ දී පසුගියදා පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“වත්මන් රජය රටට මොකද කළේ කියලා කවුරුත් අහනවා. මාධ්‍ය දිහා බැලුවමත් රටට මොකවත් නොකළ බවයි පෙන්වන්නේ. නමුත් පසුගිය රජය වංචා, දුෂණ සිදු කරමින් රට තුල භෞතික සංවර්ධනයක් ඇති කළ බව මාධ්‍ය මගින් පෙන්වා දෙනවා. රාජපක්ෂවරුන් එක්ක මගේ පෞද්ගලික තරහක් නැහැ. දේශපාලන ගැටුමක් විතරයි තිබෙන්නේ. බැසිල් රාජපක්ෂ මගේ පන්ති මිතුරා, ගෝඨාභය රාජපක්ෂත් එහෙමයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වසර 40 ක මිතුරෙක් එම නිසා පවුලේ සියලු දෙනාම මම අදුරනවා.

2015 වසරේ ජනවාරි 08 වනිදා පැවැති මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මටත් විමල් වීරවංශටත් බාරදෙන්න තමයි බැසිල් රාජපක්ෂ මහතා සැළසුම් කර තිබුනේ. නමුත් රාජපක්ෂ රජය ගෙනගිය වැඩපිළිවෙලට මම විරෝධය පළ කළා. ත්‍රස්තවාදය තුරන් කිරීමට මම සහයෝගය ලබාදුන්නා. යුධ ජයග්‍රහණය පිළිබදව මාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් කළේ මමයි. ජනතා ප්‍රශ්න වලට පිළිතුරු ලබාදුන්නා. නමුත් යුධ ජයග්‍රහණයෙන් පසු රජය හැසිරුණු ආකාරය ඉතාම නරකයි. ජාතිවාදය, ආගම්වාදය, මනුෂ්‍ය ඝාතන වලට විරුද්ධව මම අදහස් පළ කළා. මහා පරිමාන වංචා, දුෂණ සිදු කළා. ඒ පිළිබද පරීක්ෂණ අපේ රජය විසින් ආරම්භ කළ අවස්ථාවේ දී හිටපු අධිකරණ අමාත්‍යවරයා එම පරීක්ෂණ මන්දගාමී කළා. ඉන් පසුව පත් කළ අධිකරණ අමාත්‍යවරිය එම පරික්ෂණ වේගවත් කිරීමට පියවර ගත්තා. හිටපු අධිකරණ අමාත්‍යවරයා රාජපක්ෂලා සමග ගණුදෙණු කරමින් තමයි පරීක්ෂණ මන්දගාමී කළේ.

වර්තමානයේ මැතිවරණ කොමිසම ශක්තිමත් කර තිබෙනවා. අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් ශක්තිමත්ව කථා කරනවා. රාජපක්ෂ පාලන සමයේ දී කථා කළා නම් මරණ තර්ජනත් එල්ල වෙනවා. අද නිදහසේ අදහස් දැක්වීමට අවස්ථාව ලැබී තිබෙනවා. මේ වනවිට රාජපක්ෂලාගේ පවුලේ සැමටම නඩු. හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එයාර්ලංකා ගුවන් සේවිකාවකට ලක්ෂ 04 ක වැටුප් ලබාදෙමින් ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තබාගෙන කටයුතු කළා. එයාර්ලංකා සමාගමේ සභාපතිවරයාට එම ගුවන් සේවිකාව කථා කළේ නම කියලයි. ගෝඨාභය රාජපක්ෂට සහ නාමල් රාජපක්ෂට සර් කියපු අයත් අමාත්‍ය මණ්ඩලයේ හිටියා. යහපාලන රජය ස්ථාපිත කළේ කොහොමද කියලා දන්නේ නැති අමාත්‍යවරුත් අපේ රජයේ ඉන්නවා.

ඇතැම් මාධ්‍ය ලබා දී ඇති නිදහස භූක්ති විදිමින් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව කටයුතු කරනවා. එවැනි අවනීත වැඩ කරන සමාජ වෙබ් අඩවි වලට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස මම ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.

රජයට විරුද්ධව නඩු තීන්දු ලබාදෙනවා. ඒ සදහා විනිශ්චයකාරවරුන්ට නිදහස ලබා දී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්න බැහැ කියලත් තීන්දුවක් ලබාදුන්නා. රාජ්‍ය සේවා කොමිසන් සභා ස්ථාපිත කර තිබෙනවා. නමුත් අපේ රජයේ වැරදි තිබෙන්න පුලුවන්. බුද්ධියෙන් හිතන්නත නව මැතිවරණ ක්‍රමය ස්ථාපිත කිරීමට රජය කටයුතු කළේ ගහ මරා ගන්නා දේශපාලනය නතර කිරීමටයි. මෙම තත්ත්වය පළාත් සභා මැතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ වලටත් ගෙනඒමට අපි කටයුතු කරනවා. රාජපක්ෂලා ආණ්ඩුව පෙරලන්න උත්සාහ කරනවා. මොක ද නඩු ඉවර කර ගැනීම සදහායි.”

– ප‍්‍රසන්න අධිකාරී

යාපනයේ යතුරපැදි කල්ලිය නින්ජා ඇදුමින් එයි.. දෙදෙනෙකු කපා දමයි..

යාපනයේ යතුරපැදි කල්ලිය නින්ජා ඇදුමින් එයි.. දෙදෙනෙකු කපා දමයි..

යාපනය කොකුවිල් මන්සන්ධියේදී ඊයේ (15) රාත්‍රියේදී යතුරුපැදි කල්ලියක් විසින් පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් කපා පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

කොකුවිල් ලෝටස් මාර්ගයේ භද්‍රකාලි අම්මාන් කෝවිල අසල ගමන්කරමන් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට ඊයේ රාත්‍රියේ මෙසේ යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් විසන් තියුණු ආයුද වලින් පහරදී පලාගොස් ඇති අතර එසේ පහරකෑමට ලක් වූ තරුණයින් දෙදෙනාගේ අත්වලට පා වලට සිදු වූ තුවාල හේතුවෙන් මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ 24 වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ කොකුවිල් ප්‍රදේශයේම පදිංචි කරුවන් වන 22 හැවිරිදි නාගමිණි ජෙනිස්ටන් හා 49 හැවිරිදි කන්දයියා ශ්‍රී ගනීධන් නැමති පුද්ගලයින්ය.

අදාල පහරදීමට පැමිණි පුද්ගලයින් කව්රුන්දැයි යන්න තමන්ට හඳුනාගැනීමට නොහැකි වූ බවත් ඔවුන් පැමිණියේ මුහුණු වාසාගෙන බවත් පහරකෑමට ලක් වූ පුද්ගලයින් විසින් පොලීසියට පවසා ඇති අතර අදාල පහරදීම සම්බන්ධයෙන් යාපනය පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

ජාලිය වික්‍රමසූරියගේ තානාපති මුක්තිය නැති කිරීම ලෝක වාර්තාවක් වෙයි..

ජාලිය වික්‍රමසූරියගේ තානාපති මුක්තිය නැති කිරීම ලෝක වාර්තාවක් වෙයි..

පිවිතුරු හෙළ උරුමය පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

ත්‍රස්තවාදයට එරෙහි අවසන් යුද සමයේ දී ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කලේ ජාලිය වික්‍රමසූරිය. යුද්ධය නැවැත්වීමට ඇමෙරිකාවෙන් එල්ල වූ පීඩනය කළමනාකරණය කිරීමටත් මෑතක දී අපට අහිමි වුණු ඇමෙරිකානු ජීඑස්පි ප්ලස් සහනය යුද සමයේ දී රැක ගැනීමටත් ශ්‍රී ලංකාව පිළිබඳ දෙමළ බෙදුම්වාදින් ප්‍රචාරය කර තිබුණු බොරු මත බිඳ දැමීමටත් ජාලිය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා.

ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමෙරිකාවේ සිටිය දී ඇමෙරිකානු ආණ්ඩුවෙන් අපූරු දැනුම් දීමක් කරනවා. ඔබ අපේ රටෙන් පිටවීමට හැදුවොත් අපි අත්අඩංගුවට ගන්නවා. තානාපති ධූරයේ කටයුතු කළ සමයේ දී මුදල් විශුද්ධිකරණයට ලංකාණ්ඩුවෙන් නගලා තිබෙන චෝදනාවටම අපට අත්අඩංගුවට ගන්න පුළුවන්.

ජාලිය මේ ප්‍රකාශයෙන් පුදුම වෙනවා. තමන් පෞද්ගලික මට්ටමින් කිසිම වරදක් කරලා නෑ. තානාපති ලෙස නිල වශයෙන් කළ කටයුතු සඳහා තානාපති මුක්තිය තිබෙනවා. ඒ කියන්නේ 1961 දී අත්සන් කළ වියනා සම්මුතියට අනුව තානාපතිවරුන්ට එරෙහිව ඒ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. මේ අරුම පුදුම දැනුම් දීම නිසා තමන්ගේ තානාපති මුක්තිය නැති කරලා ද කියන සැකය ඇති වෙනවා. ඒ අනුව ජාලියගේ නීතිඥයා වන ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මේ පිළිබඳ විදේශ ඇමති තිලක් මාරපන මැතිතුමාගෙන් ලිඛිතව විමසනවා. ඒ 2017 සැප්තැම්බර් 27.

ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දුගේ ලිපියට 2017 ඔක්තෝම්බර් 6 දින විදේශ ලේකම් පිලිතුරක් එවනවා. එහි කියන්නේ ජාලිය තානාපති ධූරය දරමින් නිල වශයෙන් කළ සෑම ක්‍රියාවකටම තානාපති මුක්තිය තිබෙනවා. එය කිසිම අයුරකින් ඉවත් කරලා නෑ කියලා. ඊට හරියටම සති තුනකට පස්සේ 2017 ඔක්තෝම්බර් 27 දින අපේ විදේශ අමාත්‍යාංශයෙන් ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට දැනුම් දෙනවා, ජාලියගේ මුක්තිය ඉවත් කළ බවට.

පෞද්ගලික මට්ටමින් කළ මිනිමැරුම් හෝ සොරකම් වැනි අපරාධ සම්බන්ධයෙන් තානාපති මුක්තිය ඉවත් කිරීම පිළිබඳ ලෝකය පුරා වාර්තා වී තිබෙනවා. ඒ වගේම මාර්ග නීති කඩ කළ අවස්ථාවන් හී දී තානාපති මුක්තිය ඉවත් කෙරෙනවා. මේ තානාපති මුක්තිය කියන එක 1961 වියනා සම්මුතියෙන් ලේඛණ ගත කලත් වසර දහසක පමණ කාලයක් ලොව පුරා සම්මතයක් ලෙස පිළිගත් දෙයක්. නමුත් නිල මට්ටමින් කළ ක්‍රියාවක් සම්බන්ධයෙන් තානාපති මුක්තිය ඉවත් කිරීම පිළිබඳ වාර්තා වෙන්නේ ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.

ආණ්ඩුව රණවිරුවන් මර්දනය කරන අයුරින්ම රට රැක ගත් තානාපති සේවයේ නිළධාරින්වත් මර්දනය කිරීම ආරම්භ කර ඇති බවයි මෙයින් පේන්නේ. ආණ්ඩු මාරු වුණාම දේශපාලන වුවමනා මත තානාපති නිළධාරින් පාවා දෙනවා නම් රට වෙනුවෙන් අවදානමක් අරගෙන ක්‍රියා කිරීමට කිසිම තානාපති නිළධාරියෙකු පෙළඹෙන්නේ නෑ. ඒ නිසා තමයි ලෝකයේ කිසිම රටක් මේ මුග්ධ වැඩේ මීට පෙර කරලා නැත්තේ.

අද ආණ්ඩුවේ බොහෝ දේ සිදු වන්නේ ජනපතිතුමාට හොරෙන්. එතුමා ඒවා දැන ගන්නේ මාධ්‍ය වලින්. ලෝක ඉතිහාසය වෙනස් කරලා ජාලිය වික්‍රමසූරිය මහතාගේ තානාපති මුක්තිය ඉවත් කරපු බවත් එතුමා නොදන්නවා ඇති. මෙහි බරපතලම කාරණය වන්නේ තානාපති මුක්තිය ඉවත් කළ හැක්කේ ජනාධිපතිට පමණක් වීමයි. එබැවින් අතිගරු ජනාධිපතිතුමනි මේ අසාධාරණය ඔබේ අවධානයටයි.

– අරවින්ද අතුකෝරල

ජනපතිට බැරිනම් ඉතිරි කාලය රනිල් ජනපති වෙන්න සූදානම්.. එජාප ආණ්ඩුවක්.. හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් කැදවයි..

ජනපතිට බැරිනම් ඉතිරි කාලය රනිල් ජනපති වෙන්න සූදානම්.. එජාප ආණ්ඩුවක්.. හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් කැදවයි..

එක්සත් ජාතික පක්‍ෂය සමග තව දුරටත් ආණ්ඩු කිරීමට ජනාධිපතිවරයා අකමැති නම් වහා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රීන් විසින් පක්‍ෂ නායකත්වයට දැඩි බලපෑම් කරමින් ඇති බව සමාජ ජාලාවන්හි වාර්තා පලවෙයි.

අද (16) දිනයේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් නැගිට ගොස් එජාපයට විරෝධය පෑමත් සමග පස්වරුවේ සිට මෙම බලපෑම් තවත් වැඩිව ඇති බව සදහන්ය.

ජනාධිපතිවරයාට ධුරය දරන්නට බැරි නම් ඉන්ද ඉල්ලා අස්වන ලෙසත් ව්‍යවස්ථානුකූලව ඉතිරි ධුර කාලය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බාර ගැනීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා දිගින් දිගටම විවේචනය කරන ලද එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු සදහන් කර ඇතැයිද කියැවෙයි.

එජාප හිතවාදී පුවත් අඩවි වලින්ද මේ හා සමාන්තර වාර්තා පල කරමින් තිබේ.

මේ අතර ඇතිව තිබෙන දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්චා කිරීම සදහා එක්සත් ජාතික පක්‍ෂය විසින් හෙට (17) දිනයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්චාවක් කැදවා ඇත.

ඡන්දෙන් ආණ්ඩුව පැරදුනොත් හමුදාව-පොලිසිය ආණ්ඩුවට විරුද්ද වෙයි..

ඡන්දෙන් ආණ්ඩුව පැරදුනොත් හමුදාව-පොලිසිය ආණ්ඩුවට විරුද්ද වෙයි..

පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවණයෙන් ආණ්ඩුව පරාජයට පත් වුවහොත් හමුදාව පොලීසිය පවා ආණ්ඩුව කියන දේ පිලි නොගන්නා තත්වයට පත්වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

‘ජනවරමක් නැති ආණ්ඩුවකට පවතින්න බෑ. පොලීසිය ඒ ආණ්ඩුව කියන දේ පිලිගන්නෙ නෑ. හමුදාව ඒ ආණ්ඩුව කියන දේ පිලිගන්නෙ නෑ. රාජ්‍ය සේවය ඒ ආණ්ඩුව කියන දේ පිලිගන්නෙ නෑ.

මේ ආණ්ඩුවට දැන් ජනමතයක් නෑ කියල පෙන්වන එකයි පෙබරවාරි 10 කරන්න ඕන. ඒක කරන්න තමයි පොහොට්ටුවට කතිරෙ ගහන්න ඕන’ යයිද ඔහු සදහන් කරයි.

කඩුවෙලදී පැවති ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනරැළියක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.